|

ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තරික සංචාරක මෙහෙයුම් ඉටුකරන්නන්ගේ සංගමය (Sri Lanka Association of Inbound Tour Operators - SLAITO) විසින් මෙරට නිරන්තරයෙන් සංචරණයෙහි යෙදෙන ප‍්‍රදේශ සඳහා සුරක්‍ෂිතභාවය පිළිබඳ ඇගයුමක් වාර්තාවක් සම්පාදනය කළ බව අද දින නිවේදනය කර සිටී.
මෙම අවදානම් ඇගයුම් වාර්තාව විසින් සකස් කිරීම සඳහා SLAITO විසින් බලය පවරන ලද්දේ TUI Travel PLC හි සෞඛ්‍ය හා සුරක්‍ෂිතතාව පිළිබඳ විශේෂඥයෙකු හා කි‍්‍රයාකාරීකයෙකු වන මැල්කම් එලීස් මහතා වෙතයි.
read more >> |
|
අප්‍රේල් 27 වැනි දින කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී දිනය තුළ සිදුකෙරුණු ගනුදෙනු දැක්වෙන ලේඛනය යළිත් උමතු දත්ත ඉදිරිපත් කරමින් ජනතාව නොමග යවා ඇත. 27 වැනි සිකුරාදා දින දැක්වෙන මෙම ලේඛනයට අනුව වැරදි සහගත තොරතුරු රැසක් මේ තුළින් ප්‍රකාශයට පත් කර ඇති අතර, අත්‍යවශ්‍යයෙන්ම ආයෝජකයින් විසින් දැනගත යුතු තොරතුරු රැසක් එමගින් වසං කොට ද තිබේ. රටක කොටස් වෙළෙඳපොළක නිල වෙබ් අඩවියක් මෙවැනි උමතු දත්තයන් නිරන්තරයෙන් වාර්තා කරයි නම් එක්කෝ එය හිතාමතා සිදුකරන ලද්දක් විය යුතුය. එසේත් නැත්නම් එහි පරිගණක පද්ධතිය අතිශයින්ම දෝෂ සහගත එකක් විය යුතුය.
read more >> |

සේරි නැචුරල්ස්හී නව ස්වභාවික ස්නාන සහ රූපලාවන්‍ය නිපැයුම් පෙළ ශ‍්‍රී ලංකාවේ ස්වභාවික සම සුරැකුම් ක්ෂේත‍්‍රයේ නව වෙනසක් ඇති කිරීමට සැරසේ. ෆේස් වොෂ් (Face Wash)" ෂවර් ජෙල් (Shower Gel) සහ මොයිස්චරයිසින් ආලේපන (Moisturizing Lotion) ආදී මෙම නව නිපැයුම් පෙළ ශාකමය නිෂ්පාදනයන් වන අතර මධ්‍යසාර, ඛනිජ තෙල් වර්ග හෝ සංවේදී සමට හානිකර ට‍්‍රයික්ලෝසන් ආදියෙන් තොරය.
read more >> |
|

යුනිලීවර් සමාගමේ ප‍්‍රධානම දන්තාලේප නිෂ්පාදනය වන සිග්නල් විසින් පසුගිය වසරේ ක‍්‍රියාත්මක කරනු ලැබු 'Night Time Brushing' හෙවත් රාත‍්‍රී නින්දට පෙර දත්මැදීම ප‍්‍රචලිත කිරීමේ සාර්ථකත්වය මත එම වැඩසටහන තවදුරටත් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
read more >> |
|

Glaxo SmithKline (GSK) සමාගමේ නවතම ඖෂධ නිෂ්පාදන දේශීය කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු උත්සවාකාරයෙන් අද දින නිල වශයෙන් ආරම්භ කරනු ලැබුණි. ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්‍ෂ මහතා සහ සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරිණි.
read more >> |
|

