Lanka Business News | HOME |
 
 

බැංකු රක්‍ෂණ සේවා සැපයීමට කොමර්ෂල් බැංකුව සෙලින්කෝ රක්‍ෂණ සමාගම හා ගිවිසුමකට එළැඹෙයි
28March-2012
Bookmark and Share

සිය දීප ව්‍යාප්ත බැංකු ශාඛා ජාලය උපයෝගී කර ගනිමින් සාමාන්‍ය සහ ජීවිත රක්‍ෂණ සේවා සැපයීමේ අරමුණෙන් යුතුව කොමර්ෂල් බැංකුව සෙලින්කෝ රක්‍ෂණ සමාගම සමග පසුගියදා ගිවිසුමකට එළැඹීය.

දිවයිනේ විශාලතම රක්‍ෂණ සමාගම සමග එළැඹි මෙම ගිවිසුම මගින් තම වර්තමාන සහ ඉදිරි ගනුදෙනුකාර භවතුන් වෙත පුළුල් පරාසයක විහිදුන රක්‍ෂණ සේවා කොමර්ෂල් බැංකුවෙන් ලබා දීමට ඇති කැපවීම තවත් ශක්තිමත් වන බව බැංකුව පවසයි.

බැංකුවේ 214ක් වූ දීප ව්‍යාප්ත සේවා මධ්‍යස්ථානයන්ගෙන් සෙලින්කෝ රක්‍ෂණ සේවා මිලදී ගැනීමටත් රක්‍ෂණ වාරික ගෙවීමේ පහසුකමත් මේ සමගම පාරිභෝගිකයින්ට හිමි වේ.

සෙලින්කෝ රක්‍ෂණ සමාගමේ සාමාන්‍ය රක්‍ෂණ සේවාවන් අතරට අයත් මෝටර් රථ රක්‍ෂණ නිෂ්පාදනය වන ”සෙලින්කෝ වී.අයි.පී. ඔන් ද ස්පොට්” සෙලින්කෝ සුව සම්පත, ගිනි රක්‍ෂණය, නාවික රක්‍ෂණය, පුද්ගල රක්‍ෂණල ඉංජිනේරු සහ හිමිකම් රක්‍ෂණ සේවා මෙම ගිවිසුම් ප‍්‍රකාරව කොමර්ෂල් බැංකු සේවා මධ්‍යස්ථාන හරහා අලෙවි කෙරේ.

අඛණ්ඩව වසර අටක් පුරා ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල නායකත්වය හිමි කර ගෙන සිටින සෙලින්කෝ ජීවිත රක්‍ෂණ අංශය විසින් මෙම ගිවිසුමට අනුව ජීවිත රක්‍ෂණ සේවා රැසක් ඉදිරිපත් කර තිබෙන අතර අසාධ්‍ය රෝග සඳහා ලබා දෙන වෛද්‍ය රක්‍ෂණ සහ විශ‍්‍රාමික සැලසුම් මේ අතර වෙති.

කොමර්ෂල් බැංකුව ලොව ප‍්‍රමුඛතම වාණිජ බැංකු 1000 අතරට එක් වූ ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව මෙන්ම බැංකු සේවා මධ්‍යස්ථාන 214ක ජාලයකට සහ 502ක් වූ විශාලතම ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍ර ජාලයට හිමිකම් කියයි.  ‘‘ග්ලෝබල් ෆයිනෑන්ස්” සඟරාව මගින් අඛණ්ඩව වසර 13 ක් ලංකාවේ හොඳම වාණිජ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරා ගනු ලැබූ අතර ‘ද බෑන්කර්’, ‘ෆයිනෑන්ස් ඒෂියා’, ‘යුරෝමනි’ සහ ‘ටේ‍්‍රඞ් ෆයිනෑන්ස්’ යන සඟරා විසින් අවස්ථා ගණනාවකදීම ලංකාවේ විශිෂ්ටතම වාණිජ බැංකුව ලෙසට තෝරා ගනු ලැබුවේ කොමර්ෂල් බැංකුවයි.

කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ අමිත ගුණරත්න මහතා (වමේ සිට සිව්වැන්නා),  සෙලින්කෝ රක්ෂණ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ප‍්‍රධාන විධායක නිලධාරී (සාමාන්‍ය රක්ෂණ) අජිත් ගුණවර්ධන සහ එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී (ජීවිත රක්ෂණ) ආර්. රෙන්ගනාදන් යන මහත්වරු සමඟින් අදාල ගිවිසුම හුවමාරු කර ගනිමින්. ඡායාරූපයේ (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකු කටයුතු පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී සැන්ඩ‍්‍රා වල්ගම, පුද්ගලික බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්. රෙන්ගනාදන්, සෙලින්කෝ රක්ෂණ සමාගමේ සාමාන්‍ය රක්ෂණ අංශයේ නීති කටුයතු පිළිබඳ සාමාන්‍යාධිකාරී මංගල සෙනෙවිරන්ත,  ආයතනික ගිණුම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමණාකාර සමන්ත රූපතුංග සහ නගර කාර්යාලයේ සාමාන්‍යාධිකාරී රොෂාන් රණසිංහ යන මහත්ම මහත්මීහු වෙති.


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>