Lanka Business News | HOME |
 
 

කික් කෝලා හි සුවිශේෂී බෝතල් හැඩය ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබූ වගයි
07-June-2012
Bookmark and Share

සම්භාවනීය ‘ලංකා ස්ටාර් 2012‘ සම්මාන උළෙලේ දී ‘සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්‘ සමාගමේ කික් කෝලා වෙළෙඳ නාමය ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙම සම්මානය කික්කෝලා හිමි කර ගත්තේ එහි බෝතලයේ සුවිශේෂී අසමසම හැඩය නිසයි. මීට සුළු කලකට පෙර වෙළෙඳපොළට එක් වූ ‘කික් කෝලා‘ බෝතලයේ සුවිශේෂී හැඩය නිර්මාණය කෙරුණේ ගැඹුරු පාරිභෝගික අධ්‍යයනයකින් පසුවයි.

මි.ලී. 200, 300 ප්‍රමාණයේ සුවිශේෂී හැඩැති වීදුරු බෝතල්වලින් එන කික්කෝලා දශ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ව කුල්මත් කරයි. මි.ලී. 250, 500 හා ලීටර් 1.5 ප්‍රමාණයේ කික් කෝලා බෝතල් මෙන්ම සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සීනි හා කැලරි රහිත ‘කික් ලයිට්‘ මි.ලී. 500 ප්‍රමාණයෙන් ද ලබා ගත හැකිය.

ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් පැකේජින් (බහාලුම් හා ඇසුරුම්කරණය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය) විසින් සංවිධානය කරන ලද ‘ලංකා ස්ටාර්‘ සම්මාන උළෙල, ඒෂියා ස්ටාර් හා වර්ල්ඩ් ස්ටාර් සම්මාන උළෙලවල් අනුබද්ධිතව පැවැත්වෙන්නකි. මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ වන්නේ ඇසුරුම්කරණය සදහා නවීන තාක්ෂණය භාවිතය, නව අදහස් හා සංකල්ප යොදා ගැනීම, සුරක්ෂිත බව, පරිසර හිතකාමී ක්‍රම යොදාගැනීම සඳහා නිපැයුම්කරුවන් දිරිමත් කිරීමයි.


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>