තම නිෂ්පාදන කටයුතු අරඹා මාස දාහතරකට පසු බ්රැන්ඩික්ස් සමූහයේ ප්රථම බංග්ලාදේශ කර්මාන්තශාලාව මාර්ක්ස් ඇන්ඞ් ස්පෙන්සර් (M&S) ආයතනය විසින් පරිසර හිතකාමී කර්මාන්තශාලාවක් ලෙස නම් කර ඇති අතර මෙම ගෞරවය හිමි කර ගත් බංග්ලාදේශයේ ප්රථම ඇඟළුම් කර්මාන්තශාලාව බවට ද පත් විය.
බංග්ලාදේශයේ කොමිලා කර්මාන්ත පුරයෙහි ස්ථාපිත බ්රැන්ඩික්ස් කැෂුවල්වෙයාර් කර්මාන්තශාලාව අක්කර 5ක වපසරියක් පුරා පැතිර ඇති අතර ඇඟළුම් 350,000 ක මාසික ධාරිතාවක් සහිත කර්මාන්තශාලාවකි. M&S විසින් මෑතකදී සිදු කළ විගණනයකින් ලකුණු සියයට 93ක් හිමි කර ගැනීමට මෙම කර්මාන්තශාලාවට හැකි විය. බංග්ලාදේශය තුළ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලා 50ක් M&S සඳහා ඇඟළුම් සපයති.
M&S හි ‘ප්ලෑන් ඒ’ වැඩසටහනහි සුවිශේෂි ගුණාංග සුරකිමින් බ්රැන්ඩික්ස් කර්මාන්තශාලාව තම බලශක්ති පරිභෝජනය සියයට 27කින්, ජල පරිභෝජනය සියයට 45කින් හා පිට කරනු ලබන කාබන් ප්රමාණය සියයට 60කින් අඩු කිරීමටත් වූ ඝන අප්රද්රව්ය සියයට 95ක්ම නැවත භාවිතා කිරීම හෝ ප්රතිචක්රීය ක්රියාවලියකට යොමු කිරීමටත් සමත් වූ අතර මේ සියලූ ක්රියාවලීන් ගෝලීය ආචාර ධර්මීය මූලධර්ම සහ ප්රමිතීන්ට අනුකූලව පවත්වා ගැනීමටත් සමත් විය.
”පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා ඇති කැපවීම බ්රැන්ඩික්ස් සමූහයේ ජානගතව පවතින්නක්. එබැවින් අපගේ විදෙස් මෙහෙයුම් කටයුතුවලදී ද මේ ප්රතිපත්තිය ක්රියාත්මක වීම අපට විශේෂ ධෛර්යයක්” යනුවෙන් බ්රැන්ඩික්ස් හි අධ්යක්ෂ ඒ.ජේ. ජෝන්පිල්ලෙයි මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ”කලාපය තුළ සිදු කරන අනාගත මෙහෙයුම් කටයුතු සඳහා මෙම සමාගම කඩඉමක් වන නිසා ජාත්යන්තරව පිළිගත් පාරිසරික හා ආචාර ධර්මීය ප්රමිතීන්ට අනුකූලව මෙහෙයුම් පවත්වා ගෙන යෑමට හැකිවීම ද වැදගත් කරුණක් බව කිව හැකියි” යනුවෙනි.
”බ්රැන්ඩික්ස් සමූහයේ පරිසර හිතකාමී ක්රියා පිළිවෙත මෙම බංග්ලාදේශ කර්මාන්තශාලාව තුළ ක්රියාත්මක කරමින් බංග්ලාදේශයේ ප්රථම පරිසර හිතකාමී කර්මාන්තශාලාව බවට M&S ගෞරවයට පාත්ර වීමට හැකි වීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වෙනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
සාමාජිකයින් තුන් දහසකගෙන් සමන්විත බ්රැන්ඩික්ස් කැෂුවල්වෙයාර් බංග්ලාදේශ් හි ප්රධාන මෙහෙයුම් නිලධාරී සේනක ප්රනාන්දු මහතා සඳහන් කළේ මෙම කර්මාන්තශාලාව ගැප් සහ එච් ඇන්ඞ් එම් විසින්ද අනුමත කර ඇති බවත් මාර්ක්ස් ඇන්ඞ් ස්පෙන්සර් හි පරිසර සහ රසායනික ප්රතිපත්ති ප්රමිතියට සහ යහපිළිවෙතට අනුකූලව පවත්වාගෙන යන බවයි.
