ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ නායකත්වය හිමි සෙලින්කෝ ලයිෆ්ල තම ෆැමිලි සවාරි ප‍්‍රවර්ධන වැඩසටහනේ හයවන අදියර සඳහා පැරිස් නගරය එක් කරමින් සමාගමේ ඔප්පුහිමියන් වෙත සිත් ගන්නා සුළු සංචාරක ගමනාන්තයක අසිරිය විඳගැන්මට අවස්ථාව උදා කර ඇත.
සමාගමේ ළබැඳි පාරිභෝගිකයින්ට ප‍්‍රතිලාභ හිමි කර දෙන වාර්ෂික ප‍්‍රවර්ධන වැඩසටහනේ සුපිරි ත්‍යාගය ලෙසට 2013 වසරේදී ඔප්පුහිමියන් පස්දෙනකු ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සියලූ වියදම් සමග පැරීසියේ සංචාරයක් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇති බව සමාගම නිවේදනය කර සිටී.
මීට අමතරව ෆැමිලි සවාරි 6 ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ඔප්පුහිමි පවුල් 10කට චීනයේ සංචාරයක් ද ඔප්පුහිමි පවුල් 50කට සිංගප්පූරුවේ සංචාරයක් හිමි වන අතර තවත් ඔප්පුහිමි පවුල් 500කට ලෙෂර් වර්ල්ඞ් හි ප‍්‍රීතිමත් දිනක් ගත කිරීමට අවස්ථාව සැලසේ.
ඔප්පුහිමි පවුල් 565කට අයත් පුද්ගලයින් 2,260ක් මෙවර පැවත්වෙන ප‍්‍රවර්ධන වැඩසටහන තුළදී ජයග‍්‍රාහකයින් බවට පත් වනු ඇති බව සමාගම පවසයිx.
”රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ පැවැත්වෙන ප‍්‍රවර්ධන වැඩසටහන් අතුරින් වඩාත් ත්‍යාගශීලි සහ සිත්ගන්නා සුළු ප‍්‍රවර්ධන වැඩසටහන මෙය බවට සැකයක් නැහැ” යනුවෙන් සෙලින්කෝ ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. ”මුළු ජීවිත කාලය පුරාවටම සදානුස්මරණීය වූ අත්දැකීම් ඔප්පුහිමියන්ට සෑම වසරකදීම ලබා දීම සඳහා අපි නව සංචාරක ගමනාන්තයන් එක් කරනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 6 වන අදියර 2012 අගෝස්තු මස සිට දෙසැම්බර් දක්වා දිවයන අතර සියලූම ක‍්‍රියාකාරී ජීවිත රක්‍ෂණ ඔප්පුහිමිකරුවන්ට මෙන්ම සෙලින්කෝ ලයිෆ් විශ‍්‍රාම සැලසුම් (CRA) ගිණුම් හිමියන්ට ප‍්‍රවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක වන කාල සීමාව තුළ පැවැත්වෙන දිනුම් ඇදීම් 2ක් තුළින් උපරිම අවස්ථාවන් 10කට යටත්ව දිනුම් අවස්ථා වැඩිගණනක් හිමි වේ.
දැනට සිටින සහ නව රක්‍ෂණ ඔප්පුහිමියන් අතරින් රුපියල් 15,000ක හෝ ඊට වැඩි මාසික වාරිකයක් ගෙවනු ලබන හෝ ජීවිත රක්‍ෂණ සැලසුමක් සමග සෙලින්කෝ ලයිෆ් විශ‍්‍රාම ගිණුම්වල රුපියල් මිලියන 1.5ක ශේෂයක් පවත්වා ගෙන යන ගිණුම් හිමියන් පැරීසියේ සංචාරය දිනා ගැනීමට සුදුසුකම් ලබන බව සමාගම සඳහන් කරයි.
