Lanka Business News | HOME |      
     
   
 

2013 : January | February
2012 : January | February | March | April | May | June | July | August | September | October
| November | December

සුඛී හෙයාර් ඔයිල් දැන් නවතම ඇසුරුමකින්
31-May-2012

2001 වසරේ ජූනි මස සැබැවින්ම ග‍්‍රාමීය පරිසරයක ආරම්භ වූ සුඛී ලංකා පෞද්ගලික සමාගම කේශ, චර්ම හා රූප සත්කාරය සඳහා 100% ක්ම ස්වාභාවික ආයුර්වේදීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත නිෂ්පාදනයන් පාරිභෝගිකයින් වෙත ගෙන ඒමේ අරමුණෙනි. සමාගම මේවනවිට සිය ප‍්‍රධානතම නිෂ්පාදනය වන සුඛී හෙයාර් ඔයිල් නැවත හඳුන්වාදීමක් සිදුකරමින් සිටින අතර නව සුඛී ඔයිල් බෝතලය ආකර්ෂණීය සිලින්ඩරාකාර පෙට්ටියක පැමිණේ.

read more >>

ද ෆිනෑන්ස් සමාගම පිළිබඳව කර ඇති වැරදි පුවත් සම්බන්ධව මහජනයා දැනුවත් කිරීමයි
30-May-2012

ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මුදල් සමාගම් සහ කල්බදු මූල්‍යකරණ සමාගම් අධීඛ්ෂණය කරනු ලබන දෙපාර්තමේන්තුව ලෙස බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තුමේන්තුව මහ බැංකුව විසින් බලපත්‍ර ලබා දී ඇති සියලු මුදල් සමාගම් සහ කල්බදු මූල්‍යකරණ සමාගම්වල ක්‍රියාකාරීත්වය පිළිබඳව අඛණ්ඩ අධීක්ෂණයක නියැලී සිටී. දැනට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට අනුව, ද ෆිනෑන්ස් සමාගම ඉතා සාර්ථකව එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් පවතී. මේ අනුව සමගමේ මුළු මහජන තැන්පතු 2011 අප්‍රේල් මාසයේ සිට 2012 අප්‍රේල් මාසය වන විට 5.36% කින් ඉහළ නංවාගෙන ඇති අතර, සිය මුළු ණය දීම් ප්‍රමාණය 2011 අප්‍රේල් මාසයේ සිට 2012 අප්‍රේල් මාසය වන විට 11% කින් ඉහළ නංවා ඇත.

read more >>

පළිබෝධ නාශකවලින් තොර වේයන් මර්දනය කිරීමේ නව ක‍්‍රමවේදයක් හේලීස් හඳුන්වා දෙයි
28-May-2012

ලංකාවේ සෑම නිවාස පහකින් එකක්ම මුහුණ දී සිටිනල ගොඩනැගිලි පාංශු වේයන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමේ ගැටලූව සඳහා පරිසර හිතකාමී දිගුකාලීන විසඳුමක් හඳුන්වා දීමට හේලීස් සමූහය පියවර ගෙන ඇත. ‘නොවිතෝර්’ (Novithor) ලෙස නම් කර ඇති මෙම විශේෂ නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ප‍්‍රථම වරට හඳුන්වා දුන් පළිබෝධ නාශක අන්තර්ගත නොවන වේ උවදුරෙන් ආරක්‍ෂාව සලසන භෞතික බාධක (Physical Barrier) ක‍්‍රමවේදයකි.

read more >>

කොමර්ෂල් ක්‍රෙඩිට් 2011/2012 මූල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 1.2 ක දැවැන්ත (බදු ගෙවීමට පෙර) ලාභයක් වාර්තා කරයි
28-May-2012

