ශී්ර ලංකාවේ අංක එකේ වතුර පොම්පයවන ‘ආපිටෙක්’ වතුර පොම්පය වෙළඳපොලට හඳුන්වාදීමෙන් ප්රබල පාරිභෝගික විශ්වාසයක් හිමිකරගත් රිචඞ් පීරිස් ඩිස්ට්්රබියුටර්ස් සමාගම තම නවතම නිෂ්පාදනය ලෙසින් සුවිශේෂී විශේෂාංග රැසකින් සමන්විත ‘ආපිටෙක් සීලිං පංකා’ පසුගියදා වෙළඳපොලට හඳුන්වා දුනි.
කවදත් පාරිභෝගික පහසුව හා ගෙවන මුදලට වටිනා නිෂ්පාදන වෙළඳපොලට ඉදිරිපත් කරන රිචඞ් පීරිස් ඩිස්ට්රිබියුටර්ස් සමාගම අලුතෙන් හඳුන්වාදුන් ‘ආපිටෙක් සීලිං පංකා’ මෙරට වෙළඳපොලේ අලෙවි කෙරෙන සෙසු විදුලිපංකාවල නොමැති විශේෂාංග රැසක් අඩංගුව තිබීම විශේෂත්වයකි.
ආපිටෙක් ඉලෙක්ටි්රකල්ස් ^Arpitec Electricals& නමින් හඳුන්වා දී තිබෙන ‘ආපිටෙක් සීලිං පංකා’ සුදු, දුඹුරු, බේජ්, ඕෆ් වයිට් යන වර්ණයන්ගෙන් මිලදීගත හැක. මෙම ‘ආපිටෙක් සීලිං පංකාවල’ තිබෙන විශේෂිත විශේෂාංගයන් වන්නේ, සුමට හා දෙදරීමකින් තොරව කි්රයාකිරීමට ද්විත්ව බෝල බෙයාරින් යොදාතිබීම, උපරිම විදුලි පිරිමැස්මක් සඳහා අංශක 360ට කැරකැවිය හැකි රෙගියුලේටරයක් යොදා තිබීම, වැඩි ප්රදේශයක් පුරා සුළඟ විසුරුවා හැරීමට වැඩි භ්රමන වාර ගණනක් කැරකැවීමට හැකි (320 RPM) ප්රබල මෝටරයක් යොදා තිබීම හා දිගුකල් පැවැත්මට ඔරොත්තු දෙන ලෙසින් 100% තඹවලින් නිපද වූ වේග 16 POLE කන්ඩෙන්සර් මෝටරයක් යොදා තිබීම ආදිය වේ.
වසරක වගකීමක් සහිතව පාරිභෝගිකයන්ට මිලදීගත හැකි මෙම ‘ආපිටෙක් සීලිං පංකා’වලට දිවයින පුරා විසිරී සිටින ආපිටෙක් මාස්ටර් කාර්මික සේවා නිලධාරීන්ගේ තාක්ෂණික සේවය වගකීම් කාලය තුළදී නොමිලේ ලබාගත හැකි වේ. ඒ අනුව පාරිභෝගිකයන්ට ‘ආපිටෙක් සීලිං පංකා’ සම්බන්ධයෙන් පැන නගින ඕනෑම තාක්ෂණික ගැටලුවකට විසඳුම් ලබාගත හැකි වේ.
