2011/12 මූල්‍ය වර්ෂයේ බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 630 යි.
 සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්.සී. (CDB) පසුගිය කාලය පුරාවට වාර්තා කරන ලද සිය වර්ධනීය ශක්‍යතාවය, 2011/12 මූල්‍ය වර්ෂය තුළදී ද නැවත වතාවක් තහවුරු කර තිබේ. CDB විසින් මෙම කැපී පෙනෙන ප‍්‍රතිඵල එළිදක්වන ලද්දේ කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ගෙවී ගිය කාර්තුව වෙනුවෙන් වන අතුරු මූල්‍ය වාර්තා ඉදිරිපත් කරමිනි. 2011/12 මූල්‍ය වර්ෂය තුළ දී සමාගම විසින් බදු ගෙවීමෙන් පසු රු. මිලියන 630ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය ඊට පෙර මූල්‍ය වර්ෂය හා සැසඳීමේ දී 19% ක වර්ධනයකි.
අදාළ කාලපරිච්ෙඡ්දය තුළ දී සමාගමේ ආදායම 29% කින් ඉහළ ගොස් තිබෙන අතර එය රු. බිලියන 2.8 ඉක්මවා ගොස් තිබේ. මූල්‍ය වර්ෂය තුළ දී සමාගමේ ශුද්ධ පොළී ආදායම රුපියල් මිලියන 1,248 ක් ලෙස වාර්තා වන අතර පෙර වසරට සාපේක්‍ෂව එය 53% ක ඉහළ යාමකි. අදාළ කාලය තුළ දී සමාගමේ මූලික මෙහෙයුම් තුළින් වාර්තා කර ඇති සමස්ත ලාභය, මූල්‍ය වර්ෂය තුළ දී 158% කින් ද, සිව්වන කාර්තුව තුළ දී 540% කින් ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ. මූල්‍ය වර්ෂය අවසානයේ දී සමාගමේ කොටසක ඉපැයුම (Earnings per share – EPS) රු. 13.10 ක, ආකර්ෂණීය අගයක් වාර්තා කර තිබීම ද සුවිශේෂී තත්වයකි.
2011/12 මූල්‍ය වර්ෂය අවසානයේ දී ශේෂපත‍්‍ර අගයන් 61.88% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මේ සඳහා ඉහළ දායකත්වයක් ලබා දී ඇති සමාගමේ ණය පොත් අගය රු. බිලියන 13.2 සීමාව කරා පැමිණ ඇත්තේ 68.66% ක වර්ධනයක් සනිටුහන් කරමිනි. තවද කාලපරිච්ෙඡ්දය තුළ දී සමාගමේ තැන්පතුවල වටිනාකම ද 52.08% ක වර්ධනයක් අත්පත් කර ගෙන ඇති අතර වසර අවසානයේ දී එම අගය වාර්තා වූයේ රු. බිලියන 11.39 ක් පරිද්දෙනි. එමෙන්ම වසර අවසාන ශේෂපත‍්‍ර අගයයන් ට අනුව සමාගමේ සමස්ත වත්කම්වල වටිනාකම රු. බිලියන 16.5 ක් ලෙසින් සඳහන් වේ. මෙහිදී දක්නට ලැබෙන තවත් කැපී පෙනෙන ලක්‍ෂණයක් නම්, මහබැංකු නියමයන්ට අදාළව මූල්‍ය සමාගමක් විසින් පවත්වා ගත යුතු අවම ප‍්‍රාග්ධන අවශ්‍යතා ප‍්‍රමාණය වන 10% සීමාව ද ඉක්මවමින් 17.03% ක ප‍්‍රමාණයක් රඳවා ගැනීමට සමාගම සමත් වීමයි. සමාගමේ ප‍්‍රාග්ධන අරමුදල් අගය රු. බිලියන 2.29 ක ස්ථාවර අගයක් නිරූපණය කරනු ලබයි. සමාගමේ අකී‍්‍රය ණය අනුපාතිකය ද සුවිශේෂී අගයක පවත්වා ගැනීමට සමත්වීම තුළින්, වත්කම්වල ගුණත්වය තවදුරටත් ශක්තිමත් අගයක පවත්වා ගැනීමට සමාගම සමත් වී තිබේ.
