Lanka Business News | HOME |
 
 

"ජර්ම් ෆයිටර්ස්" ළමුන් හා එක්ව විෂ බීජ හා සටනට
04-July-2012
Bookmark and Share

විෂ බීජ අප අවට නිතරම පවතින අතර ඇසට නොපෙනෙන තරමටම කුඩා නිසා ඒවා අපගේ ඇඟිලි තුඩු අතර මෙන්ම අප අවට පරිසරයේ ද අපට නොදැනීම බොහෝ වේලාවක් රැඳී තිබේ.

වාසනාවට මෙන් අපගේ ශරීරයේ ඇති ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් ශරීරගත වන බොහෝ විෂ බීජ වලින් අපව ආරක්‍ෂා කළද සමහර විෂ බීජ වලට එම පද්ධතියෙන් ආරක්‍ෂාවක් නොලැබේ. ඒ නිසා, එවැනි විෂ බීජ ශරීර ගත වුවහොත් අපව රෝගාබාධ වලට ගොදුරු වීමට ඇති අවධානම බොහෝ වැඩියි. ඒ නිසාම විෂ බීජ පිළිබඳව මෙන්ම බෝවෙන රෝග පිළිබඳව හා ඒවායින් වැළකෙන ආකාරය පිළිබඳවද දැනුවත්ව සිටීම අප කා හටත් වැදගත්.

නිතර වැළඳිය හැකි රෝග 10කට හේතුවන විෂ බීජ වලින් අපව ආරක්‍ෂා කරන විෂ බීජ නාශනයේ ප‍්‍රමුඛයා වන යුනිලීවර් සමාගමේ ලයිෆ්බෝයි මූලිකත්වයෙන් දරුවන් හා දෙමාපියන් විෂ බීජ හා ඒවායින් ආරක්‍ෂා වන පිළිවෙළ සම්බන්ධව දැනුවත් කිරීමට නුවර හා කුළියාපිටිය යන ප‍්‍රදේශ වලදී කඳවුරු කිහිපයක් පසුගිය දා  පැවැත්විය.

ඒ සෑම කඳවුරක් සඳහාම ජනතාවගේ හොඳ සහභාගීත්වයක් ලැබුණු අතර බොහෝ දෙනා උද්යෝගයෙන් යුතුව එහි පැවැත්වූ වැඩසටහන් වළට සහභාගී වී දැනුම ජීවිතයට එක් කර ගැනීමට මෙන්ම විනෝදයක් ලැබීමටද  එක් විය.

”කඳවුරේ පැවතුනු කී‍්‍රඩා වැනි කි‍්‍රයාකාරකම් වලට මගේ දරුවන් බොහොම කැමැත්තෙන් සහභාගී වුනා. ඒ ගොල්ලො තෑගිත් දිනාගත්තා” යැයි මහනුවරදී පැවති කඳවුරට තම දරුවන් දෙදෙනාද සමගින් සහභාගී වූ දේවිකා පැවසීය. සංගීතයට අනුව නර්තනයේ යෙදීම් හා ‘‘ජර්ම් ෆයිටර්ස්’’ සමග ඡුායාරූප වලට පෙනී සිටීමට ළමුන් වැඩි කැමැත්තක් දැක්වූ අතර විෂ බීජ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට වෛiවරුන් විසින් පවත්වන ලද වැඩමුළු මෙන්ම නියමාකාරයෙන් අත් සේදීම පෙන්වාදෙන වැඩසටහන් දෙමාපියන් ඇතුළු වැඩිහිටි අයගේ වැඩි අවධානයට ලක් වූ බව ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියාය.    

කුළියාපිටිය කඳවුරට සහභාගී වූ අවුරුදු 06 ක් වයසැති සිතුන් එහි පැවති කී‍්‍රඩා වලට බොහෝ කැමැත්තෙන් සම්බන්ධ විය. ‘‘මට තෑගිත් ලැබුනා. ජර්ම් ෆයිටර්ස් බළකායටත් මාව තෝරාගත්තා’’ යැයි ඔහු පැවසීය.

ලයිෆ්බෝයි අනුග‍්‍රහයෙන් පවත්වන ලද කඳවුරු සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සම්බන්ධ වූ වෛiවරයෙකු අදහස් දක්වමින් පවසා සිටීයේ කි‍්‍රයාකාරකම් රාශියකින් යුතු මෙවැනි කඳවුරු සංවිධානය තුළින් ජනතාව දැනුවත් කිරිම වඩා සාර්ථක ප‍්‍රයත්නයක් බවයි. ඔහුගේ අදහසට අනුව අත් සේදීම යනු වෛද්‍යවරුන් හා හෙදියන් පවා රාජකාරී අවස්ථාවන් තුළදී නිරතුරුව යෙදෙන්නක් වන අතර විෂ බීජ හරහා පැතිරෙන්නාවූ රෝග වලින් වැලකීමට පිළිපැදිය හැකි මූලික කි‍්‍රයාකාරකමක් බවයි. මෙම කඳවුරු සම්බන්ධයෙන් තම අත්දැකීම් තවදුරටත් විස්තර කරමින් ඔහු පවසා සිටියේ සහභාගී වූ දෙමාපියන් විෂ බීජ වලින් ආරක්‍ෂා විය හැකි ක‍්‍රම සම්බන්ධයෙන් දැනුවත් වීමට වැඩි උනන්දුවක් දැක්වූ බවයි.

දැන් ඔබේ වාරයයි..... උගත් දෑ ඔබ නිවස තුල, පවුල තුල පිළිපදින්න. නීරෝගීමත් සමාජයක් යන සිහිනය ඉක්මනින් සැබෑ කරගැනීමට අප හා එක්වන්න...... ලයිෆ්බෝයි, යුනිලීවර් ආයතනය හා එක්ව ඔබට මෙයින් ආරාධනා කර සිටී. තිස්සමහාරාමයේ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේදී ජූලි මස 15 වන දින මෙවැනිම කඳවුරකින් නැවතත් හමුවෙමු.

 

ඡායාරූප
ඉහළ - එදින සම්බන්ධ වූ පිරිස හා ‘ජර්මිස්’ සමග ක‍්‍රීඩා කරමින්
මැද - ළමුන් ක‍්‍රියාකාරකම් වල යෙදෙමින්
පහළ - මව්වරු හා ළමුන් දැනුවත් කරමින්


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>