Lanka Business News | HOME |
 
 

HOTEL SHOW 2012
13-July-2012
Bookmark and Share

හෝටල් හා සත්කාරක (Hospitality) ක්ෂේත්‍රයේ සියළුම  ඍජු හා වක්‍ර  අවශ්‍යතා සපුරාලන,  එබැවින්ම  ක්ෂේත්‍රයේ  පූර්ණ අවධානය  දිනාගන්නා ප්‍රමුඛතම  අවස්ථාව  මෙන්ම ක්ෂේත්‍රයට සම්බන්ධ සියල්ලන් සඳහාම වන දැවැන්තම හමුවද වන 'ද  හොටෙල්  ෂෝ  2012'  (The  Hotel  Show  2012),  කොළඹ   සිරිමාවෝ  බණ්ඩාරනායක අනුස්මරණ ජාතHන්තර  ප්‍රදර්ශන  ශාලාවේදී 2012 ජූලි මස 13, 14 සහ 15 දිනයන්හි පැවැත්වීමට නියමිතය. මෙම සුවිශේෂී ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ නොකඩවා සත්වැනි වරටය.

වාණිජමය අතින්, පරිසර සුන්දරත්වය අතින් මෙන්ම ක්‍රියාදාම සඳහා ඇති පහසුකම් අතින්ද ශ්‍රී ලංකාවට ඉහළ පිළිගැනීමක් ලැබී ඇති වර්තමානයේදී සත්කාරක ක්ෂේත්‍රයටත්, ඒ හා සම්බන්ධ වෙනත් අංශ වලටත් ශ්‍රී ලංකාවෙන් සැපයෙන හා සැපයිය හැකි සියළුම දේ විදහා දැක්වීම, ‘The  Hotel  Show  2012’ මඟින් සිදුවනු ඇත. තෙදිනක් පුරාවට පැවැත්වෙන ප්‍රදර්ශනයේදී දිවයිනේ ප්‍රමුඛතම වෙළඳ නාමයන් සහ අන්තර්ජාතික ව්‍යාපාරික ආයතන මඟින් ඉදිරිපත් කෙරෙන නවීනතම සහ නවHතාවෙන් යුක්ත තාක්ෂණික භාවිත හා සේවා සඳහා අවස්ථාව සැලසේ.

සත්කාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ පුළුල් පරාසයක් ආවරණය කරන ‘The  Hotel  Show  2012’ හිදී ක්ෂේත්‍රයට සෘජුව හා වක්‍රව සම්බන්ධ භාණ්ඩ හා සේවා විශාල ප්‍රමාණයක් සඳහා අවස්ථාව සැලසෙනු ඇත. එමඟින්, ක්ෂේත්‍රයට අදාළ එකිනෙකට වෙනස් අංශ රාශියක් එකම වහළක් යටට ගෙන ඒම තුළින් දකුණු හා අග්නිදිග ආසියාවේ දැවැන්තම සහ පරිපූර්ණතම හෝටල් හා සත්කාරක මහෝත්සවය දැකගැනීමට නරඹන්නන්ට අවස්ථාව සැලසේ.

හෝටල් කාමර  පාලනය,  ඇඳුම් හා රෙදි  සේදීම්  කටයුතු,  වායු සමීකරණය,  මෘදුකාංග පද්ධති, නවීන ආරක්ෂක පද්ධති, පිහිනුම් තටාක,  සනීපාරක්ෂක පහසුකම්,  ආහාර සැපයුම් සේවා,  ගෘහ නිර්මාණ ශිල්පය, උද්‍යාන පාලනය හා සැලසුම්කරණය, එළිමහන් ආසන  හා  වෙනත්  ගෘහභාණ්ඩ,  අපද්‍රව්‍ය කලමනාකරණය  ඇතුළු  අංශ  ගණනාවක  සියළුම  අවශ්‍යතා  සපුරාලන  එකම  පොදු වෙළඳපලක්, ‘The  Hotel  Show  2012’ මඟින් නිර්මාණය කෙරේ.

‘The  Hotel  Show  2012’ සංවිධායක  කමිටු  සභාපති  ෙට්‍රවින් ගෝමස් මහතාට අනුව,  මෙය හුදෙක් ප්‍රදර්ශනයකින් ඔබ්බට ගිය සුවිශේෂී අවස්ථාවක්  වනු ඇත.  "වර්තමානයේ  රට තුළ  පවතින  ස්ථාවරත්වය  හේතුවෙන් සංචාරකයින්ගේ  මෙන්ම ආයෝජකයින්ගේත් විශාල උනන්දුවක් ඇතිවී තිබෙනවා.  අද වන විට  ශ්‍රී ලංකාව  ලෝකයේ  වඩාත්ම  සංචාරක  ආකර්ශනයට  ලක්වූ  රටක්.  මෙවන් පසුබිමක,  මෙම  ප්‍රදර්ශනයෙන්  හෝටල් හා සත්කාරක ක්ෂේත්‍රයට  අදාළ  සියළුම  අංශ  ප්‍රවර්ධනය සඳහා වේදිකාවක් සැපයෙනු ඇති." යි ඒ මහතා පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඕස්ෙට්‍ර්ලියාව, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආදී බොහෝ රටවල ප%ධාන පෙලේ හෝටල් හා සත්කාරක සේවා සම්පාදකයින් සඳහාද  අවස්ථාව සලසන මෙම ප්‍රදර්ශනය,  වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අන්තර්ජාතික මට්ටමේ අවස්ථාවක්  වනු ඇත.

‘ලංකා හෝටල් පාසල් උපාධිධාරීන්ගේ සංගමය’   සහ  ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛතම ප්‍රදර්ශන  සංවිධායකයින්  වන   ‘Lanka Exhibition and Conference Services (Pvt) Ltd’  ආයතනය  එක්ව  සංවිධානය  කරන   ‘The  Hotel  Show  2012’,   දිවයිනේ  සත්කාරක සේවා  හා සම්බන්ධ ඓතිහාසික උරුමයට නව පරිච්ඡේදයක් එක් කරනු ඇත.

Head Table (Seated from Left to Right) 

  1. Mr. Imran Hassan, Director, LECS
  2. Mr. Tyrell Wasalathanthri - President - Chef Guild of Sri Lanka
  3. Mr. Premalal De Silva - Director Operations - Singer Sri Lanka PLC
  4. Mr. Trevine Gomez - Chairman -Hotel Show Committee 
  5. Chief Guest Dr. Nalaka Godahewa - Chairman - Sri Lanka Tourism Development Authority
  6. Mr. R. Sariffo'deen _ President - Ceylon Hotel School Graduates Association
  7. Mr. Sarath Fernando - Past President -   Ceylon Hotel School Graduates Association
  8. Mr. Arjun Dharmadasa - Managing Director - Lanka Exhibition and Conference Services
  9. Mr. Malin Hapugoda, Managing Director, Aitken Spence Hotels
  10. Mr. Bandhula Ekanayake - Director General - BMICH

 


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>