Lanka Business News | HOME |
 
 

ආපිකෝ (රිච්ඩ් පීරිස් සමාගමේ) ඉහළම වාර්තාගත ආදායම සමඟින් බෙදාහැරීමේ නියෝජිතයන් හා අලෙවි බලකාය රන් සම්මානයෙන් පිදුම් ලබයි
13-July-2012
Bookmark and Share

රිච්ඞ් පීරිස් සමාගමේ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයේ වාර්ෂික අලෙවි සමුළුව හා සම්මාන උළෙල -2012, රිචඞ් පීරිස් සමූහ ව්‍යාපාරයේ, සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය, සේන යද්දෙහිගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්වුණි. “Reach beyond Boundaries" නම් තේමාව යටතේ මෙවර පැවැත්වුනු මෙම වාර්ෂික අලෙවි සමුළුව හා සම්මාන උළෙලේ විශේෂත්වය වූයේ, රිච්ඞ් පීරිස් සමාගමේ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයේ පසුගිය මුදල් වර්ෂයේ දී ලද ආදායම, මෙතෙක් එම අංශයේ ආදායම් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ආදායම වීමය.

රිච්ඞ් පීරිස් සමාගමේ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයට අනුබද්ධිත නැවත බෙදාහැරීම, ව්‍යාපාරික සංවර්ධන, නිෂ්පාදන හා ගෘහභාණ්ඩ අලෙවි යන අංශයන් හී පසුගිය වර්ෂයේදී විශිෂ්ට කි‍්‍රයාකාරීත්වයක් පෙන්නුම් කළ දිවයින පුරා විසිරී සිටින බෙදාහැරීම් නියෝජිතයන් 100කට අධික පිරිසක් හා අලෙවි බලකායේ සාමාජිකයන් මුදල් ත්‍යාග, සහතිකපත්, ජය සංකේත හා විදෙස් සංචාරවලින් පිදුම් ලැබූහ.

මෙම වාර්ෂික අලෙවි සමුළුව හා සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලත් විශිෂ්ටයන් වූයේ, තුෂාර එගොඩගේ මහතා (විශිෂ්ටතම ව්‍යාපාර සංවර්ධන කළමනාකරු), සදාත් මොහොමඞ් මහතා (විශිෂ්ටතම ව්‍යාපාර සංවර්ධන කළමනාකරු), ප‍්‍රදීප් ජයවීර මහතා (විශිෂ්ටතම ප‍්‍රාදේශීය අලෙවි කළමනාකරු), නිලන්ත දයනාත් මහතා (විශිෂ්ටතම ප‍්‍රාදේශීය අලෙවි කළමනාකරු), සමීර පෙරේරා මහතා (විශිෂ්ටතම ප‍්‍රාදේශීය අලෙවි කළමනාකරු), ජයනාත් අල්විස් මහතා (විශිෂ්ටතම නිෂ්පාදන කළමනාකරු), තිනෙත් ලංකා-වේයන්ගොඩ (විශිෂ්ටතම බෙදාහැරීමේ නියෝජිත) ASL ඩිස්ට්‍්‍රබියුටර්ස් - කටුනේරිය (විශිෂ්ටතම බෙදාහැරීමේ නියෝජිත), සිලෝන් මැරයින් - කටාන (විශිෂ්ටතම බෙදාහැරීමේ නියෝජිත), සේෆ් ඩිස්ට්‍රිබියුටර්ස් - අනුරාධපුරය (විශිෂ්ටතම බෙදාහැරීමේ නියෝජිත), සේෆ් ඩිස්ට්‍්‍රබියුටර්ස් - අනුරාධපුරය (විශිෂ්ටතම බෙදාහැරීමේ නියෝජිත), ජෝර්ජ් විජේසිංහ ඩියුරබල් ඩිස්ට්‍්‍රබියුටර්ස් පුද් සමාගම- නිකවැරටිය (විශිෂ්ටතම බෙදාහැරීමේ නියෝජිත), වජිර මාරසිංහ මහතා - මහනුවර, මොහොමඞ් රිස්මි මහතා - අනුරාධපුරය, සම්පත් ජයවර්ධන මහතා - නිකවැරටිය, චමීර ද සිල්වා මහතා, ළහිරු සංජීව මහතා කටුනේරිය, හා ප‍්‍රසාද් නිරෝෂණ මහතා වෙති.

