කොමර්ෂල් බැංකුවේ ලීසිං සේවා භාවිතා කරමින් ලොව පතළ කොබෙල්කෝ එක්ස්කැවේටර් යන්ත‍්‍ර (පොළොව කැණීමේ යන්ත‍්‍ර) සහ කොමැක් බ්‍රේකර්ස් ආදී ඉදිකිරීමේ යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා ගනුදෙනුකරුවන් සඳහා ඉහළ වට්ටම්ල තරගකාරී අවම ලීසිං වාරික සහ රක්‍ෂණාවරණයන්ද සමගින් විශේෂ ලීසිං පැකේජ බැංකුව විසින් හඳුන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ජාත්‍යන්තරව ශ්‍රේණිගත වූ කොමර්ෂල් බැංකුවත් මුල් පෙළේ ඉදිකිරීමේ යන්ත්‍රෝපකරණ ගෙන්වා බෙදාහරින්නා වන සෙනොක් ටේ‍්‍රඞ් කම්බයින් (පුද්) සමාගමත් පසුගියදා එළැඹි ගිවිසුමට අනුව 2012 වසරේ පෙබරවාරි මාසයේ සිට මෙම ප‍්‍රතිලාභය ගනුදෙනුකරුවන්ට පිරිනැමේ.
ගිවිසුමට අනුව කොමර්ෂල් බැංකුවේ ලීසිං සේවාව භාවිතා කරමින් සෙනොක් වෙතින් මිලදී ගනු ලබන සෑම කොබෙල්කෝ එක්ස්කැවේටර් සහ කොමොක් බ්‍රේකර් යන්ත‍්‍ර මෙන්ම එහි අමතර කොටස් සහ සේවා සඳහා ගනුදෙනුකරුවන්ට විශේෂ මිල වට්ටම් සහ සහනදායී ගාස්තු හිමි වේ.
මෙම ප‍්‍රතිලාභයන්ට අතිරේකව කොමර්ෂල් බැංකුව මගින් පිරිනමන තරගකාරී අවම වාරික සැලසුම්, තෝරා ගනු ලැබූ කොබෙල්කෝ එක්ස්කැවේටර් යන්ත‍්‍ර සඳහා විශේෂ පැකේජ සමගින් බැංකුවට අනුබද්ධිත කොමර්ෂල් රක්‍ෂණ තැරැව්කාර සමාගම මගින් සලසා දෙන විශේෂ රක්‍ෂණ සැලසුම ආදී ප‍්‍රතිලාභයන් ගනුදෙනුකරුවන්ට ලබා ගත හැක. දීප ව්‍යාප්ත ශාඛා ජාලය මගින් මෙම ලීසිං සේවාව ලබා ගත හැකි බැවින් එය ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවක් වනු ඇතැයි කොමර්ෂල් බැංකුව පවසයි.
”මෙම ප්‍රතිලාභය, ලංකාවේ යටිතල පහසුකම් ක්ෂේත‍්‍රයේ පවතින තිරසාර වර්ධනය හමුවේ ඉදිකිරීමේ යන්ත්‍රෝපකරණ සඳහා වැඩිවෙමින් පවතින ඉල්ලූමට ඉදිරිපත් කළ සාර්ථක ප‍්‍රතිචාරයක් බව කිව හැකියි” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ ලීසිං සහ පුද්ගලික ණය අංශයේ ප‍්‍රධානී නූජන්ට් කපුවත්ත මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ”මෝටර් රථ සහ යන්ත්‍රෝපකරණ ක්ෂේත‍්‍රයේ අලෙවිකරුවන් සමගින් බැංකුව එළැඹ සිටින සාර්ථක වෙළෙඳ සහයෝගිතාවයන් නිසා ලීසිං සේවා සඳහා ප‍්‍රමුඛ සැපයුම්කරුවකු ලෙස කොමර්ෂල් බැංකුව ඉදිරියට පැමිණ තිබෙනවා” යනුවෙනි.
සෙනොක් ටේ‍්‍රඞ් මෑතකදී තම වව්නියාව ශාඛාව විවෘත කළ අතර එම සමාගම ගෙන්වා බෙදා හරින නිෂ්පාදන සඳහා මෙම ප‍්‍රදේශය තුළ ඉහළ ඉල්ලූමක් ඇති වෙතැයි සමාගම අපේක්‍ෂා කරයි.
කොමර්ෂල් බැංකුව දේශීය ලීසිං සේවා ක්ෂේත‍්‍රයේ ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා ලීසිං සංගමයේ සාමාජිකත්වය ද දරනු ලබයි. බැංකුව යන්ත්‍රෝපකරණ ඇතුළු නොයෙක් ආකාරයේ වත්කම් අත්පත් කර ගැනීම සඳහා විවිධාංගීකරණය වූ ලීසිං පහසුකම් සපයනු ලබයි.
1969 වසරේ ස්ථාපිත වූ කොමර්ෂල් බැංකුව ලොව හොඳම වාණිජ බැංකු 1000 අතරට එක් වූ ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන අතර මුළුමනින්ම පරිගණක ජාලයකට ගොනු වූ බැංකු සේවා මධ්‍යස්ථාන 213ක ජාලයකට සහ 500ක් වූ විශාලතම ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍ර ජාලයට හිමිකම් කියයි. ‘‘ග්ලෝබල් ෆයිනෑන්ස්” සඟරාව මගින් අඛණ්ඩව වසර 13 ක් ලංකාවේ හොඳම වාණිජ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරා ගනු ලැබූ අතර ‘ද බෑන්කර්’, ‘ෆයිනෑන්ස් ඒෂියා’, ‘යුරෝමනි’ සහ ‘ටේ‍්‍රඞ් ෆයිනෑන්ස්’ යන සඟරා විසින් අවස්ථා ගණනාවකදීම ලංකාවේ විශිෂ්ටතම වාණිජ බැංකුව ලෙසට තෝරා ගනු ලැබුවේ කොමර්ෂල් බැංකුවයි.
කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී රවී ඩයස් සහ (දකුණේ සිට තෙවැන්නා) සෙනොක් ටේ‍්‍රඞ් කම්බයින් හි විකුණුම් හා අලෙවි අධ්‍යක්‍ෂ රන්ජන් දහනායක යන මහත්වරුන් ගිවිසුමේ පිටපත් හුවමාරු කර ගනිමින්. ඡායාරූපයේ (වම්පස සිට) සෙනොක් ටේ‍්‍රඞ් හි අලෙවි විධායක මනෝජ් ප‍්‍රනාන්දු, සාමාන්‍යාධිකාරී නිරන්ජන් අරුන්තවනාදන් සහ කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකු කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී එස්. රෙන්ගනාදන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආයතනික බැංකු කටයුතු මේරියන් අබේවර්ධන යන මහත්ම මහත්මීහු පෙනී සිටිති.
|