Lanka Business News | HOME |
 
 

ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්
28-July-2012
Bookmark and Share

ජාතික ශ‍්‍රී ලාංකීය ක‍්‍රිකට් කී‍්‍රඩකයන් මෙන්ම ලොව ඉහළ පෙලේ ටුවෙන්ටිටුවෙන්ටි ක‍්‍රිකට් තරු සමහරක් සමඟ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කර දෙමින් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ට ක‍්‍රිකට් කුසලතාවයන්  නිරූපණය කරමින් ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම වාර්ෂික ටුවෙන්ටිටුවෙන්ටි ක‍්‍රිකට් තරඟාවලිය බවට පත්වීම අරමුණු කර ගත් ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය (SLPL) සඳහා පැවැත් වූ මාධ්‍ය සාක්ච්ඡාවේ දී නව නිවේදන කිහිපයක් නිකුත් කරන ලදි. මෙම නව නිවේදන අතර SLPL හී ජාත්‍යන්තර විකාශන හවුල්කරුවන් පිළිබඳ හැඳින්වීමක් මෙන්ම තරඟය සඳහා සහභාගී වන කලාපීය කණ්ඩායම්වල නායකයින් සහ සහභාගීවන වරලත්ලාභීන් හත්දෙනාගේ ලාංඡන සහ නිල ඇඳුම් නම් කිරීම ඇතුළත් විය. 

SLPL ටුවෙන්ටිටුවෙන්ටි ක‍්‍රිකට් තරඟාවලිය ලොව ජනාදරය දිනාගත් ඉහළ පෙළේ තරඟාවලියක් බවට පත් වීමට පමණක් නොව SLPL කෙරේ ලැදි පාර්ශ්වයන්ට සාර්ථක දිගු කාලීන ව්‍යාපාරයක් උදා කර දීමට ද අපේක්ෂා කරයි. මේ ආකාරයේ තරඟාවලි ලොව ප‍්‍රධාන පෙළේ ක‍්‍රිකට් කී‍්‍රඩක ජාතියක් ලෙස ශ‍්‍රී ලංකාව දිනා ගත් ගෞරවාදරය තවතවත් ප‍්‍රවර්ධනය කිරීමට (මෙම තරඟාවලිය ලොව සැමටම නැරඹිය හැකි පරිදි විකාශනය කෙරේ) මෙන්ම නැගී එන ශ‍්‍රී ලාංකීය ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට විවිධ මාධ්‍ය හා සම්බන්ධ ජාත්‍යන්තර ප්ලැට්ෆෝම් හී පෙනී සිටීමේ අවස්ථාව උදා කර දෙමින් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට තිබෙන කැමැත්ත වඩාත් වර්ධනය කිරීම තුළින් තරුණයන් වැඩි දෙනෙක් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ආකර්ෂණය කර ගැනීමට සහාය වේ. එමෙන්ම මෙම තරඟාවලිය හරහා මෙරටට ලැබෙන පිළිගැනීමට අමතරව ලොව පිළිගැනීම දිනා ගත් විශිෂ්ට ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සමඟ ක‍්‍රීඩා කිරීමෙන් ශ‍්‍රී ලාංකික  ආධුනික තරුණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඔවුන්ගේ ක‍්‍රීඩා කුසලතාවයන් තවතවත් ඔප්නංවා ගැනීම තුළින් ශ‍්‍රී ලංකාව සඳහා ජාතික මට්ටමින් ක‍්‍රීඩා නොකරද විවිධාකාරයේ ජාත්‍යන්තර තරඟකාරී ක‍්‍රිකට් අභියෝගයන්ට මුහුණ දී අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාවන් ද උදා කර දේ. මේ ආකාරයෙන් මෙම තරඟාවලිය ශ‍්‍රී ලංකාවට සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සඳහා විශේෂ දක්ෂතාවයන්ගෙන් යුත් තරුණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්  පිරිසක් බිහිකිරීමට සහාය වේ.

