 කොකාකෝලා පානීය බීම සමාගමේ සුවිශේෂී ප්රවර්ධන කටයුත්තක් වූ ” Brrr වෙන්න ස්විස් යන්න” දිවයින පුරා කොකාකෝලා පාරිභෝගිකයින් අතර මහත් උද්යෝගයක් ඇති කරමින් මින් පෙර නොවූ විරූ ලෙස Brrr වීමට පාරිභෝගිකයන්ට අවස්ථා සලසා දෙන ලදි. ශ්රී ලංකාවේ මෙතෙක් සිදු වූ විශාලතම පාරිභෝගික ප්රවර්ධන අවස්ථාවක් වන මේ තුළින් වාසනාවන්ත ජයග්රාහකයන් දාසය දෙනෙකුට සියලූ වියදම් සහිතව ස්විට්සර්ලන්තයේ දින පහක චාරිකාවක් සඳහා අවස්ථාව සැලසුණි. 2011 ජූනි මාසයේ දී ආරම්භ කෙරුණු මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වීම සඳහා පාරිභෝගිකයන් විසින් කළ යුතුව තිබුණේ කොළ පැහැති ප්රවර්ධන මූඩි සහිත කොකාxකෝලා, ෆැන්ටා ඔරෙන්ජ්, ෆැන්ටා පෝටෙලෝ, ෆැන්ටා ක්රීම් සෝඩා හෝ ස්ප්රයිට් බෝතල් මිල දී ගෙන මූඩි යට ඇති තෑගි හෝ ඉලක්කම් 9කින් යුතු ප්රවර්ධන අංක සොයා බැලීමයි. ඉන්පසු අලෙවි නියෝජිතයන් වෙතින් තෑගි ලබා ගැනීම හෝ ඉලක්කම් 9ක අංකය 'Brrr' යන වචනයට පසුව යොදා 2580ට එස්එම්එස් කිරීමයි. මෙසේ සිදු කිරීමෙන් සියලූ වියදම් සහිතව ස්විට්සර්ලන්තය කරා දෙදෙනෙකුට චාරිකාවක් දිනා ගැනීමට හැකි විය. පරිගණක වැඩසටහනක් මගින් වාසනාවන්තයින් තෝරා ගැනීම සිදු විය.
 මෙම සුවිශේෂී අවස්ථාවට සියලූ පාරිභෝගිකයන්ට සහභාගී වීමේ හැකියාව තහවුරු කරමින්, ප්රවර්ධනය සියලූ ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙත විවෘත කර තිබුණි. ඩයලොග්, මොබිටෙල්, එටිසලාට්, එයාටෙල් හෝ හච් යන ඕනෑම දුරකථන පාරිභෝගිකයකුට සිය ජංගම දුරකථනය භාවිත කරමින් එස්එම්එස් කිරීමේ (සීඞීඑම්ඒ හෝ අන්තර්ජාලය පාදක එස්එම්එස් මෙයට ඇතුළත් නොවිණි.) හැකියාව විය. HSenid Mobile විසින් ලබා දෙන ලද තාක්ෂණික විශේෂඥ සේවා නිසා සියලූ ජංගම දුරකථන සේවාවලට මෙම පහසුකම ලබා දීමේ හැකියාව ලැබුණි.
මෙම චාරිකාවේ සාර්ථකත්වය ගැන අදහස් පළ කරමින් කොකාxකෝලා බෙවරේජස් ශ්රී ලංකා සමාගමේ දේශීය කළමනාකරු සවුමින්ද්ර භටචාර්යා මහතා මෙසේ පැවසුවේය. ‘කොකාකෝලා ශ්රී ලංකා හි දී අපගේ පාරිභෝගිකයන් වඩාත් උද්යෝගීමත් කිරීම ස`දහා අපි විසින් නව නිර්මාණාත්මක මාවත් සොයා යනවා. Brrr වෙන්න ස්විස් යන්න, ප්රවර්ධන අවස්ථාව ඇත්තෙන්ම කොකාxකෝලා අපගේ පාරිභෝගිකයින් සමග දැඩිව සම්බන්ධ කළ අවස්ථාවක් කියලා කියන්න පුලූවන්. මෙමඟින් වාසනාවන්ත ජයග්රාහකයන් දාසය දෙනෙකුට සියලූ වියදම් සහිතව ස්විට්සර්ලන්තයේ දී හිමෙන් වැසුණු කඳු අතර හිඳිමින් සීතල කොකා----කෝලා පානය කරමින් Brrr අත්දැකීම උදා කර ගැනීමට අවස්ථා සැලසුණා. කොකාකෝලා හි අසමසම මැජික් තුළින් අපගේ පාරිභෝගිකයන් වඩාත් නැවුම් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.’
කොකාකෝලා විසින් වාසනාවන්ත ජයග්රාහකයන් වෙනුවෙන් සංවිධානය කර තිබූ සියලූ වියදම් සහිත ස්විට්සර්ලන්ත චාරිකාව, ඔවුන් වෙනුවෙන් ම විශේෂයෙන් සකසන ලද විශේෂ වැඩසටහනක් විය. ස්විට්සර්ලන්තයට පැමිණීමෙන් පසු විශේෂ නියෝජිතයකු විසින් ඔවුන් හමු වී සූරිච් නගරයේ සුන්දරත්වය නැරඹීමට හා කෞතුකාගාර සහ ප්රසිද්ධ ඓතිහාසික ස්ථාන මෙන් ම විනෝදාස්වාදය සපයන ස්ථාන ද නැරඹීමට කැටුව යන ලදි.