‘‘Reach beyond Boundaries" සම්මාන ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් පැමිණි රිචඞ් පීරිස් සමාගමේ සභාපති ආචාර්ය, සේන යද්දෙහිගේ මහතා පැවසුවේ, ‘සුපුරුදු ලෙසින් ම පසුගිය මුදල් වර්ෂයේදීත්, මෙරට ප‍්‍රමුඛතම දේශීය සමාගමක් වන රිචඞ් පීරිස් සමාගම් සමුහය කැපී පෙනෙන ආදායම් වර්ධනයක් පෙන්නුම්කිරීමට සමත්වීමෙන්, අප සමාගම මෙරට විශිෂ්ට කි‍්‍රයාකාරීත්වයක් හිමි සමාගමක් බව ට පත්ව තිබෙනවා. අපට එම තත්ත්වය ලැබීමට නිෂ්පාදන හා බෙදාහැරීම් අංශය ප‍්‍රබල සහයෝගයක් ලබාදුන්නා. ඒ සඳහා උරදුන්නේ, මෙහි සම්මානයට සේම ඇගයීමට ලක් වූ විශිෂ්ට බෙදාහැරීම් නියෝජිතයන් හා අලෙවි බලකායයි. ඒ නිසා අපේ විශිෂ්ටයන් ඇගයීමට මෙවැනි සම්මාන උත්සවයන් සංවිධානය කරන්නේ ඔබව දිරිමත්කිරීමේ අරමුණෙනුයි. එමෙන්ම නිෂ්පාදන හා බෙදාහැරීම් අංශය පසුගිය මුදල් වර්ෂයේ දී ඉතිහාසගත ආදායමක් හිමිකර ගැනීමට සමත්වීමත් ඔබේ කැපවීමේ ප‍්‍රතිඵලයක් යැයි මේ මොහොතේ සිහිපත් කරන්න කැමතියි.’ යන්නය.

මෙම අලෙවි සමුළුව අමතමින් රිචඞ් පීරිස් සමූහ ව්‍යාපාරයේ, නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ, සුනිල් ලියනගේ මහතා මහතා පැවසුවේ, ”අපේ ප‍්‍රමුඛතම නිෂ්පාදනයන් වන්නේ, මෙට්ට, ජලටැංකි, ජලපොම්ප, රිජිෆෝම්, රබර් නිෂ්පාදන, PVC ජලනල හා ගෘහභාණ්ඩයි. ඒ සියල්ල ම ජාත්‍යත්තර ප‍්‍රමිතියෙන් ISO හා SLS සහතික ලත් විශිෂ්ට භාණ්ඩ පෙළක් නිෂ්පාදනවීමෙන් මෙරට පාරිභෝගිකයන් අතර කදිම විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා.’ යන්නය.

තවද බෙදාහැරීම් අංශයේ අධ්‍යක්ෂ ශාන්ත කුලරත්න මහතා පැවසුවේ, ‘මෙම අලෙවි බලකායේ විශිෂ්ටත්වයත් අපේ සාර්ථකත්වය පසුපස දැවැන්ත ශත්තියක් බවට පත්ව තිබෙනවා. අපේ විශිෂ්ට අලෙවි බලකායේ සුවිශේෂී වෙළඳපොල ආක‍්‍රමණය නිසා අපේ සියලූම භාණ්ඩවල වෙළඳපොල කොටස හා වෙළඳපොල විනිවිදයෑම උසස් තත්ත්වයේ තබාගැනීම විශේෂත්වයක්. එමෙන්ම ඉදිරි වර්ෂයේදී පාරිභෝගිකයන් වඩාත් ඵලදායි නිෂ්පාදන රැුසක්ම වෙළඳපොළට හඳුන්වා දීමටත් අප සමාගම මේ දිනවල සැලසුම් කරමින් සිටින බව පවසන්නේ දැඩි සතුටකින්.” යන්න ය.

මෙම සම්මාන උළෙලේදී තම අලෙවි බලකාය වෙනුවෙන් සමාගමේ අනාගත අලෙවි සැලසුම් පිලිබඳ ව විස්තරාත්මක පැහැදිලිකිරීමක් බෙදාහැරීම් අංශයේ අලෙවි ප‍්‍රධානීන් වන අතුල වික‍්‍රමතිලක හා දුමින්ද පෙරේරා යන මහත්වරු විසින් ඉදිරිපත් කළහ.

වසර 80 ප්‍රෞඩ ඉතිහාසයක් හා 30,000කට අධික ශ‍්‍රම බලකායක් සේම අනුබද්ධිත සමාගම් 42ක් හිමි ශී‍්‍ර ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක හා පූර්ණ දේශීය සමාගමක් වන රිචඞ් පීරීස් සමාගම ව්‍යාපාරික විවිධාංගීකරණයෙන් යුත් ප‍්‍රමුඛතම ශී‍්‍ර ලාංකික සමාගමකි. වැඩිම වෙළඳ කොටසක් හිමි දේශීය නිෂ්පාදන රැුසකට හිමිකම් කියන එම සමාගම මෙරට සුපිරි වෙළඳසැල්, වැවිලි, කොටස් වෙළඳපොල තැරැව්කාරත්ව, ටයර්, ප්ලාස්ටික් හා ඉඳිකිරීම් වැනි ක්ෂේත‍්‍රයන් හි ද ප‍්‍රමුඛතම සමාගමකි.


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>