කොමර්ෂල් බැංකුවල ලොව තෙවැනි විශාලතම මුදල් හුවමාරු සේවාව වන රියා ෆයිනෑන්ෂියල් සර්විසස් සමගින් එක්ව තම ගනුදෙනුකරුවන්ගේ එතෙර මුදල් ගෙන්වීමේ සේවා තවත් සවිමත් කිරීමට කටයුතු කර ඇත.
read more >> |
|
යාපනය නගර වාසීන් කෙරෙහි වූ තම කැපවීම යළි අවධාරණය කරමින් තම පළමු ශාඛාව අරඹා වසර දහයකට පසුව යාපනය කන්නත්තිඩි පාරේ අංක 37-41 දරණ ස්ථානයෙහි සමාගමේ අවශ්‍යතාවන්ට අනුව ඉදි කෙරුණු සෙලින්කෝ ලයිෆ් නව ශාඛාව සමාගමට අයත් ගොඩනැගිල්ලකට පසුගියදා පිවිසියේය.
read more >>
|
පන්දහස් හාරසීයේ බන්ධනයෙන් කොටස් වෙළෙඳපොළ මිදෙයි
19-April-2012
අද (19) දිනය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සුවිශේෂී පිබිදීමක් පෙන්නුම් කළ අතර දිනය අවසානයේ දී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 111.25 කින් ඉහළ ගොස් ඒකක 5518.72 ක් ලෙස දැක්වුණි. එය පෙර දිනයට සාපේක්ෂව 2.06% ක ඉහළ යාමකි. මෙහි ඇති විශේෂත්වය නම් කොටස් වෙළෙඳපොළ ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය නවීකරණය කෙරුණු පසුගිය පෙබරවාරි 24 වැනිදායින් පසුව ගනුදෙනු දින 35 ක් පුරාවටම සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5,500 සීමාව ඉක්මවා ගොස් නොතිබීමයි. එසේම ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතියේ නවීකරණයෙන් පසු තනි දිනයක් තුළ දී ඒකක 100 ඉක්ම වූ ප්‍රමාණයකින් කොටස් වෙළෙඳපොළ ඉහළ ගිය පළමු අවස්ථාව ලෙස ද අද දිනය දැක්විය හැකිය.
|
|
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම ඇඟළුම් අපනයන සමූහය වන බ‍්‍රැන්ඩික්ස් සිය සාමාජිකයින්ගේ කුසලතාවයන් අගයනු වස් වාර්ෂිකව පවත්වනු ලබන ”බ‍්‍රැන්ඩික්ස් වසරේ විශිෂ්ටයා” සම්මාන උළෙල පසුගියදා අතිඋත්කර්ෂවත් ලෙසින් සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී පවත්වන්නට යෙදුනු අතර මෙහිදී සාමාජික සාමාජිකාවෝ 39 දෙනෙකු සහ සුපරීක්‍ෂකවරු සය දෙනකු ගරු බුහුමන් ලැබූහ. සේවා කාර්ය සාධනය සහ සමාගම වෙත දැක්වූ දායකත්වය පරීක්‍ෂා කොට සම්මාන සඳහා සාමාජිකයින් දැඩි පරිශ‍්‍රමයකින් තෝරා ගනු ලැබූ අතර ජයග‍්‍රාහකයින්ට සම්මාන සමග සමාගමේ පූර්ණ අනුග‍්‍රාහකත්වය ඇතිව චීනය, ඉන්දියාව, බංග්ලාදේශය තුළ අධ්‍යයන චාරිකා පිරිනැමිණි.
read more >>
|
|