මුලින් සඳහන් කර පරිදි ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් ටුවෙන්ටිටුවෙන්ටි ක‍්‍රිකට් තරඟාවලිය ක‍්‍රිකට් ක‍්‍රීඩාලෝලි සියළුම ප‍්‍රධාන ජාතින් ආවරණය වන පරිදි සජීවීව විකාශනය කිරීමට අපේක්ෂා කරන අතර මේ හරහා මෙම තරඟාවලිය හා සම්බන්ධ හවුල්කරුවන්, ලැදි පාර්ශ්වයන් සහ වෙළෙදනාම සඳහා ඉහළ ප‍්‍රසිද්ධියක්  සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබේ. ශ‍්‍රී ලංකාවේ වසර 30 ක් පුරා පැවැති සිවිල් යුද්ධය අවසන් කිරීමෙන් පසුව රටවල්/සමාගම්/පුද්ගලයින් බොහෝමයක් ශ‍්‍රී ලංකාවට පැමිණ මෙරට සමඟ ව්‍යාපාර කිරීමට කැමැත්ත ප‍්‍රකාශ කර ඇති අතර අනුග‍්‍රාහකත්වයන් සහ වරලත්ලාභීන් ලෙස SLPL සමඟ සම්බන්ධවීම අඩු පිරිවැයකින් වඩාත් ඵලදායී ලෙස ශ‍්‍රී ලාංකීය ආර්ථිකය සහ ව්‍යාපාරික ප‍්‍රජාව සමග සම්බන්ධවීමේ මාර්ගයක් ලෙස බොහෝදෙනෙක් විශ්වාස කරයි. කාලයත් සමඟ SLPL ටුවෙන්ටිටුවෙන්ටි ක‍්‍රිකට් තරඟාවලිය වර්ධනය වීමෙන් SLPL සමාරම්භක තරඟාවලියේ සිට මෙම තරඟය සඳහා සහභාගී වන කාලපීය කණ්ඩායම් හී ක‍්‍රීඩාලෝලීන් එම කණ්ඩායම් මුල් කර ගෙන ක‍්‍රමක‍්‍රමයෙන් ජන කණ්ඩායම් ඇති කර ගැනීම දක්වා ව්‍යාප්ත වේ (මෙය ලොව වටා සාර්ථකව දියත් කළ ක‍්‍රීඩා ලීග් බොහෝමයක දැක ගත හැකි දෙයකි).

වරලත්ලාභීන් හත්දෙනා සහ සහායක සේවකයින් මෙන්ම මාධ්‍යකරුවන්, නිෂ්පාදක කණ්ඩායම, නිවේදකයින් (ජාත්‍යන්තර මෙන්ම දේශීය) සහ වැඩසටහන් හවුල්කරුවන් ඇතුළු පුද්ගලයින් 25 කට වැඩි පිරිසක් බැගින් වූ ඔවුන්ගේ කණ්ඩායම් මෙම ලීග් තරඟාවලිය පැවැත්වෙන කාලය තුළ කාමර රාත‍්‍රී 7000 කට වැඩි සංඛ්‍යාවක් සඳහා නවාතැන් ලබා ගනු ඇත. මෙය ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයන අතර මෙරටට අමතර විදේශ විනිමයක් උපයා දේ.

මින් ශ‍්‍රී ලංකාවට මෙන්ම ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් සඳහා පිරිනැමෙන මූල්‍ය ප‍්‍රතිලාභ පිළිබඳව අදහස් දක්වමින් සොමර්සෙට් එන්ටටේන්මන්ට් වෙන්චර්ස් (“SEV”)  හී සභාපති සංදීප් බාහමර් මෙසේ පවසන ලදි. ‘‘නවාතැන් පිරිවැයෙන් පමණක් රැගෙන එන ආදායම ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 130 පමණ වේ. මීට අමතරව ඉදිරි වසර හත පුරා වරලත්භාවය විකිණීමෙන් පමණක් වසරකට ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 580 ක පමණ ආදායමක් උපයා දෙනු ඇත. එමෙන්ම මෙරට දේශීය තරඟාවලි අතර ප‍්‍රථම වරට මෙම තරඟාවලියට සහභාගීවන සියළුම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සඳහා සැලකිය යුතු වාර්ෂික ගෙවීමක් ලබා දෙන අතර ලීග් තරඟාවලිය සඳහා සහභාගීවන ක‍්‍රීඩකයන්ව තරඟාවලිය සඳහා වාණිජමය අතින් ආකර්ෂණය කර ගැනීමට මෙය ඉවහල් වනු ඇත.’’

