Lanka Business News | HOME |
 
 

මා පිය හරසර මැද බ‍්‍රැන්ඩික්ස් වසරේ විශිෂ්ටයින් සම්මානයට
19-April-2012
Bookmark and Share

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඇඟළුම් අපනයන සමූහය වන බ‍්‍රැන්ඩික්ස් සිය සාමාජිකයින්ගේ කුසලතාවයන් අගයනු වස් වාර්ෂිකව පවත්වනු ලබන ”බ‍්‍රැන්ඩික්ස් වසරේ විශිෂ්ටයා” සම්මාන උළෙල පසුගියදා අතිඋත්කර්ෂවත් ලෙසින් සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී පවත්වන්නට යෙදුනු අතර මෙහිදී  සාමාජික සාමාජිකාවෝ 39 දෙනෙකු සහ සුපරීක්‍ෂකවරු සය දෙනකු ගරු බුහුමන් ලැබූහ.

සේවා කාර්ය සාධනය සහ සමාගම වෙත දැක්වූ දායකත්වය පරීක්‍ෂා කොට සම්මාන සඳහා සාමාජිකයින් දැඩි පරිශ‍්‍රමයකින් තෝරා ගනු ලැබූ අතර ජයග‍්‍රාහකයින්ට සම්මාන සමග සමාගමේ පූර්ණ අනුග‍්‍රාහකත්වය ඇතිව චීනයල ඉන්දියාවල බංග්ලාදේශය තුළ අධ්‍යයන චාරිකා පිරිනැමිණි.

සම්මාන උළෙලෙහි විශේෂ අවස්ථාවක් වූයේ සම්මානලාභීන්ට සිය නිල ඇඳුමේ පැළඳිය හැකි ”වසරේ විශිෂ්ටයා” පදක්කම් ඔවුන්ගේ දෙමාපියන් හෝ සැමියා/බිරිඳ සුරතින් පැළඳවීමයි.

බ‍්‍රැන්ඩික්ස් පවුලේ සාමාජිකයින් පන්දහසකගේ සහභාගීත්වය ද සමගින් සංගීත සැඳෑවකින්ද රසවත් වූ විචිත‍්‍රවත් බ‍්‍රැන්ඩික්ස් සම්මාන උළෙල තවත් ජව සම්පන්න වූයේ බ‍්‍රැන්ඩික්ස් රසදිය කුසලානය-2012 පිරිමි සහ කාන්තා අවසන් මහා තරග හේතුවෙනි. මෙම වොලිබෝල් තරගාවලිය දිවයින පුරා විසිරී තිබෙන බ‍්‍රැන්ඩික්ස් ආයතනයන්හි සේවය කරන තරුණ සාමාජික සාමාජිකාවන්ගේ අවශ්‍යයතාවයන් මැනවින් හඳුනාගනිමින් ඔවුන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන අන්තර්-ආයතනික තරගාවලියකි. එමෙන්ම සමූහයේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගැනීමට විශාල දායකත්වයක් ලබාදෙන කාර්මික නිලධාරීන් ඇගයීම උදෙසා හඳුන්වා දුන් ”මෙක් චැලෙන්ජ්” හි ජයග‍්‍රාහී කණ්ඩායම් වල කුසලතාවන් දැක්මක් ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

”උසස් තත්ත්වයට හා නිෂ්පාදන වේගයට ප‍්‍රමුඛස්ථානයක් ලබා දෙන ව්‍යාපාර සමූහයක් ලෙසට අපගේ ජයග‍්‍රාහී ගමනට බ‍්‍රැන්ඩික්ස් හි හතලිස් දහසකට අධික සාමාජිකත්වයේ කණ්ඩායම් හැඟීම මෙන්ම සෑම කෙනෙකුගේම සාර්ථකත්වය එක ලෙස වැදගත් වෙනවා. මෙම වැඩසටහන මගින් ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ පුද්ගලයින් තෝරා ගනිමින් ඔවුන් වෙත බුහුමන් දැක්වීමෙන් ආයතනය සාමාජිකයන් ඇගයීම කෙරෙහි ඇති කැපවීම මනාව අවධාරණය කෙරෙනවා” යනුවෙන් බ‍්‍රැන්ඩික්ස් හි සමූහ මානව සම්පත් කළමනාකාර කර්නල් සුජිත් ජයසේකර මහතා පැවසීය.

මෙම සාමාජිකයින් ලබා ගන්නා ඉතා වටිනා අත්දැකීම් සහ පුහුණු අවස්ථා ඔවුන්ගේ ඉදිරි වෘත්තීයමය සංවර්ධනය සහ දැක්ම ගොඩනගා ගැනීමට මහත් රුකුලක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
2012 වසරේ පැවති ”බ‍්‍රැන්ඩික්ස් වසරේ විශිෂ්ටයා” සම්මාන උළෙලෙහි තවත් විශේෂත්වයක් වූයේ බ‍්‍රැන්ඩික්ස් හි එතෙර කර්මාන්තශාලාවන්හි සේවය කරන සාමාජිකයින්ද  මෙවර සම්මාන උළෙල (EOY 2012) සඳහා ඇතුලත් කර ගැනීමයx බ‍්‍රැන්ඩික්ස් ඇපරල් ඉන්ඩියා,  ඕෂන් ඉන්ඩියා, සීඞ්ස් ඉන්ටිමේට් ඇපරල් ඉන්ඩියා සහ බ‍්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයාර් - බංග්ලාදේශ් යන කර්මාන්තශාලාවල සේවය කරන සාමාජික සාමාජිකාවෝ මෙවර සම්මානයට පාත‍්‍ර වූහ.

තම විදේශ චාරිකා අවසන් වූ පසු සම්මානනීය සාමාජිකයින් පිරිසට සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී සමග විශේෂ සුහද හමුවකට එක් වීමට අවස්ථාව හිමි වන අතර බ‍්‍රැන්ඩික්ස් සමූහය සමග එක්වීමෙන් අනතුරුව තමන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු වූ ආකාරය පිළිබඳව මෙහිදී එම සාමාජිකයින් විසින් අදහස් දක්වනු ඇත.

40,000කට අධික සාමාජික පිරිසකට සෘජු රැකියා අවස්ථා මෙන්ම ඊට සමාන සංඛ්‍යාවකට වක‍්‍ර රැකියා අවස්ථාවන්ද බිහි කර ඇති බ‍්‍රැන්ඩික්ස් සමූහය 2011 වසරේ ජූලි මාසයේදී සිංගප්පූරුවේ පැවැති සී.එම්.ඕ. ආසියානු වෙළෙඳ නාම හා අලෙවිකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලෙහිදී ”ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක නාමය” ලෙසින් බුහුමනට පාත‍්‍ර වූ අතර මෑතකදී සිදු කළ ජාතික සමීක්‍ෂණයකින් තහවුරු වූයේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාගම් අතුරින් මුල් පෙළේ සේවායෝජක නාමයන් පහ අතර ස්ථානගතව සිටින බවයි.

”බ‍්‍රැන්ඩික්ස් වසරේ විශිෂ්ටයා” සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සම්මානලාභියකු සිය මව සමග


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>