පිහිටක් නොමැතිව අසරණ වී සිටින වීදි සුනඛයින්ගේ සුබසාධනයල භාරකරුවන් යටතට පත් කිරීම සහ සුනඛ ගහනය මානුෂීය ලෙස පාලනය කිරීම යන අරමුණු පෙරදැරි කර ගනිමින් හඳුන්වා දුන් සුප‍්‍රසිද්ධ එම්බාර්ක් විලාසිතා සන්නාමය සහ එම්බාර්ක් ව්‍යාපෘතිය 2012 මාර්තු මාසයේදී සිය පස්වන සංවත්සරය සමරනු ලැබීය.
read more >> |
|
කොටස් වෙළෙඳපොළ දත්ත හා තොරතුරු සටහන්වල දෝෂ සහගත තත්ත්වයන් පසුගිය දින කිහිපය පුරාවට නිරන්තරයෙන් අප හට නිරීක්ෂණය කළ හැකිවිය. මෙහිදී ඇතැම් අවස්ථාවල දැකිය හැකි වූ දෝෂ සහගත දත්ත හා තොරතුරු අප විසින් අනාවරණය කළ අතර අද දිනය තුළ දී ඉහත කී ආකාරයේ දෝෂයන් ද්විත්වයක් අපගේ නිරීක්ෂණයට හසුවූයේ මෙසේය.
පළමු දෝෂය නම් සිලෝන් ටුබැකෝ සමාගමට අදාළව සංක්ෂිප්ත කොටස් මිල ලේඛනයේ සඳහන් මිල සටහනයි. ඊට අනුව සිලෝන් ටුබැකෝ සමාගමේ කොටසක් අද දිනයේ දී ගනුදෙනු වී ඇති අවම මිල රු. 600 කි. එහෙත් රු. 600 ට වඩා අඩු වූ මිල මට්ටම් කිහිපයක දීම සිලෝන් ටුබැකෝ සමාගමේ කොටස් අද දිනය තුළ දී ගනුදෙනු වී තිබිණ.
read more >> |
|

කොකා-කෝලා බෙවරේජස් ශ්රී ලංකා, 19 වෙනි වරට මෙවරත් 2012 ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරඟාවලියේ නිල පානීය අනුග‍්‍රාහක ලෙස එම තරඟය සඳහා සහභාගීවන්නන් ප‍්‍රබෝධමත් කරයි.
ශ‍්‍රී ලංකා යුධ හමුදා ඇකඩමිය (SLMA) සහ ශ‍්‍රී ලංකා රේසින් රියදුරන් සහ ආරෝහකයන්ගේ සංවිධානය මඟින් සංවිධානය කරන තරඟ අපේ‍්‍රල් 21 වෙනි දින දියතලාවේ දී පැවැත් වීමට නියමිත ය.
read more >> |
|

මෙරට ප‍්‍රමුඛතම රක්‍ෂණ සමාගමක් වන ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගමේ 200 කට අධික විකුණුම් විශිෂ්ටතමයන්ට, ඇමෙරිකාව, මහා බි‍්‍රතාන්‍ය, චීනය, ඩුබායි, බැංකොක් සහ ඉන්දියාව යන රටවලට විදේශ සංචාර, විදේශ පුහුණු පාඨමාලා, ගුවන් ටිකට් පත්, වටිනා මුදල් ත්‍යාග, කුසලාන සහ සහතික පත්, 2012 වාර්ෂික විශිෂ්ටතා සම්මාන උළෙලේදී පිරිනමන ලදි.
read more >>
|
|

