Lanka Business News | HOME |
 
 

ග්ලෝබල් පාර්ක් හරිත ගබඩා සංකීර්ණය - හරිත සංකල්පයට මනා ආදර්ශයක් ගෙනදෙයි
01-June-2012
Bookmark and Share

අද වන විට ලොව පුරා සමාගම්, සිය ව්‍යාපාරික ආයතන පරිසර හිතකාමී ලෙස සකස් කිරීමට පියවර ගෙන ඇත. දිනෙන් දින සිදුවන සමාජ විපරියාසයන් අනුව ආයතනවල අනවශ්‍ය අපද්‍රව්‍ය අවම කිරීමත්, එය සේවකයින්ට වඩාත් සෞඛ්‍යාරක්‍ෂිත ස්ථානයක් බවට පත්කරලීමත් මෙහි අරමුණයි.

මෙකී අරමුණ වෙනුවෙන් පෙරදැරිව කටයුතු කිරීමට ග්ලෝබල් පාර්ක් සමාගම මේ වන විට පියවර ගෙන තිබේ. ඒ මෙරට තුළ හරිත ගබඩා සංකල්පය දියත් කරමිනි. මේ වන විට ඇඟළුම් කර්මාන්තය වෙනුවෙන් නවීන අංගෝපාංගයන්ගෙන් යුත් නවීන ගබඩා සංකීර්ණයක් මෙරට ස්ථාපිත කිරීමට ග්ලෝබල් පාර්ක් සමාගම පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ග්ලෝබල් පාර්ක් හි සාමාන්‍යාධිකාරී පි‍්‍රයන්ක දිසානායක මහතා කියා සිටියේ සිය ව්‍යාපාරික සැලසුම් සකස් කිරීමේ දී මූලික වශයෙන්ම අවධානය යොමු කළේ පරිසර සාධකය කෙරෙහි බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය. ‘‘යම් ව්‍යාපාරයකින් පරිසරයට වන හානිය අවම කිරීමට කටයුතු කිරීමෙන් ඔවුන්ගේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීමටත්, පිරිවැය අවම කරගැනීමටත් හැකිවනු ඇත. ගබඩා මධ්‍යස්ථාන යනු  ඕනෑම බෙදාහැරීමේ කි‍්‍රයාවලියක නිරත ව්‍යාපාරයක වැදගත් අංශයකි. ඒ සඳහා පළමුවෙන්ම පරිසරයට හානියක් නොවන අයුරින් අදාළ කාර්ය සිදුකිරීමට පියවර ගත යුතුයි. හරිත සංකල්පයට මුල්තැන දීම තුළින් ප‍්‍රතිලාභ ලැබෙන්නේ අපගේ කර්මාන්තවලට පමණක් නොවෙයි. එහිදී ජීවයේ පැවැත්මට අවශ්‍ය ස්වභාවික සම්පත් රැක ගැනීමට ද මහඟු සහායක් ලැබෙනවා. පරිසරය පිළිබඳ දැනුවත් වීම ඉහළ යන තරමට එම ආයතනවල කාර්යක්‍ෂමතාවය වැඩි කිරීමටත්, මෙහෙයුම් පිරිවැය අවම කිරීමටත් හැකිවෙනවා.’’

දිසානායක මහතා සඳහන් කරන පරිදි ග්ලෝබල් පාර්ක් හරිත ගබඩා සංකීර්ණයේ බලශක්ති භාවිතය අවම කිරීම සඳහා පියවර කිහිපයක්ම ගෙන ඇත. බලශක්ති පිරිමසන විදුලි බුබුළු, උණුසුම්කරණ, වාත‍්‍රාශය ලබා දෙන ස්ථාන ඒ අතර වේ. එමෙන්ම මෙම ගබඩා සංකීරණය සකස් වී හැකි සෑම විටකම වැඩි වශයෙන් ස්වභාවික ආලෝකය ඒ තුළට පැමිණෙන ආකාරයටය. විශේෂයෙන් සකස් කළ ජනේල සහ ෆ්ලෝරසන්ට් විදුලි බුබුළු නිසා බලශක්තිය භාවිතය 60% කින් පමණ අවම කරලීමට ද හැකි වී තිබේ. තවද මෙම ගබඩා සංකීර්ණය තුළ පුද්ගලයන් සිටින අවස්ථාවල දී පමණක් විදුලි බුබුළු ස්වයංකී‍්‍රයව දැල්වෙන ක‍්‍රමවේදයක් සකසා ඇත. එසේම මේ සඳහා තෝරා ගෙන ඇති තීන්ත ආලේපන, කාන්දු වළක්වන ද්‍රව්‍ය ආදිය ද පරිසර හිකතාමී ලෙස යොදා ගනු ලැබූ ඒවා වේ.

‘‘හරිත ව්‍යාපාර සංකල්පයේ දී හරිත ගබඩා සංකීර්ණ වැදගත් අංශයකි. එය අදාළ ආයතන, පරිසරයට ඇති ගරුත්වය හා පක්‍ෂපාතීත්වය පිළිබඳ පාරිභෝගිකයාට දෙන මනා තහවුරුවකි. අනාගතයේ දී මෙම සංකල්පය වෙත වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් කරුණක් වනු ඇත’’, යනුවෙන් දිසානායක මහතා අවසාන වශයෙන් කියා සිටියේය.


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>