චීන සංචාරය දිනා ගැනීම සඳහා සුදුසුකම් ලබන්නේ රුපියල් 7,500ක මාසික වාරිකයක් ගෙවනු ලබන රක්‍ෂණ ඔප්පුහිමියන් මෙන්ම සෙලින්කෝ ලයිෆ් විශ‍්‍රාම ගිණුමේ ශේෂය රුපියල් මිලියනයක් වන ගනුදෙනුකරුවෝය.
දැනට සිටින ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් හා 2012 අගෝස්තු 1 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ මාසික වාරිකය ලෙසට රුපියල් 2500ක් ගෙවා ජීවිත රක්ෂණ ඔප්පුවක් මිලදී ගන්නා ඔප්පුහිමියන් සහ සෙලින්කෝ ලයිෆ් විශ‍්‍රාම ගිණූම තුළ රුපියල් 500,000ක ශේෂයක් පවත්වාගෙන යන ගනුදෙනුකාරභවතුන් සිංගප්පූරු චාරිකාව සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර රුපියල් 1,000ක මාසික වාරිකයක් ගෙවනු ලබන ඔප්පුහිමියන් සහ රුපියල් 250,000ක ශේෂයක් තම සෙලින්කෝ ලයිෆ් විශ‍්‍රාම ගිණුම් තුළ පවත්වා ගෙන යන්නන් ලෙෂර් වර්ල්ඞ් ජල උද්‍යානයේ ප‍්‍රීතිමත් දිනක් ගත කිරීමට සුදුසුකම් ලබනු ඇත.
ඔප්පුහිමියන්ගේ ළබැඳි බවට වටිනාකමක් එක් කිරීමට සෑම වසරකදීම ඔවුන්හට අමතර දිනුම් අවස්ථාවක් එක් කිරීමට සමාගම කටයුතු කරන අතර දශකයකට හෝ ඊට වැඩි කාලයක් ඔප්පුව ප‍්‍රාණවත්ව පවත්වාගෙන යන ඔප්පුහිමියන්ට උපරිම ලෙස දිනුම් අවස්ථා 10 දක්වා හිමි කර ගත හැක.
ජයග‍්‍රාහී පවුලකට ජීවිත රක්ෂණ ඔප්පුහිමිකරුල සැමියා හෝ බිරිඳ හා දරුවන් දෙදෙනෙකු ඇතුලත් වන අතර ඔප්පුහිමිකරු අවිවාහක නම් ඔහුට හෝ ඇයට තම දෙමාපියන් රැගෙන යා හැකිය. ජයග‍්‍රාහකයින් තෝරා ගැනීම සඳහා දිනුම් ඇදීම් 2ක් සිදු කරන අතර ඉන් පළමුවැන්න 2012 වසරේ ඔක්තෝම්බර් මාසයේ ද අවසන් මහා දිනුම් ඇදීම 2013 වසරේ ජනවාරි මාසයේදී ද පැවැත්වීමට නියමිතය.
2007 වසරේ සිට මේ දක්වා ෆැමිලි සවාරි වැඩසටහන් මඟින් පුද්ගලයින් 11,000කට අධික පිරිසකට සුඛෝපභෝගී නෞකා සවාරි සහ චීනයේ මෙන්ම සිංගප්පූරු සංචාර, හෙලිකොප්ටර් සවාරි හා අවිස්සාවේල්ල ලෙෂර් වර්ල්ඞ් හි විනෝදජනක දිනක් ගත කිරීමේ අවස්ථාවන් රැසක් ද හිමිකර දී ඇත.
පසුගිය වසර අට මුළුල්ලේ දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත 850,000 ක් පමණ රක්ෂණයෙන් ආවරණය කර ඇත. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම, නිෂ්පාදන විකාශය, ප‍්‍රවර්ධන වැඩසටහන්, පාරිභෝගික සේවා හා වෘත්තීයමයභාවය වර්ධනයට අදාලව එම සමාගම දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ මිණුම් දණ්ඩ ලෙස සැලකේ.
|