දශක 03කට අධික කාලයක් පුරා සිය උසස් තත්වයේ නිෂ්පාදන තුළින් ඉහල කීර්තියක් දිනා සිටින කඳුරට වෙළඳ නාමය යටතේ වෙළඳපොළට නිකුත් වන නවතම නිෂ්පාදනයයි කඳුරට Flexible Nets .
read more >> |
|
සුවපහසු ගිමන් හලක් සඳහා ජාත්‍යන්තර ගුවන් සේවාවක් විසින් බණ්ඩාරනායක ගුවන් තොටුපළේ සිදු කළ මුල්ම ආයෝජනය බවට පත් වෙමින් එමිරේට්ස් ගුවන් සමාගම තම මගීන්ගේ සුවපහසුව වෙනුවෙන් ගිමන් හලක් (lounge) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විවෘත කර ඇත.
රුපියල් මිලියන 200ක් වැය කරමින් ඉදිකළ මෙම මගී ගිමන් හල පැමිණීමේ පර්යන්තයේ දෙවැනි මහලෙහි පිහිටා ඇති අතර එමිරේට්ස් හි පළමු සහ ව්‍යාපාර පන්තියේ මගීන්ට සහ ගුවන් සේවයේ නිතර පියාසර කරන්නන් සඳහා වන ස්කයිවර්ඞ්ස් ප‍්‍රවර්ධන වැඩසටහනේ රන් සාමාජිකයින්ට මෙහි සුව පහසුව විඳගත හැක.
read more >> |
|
ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 2012 වසරේ අපේ‍්‍රල් මාසයේදී තම ඔප්පුහිමියන් 348,000කට රුපියල් මිලියන 1,866ක වාර්ෂික බෝනස් සහතික සහ දිගුකලක් සමාගම සමග සිටි ඔප්පුහිමියන්ට විශේෂ ප‍්‍රතිලාභයක් ලෙසට කෑෂ් බෝනස් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. සමාගමේ වාර්ෂික බෝනස් සඳහා සුදුසුකම් ලැබූ ඔප්පුහිමියන් 339,368 පිරිසකට රුපියල් බිලියන 1.834ක් වටිනා වාර්ෂික බෝනස් සහතිකපත් අපේ‍්‍රල් 2 වැනිදා සිට සමාගම විසින් තැපැල් කිරීමට කටයුතු කරනු ඇත. මීට අමතරව පිළිවෙලින් වසර 10ල 15 සහ 20 සම්පූර්ණ කළ තවත් ඔප්පුහිමියන් 9088 දෙනෙකුට වෙන් කර ඇති රුපියල් මිලියන 31.9ක කෑෂ් බෝනස් මුදල ලබන්නා වූ සිංහල හා හින්දු අලූත් අවුරුද්දට පෙර ඔවුන් වෙත නිවසටම ලබා දීමට පියවර ගනිමින් සිටින බව සමාගම පවසයි.
read more >> |
|

අමානා තකාෆුල් රක්ෂණ ආයතයනය විසින් ශ‍්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට සිය සහයෝගය ලබාදීමේ සත්කාර්යයට පසුගියදා මුලපුරනු ලැබීය. දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව අදටත් රසික ජනාදරයට පාත‍්‍රව සිටින මෙරට කලා කෙත අස්වද්දන්නට දායකත්වය ලබාදුන් ශ්‍රේෂ්ඨ කලාකරුවන්ට අරමුදලක් පිහිටුවීම උදෙසා මෙම පරිත්‍යාගය කරන ලදී.
read more >> |
විමල් වර්ජනය කළ කොකාකෝලා, බාලදක්ෂ ශත සංවත්සරයේ දී නිල පානය වෙයි
02-April-2012

29 වන ආසියා ශාන්තිකර කලාපීය හා ශ්‍රී ලංකා ශත සංවත්සර බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් නිල පානය ලෙස කොකාකෝලා බෙවරේජස් ශ්රී ලංකා ලිමිටඩ් සමාගම අනුග්‍රාහකත්වය සැපයීමට ඉදිරිපත්ව සිටී. මෙම ජම්බෝරිය බාලදක්ෂයින් 7250 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මේ දිනවල කණ්ඩලම ඩී.එස්. සේනානායක විද්‍යාල පරිශ්‍රෙය් දී පැවැත්වෙයි.
කොකාකෝලා සමාගමේ රංජිත් එදිරිසිංහ මහතා විසින් වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වෙත බාලදක්ෂ ජම්බෝරිය සඳහා වන සිය අනුග්‍රාහකත්වය සංකේතාත්මකව සටහන් කළ අයුරු ඡායාරෑපයේ දැක්වේ. මේ අතර ආණ්ඩුවේ ම තවත් ඇමතිවරයෙකු වූ විමල් වීරවංශ මහතා, කොකාකෝලා පානය කිරීම වර්ජනය කරන ලෙස පසුගියදා ජනතාව වෙත ප්‍රසිද්ධි රැස්වීමක දී සිටියේය. |
|

ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගමක් වන ඇසෝසියේටඞ් මෝටර්වේස් සමාගමේ (AMW) ටයර් නැවත පිරවීමේ අංශයේ අලෙවි නියෝජිතයන් ඇගයීමේ සම්මාන ප‍්‍රදානෝත්සවය එම සමාගමේ සභාපති, තිලක් ද සොයිසා මහතාගේ ප‍්‍රධානත්වයෙන් කණ්ඩලම හෝටලයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්වුණි.
read more >> |