Lanka Business News | HOME |
 
 

පළිබෝධ නාශකවලින් තොර වේයන් මර්දනය කිරීමේ නව ක‍්‍රමවේදයක් හේලීස් හඳුන්වා දෙයි
28-May-2012
Bookmark and Share

ලංකාවේ සෑම නිවාස පහකින් එකක්ම මුහුණ දී සිටිනල ගොඩනැගිලි පාංශු වේයන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමේ ගැටලූව සඳහා පරිසර හිතකාමී දිගුකාලීන විසඳුමක් හඳුන්වා දීමට හේලීස් සමූහය පියවර ගෙන ඇත.

‘නොවිතෝර්’ (Novithor) ලෙස නම් කර ඇති මෙම විශේෂ නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ප‍්‍රථම වරට හඳුන්වා දුන් පළිබෝධ නාශක අන්තර්ගත නොවන වේ උවදුරෙන් ආරක්‍ෂාව සලසන භෞතික බාධක (Physical Barrier) ක‍්‍රමවේදයකි. මෙම නිෂ්පාදනය මගින් පාංශු වේයන් ගොඩනැගිලි තුළට ඇතුළුවන සියලූ ගමන් මාර්ගයන් අවහිර කරන අතර, එම බාධකය කළුගල් ස්ථරයක් තරම් දැඩි වන බැවින් පාංශු වේයන්ට ඒ තුළින් ගමන් කළ නොහැකිය. නොවිතෝර් භෞතික බාධක (Physical Barrier) ක‍්‍රමවේදය මගින් වසර 50ක පමණ කාල සීමාවක් සඳහා වේයන්ගෙන් ගොඩනැගිලි සඳහා ආරක්‍ෂාව ලබා දෙයි. ශ්‍රී ලංකාව තුළ මෙතෙක් පැවැති රසායනික වේ මර්දන බාධක වසර 5ක පමණ කාලයකදී පස තුළින් ඉවත් වන බැවින් ඉන් ලැබෙන ආරක්‍ෂාව කෙටි කාලයක් සඳහා පමණක් සීමා වෙයි. එබැවින් මෙම නොවිතෝර් භෞතික බාධක ක‍්‍රමවේදය ඒ සඳහා සාර්ථක විකල්පයක් ලෙස භාවිතා කළ හැකිය.

මෙම සන්නාමය සඳහා පේටන්ට් අයිතිය සහ නිෂ්පාදනය ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් ENSYSTEX විසින් සිදු කරයි. ‘නොවිතෝර්’ සඳහා වසර 20ක නිෂ්පාදන වගකීමක් ලබා දෙන අතර මූලික නිෂ්පාදන තුනක් ලෙස එනම් වේ හානි වලකන රේසින් ආලේපයක් ලෙසත්, සිමෙන්තිමය බදාමයක් ලෙසත්, නම්‍යශීලි ජෙල් විශේෂයක් ආකාරයෙන්ද මෙම ආරක්‍ෂක නිෂ්පාදනය වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත. මෙම නිෂ්පාදන  ඕනෑම ගොඩනැගිල්ලකට යෙදිය හැක.

දශක පහකට අධික කාලයක් පුරා කෘෂි නිෂ්පාදන අලෙවිය සත්ත්ව සහ ගෘහාශ‍්‍රිත විසඳුම් සඳහා නම් දැරූ හේලීස් ඇග‍්‍රිකල්ච සියලූ ‘Novithor’ නිෂ්පාදන සඳහා ලංකාවේ නියෝජිතවරයා ලෙස කටයුතු කරන අතර ‘Novithor’ භෞතික බාධක ක‍්‍රමවේදයෙහි සේවාව ලබා දීම සඳහා පළිබෝධ මර්දන සේවාව ලබා දීමේ විශේෂඥතාව සහිත හේලීස් පෙස්ට් කන්ට්‍රෝල් සර්විසස්ල ෆින්ලේ රෙන්ටුකිල් සහ සුරෙන් කුක් ඒජන්සිස් යන ආයතනයන් ‘Novithor’ නිෂ්පාදන සඳහා බලයලත් ක‍්‍රියාකරුවන් ලෙස පත් කොට ඇත.

මෙම නිෂ්පාදනය හඳුන්වා දීම සඳහා පැවති උත්සවයට ප‍්‍රමුඛ පෙළේ වාස්තු විද්‍යාඥයින්, ඉදිකිරීම් ඉංජිනේරු වෘත්තිකයින් සහ ක්ෂේත‍්‍රයට සම්බන්ධ අනෙකුත් විශේෂඥයින් රැසක් සහභාගී වූ අතර මෙහිදී අදහස් දැක්වූ හේලීස් සමූහයේ කෘෂි ක්ෂේත‍්‍රයේ සමාගම් සඳහා සමූහ අධ්‍යක්‍ෂ රිස්වි සහීඞ් මහතා පැවසුවේ මෙම නව නිෂ්පාදන කාණ්ඩය සඳහා පූර්ණ සවිබලයත් විශේෂඥතාවයත් හේලීස් ඇග‍්‍රිකල්ච වෙතින් සහ මව් සමාගමෙන් හිමි වන බවත් මෙම ක්ෂේත‍්‍රය සඳහා හඳුන්වා දෙන වඩාත් ප‍්‍රතිඵලදායී සහ නව්‍ය වූ නිෂ්පාදනයක් ලෙස ඉදිරියට පැමිණෙනු ඇති බවයි.

