Lanka Business News | HOME |
 
 

ඔඩෙල් හිමිකාරීත්වයෙහි දැවැන්ත වෙනසක්
26-July-2012
Bookmark and Share

මෙරට ඇඟළුම් හා මෝස්තර අංශයේ කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරයක් වන ඔඩෙල් හි හිමිකාරීත්වයෙහි දැවැන්ත වෙනසක් සිදුවන බව සමාගම විසින් අද දිනයේ දී නිවේදනය කර සිටියේය. මේ අනුව නැගෙනහිර ආසියානු කලාපයේ ඇඟළුම් ක්ෂේත්‍රෙය් නිරත දැවැන්ත සමාගමක් වන Parkson Retail Asia Limited විසින් ඔඩෙල් හි 41.8% ක කොටස් හිමිකාරීත්වයක් මිල දී ගැනීමට එකඟ වී තිබේ. මේ සඳහා අදාළ සමාගම විසින් ආයෝජනය කිරීමට නියමිත මුළු වටිනාකම රු. බිලියන 1.424 කි.

Parkson Retail Asia Limited විසින් මේ අනුව ඔඩෙල් සමාගමේ කොටස් මිලියන 60.625 ක් රු. 23.50 බැගින් මිල දී ගැනීමට එකඟ වී ඇත. ඔවුන් එසේ මිල දී ගනු ලබන්නේ ඔඩෙල් හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායිකා ඔටාරා ගුණවර්ධනගේ මුළු කොටස් අයිතියෙන් 27.88 ක්, ඇගේ සොහොයුරන් දෙදෙනා වන අජිත් ගුණවර්ධන සහ රුචි ගුණවර්ධන ගේ කොටස් හිමිකාරිත්වයෙන් පිළිවෙලින් 13.6% ක් සහ 0.34 ක් වශයෙනි.

මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීමෙන් පසුව ද ඔටාරා ගුණවර්ධන සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 27.88% කට හිමිකම් කියනු ලබන අතර තවදුරටත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ඇය කටයුතු කරනු ඇත.


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>