ශ‍්‍රී ලංකාවේ රසකැවිලි හා ආහාර නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රමුඛ සමාගමක් වන සිලෝන් බිස්කට්ස් හා ඊට අනුබද්ධ සමාගම් විසින් පසුගියදා පැවති 2012 ජාතික විකුණුම් සම්මේලනයේදි (NASCO) සම්මාන 6 ක් දිනා ගන්නා ලදි. එම සම්මාන 6 ට රන් සම්මාන 3 ක් සහ රිදි සම්මාන 2 ක් අයත් වේ. ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් විකුණුම් ක්‍ෂෙත‍්‍රයේ විශිෂ්ටයන් ඇගයීම ස`දහා ජාතික විකුණුම් සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. විකුණුම් වෘත්තියේ ඉතා ඉහල සාර්ථකත්වයක් අත්කරගැනීම වෙනුවෙන් CBL වෙත මෙම සම්මාන හිමි විය.
ලංකාසෝයි ඇතුළු ආහාර පෙළක් නිෂ්පාදනය කරනු ලබන CBL අනුබද්ධ කන්වීනියන්ස් ෆුඞ්ස් ලංකා පි.එල්.සි. හි ඉෂාර තලහිටියගේ කඩිනමින් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) අංශයේ වසරේ විශිෂ්ටතම ඉදිරි පෙළ විකුණුම් නිළධාරියා (Front- Liner) සඳහා වන රන් සම්මානය හා වසරේ විශිෂ්ටතම ජාතික මට්ටමේ විකුණුම් නිළධාරියා (Front- Liner of the year) අංශයේ රන් සම්මානයද හිමිකර ගත්තේය.
කඩිනමින් අලෙවි වන භාණ්ඩ අංශයේ වසරේ විශිෂටතම විකුණුම් විධායක අංශය (Sales Executive) සඳහා රන්, රිදි හා ලෝකඩ යන සම්මාන 3 ම, CBL විකුණුම් කණ්ඩායම දිනාගැනීම විශේෂත්වයකි. එම අංශයේ රන් සම්මානය ධාන්‍යමය පෝෂ්‍යදායි ආහාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් වන CBL අනුබද්ධිත ප්ලෙන්ටි ෆූඞ්ස් සමාගමේ නිලන්ත රංගනට හිමි වු අතර රිදි හා ලෝකඩ සම්මාන CBL සමාගමේ නිශාන්ත එකනායකට හා සත්සර ප‍්‍රනාන්දුට පිළිවලින් හිමි විය.
කඩිනමින් අලෙවි වන භාණ්ඩ අංශයේ විශිෂ්ටතම ප‍්‍රාදේශීය විකුණුම් කළමණාකරුට හිමි රිදි සම්මානය CBL හි මන්චි බිස්කට් විකුණුම් කණ්ඩායමේ ප‍්‍රාදේශිය විකුණුම් කළමණාකරු (Area sales Manager) අතුල වැල්ලගිරියට හිමි විය.
නව වෙළඳපල වෙත සිය නිෂ්පාදන රැගෙනයාම සඳහා බෙදාහාරීමේ ජාලය හා අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහන් ගැන වැඩි අවධානයක් යොමු කරන ප‍්‍රමුඛ රසකැවිලි හා ආහාර නිෂ්පාදන සමාගමක් ලෙස සිලෝන් බිස්කට්ස්, ප‍්‍රචලිතයි. සමාගමේ සාර්ථකත්වයට විශාල දායක්වයක් දරණ විකුණුම් බලකාය ඇතුළු සේවක පිරිසගේ වෘත්තීය කුසලතා වර්ධනයට සිලෝන් බිස්කට්ස් සමාගම විශේෂ අවධානයක් යොමු කෙරෙයි. එහිඑක් අංගයක් ලෙසනිරතුරුව සිදු කරන පුහුණුවීම් හා වෘත්තීය සංවර්ධන වැඩසටහන්ද CBL විකුණුම් කණ්ඩායමට සමාගමේ අපේක්‍ෂාවන් තවත් මල්ඵල ගන්වමින් සිය විශිෂ්ටත්වය පෙන්වීමට හැකියාවක් ලැබී තිබේ. එම හැකියාවන් ජාතික මට්ටමින් ඇගයමට ලක් වූ අවස්ථාවක් ලෙස NASCO සම්මාන හිමිකර ගැනීම දැක්වීමට හැකිය.
CBL හි ප‍්‍රමුඛතම නිෂ්පාදනය වන මන්චි, රිට්ස්බරි චෝක්ලට්, ටියාරා කේක්, ලංකා සෝයි හා සමපෝෂ අදාල ක්ෂේත‍්‍රවල වෙළඳපල තුල නායකත්වය හිමිකරගෙන සිටියි. ඒ සඳහා සමාගමේ විකුණුම් කණ්ඩායම සුවිශේෂ දායකත්වයක් දක්වා තිබේ.
NASCO 2012 සංවිධායකයින් පවස්න්නේ මේ වසර සඳහා වාර්තා ගත අයදුම් පත් සංඛ්‍යාවක් ලැබුනු බවයි. කඩිනමින් අලෙවි වන භාණ්ඩ (FMCG), මූල්‍ය නිෂ්පාදන හා සේවා, කර්මාන්ත, මාධ්‍ය, කල්පවතින පාරිභෝගික නිෂ්පාදන (Consumer Durables), විදුලි සංදේශ, විලාසිතා හා රෙදිපිළි, සෞඛ්‍ය ආරක්‍ෂාව, A&T, සංචාරක හා විනෝදාස්වාදය යන ක්‍ෂෙත‍්‍ර නියෝජනය කරන සමාගම් රැසක සහභාගිත්වය ලැබී තිබුණි. ජාතික විකුණුම් සම්මේලනයේ සම්මාන හරහා අපේක්‍ෂා කරන්නේ දිවයිනේ විකුණුම් වෘත්තීය තත්ත්වය ජාතික මට්ටමට නංවාලීම හා දක්‍ෂතා හා හැකියාවන් ඇති විකුණුම් වෘත්තිකයන් අගය කිරීම හා සම්මාන පිරිනැමීමයි.
|