මනිග්රෑම් සේවාව හරහා එතෙර සිට එවනු ලබන මුදල් කොමර්ෂල් බැංකුවේ ශාඛා ජාලයෙන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් උදෙසා දියත් කරන ලද ප්රවර්ධනයක් තුලින් ගනුදෙනුකරුවන් සිය ගණනකට පිත්තල පහන් ප්රදානය කර ඇත.
මනිග්රෑම් විදේශ මුදල් පේ්රෂණ ක්රමය භාවිතා කරමින් අපේ්රල් 13 වනදා දක්වා රුපියල් 50,000ක් හෝ ඊට වැඩි මුදලක් ලබා ගන්නා සෑම ගනුදෙනුකරුවකුටම මෙම ප්රවර්ධන වැඩසටහන යටතේ පහනක් පිරිනැමෙන අතර මනිග්රෑම් සේවාව හරහා එවනු ලබන කවර මුදලක් වුව ලබා ගන්නා ගනුදෙනුකරුවකුට සන්නාමය රැගත් පෑනක් ලබා දීමට කටයුතු සම්පාදනය කෙරේ.
කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී මෙහෙයුම් පාලිත පෙරේරා මහතා (මැද) විසින් මනිග්රෑම් සේවාව හරහා මුදල් ලබා ගත් ගනුදෙනුකරුවකුට පහනක් පිරිනමමින්. ඡායාරූපයේ බැංකුවේ ඊ-බෑන්කින් මධ්යස්ථානයේ ප්රධාන කළමණාකාර ප්රදීප් බන්දුවංස, කොටහේන ශාඛාවේ කළමණාකාර නිමල් පුල්ලෙනායගම් සහ ඊ-බෑන්කින් මධ්යස්ථානයේ විධායක නිලධාරී අනුෂ් ගුණරත්න යන මහත්වරු පසෙකින් සිටිති.
|