ජයග්රාහකයන්ට සුන්දර නගරවල සැරිසරමින්, මාර්ගෝපදේශන සහිත චාරිකා සිදු කරමින් උසස්තම මට්ටමේ අවන්හල්වල ආහාර ගැනීමට අවස්ථා සැලසුණි. සුන්දර ග්ලැසියර හා සදාකාලිකව හිමෙන් වැසුණු ඇල්පයින් කඳු අතර සැරිසරමින් අයස්කාන්ත ලූසිර්න් විලේ බෝට්ටු චාරිකාවක ද යෙදීමට ජයග්රාහකයන්ට හැකි විය. කෞතුකාගාරය හා ලයන් ස්මාරකය ආදී ජනප්රිය ස්ථානවලට ගිය ඔවුහු ඒවායින් වශීකෘත වූහ. Brrr වෙන්න ස්විස් යන්න ඇත්ත වශයෙන් ම සදානුස්මරණීය අවස්ථාවක් වූ අතර ස්විට්සර්ලන්තයේ දී උසස්තම සැලකුම් ලැබූ ජයග්රාහකයෝ සැබැවින් ම කිසිදා නොවූ විරූ ආකාරයෙන් Brrr හැඟීම විඳගත්හ.
‘ශ්රී ලංකාව තුළ මේ දක්වා සිදු කෙරුණු ඉතාම සුවිශේෂී පාරිභෝගික ක්රියාකාරකම ලෙස කොකාකෝලා ‘CeleBRRRRation’ ප්රවර්ධන ව්යාපාරය දක්වන්න පුලූවන්. මේ ආකාරයේ ප්රවර්ධන ව්යාපාර මගින් නව නිර්මාණශීලී හා උද්යෝගීමත් ක්රමවේද ඔස්සේ පාරිභෝගිකයක් අප සමග සම්බන්ධ කර ගැනීම අපි අවධාරණය කරනවා. කොකාකෝලා පාරිභෝගිකයන් 16 දෙනෙකුට ස්විට්සර්ලන්ත චාරිකාවක් ලබා දීම මගින් සැබෑම කොකාකෝලා අත්දැකීම විඳීමට ඔවුන්ට අවස්ථාව සැලසීම ගැන අපි ඇත්තට ම සතුටු වෙනවා. කොකාකෝලා වෙළ`ද නාමයට ඔවුන්ගේ ඇති ලැදියාව හා සහයෝගය වෙනුවෙන් මේ විදියට අපේ කෘතඥතාව පළ කරනවා. ශ්රී ලාංකිකයක් විසින් මේ සම්බන්ධයෙන් දැක්වූ උද්යෝගය ගැන අපි මහත් සතුටට පත් වී සිටිනවා. නැවත නැවතත් අපගේ පාරිභෝගිකයන්ට මෙවැනි සුවිශේෂී අවස්ථා ලබා දීමට මෙය අපව දිරිගන්වනවා. ’ කොකාකෝලා ඈත පෙරදිග සමාගමේ, ශ්රී ලංකා හා මාලදිවයින් දේශීය කළමනාකාර අභිෂේක් ජග්රාන් මහතා මෙම අවස්ථාව පිළිබ`ද සිය අදහස් පළ කරමින් ප්රකාශ කර සිටියේය.
ස්විට්සර්ලන්ත චාරිකාවට අවස්ථාව ලබා ගත් ජයග්රාහකයන් දෙදෙනෙකු වන ඩබ්ලියු. සී. ඞී. අල්විස් මහතා සහ එච්. ඞී. කේ. ප්රනාන්දු මහත්මිය මෙසේ පැවසූහ. ‘ඇත්තට ම මේ වගේ ජයග්රහණයක් ලබා ගැනීම ගැන අපිට හරි සතුටුයි. අපි ස්විට්සර්ලන්තයෙ දී සැබැවින් ම Brrr අත්දැකීම විඳගත්තා. මේ අවස්ථාව සැලසීම ගැන අපි කොකාකෝලා සමාගමට ස්තුතිවන්ත වෙනවා. කොකාකෝලාවලට ආදරය කරන අය වශයෙන් මේ අවස්ථාව අපිට වඩාත් සුවිශේෂීයි. අපි කිසිදා අමතක නොවන අත්දැකීමක් ලැබුවා.’
ස්විට්සර්ලන්තය කරා සුඛෝපභෝගී චාරිකා දිනූ තවත් ජයග්රාහකයින් දෙදෙනෙකු වන එම්. එම් රාජ් මහතා හා අඩිට්සන්දිරය ගැමුණු ශාන්ත මහතා මෙසේ පැවසුවෝය. ‘කොකාකෝලා සමාගමෙන් සිදු කළ මේ සුවිශේෂ ප්රවර්ධන අවස්ථාවට සහභාගී වීමට ලැබීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අපි ස්විට්සර්ලන්තයේ විස්මයජනක චාරිකාවක් සිදු කළා. ජීවිතේට ම එක්වරක් පමණක් ලැබිය හැකි මේ අත්දැකීම ලබා දීම සම්බන්ධයෙන් කොකාකෝලාවලට අපි ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම මේක නම් අමතක නොවන විස්මිත චාරිකාවක්.’
ඡායාරූප විස්තරය -
1 හා 2 පින්තූර - ජයග්රාහකයන් ස්විට්සර්ලන්තයේ දී
කණ්ඩායම් පින්තූරය - ජයග්රාහකයන් ස්විට්සර්ලන්තයට පිටත් වී යාමට පෙර කොකාකෝලා කණ්ඩායම සමග
තෑගි ප්රදානෝත්සවය - ජයග්රාහකයන් දෙදෙනෙක් කොකාxකෝලා ඈත පෙරදිග සමාගමේ, ශ්රී ලංකා හා මාලදිවයින් දේශීය කළමනාකාර අභිෂේක් ජග්රාන් මහතා අතින් සිය තෑගි ලබා ගත් අවස්ථාව
|