ගෙවී ගිය කාලපරිච්ෙඡ්දය තුළ දී ක්‍ෂේත‍්‍රයේ සමාගමක් වාර්තා කරන ලද හොඳම අකී‍්‍රය ණය අනුපාතික අගයක් දක්වමින් දළ අකී‍්‍රය ණය අනුපාතිකය 1.67% ක ද, ශුද්ධ අකී‍්‍රය ණය අනුපාතික අගය 0.37% ක ද මට්ටමක පවත්වා ගැනීමට සමාගමට හැකිවී ඇත. CDB මගින් ද්‍රවශීලතා අනුපාතිකය 13.3% ක් ලෙසින් දැක්වෙන අතර, පවතින නීති හා රෙගුලාසිවලට අනුව පවත්වා ගත යුතු අදාළ අගය වන්නේ 10% ක ප‍්‍රමාණයකි. ශේෂපත‍්‍ර වත්කම්වලින් 89% ක්ම ක‍්‍රමානුකූල පොළී හා මුදල් ප‍්‍රවාහ ජනනය කරනු ලබන වත්කම්වලින් මෙන්ම වත්කම් ඇප වශයෙන් ඇති ණය දීම් තුළින් පිළිබිඹු වන බැවින්, CDB ඉතා සිත්ගන්නා සුළු ද්‍රවශීලතා මට්ටමක පසුවන බව කිව හැකිය. මේ අනුව මූල්‍ය වර්ෂය අවසානයේ දී සමාගමේ එක් කොටසක් වෙනුවෙන් පවතින ශුද්ධ වත්කම්වල අගය රු. 44.15 ක් ලෙසින් නිරූපණය වේ.
මෙම සුවිශේෂී ප‍්‍රතිඵලයන් හි ප‍්‍රතිලාභයන්, සිය කොටස්කරුවන්ට ලබාදීමේ පියවරක් වශයෙන් රු. 2.50 ක පළමු හා අවසාන ලාභාංශයක් ප‍්‍රකාශයට පත්කර තිබේ. මෙම ලාභාංශය මුදලින් හා කොටස්කර ලාභාංශවලින් සමන්විත වන අතර ඒ සඳහා කොටස්කරුවන්ගේ සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතිය ලබාගැනීමට නියමිතව ඇත.
මෙම අනගිභවනීය ප‍්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින් කළමණාකාර අධ්‍යක්‍ෂ/ ප‍්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා කියා සිටියේ, වෙනස්වෙමින් පවතින හා නැගී එන වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ, නාගරික හා ග‍්‍රාමීය අංශය තුළ සමාගම කි‍්‍රයාත්මක වූ ආකාරය පිළිබඳ මේ තුළින් පෙන්නුම් කෙරෙන බවයි. ‘‘මේ වන විට ජාලගතව කි‍්‍රයාත්මක වන ශාඛා 40 ක් අපගේ ශාඛා ජාලය තුළ තිබෙනවා. එමෙන්ම අපගේ සේවාවන් නිරන්තරයෙන් වැඩිදියුණු කිරීම්වලට ලක්කෙරෙන අතර අපගේ වටිනා ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඉතා උසස් මට්ටමේ තාක්‍ෂණ ඥානයක් යොදා ගැනීමට අප සමත්ව තිබෙනවා. එසේම පසුගිය වසරේ දී ශී‍්‍ර ලංකා ජාතික වාණිජ මණ්ඩලය මගින් පවත්වනු ලැබූ 2011 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී විශේෂිත බැංකු හා මූල්‍ය සේවා සම්පාදන කාණ්ඩය යටතේ හොඳම සමාගම ලෙසින් CDB පිදුම් ලැබුවා. එසේම ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද 2011 වාර්ෂික වාර්තා සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී ලෝකඩ සම්මානය දිනා ගැනීමට ද ක්‍ෘඊ සමත්වුණා’’, යැයි නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර වැඩිදුරටත් ඔහු සඳහන් කළ පරිදි RAM Ratings ආයතනය විසින් සිදුකරනු ලබන ආයතනික ණය මට්ටම් වර්ගීකරණයේ දී BBB/P2 දක්වා උසස් වීමට CDB සමත්ව ඇත. එමෙන්ම Brand Finance ආයතනයේ වර්ගීකරණයන්ට අනුව මෙරට වටිනාම ලැයිස්තුගත සමාගම් 50 අතරට එක්වීමට ද CDB සමත් වී තිබේ. ඊට අනුව බැංකු නොවන මූල්‍ය සාමාගම් අතුරින් හොඳම ආයතන 5 අතරට ද CDB එක්ව සිටී. ‘‘මෙම ප‍්‍රතිඵලවලින් නිරූපණය වන්නේ අප මූල්‍යමය අතින් කෙතරම් ශක්තිසම්පන්න ද යන වගයි. එමෙන්ම යහපාලනය, මූලධර්ම, ආචාරධර්ම ආදිය හරහා ද අපගේ ශත්කිමත්භාවය මෙයින් මනාව පෙන්නුම් කෙරෙනවා. මෙම ආකර්ෂණීය මුල්‍ය ප‍්‍රතිඵල තුළින් අපගේ ඉදිරිගමන පිළිබඳ මනා තහවුරක් ලබාදෙන බව සඳහන් කළ හැකියි’’, යනුවෙන් නානායක්කාර මහතා අවසාන වශයෙන් සඳහන් කර සිටියේය.
ඡායාරූප : CDB කළමනාකාර අධ්‍යක්‍ෂ/ ප‍්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර සහ CDB සභාපති හර්ෂල් ගුණවර්ධන
|