ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක වන ඉන්ටර්ෆාර්ම් සමාගම, පසුගියදා පැවැත්වුණු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ‘15වන සැපයුම්කරුවන්ගේ සම්මාන ප‍්‍රදානෝත්සවය - 2012’ දී දේශීය ඖෂධ නිෂ්පාදකයා සඳහා පිරිනැමෙන විශේෂ සම්මානය දිනාගනු ලැබීය. මීගමුවේ, ජෙට්වින්ග් බ්ලූ හෝටලයේදී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී ශී‍්‍ර ලංකාවේ ඖෂධ නිෂ්පාදකයන්ගේ 2011වසරෙහි කි‍්‍රයාකාරීත්වයන් වෙනුවෙන් සම්මාන පිරිනැමේ. මෙම සම්මානයෙන්, ඉන්ටර්ෆාර්ම් සමාගම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා මගින්, රාජ්‍ය අංශයට හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් පෞද්ගලික අංශය වෙතට සැපයෙන ප‍්‍රමිතියෙන් උසස් ඖෂධ ඇගයීමකට ලක් කෙරේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ‘15වන සැපයුම්කරුවන්ගේ සම්මාන ප‍්‍රදානෝත්සවය - 2012’ දී ඉන්ටර්ෆාර්ම් සමාගමට හිමි විශිෂ්ටත්වයේ විශේෂ සම්මානය හා සහතිකපත‍්‍රය එම සමාගමේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, කළණ හේවාමල්ලිකා මහතා වෙත පිරි නැමුණේ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථාව හා ශී‍්‍ර ලංකා ඖෂධ සංස්ථාවේ සභාපති, මහාචාර්ය, එස්.ඞී. ජයරත්න මහතා අතිනි.
ගැමා ෆාර්මසූටිකල් පෞද්ගලික සමාගම ට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1990 සංස්ථාපිත ඉන්ටර්ෆාර්ම් සමාගම, ඖෂධ නාමයෙන් හැඳින්වෙන ඖෂධ, රාජ්‍ය හා පෞද්ගලික අංශයට සැපයීම 1995 ඇරඹූ අතර, තම ඖෂධ නිෂ්පාදන කි‍්‍රයාවලියේ ප‍්‍රමිතිය ද ඒ සමඟ වර්ධනය කරගනු ලැබීය.
මෙම ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබීම සම්බන්ධයෙන් ඉන්ටර්ෆාර්ම් සමාගමේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, කළණ හේවාමල්ලිකා මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘ඉන්ටර්ෆාර්ම් සමාගම සියයට සියයක්ම දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමක් වන්නාසේම, ශී‍්‍ර ලංකා මව්බිම ලංකා පදනමේ ‘සූර්යසිංහ’ ලාංජනය යටතේ නිෂ්පාදන කි‍්‍රයාවලිය සිදු කෙරෙන එකම ඖෂධ නිපැයුම් සමාගම බවය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතින් මෙම සම්මානය හා සහතිකය ලැබීම සම්බන්ධයෙන් අප වඩාත් සතුටට පත්වන හේතුවවන්නේ, එම ඇගයීම අප සමාගමේ දැක්මවන, ‘සැමට ගුණාත්මක සුවසෙත සැපයීමක් කෙරෙහි විශිෂ්ටත්වය සෙවීම’ යන අපේ තේමාවට එකඟතාවක් තිබීමෙනි. අපේ ව්‍යාපාරය තුළින් අප ගනුදෙනු කරන්නේ අපේම ජනතාවගේ ජීවිත සමගයි. එහෙයින් අප නිපදවන ඖෂධවල උසස් ප‍්‍රමිතිය රැකගැනීම කෙරෙහි අවධානය යොමුකිරීම බොහෝ වැදගත් හා අත්‍යාවශ්‍ය කාරණයක් සේ අප සළකන්නේ, ඉන්ටර්ෆාම් වෙළඳනාමය යටතේ මෙරට ජනතාවට උසස්තම ඖෂධ සැපයීමේ සහතිකවීමක් මගිනුයි. එමෙන්ම විදේශ විනිමය ඉතුරුවක් ලබාදී මෙරට ආර්ථිකය වර්ධනයට දායකත්වයක් ලබාදීමට අපට හැකිවන සේ දක්වන සහයෝගය වෙනුවෙන්, ශී‍්‍ර ලංකා රජයට හා අපේ පාර්ශ්වකරුවන්ට අප මෙහිදී ස්තුතිවන්ත විය යුතුමයි. තවද දේශීය ඖෂධ නිෂ්පාදනය හා එම ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට දක්වන අනුග‍්‍රහය වර්තමාන රජය විසින් ඉදිරියටත් එළෙසින් පවත්වාගෙන යනු ඇතැයි මම අපේක්ෂා කරමි. එමෙන්ම මෙම වටිනා ජයග‍්‍රහණය හිමිවීම පිටුපස අපේ කාර්ය මණ්ඩලයේ සෑම සාමාජිකයෙකුගේම ඉහළ දායකත්වය රැුකුළක් වූ බව මා සිහිපත් කරන්නට කැමතියි.’ යන්නය.
ඉන්ටර්ෆාර්ම් සමාගමේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා පිළියන්දල මඩපාත පිහිටා තිබෙන අතර, එහි නිෂ්පාදන කි‍්‍රයාවලිය ජගත් සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් හා ශී‍්‍ර ලංකා ඖෂධ අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු වේ.
ජායාරූප විස්තරය - රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථාව හා ශී‍්‍ර ලංකා ඖෂධ සංස්ථාවේ සභාපති, මහාචාර්ය, එස්.ඞී. ජයරත්න මහතා විසින් විශේෂ සම්මානය හා සහතිකපත‍්‍රය, ඉන්ටර්ෆාර්ම් සමාගමේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, කළණ හේවාමල්ලිකා මහතා වෙත පිරි නැමූ අවස්ථාව.
|