පසුගිය දා අවසන් වූ 2011/2012 මූල්‍ය වර්ෂය වෙනුවෙන් කොමර්ෂල් ක්‍රෙඩිට් විසින් සිය මූල්‍ය ප‍්‍රතිඵල වත්කම් පදනම, තැන්පතු පදනම හා බදු ගෙවීමෙන් පසු ලාභය යන සියලූ අංශවල කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කර තිබේ. 2011/2012 මූල්‍ය වර්ෂය තුළ සමාගමේ ශුද්ධ පොළී ආදායම 2010/2011 මූල්‍ය වර්ෂයේ අදාළ අගය වූ රු. බිලියන 0.7 සිට රු. බිලියන 1.8 දක්වා, 153% ක කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන තිබෙන අතර ගෙවීගිය මූල්‍ය වර්ෂය තුළ දී බදු ගෙවීමට පෙර ලාභය 320% කින් සුවිශේෂී ලෙස ඉහළ ගොස් ඇත.

read more >>

ද ෆිනෑන්ස් තිරසාර සංවර්ධනය කරා ජයග‍්‍රාහී මාවතක
25-May-2012

මෑතකදී සිදුවූ ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් මිලදී ගැනීම හේතුවෙන් කිසිදු අයුරකින් ද ෆිනෑන්ස් සමාගමට හෝ සමාගමේ ගනුදෙනුකරුවන්ට හෝ තැන්පත්කරුවන්ට බලපෑමක් සිදු නොවේ. එම ගනුදෙනුව එම කොටස් වල හිමිකරුවන් හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව අතර සිදු වූ ගනුදෙනුවක් පමණි. දේපළ වෙළඳාම්, වේගවත් වාහන ණය වැනි නව්‍යකරණ ව්‍යාපාර අංශ රැසක් ඇතුළුව අංශ ගණනාවක් ඔස්සේ වෙළඳපොළ ප‍්‍රමුඛස්ථානයක රැඳී සිටින ද ෆිනෑන්ස් සමාගම වසර 72 ක සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන දිවයිනේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමී සමාගමකි.

read more >>

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත‍්‍රා පීරිස් පදනමට ‘ප්ලැටිනම් අනුග‍්‍රාහකත්වය’ කොමර්ෂල් ක්‍රෙඩිට් වෙතින්
25-May-2012

‘ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත‍්‍රා පීරිස් පදනමේ’ 2012/13 වැඩ කටයුතු වෙනුවෙන් ප්ලැටිනම් අනුග‍්‍රාහකයා වශයෙන් කොමර්ෂල් ක්‍රෙඩිට් පී.එල්.සී. නොබෝදා අත්වැල් බැඳගත්තේය.

read more >>

ලොතරැයි ප්‍රතිඵල දැන් 1919 න්
23-May-2012

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919)  ඔස්සේ  ජනතාවට ලොතරුයි ප්‍රතිඵල   දැන ගැනීමේ පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පියවර ගෙන තිෙබ්.

read more >>

IT ආයතන ලියාපදිංචි කිරීමට ICTA සැරසේ
21-May-2012

තොරතුරු තාක්‍ෂණ කර්මාන්තයේ නිරත ආයතන ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය  පියවර ගෙන තිබේ.

read more >>

චීනයේ යූනියන්පේ කාඞ්පත් ගනුදෙනු දැන් කොමර්ෂල් බැංකුවේ ATM යන්ත‍්‍ර ජාලයෙන්
18-May-2012

කොමර්ෂල් බැංකුවත් චීනයේ චයිනා යූනියන්පේ සමාගමත් අතර ඇති කර ගෙන තිබෙන සහයෝගීතාවය සමග යූනියන්පේ (UnionPay) ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට 500කට අධික වූ කොමර්ෂල් බැංකුවේ ATM යන්ත‍්‍ර ජාලය භාවිතා කර ගනුදෙනු සිදු කර ගැනීමට අවස්ථාව සැලසී ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුවත් ලොව විශාලතම මුදල් ගෙවීමේ කාඞ්පත් සමාගමත් එළැඹි එකඟතාවට අනුව චීනයේ සිට ලංකාවට පැමිණෙන සංචාරකයින්ට සහ ව්‍යාපාරිකයින්ට විශේෂයෙන් මෙම සේවාව හරහා මහත් ප‍්‍රතිලාභයක් හිමි වන බව බැංකුව පවසයි.