වෙළෙඳපොලට හඳුන්වා දෙන ලද නොවිතෝර් නිෂ්පාදන තුනෙහි තාක්‍ෂණික කරුණු පිළිබඳව සභාව දැනුවත් කළ ‘ENSYSTEX’ හි කලාපීය අධ්‍යක්‍ෂ ස්ටීව් බ්‍රෝඞ්බෙන්ට් මහතා පැවසුවේල පාංශු රසායනික වේ මර්දන ක‍්‍රමවේදයෙහි රසායනික ද්‍රව්‍ය භූගත ජල උල්පත් සඳහා කාන්දු වීමෙන් පාරිසරික ගැටළු රාශියක් උද්ගත වීමේ අවදානමක් පවතින බවය. එමෙන්ම පාංශු රසායනික බාධක (Chemical Barrier) වසර 5කට අඩු කාල සීමාවක් තුළදී පස තුළින් ඉවත් වන බැවින් නැවත එවැනි ගොඩනැගිලි වේයන්ගේ තර්ජනයට ලක්වීමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කළේය. නොවිතෝර් නිෂ්පාදනය පෙර විකල්පයන්ට වඩා පරිසර හිතකාමී සහ තිරසාර බැවින් එහි ආයු කාලය වසර 50ක් පමණ වන බව ඔහු අවධාරණය කළේය. නොවිතෝර් භෞතික බාධක ක‍්‍රමවේදය මගින් ආරක්‍ෂාව ලබා දුන් ගොඩනැගිල්ලක් සඳහා වසර 20ක් තුළ වේයන්ගෙන් හානියක් මතු වුවහොත් ‘ENSYSTEX’ සමාගම විසින් රුපියල් මිලියන 2ක් දක්වා හානිය නැවත ප‍්‍රතිස්ථාපනය කිරීමේ වගකීමක් ලබා දේ.

‘Novithor’ නිෂ්පාදන ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර හෝ ඉදිකළ පසුව යෙදිය හැකි ආලේපනයන් ලෙස ඉදිරිපත් කෙරේx ‘Novithor’ ද්‍රාවණය (රේසින්) පෙදරේරුමය, සිමෙන්ති හුණු බදාම සහ පෙදරේරු කටයුතු අවසන් කළ මතුපිටක වුව ආලේප කළ හැක. සිමෙන්තිමය බදාමයක් ලෙසින් එන නිෂ්පාදනය බහුවිධ කටයුතු සඳහා යොදා ගත හැකි අතර බිත්තිවල ඉරිතැලීම් සහ පැළුම් සඳහා ස්ථිර වැස්මක් ලෙසත්, කොන්ක‍්‍රීට් ස්ථර අභ්‍යන්තරයෙහි පවතින කුස්තුර පළුදු වැසීමටත්, ජල නල එලන ලද බිත්ති වැසීමටත් භාවිතා කළ හැක. ‘Novithor’ නම්‍යශීලී ජෙල් නිෂ්පාදනය ඉහළ කි‍්‍රියාකාරීත්වයක් සහිත ස්වභාවික සිලිකන් වලින් සමන්විත කාන්දු වළකන ද්‍රව්‍යයක් ලෙසත්ල වේයන්ට මෙම ආවරණය විනිවිද යා නොහැකි මැලියම් වර්ගයක් ලෙසත් ක‍්‍රියා කරන අතර මෙම නිෂ්පාදනය ගොඩනැගිල්ල ඉදිකරන අතරතුර යෙදිය හැක.

හේලීස් ඇග‍්‍රිකල්ච සමූහයට අයත් සමාගම් නවයෙහි සමුච්චිත අලෙවි ආදායම රුපියල් බිලියන 9කට අධික වන අතර මෙම සමාගම් භෝග ආරක්‍ෂණ, භෝග නිෂ්පාදන, කෘෂි මෙවලම්, පරිසර විද්‍යාත්මක, පොහොර, සත්ව සුබසාධන, කෘෂි අපනයන අංශයන් නියෝජනය කරයි.

හේලීස් ඇග‍්‍රිකල්ච හි කළමණාකාර අධ්‍යක්‍ෂ රිස්වි සහීඞ් මහතා ‘Novithor’ නිෂ්පාදන හඳුන්වා දීමේ අවස්ථාවට සහභාගී වෙමින්


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>