වැඩිම රසිකයින් සමූහයක් දිනා ගත් ශී‍්‍ර ලංකාවේ පළමු මල් සැරසිලි ආයතනය ලස්සන ෆ්ලෝරා
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ මල් සැරසිලි සහ මල් සැපයුම් ආයතනයක් වන ”ලස්සන ෆ්ලෝරා” ආයතනය එහි සමාජ ජාල කි‍්‍රයාවලියේ සාර්ථකත්වය තවත් අදියරකට ඔසවා තබමින් ”ෆේස් බුක්” රසික පිටුවේ fan page රසික සංඛ්‍යාව පසුගියදා 50,000 ඉක්මවීය. ඒ අයේෂා මධුෂාණි දයාරත්න මෙනවියගේ පිවිසීමත් සමගයි. ලස්සක ෆ්ලෝරා දැන් වැඩිම රසික ප‍්‍රතිචාර දිනාගත් ශි‍්‍ර ලංකාවේ ප‍්‍රථම මල් සැරසිලි ආයතනය බවට පත්වී තිබේ.
සිය ව්‍යාපාරික ජයග‍්‍රහණය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ලස්සන ෆ්ලෝරා සභාපති /කළමනාකර අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා කියා සිටියේ ”මෙය මල් සැරසිලි සහ මල් සැපයුම් ආයතනයක් අත් කරගත් ඉතාම දුර්ලභ ජයග‍්‍රහණයක්. ඒ ජයග‍්‍රහණය හිමිකරගත් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම මල් සැරසිලි ආයතනය බවට පත්වීමට අපට හැකිවීම ගැන තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ඒ සමගම අප අපගේ එතෙර මෙතෙර සිටින්නා වූ මේසා විශාල රසික පිරිස ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.”
ලස්සන ෆ්ලෝරා රසික පිටුව අප ආරම්භ කරන ලද්දේ 2010 ජනවාරි මාසයේදීය. එදා සිට මේ දක්වා දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් පමණක් නොව ලොව විවිධ රටවලින් පවා ඊට එක්වන රසික පිරිස ඉතා සීඝ‍්‍ර ලෙස වර්ධනය වන්නට විය.
මේ පිළිබඳ අදහස් පළ කළ මලවිගේ මහතා ”මෙම සාර්ථකත්වයට හේතුව ලෙස මා දකින්නේ අපගේ රසික පිටුවේ හෘදයාංගම බව නිසාම ඉතාමත් ලැබැඳි සිතින් ඒ හා සම්බන්ධවීමට ලස්සන ෆ්ලෝරා රසිකයින්ට හැකිවීමයි. ඒ වගේම අපගේ නව මාදිලියේ මල් සැරසිලි නිර්මාණ සහ මංගල උත්සව සැලසුම්කරණයේ නව ප‍්‍රවණතාවන් ද මේ තුලින් හඳුන්වාදෙනු ලබන බැවින් තම රුචිකත්වයට ගැලපෙන පරිදි නවීනතම මල් සැරසිලි තෝරා ගැනීමේ අවස්ථාව ඔවුන්ට උදා වී ඇති නිසයි. එමගින් ශී‍්‍ර ලංකාවේ මල් සැරසිලි කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ නිර්මාණශීලී නිපැයුම් වර්ධනය වෙයි.
අපගේ නිර්මාණශීලි නවීන මල් සැරසිලි ශී‍්‍ර ලාංකිකයින් පමණක් නොව බොහෝ විදේශිකයෝ ද මහත් අභිරුචියකින් අගය කරති”.
”ලස්සන ෆ්ලෝරා” රසික පිටුව තවත් පියවරක් ඉදිරියට තබමින් නිතිපතා රසිකයින්ට විශේෂ ත්‍යාග සහ වට්ටම් පිරිනමයි. මීට අමතරව දිනපතා හඳුන්වාදෙන නවතම මල් සැකසුම්, විවිධ ත්‍යාග භාණ්ඩ සහ සේවාවන් පිළිබඳ තොරතුරු ද මෙම රසික පිටුව තුළින් ලබාගැනීමට ඇති හැකියාවයි.
වෛද්‍ය මලවිගේ මහතා තවදුරටත් ප‍්‍රකාශ කළේ ”ලස්සන ෆ්ලෝරා” ෆේස් බුක් රසික පිටුවේ තවත් විශේෂාංගයක් වන්නේ අඛණ්ඩව රසික සමූහයාට ප‍්‍රබෝධය සහ සතුට ගෙනදීම බවයි. ”අපගේ බොහෝ රසිකයින් නිරතුරුවම ඉතා උද්යෝගයෙන් මෙම පිටුවට පිවිසෙමින් සිටිනවා. එවන් උද්යෝගිමත් රසික පිරිසගේ නිර්මාණශීලී අදහස් ලබාගැනීමට අප නිරතුරුව සැදී පැහැදී සිටිනවා”.
මල් සැරසිලි, ත්‍යාග භාණ්ඩ, මංගල උත්සව කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන සැමට අප ආරාධනා කරනවා, ලස්සන ෆ්ලෝරා රසික පිටුවට පිවිසෙන්න. අප ආයතනයේ නිර්මිත නවීන මාදිලියේ මල් සැරසිලි සහ නිර්මාණ වලින් සතුට සහ අත්දැකීම විඳගනිමින් විවිධ ත්‍යාග, වට්ටම් සහ වෙනත් ප‍්‍රතිලාභ අත්කර ගන්න.”
ඡායාරූපය - ලස්සන ෆ්ලෝරා ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ දොස්තර ලසන්ත මලවිගේ මහතා ගෙන් ”ලස්සන ෆ්ලෝරා” පනස් දහස් වැනි රසිකාව වන අයේෂා මධුෂාණි දයාරත්න මෙනවිය ත්‍යාග වවුචරය සහ මල් ලබාගත් අවස්ථාව.
|