‘රිචඞ් පීරිස් ඩිස්ට්්රබියුටර්ස් සමාගම වෙළඳපොලට හඳුන්වා දුන් ආපිටෙක් වතුර පොම්පය මෙරට පුරාම සිටින පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත්තේ එහි වූ විශිෂ්ටත්වය හේතුවෙනුයි. එහි වූ විශේෂත්වය වන්නේ අප එය පාරිභෝගිකයන්ට විවිධාකාර ප්රතිලාභ ලැබෙන අයුරෙන් නිපදවීමයි. අප ඇතිකරගත් එම විශ්වාසය සමඟ අපේ පාරිභෝගිකයන් සේම අලෙවි නියෝජිතයනුත් අපෙන් එවැනි තවත් විශිෂ්ට නිෂ්පාදන අපේක්ෂා කරන බවක් අපට වැටහි ගිය නිසායි ‘ආපිටෙක් සීලිං පංකා’ මෙරට වෙළඳපොලට හඳුන්වා දුන්නේ. මෙම සීලිං පංකාවේත් සෙසු විදුලි පංකාවලට වඩා විශේෂත්ව රැුසක්ම තිබීමෙන් එය පාරිභෝගික විශ්වාසය දිනාගන්නක් බව සහතිකයි.’ රිචඞ් පීරිස් ඩිස්ටි්රබියුටර්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, සුනිල් ලියනගේ මහතා ‘ආපිටෙක් සීලිං පංකා’මෙරට වෙළඳපොලට හඳුන්වාදීමේ උත්සවයේදී පැවසීය.
‘‘ආපිටෙක් සීලිං පංකා’ මෙරට පාරිභෝගිකයන්ට විශේෂිත අත්දැකීමක් වන්නේ, එහි තිබෙන සුවිශේෂතා සෙසු පංකාවල නොමැති වීමෙනුයි. එමෙන්ම, වර්තමානයේ ප්රබල අවශ්යතාවක්වන විදුලි පිරිමැස්ම හා කල්පැවැත්ම ස`දහා උසස්තම උපාංග යොදා තිබීමෙන් ‘‘ආපිටෙක් සීලිං පංකාව’ අපේ රටේ කාටත් ගැලපෙන්නක් බව සහතික වශයෙන්ම කිව හැකියි. එමෙන්ම විවිධාකාර පංකා වර්ගත් ළ`ගදීම වෙළ`දපොලට එක්කිරීමටත් මේ දිනවල සැලසුම් කරමින් තිබෙනවා.’ රිචඞ් පීරිස් ඩිස්ටි්රබියුටර්ස් සමාගමේ අධ්යක්ෂ, ශාන්ත කුලරත්න මහතා පැවසීය.
වසර 80ක ප්රෞඪ ඉතිහාසයක් හිමි 1932 දී අරඹන ලද මෙරට වැඩිම ශ්රමබලකාය හිමි රිචඞ් පීරිස් සමාගම, නව තාක්ෂණය මුල්කරගත් හා ව්යාපාරික විවිධාංගීකරණයෙන් යුත් ශී්ර ලංකාවේ විශාලතම දේශීය සමාගමක වේ. රබර්, ටයර්, ප්ලාස්ටික්, රෙජිෆෝම්, වැවිලි, සිල්ලර වෙළදාම හා බෙදාහැරීම් යන අංශයන් හී වෙළඳපොල ප්රමුඛයාවන රිචඞ් පීරිස් සමාගම, මෑතකදී මූල්ය සේවා, රක්ෂණය, ඉඳිකිරීම් හා ප්රවාහන යන ක්ෂේත්රයන්හිද තම ව්යාපාරික කටයුතු ඇරඹීය.
ජායාරූප විස්තරය - ‘‘ආපිටෙක් සීලිං පංකා’ වෙළඳපොලට නිකුත් කළ අවස්ථාව. ජායාරූපයේ (දකුණේ සිට වමට) ශාන්ත කුලරත්න (අධ්යක්ෂ), එමිල් සේනානායක (අලෙවි අධ්යක්ෂ), සුනිල් ලියනගේ (කළමනාකාර අධ්යක්ෂ), ලලිත් විජේසිංහ (අධ්යක්ෂ), සදාත් මොහොමඞ් (ජ්යෙෂ්ඨ ව්යාපාර සංවර්ධන කළමනාකරු), දුමින්ද පෙරේරා (අලෙවි ප්රධානී) හා නිෂානි ජයතිලක (නිෂ්පාදිත විධායිකා) යන මහත්ම මහත්මීහූ වෙති.
|