Lanka Business News | HOME |
 
 

IT ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට පුස්තකාල ක්ෂේත්‍රය ඉතා වැදගත් - මහාචාර්ය පී.ඩබ්. ඈපාසිංහ කියයි
05-July-2012
Bookmark and Share

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ ප්‍රතිලාභ ජනතාව අතරට ගෙන යෑම සඳහා පුස්තකාල ක්ෂේත්‍රයට අගනා මෙහෙයක් කල හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ මැතිතුමා පවසයි.

ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ 52 වන සංවත්සර සමරු  උළෙලේ ප්‍රධාන දේශනය පවත්වමින් ඈපාසිංහ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම සමරු උළෙල පැවැත්විණි.

දකුණු ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේදී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය එහි ශක්තිමත් පුරුකක් බවත් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීම සදහා පුස්තකාල්‍යාධිපතිවරුන්ටද අගනා මෙහෙයක් කළ හැකි බවද ඈපාසිංහ මැතිතුමා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුගේ සංකල්පයක් වන නැණසල වැඩසටහනේ අරමුණ වන්නේ ද  ජනතාව‍ තොරතුරු තාක්‍ෂණ දැනුමෙන් පෝෂණය කිරීම බවද ඈපාසිංහ මැතිතුමා පැවසීය.

ජන ජීවිතයේ විවිධ කටයුතු පහසුකර ගැනීම සදහා ඉතා පුළුල් ආකාරයෙන් වර්තමානයේදී තොරතුරු තාක්‍ෂණය දායක කර ගෙන තිබෙන අකාරය පිලිබදව  අප අවට සාමාජයෙන් ඕනෑ තරම් උදාහරණ ගත හැකි බවත් ඈපාසිංහ මැතිතුමා මෙහිදී සදහන් කළේය.

ඉංග්‍රීසි භාෂාව පමණක් නොව අද වන විට  සිංහල සහ දෙමළ භාෂා වන්ගෙන්ද අන්තර්ජාලය පරිශීලනය කිරීමෙන් දැනුම උකහා ගැනීමට  මෙන්ම පරිගණකය ආශ්‍රිතව වැඩකිරීමේ හැකියාව ද පුලුල් වී ඇතැයි ඈපාසිංහ මැතිතුමා මෙහිදී පැවසීය.

අතීතයේදී මුද්‍රිත පොත පතට පමණක් සීමා වී තිබු පුස්තකාලය  අද ඉ-පුස්තකාල දෙසට පරිවර්තනය වෙමින් පැවතීම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයේ ප්‍රතිලාභ ජනතාව හිමිවීමේ තවත් එක් අවස්ථාවක් බවද ඈපාසිංහ මැතිතුමා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>