යුනයිටඞ් ට‍්‍රැක්ටර්ස් (UTE) සමූහ ව්‍යාපාරයේ නව ප‍්‍රධාන විධායක නිලධාරී ධූරයට (CEO) රියාඞ් ඉස්මයිල් මහතා පත් කර තිබේ.
රියාඞ් ඉස්මයිල් මහතා 1997 වසරේ දී සේවයට එක් වූයේ UTE හි අමතර කොටස් අංශයේ ප‍්‍රධානියා ලෙසයි. පසුව එහි අලෙවියෙන් පසු සේවා අංශයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස උසස් වීම් ලබන රියාඞ් ඉස්මයිල් මහතා ඉන් අනතුරුව UTE සමූහයේ සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් යළිත් උසස් වීම් ලබා දෙවසරකට අධික කාලයක් එම ධූරයේ කටයුතු කළේය.
රියාඞ් ඉස්මයිල් මහතාගේ නව පත් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් UTE සමූහ ව්‍යාපාරයේ සභාපති පි‍්‍රයාත් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ,
‘‘වර්තමානයේදී ශ‍්‍රී ලංකාව සංවර්ධනයේ සුවිශේෂී අදියරයකට පැමිණ සිටිනවා. ඊට සමගාමීව මෙරට ප‍්‍රමුඛතම ඉංජිනේරු සේවා සම්පාදකයා වශයෙන් UTE සමාගමත් සුවිශේෂී කඩඉමකට පැමිණ සිටිනවා. එවැනි පසුබිමක් තුල ආයතනයේ ඉදිරි ඉලක්ක සපුරා ගනිමින් ආයතනය මීළඟ තලයට ගෙනයාම සඳහා රියාඞ් ඉස්මයිල් මහතා වැනි අත්දැකීම් බහුල පුද්ගලයෙක්ගේ නායකත්වය ඉතා වැදගත්’’
සිය නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් රියාඞ් ඉස්මායිල් මහතා පැවසුවේ,
‘‘UTE සමූහයේ ඉතා දීර්ඝ කාලයක් සේවය කළා. මෙවැනි ආයතනයකට නායකත්වය දීමට මා තෝරාපත් කරගැනීම ඇත්ත වශයෙන්ම මට විශාල ගෞරවයක්. ජාතික ආර්ථක සංවර්ධනයත් සමඟ UTE සමාගමට එහි උපරිම ප‍්‍රතිඵල නෙළා ගැනීමට හැකි වී තිබෙනවා. අපේ ගනුදෙනුකරුවන් හා අප ගොඩනඟා ගන්නා ශක්තිමත් සබඳතාවයන් හරහා UTE සමාගම තවත් වර්ධනය වනු ඇති බව අපේ විශ්වාසයයි’’
UTE සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස රියාඞ් ඉස්මායිල් මහතා ගේ නව පත්වීම අපේ‍්‍රල් මස 5 වැනිදා සිට කි‍්‍රයාත්මකයි. UTE සමූහ ව්‍යාපාරයට United Tractor & Equipment (Pvt) Ltd, UTE Projects ( Pvt) Ltd yd Ecologic Systems (Private ) Ltd යන සමාගම් අයත් වේ.
ශාන්ත තෝමස් විදුහලේ කීර්තිමත් ආදී සිසුවෙකු වන රියාඞ් ඉස්මායිල් මහතා සිය පාසල් සමය තුල සිටම සම්මාන රැසකටම පාත‍්‍ර වූවෙකි. විද්‍යාව හා තාක්ෂණවේදයට අදාලව 2008 වසරේ දී ජනාධිපති සම්මානය දිනා ගැනීමට ද ඉස්මයිල් මහතාට හැකි විය. කොළඹ විශ්ව විද්‍යාලයේ සිය උසස් අධ්‍යාපනය හැදෑරු රියාඞ් ඉස්මායිල් මහතා ව්‍යාපාර පරිපාලනය සම්බන්ධව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි.
|