බංග්ලාදේශයේ බ්රැන්ඩික්ස් කැෂුවල්වෙයාර් කර්මාන්තශාලාව ‘ප්ලෑන් ඒ’ ඇගයීමට පාත්ර වීම පිළිබඳව අදහස් දක්වන M&S හි දකුණු ආසියානු කලාපීය කාර්යාලයන් සඳහා කලාපීය ප්රධානී නජීබ් සයියඞ් මහතා ”බංග්ලාදේශයේ පළමු පරිසර හිතකාමී කර්මාන්තශාලාව බවට පත් වීමේ පුරෝගාමී උත්සාහය තුළ පෙනී යන්නේ තිරසාර ව්යාපාරික කටයුතු සඳහා පවතින බ්රැන්ඩික්ස් හි කැපවීමයි. පරිසර හිතකාමී කර්මාන්තශාලාවක් බලශක්තිය, ආලෝකය, පරිවාරණය, ජලය සහ අපද්රව්ය කළමනාකරණය පිළිබඳව නැණවත්ව අවධානය යොමු කිරීමෙන් බලශක්ති පිරිවැයෙන් සියයට 20 සිට 40 දක්වා ඉතිරි කර ගැන්මට හැකිව තිබෙනවා. මෙබඳු ආකාරයේ පරිසර හිතකාමී කර්මාන්තශාලා ලොව ඕනෑම තැනක ස්ථාපිත කළ හැකි බව බ්රැන්ඩික්ස් බංග්ලාදේශ කර්මාන්තශාලාව පෙන්වා දී තිබෙනවා” යනුවෙන් පැවසුවේය.
බ්රැන්ඩික්ස් නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමේ අරමුණ ඇතිව බංග්ලාදේශයේ ස්ථාපිත කළ බ්රැන්ඩික්ස් කැෂුවල්වෙයාර් සමාගම තම වාණිජ නිෂ්පාදන මෙහෙයුම් අරඹන ලද්දේ 2011 අපේ්රල් මාසයේ සිටය. පිරිමි, කාන්තා සහ ළමයින්ගේ කලිසම් සඳහා මෙම කර්මාන්තශාලාව විශේෂත්වයක් උසුලයි.
සෞඛ්ය සම්පන්න ජීවිතයක් සඳහා පාරිභෝගික ජනතාව මෙහෙයවමින් අපද්රව්ය සීමා කිරීමල තිරසාර අමුද්රව්ය භාවිතයට හුරු වීමල වෙළෙඳාමේ සාරධර්ම සුරැකීම සහ දේශගුණික විපර්යාසයට එරෙහිව කටයුතු කිරීම ඇතුළු යහපත් සංකල්ප පෙරදැරි කර ගනිමින් ‘මාර්ක්ස් ඇන්ඞ් ස්පෙන්සර් ප්ලෑන් ඒ’ ප්රවේශය 2007 ජනවාරි මාසයේදී දියත් කරනු ලැබීය. මෙම පරිසර හිතකාමී ප්රවේශය මගින් ලොව පුරා විසිර සිටින තම සැපයුම්කරුවන් පරිසර හිතකාමී හරිත නිෂ්පාදන ක්රියාවලියක් වෙත යොමු කිරීමට දිරි දෙයි.
ශ්රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය ආදී දකුණු ආසියානු රටවල ස්ථාපිත වූ නිෂ්පාදනාගාර 38ක් ක්රියාත්මක කිරීමට බ්රැන්ඩික්ස් සමූහය සමත්ව සිටී. බ්රැන්ඩික්ස් සමූහය මේ වන විට 40,000කට අධික සේවක පිරිසකට සෘජු රැකියා අවස්ථා උදා කර ඇති අතර ඊට සමාන සංඛ්යාවකට වක්ර රැකියා අවස්ථාවන් බිහි කර ඇත. සමූහය ඉන්දියානු භූමිය ද අතික්රමණය කරමින් ස්ථාපිත කළ බ්රැන්ඩික්ස් ඉන්ඩියා ඇපරල් සිටි පරිශ්රය අක්කර දහසක් පුරා පැතිරුණු සියලූ අවශ්යතා සපුරා ගන්නා ‘ෆයිබර් ටූ ස්ටෝර්’ සංකල්පයට අනුව ක්රියාත්මක කර්මාන්ත පුරයකි.
|