Lanka Business News | HOME |
 
 

මහනුවර ඇසල පෙරහැර සමයේදි පැනඩෝල් වෙතින් සුව සහනයක්
02-August-2012
Bookmark and Share

සුවහසක් ශ‍්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනු වේදනා නාශකය වන පැනඩෝල් (පැරසිටමෝල්  ග්ලැක්සෝස්මිත්කලයින් හි වෙළඳනාමය) විසින් ඇසල පෙරහැර සමයේ මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සුව සත්කාරය සඳහා මෙවරද ඉදිරිපත් වේ. ජංගම ප‍්‍රතිකාර වැඩසටහන් මගින් මෙම සුව සත්කාර ක‍්‍රියාත්මක කරන 10 වන අවස්ථාව මෙයයි.

බැතිමතුන්ට සහන සත්කාර අවශ්‍ය අවස්ථාවලදි පැනඩෝල් ප‍්‍රථමාධාර කණ්ඩායම් ඔවුන්ට උපකාර කිරීමට ඉදිරිපත් වේ.  පෙරහැර නැරඹීමට පැමිණ පැය ගණනක් මාර්ග අසල වාඩිවී සිටින බැතිමතුනට නොමිලේ මෙම සුව සත්කාර කරනු ලැබේ.

පසුගිය වසර 10 පුරා විවිධ සංස්කෘතික හා ආගමික උත්සව වලට සහභාගි වු ශ‍්‍රී ලාංකිකයන් දස දහස් ගණනකට පැනඩෝල් විසින් නොමිලේ සහන සපයනු ලැබීය. ශ‍්‍රී පාද වන්දනා සමය, මඩු මංගල්‍යය, යාපනය නල්ලූර් උත්සවය, පොසොන් පොහොය සමයේ අනුරාධපුරය, තන්තිරිමලේ හා මිහින්තලේ නගර ආශ‍්‍රීතව ප‍්‍රථමාධාර ලබාදුන්නේය.

වසර 50 ක් පුරා ශ‍්‍රී ලාංකීකයන්ගේ වේදනා නාශකය වු පැනඩෝල්, ජනජීවිතයේ නැතුවම බැරි කොටසක් වී ඇත. ඒ අනුව පැනඩෝල් සමාජ සත්කාර සඳහා නොමදව ඉදිරිපත් වේ.

ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් නිෂ්පාදනය කෙරෙන පැනඩෝල් රටවල් 80 කට අධික සංඛ්‍යාවක අළෙවි කෙරෙයි. පැනඩෝල් නිෂ්පාදනය කරන ග්ලැක්සෝස්මිත්කලයින් සමාගම, ඊනෝ, අයොඩෙක්ස්, සෙන්සෝඩයින්, වීවා හා හොර්ලික්ස් යන ජනතා වශ්වාසය දිනු වෙළදනාමද අළෙවි කරයි.

ජායාරූප - පැනඩෝල් ප‍්‍රථමාධාර කණ්ඩායම් විසින් මහනුවර ඇසල පෙරහැර සමයේ බැතිමතුන්ට සුව සත්කාර ලබාදෙන අයුරු


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>