Lanka Business News | HOME |
 
 

සියැට් කණ්ඩායම කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලියේදී කැපී පෙනෙයි
13-June-2012
Bookmark and Share

පසුගියදා පන්ගොල්ලේදී නිමාවට පත් වූ කැවල්රි සුපර්ක්‍රොස් මෝටර් රථ ධාවන තරගයේ ධාවන ඉසව් හයකින් ජයග‍්‍රාහී ස්ථාන හතක් හිමි කර ගනිමින් සියැට් ධාවන කණ්ඩායම ශ්‍රී ලාංකේය මෝටර් රථ ධාවන තරගාවලි තුළ තම ශක්තිය තවදුරටත් විදහා දැක්වීය.

යතුරුපැදි ධාවන ශූර ගයාන් සඳරුවන් යතුරුපැදි ධාවන අංශයේ ඉසව් දෙකකදී (MX කාණ්ඩයේ මෝටර් ක්‍රොස් බයික්ස් - 125 cc දක්වා ද්විත්ව පහර සහ 250 cc සිව්පහර) ප‍්‍රථම ස්ථාන දෙකක් වාර්තා කරමින් තරගාවලියේ යතුරුපැදි ධාවන ශූරයා ලෙස අභිසෙස් ලැබුවේය. මේ අතර ඩබ්ලිව්.ඒ.ජී. රංගන (SLA කාණ්ඩයේ එන්ජින් ධාරිතාව 1050 cc දක්වා) ජයග‍්‍රහනයක් වාර්තා කළ අතර ලූතිනන් කර්නල් දුමින්ද ජයසිංහ SLN ෆෝර්ඞ් ලේසර්/මැස්ඩා 1500 cc කාණ්ඩය යටතේ පැවති තරගයෙන් දෙවැනි ස්ථානය ද දිනා ගැනීමට සමත් විය. SLS 1500 cc කාණ්ඩය දක්වා වූ තරගයේදී නිෂාන් වාසලතන්ත‍්‍රි සහ ඩබ්ලිව්.ඒ.ජී. රංගන පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමි කර ගන්නා ලදී. මෙම තරගාවලියේ SLN ෆෝර්ඞ් ලේසර්/මැස්ඩා 1300 cc මෝටර් කාර් ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට ද නිෂාන් වාසලතන්ත‍්‍රි සමත් විය.

නිෂාන් වාසලතන්ත‍්‍රි, ඩබ්ලිව්.ඒ.ජී. රංගන, කමීල් හුසේන් සහ ලූතිනන් කර්නල් දුමින්ද ජයසිංහ යන මෝටර් රථ ධාවකයින් සහ යතුරුපැදි ධාවක ගයාන් සඳරුවන් සියැට් ධාවන කාණ්ඩායම නියෝජනය කරයි. මෙම මෝටර් රථ  ධාවකයින් තමන් සහභාගී වන සියලූම තාර ධාවන පථ තරග සඳහා සියැට් රේඩියල් ටයර් විශේෂයෙන්ම භාවිතා කරනු ඇත.

සියැට් ධාවන කණ්ඩායමේ සාමාජිකයින් වන නිෂාන් වාසලතන්ත‍්‍රි (වම් කෙළවර) සහ ඩබ්ලිව්.ඒ.ජී. රංගන (දකුණු කෙළවර) ඔවුන් ජයග‍්‍රහනය කළ කැවල්රි සුපර්ක්‍රොස් කුසලානයන් සමඟ.


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>