Lanka Business News | HOME |
 
 

ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය සඳහා කොමර්ෂල් බැංකුවෙන් පරිගණකාශ‍්‍රිත භාෂා මධ්‍යස්ථානයක්
28-May-2012
Bookmark and Share

ත‍්‍රිවිධ හමුදා සහ පොලීසිය සඳහා පරිගණකාශ‍්‍රිත හාෂා මධ්‍යස්ථානයක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනය (JSLTI) වෙත පරිත්‍යාග කිරීමට කොමර්ෂල් බැංකුව පසුගියදා කටයුතු කළේය.

මෙම නව භාෂා මධ්‍යස්ථානය මඟින් මූලිකවම දෙමළ භාෂා ප‍්‍රවීණතාව ලබා දීමට කටයුතු කරන අතර එමගින් හමුදා සාමාජිකයින් හා උතුරු නැගෙනහිර ජනතාව අතර සන්නිවේදනය වැඩිදියුණු කිරීමට මනා රුකුලක් ලැබේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා එක්වන හමුදා සාමාජිකයින්ට අවශ්‍ය ඉංග‍්‍රීසි සහ ප‍්‍රංශ භාෂා නිපුණතාවය ලබා දීමටද, පුහුණු කටයුතු සඳහා ඉන්දියාවට යන ත‍්‍රිවිධ හමුදා සේවා සාමාජිකයින්ට හින්දි භාෂා අධ්‍යාපනයත් මෙහිදී ලබා දෙයි.

නව භාෂා මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා පරිගණක 10ක්, මුද්‍රණ යන්ත‍්‍ර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය උපාංග සියල්ලක්ම කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් පරිත්‍යාග කරනු ලැබීය.

ත‍්‍රිවිධ හමුදාවන්හි සහ පොලිස් සේවයේ කටයුතු කරන්නන්ගේ භාෂා හැකියාවන් වර්ධනය කිරීමටත්, නිල වශයෙන් පිළිගත් භාෂාවන්ගේ කථනය, තේරුම් ගැනීම සහ ලිවීමේ නිපුණතාව වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනය 1986 දී ස්ථාපිත කළ අතර විදෙස් ගත පුහුණු සහ රාජකාරී කටයුතු සඳහා නික්මයන්නන්ගේ අවශ්‍යතාව පරිදි පසුකාලීනව විදෙස් භාෂා ඉගැන්වීමේ කටයුතුද පුළුල් කෙරිණ.

තම ආයතනික සමාජ වගකීම් හි කොටසක් ලෙසට ශිෂ්‍ය ප‍්‍රජාවේ තොරතුරු තාක්‍ෂණික සාක්‍ෂරතාව නංවමින් කොමර්ෂල් බැංකුව මේ දක්වා සියලූ උපාංගයන්ගෙන් සමන්විත පරිගණක මධ්‍යස්ථාන 40ක් පාසල්වලට සහ උසස් අධ්‍යාපන ආයතනයන්ට පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇත.

2004
වසරේදී ස්ථාපිත කළ කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය වර්තමානයේදී සිය අවධානය ප‍්‍රධාන වශයෙන් යොමු කොට ඇත්තේ තොරතුරු තාක්‍ෂණික ක්ෂේත‍්‍රයේ සහ ඉංග‍්‍රීසි අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ඉහළ නැංවීමේ ව්‍යාපෘතීන් සඳහායෙ. රුපියල් මිලියන 25ක ප‍්‍රාග්ධනයකින් ඇරඹි මෙම භාරය සඳහා බැංකුව තම ලාභයෙන් වාර්ෂිකව සියයට එකක් දක්වා පරිත්‍යාග කරයි.

කොමර්ෂල් බැංකුව පරිත්‍යාග කළ පරිගණකාශ‍්‍රිත භාෂා මධ්‍යස්ථානය


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>