SEV පවසන අන්දමට ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන සියළුම ජාතීන්ට මෙම තරඟාවලිය සජීවීව විකාශනය කරන අතර මෙය ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ද සහාය වනු ඇත. කාලයත් සමඟ මෙම තරඟ සඳහා ඉන්දියාව, පකිස්ථානය සහ බංගලාදේශය යන රටවලින් විශාල ප්‍රෙක්ෂකයන් පිරිසක් සමඟ  ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, එංගලන්තය සහ කැනඩාව වැනි සාපේක්ෂ වශයෙන් ශ‍්‍රී ලාංකිකයන් විශාල වශයෙන් ජීවත් වන රටවලින් තරඟය නැරඹීම සඳහා සංචාරකයින් පැමිණෙනු ඇතැයි SLPL හී බලධාරීන් විශ්වාස කරයි. ඉන්දියාව තුළ තරඟ විකාශනය කිරීමේ එකම විකාශන හවුල්කරු ලෙස ESPN ස්ටාර් ස්පෝර්ට්ස් (ESS), ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් සමඟ ගිවිසුම් අත්සන් කළ අතර ලීග් තරඟාවලිය සඳහා ලොව විශාලතම ක‍්‍රිකට් වෙළෙදපොළ තුළ පූර්ණ ආවරණයක් ලබා දෙන බවට මෙම හවුල්කාරිත්වය සහතික වේ. මුලින් සඳහන් කළ පරිදි ශ‍්‍රී ලංකාව විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය වූ රටක් ලෙස ප‍්‍රවර්ධනය කිරීමේ අවස්ථාවක් ද මින් සැලසෙනු ඇත.  මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංගමයේ සභාපති උපාලි ධර්මදාස මහතා මෙසේ පවසන ලදි. ‘‘ ජාත්‍යන්තර ක‍්‍රිකට් කාලසටහන තුළ අනිවාර්්‍ය අංගයක් බවට පත්වීමත් සමඟ SLPL, ශ‍්‍රී ලංකාවට සංචාරකයින් ආකර්ෂණය කරන තරඟාවලියක් බවට පත්වන අතර තරඟය පැවැත්වෙන කාලය තුළ මෙරටට පැමිණෙන සංචාරකයින්ට වැඩි වටිනාකමක් ද පිරිනැමෙනු ඇත. මෙරට ජීවනාලිය තුළ ක‍්‍රිකට් සැමදා පැවති අතර ශ‍්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු දේශයක් ලෙස ප‍්‍රවර්ධනය කිරීම සඳහා එය ශ‍්‍රී ලංකා නාමය සමඟ සම්බන්ධ කිරීමේ කාලය දැන් පැමිණ ඇත. SLPL යනු මෙම දිගුකාලීන ක‍්‍රියාවලියේ පළමු පියවර බව අපි විශ්වාස කරන්නෙමු.’’

මෙම වැඩසටහනේ දී නිවේදනය කළ කලාපීය කණ්ඩායම් හතේ නායකයින් පහත දැක්වේ.
බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඞීස් -           ටීග එම්ග ඩිල්ෂාන්
කදුරට වොරියර්ස්           -           කුමාර් සංගක්කාර
නැගෙනහිර නාගාස්        -           ඇන්ජෙලෝ මැතිව්ස්
රුහුණ රෝයල්ස්            -           ලසිත් මාලිංග
උතුර රුඞ්රාස්                -           ජෙහාන් මුබාරක්
වයඹ යුනයිටඞ්               -           මහේල ජයවර්ධන
ඌව නෙක්ස්ට්                -           To be confirmed

ඉහත සඳහන් නායකයින් තෝරනු ලැබුයේ ඔවුන්ට අදාල කණ්ඩායම් සඳහා නායකත්වය ලබා දීමට මෙන්ම ඔවුන්ට අදාල පුහුණුකරුවන් සමඟ සමීපව ක‍්‍රියා කරමින් ඔවුන්ගේ කණ්ඩායම්වල ක‍්‍රීඩකයන් සංවර්ධනය කිරීමට ය. මීට අමතරව මෙමඟින් නායකයින්ට වඩාත් හොඳ නායකත්ව අත්දැකීම් පිරිනැමෙන අතර එය ඔවුන්ගේ ක‍්‍රිකට් දැනුව වර්ධනය කිරීමට ඉවහල් වනු ඇත.

‘‘සැලකිය යුතු මට්ටම ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක‍්‍රීඩකයින් සමඟ දේශීය අත්දැකීම් පමණක් තිබෙන තරුණ ක‍්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා නායකත්වය ලබා දීම  ඕනෑම නායකයෙකුට අභියෝගයක් වන අතර මෙම තරඟය සඳහා සහභාගීවන සියළුම නායකයින්ට මෙය හොඳ අධ්‍යයන අත්දැකීමක් වනු ඇතැයි’’ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංගමයේ ලේකම් නිෂාන්ත රණතුංග මහතා පවසන ලදි.

2012 අගොස්තු 10 වෙනි දින ජාත්‍යන්තර ගායක මැක්සි ප‍්‍රීස්ට් ගේ සංගීතය සමඟ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත රාත‍්‍රී උළෙල සමඟ  SLPL තරඟාවලිය ඇරඹෙනු ඇත. ලොව ප‍්‍රචලිත ගායක ප‍්‍රීස්ට් මෙසේ පවසන ලදි. ‘‘මෙම තරඟාවලිය සඳහා ගායනය කිරීමේ අවස්ථාවක් ලබා දීම පිළිබඳව මම ඉතාමත් සතුටු වන්නෙමි. ශ‍්‍රී ලංකාව ක‍්‍රිකට් උන්මාදයෙන් පිරි රටකි. අපි නව මාදිලියේ ඉදිරිපත් කිරීම් රැසක් සැලසුම් කර ඇති අතර මෙම තරඟාවලිය පැවැත්වෙන කාලය තුළ ක‍්‍රීඩාංගනය ක‍්‍රීඩාලෝලීන්ගෙන් පිරි ඉතිරී යනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.’’


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>