read more >>

ඇහැලියගොඩ, කඳාන, මාරවිල සහ රාගම නගරවලටත් CDB ව්‍යාප්ත වේ
16-May-2012

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය (CDB) නොබෝදා සිය ශාඛා හා සේවා මධ්‍යස්ථාන ජාලය ඇහැලියගොඩ, කඳාන, මාරවිල සහ රාගම නගර කරා ව්‍යාප්ත කරමින් මහජනතාවගෙන් වැඩි පිරිසකට එහි සේවා ලබා ගැනීමට අවස්ථාව ලබා දෙමින් දීපව්‍යාප්තව එහි ශාඛා හා සේවා මධ්‍යස්ථාන  ජාලය තවත් පුළුල් කළේය.

read more >>

සෙලාන් බැංකුවේ ලාභය 2012 පළමු කාර්තුවේ දී 59% කින් ඉහළට
10-May-2012

2012 පළමු කාර්තුව වෙනුවෙන් රු. මිලියන 406.8 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කරමින් තවත් කැපීපෙනෙන මූල්‍ය ප‍්‍රතිඵලයක් එළිදැක්වීමට සෙලාන් බැංකුව සමත් වී සිටී. පෙර වර්ෂයේ අදාළ කාලපරිච්ෙඡ්දය හා සැසඳීමේ දී මෙය 59% ක වර්ධනයක් වන අතර 2011 පළමු කාර්තුවේ දී සෙලාන්  බැංකුව රු. මිලියන 256.3 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර තිබුණි.

read more >>

සුබෝධ් ධක්වාලේ ලංකා IOC සමාගමේ නව කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස පත්වෙයි
10-May-2012

ලංකා IOC සමාගමේ නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස පත් වූ සුබෝධ් ධක්වාලේ මහතා 2012 මැයි මස 04 වැනි දින කොළඹ දී  තම සමාගමෙහි වැඩ බාර ගත්තේය.

read more >>

අල්ට්‍රාප්‍රෝ - මාංශපේෂී වර්ධනය සහ ජවය කැටුව පෙරළියක
08-May-2012

මෙගා ලයිෆ්සයන්ස් වෙතින් හඳුන්වාදෙන අල්ට්‍රාප්‍රෝ ක්‍රියාශීලී පුද්ගලයන් සඳහා සුවිශේෂී නිෂ්පාදනයකි.

read more >>

අටවැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2012 මැයි මස 11 වෙනි දින සන්ධ්‍යාවේ වෝටර්ස් එජ් හිදී
04-May-2012

වසර අටක් යනු සම්මාන උළෙලකට දීර්ඝ කාලයකි. එහි සංවිධායකවරුන්ට දීර්ඝ අත්දැකීමකි. සම්මාන ලාභීන්ට බලාපොරොත්තුවකි. වසර අටක් පුරාවට අඛන්ඩව ඉහලම තත්වයේ සම්මාන උළෙලක් පැවැත්වීම අභියෝග ජය ගැනීමකි. ඒ සතුට සහ ශක්තිය අප ශ්‍රී ලාංකික ටෙලි මාධ්‍යය සහ ජනතාව සමඟ ඛෙදා හදා ගන්නේ මෙවර, සුවිශේෂි වුද සමස්ත ටෙලි මාධ්‍යයම ආවරණය කරන්නාවුද ජාතියේ ටෙලි සම්මාන උළෙල සංවිධානය කිරීමේ භාරදූර වගකීම ඉතා සාදරයෙන් පිළිගනිමිනි.

read more >>

සිමෙන්ති ත් නගී
04-May-2012

සිමෙන්ති කොට්ටයක මිල රු. 70 කින් ඉහළ දැමීමට, පාරිභෝගික කටයුතු අධිකාරිය අවසරය ලබා දුන් බව නිවේදනය කර සිටී.

ගෑස් නගී
04-May-2012

අද මධ්‍යම රාත්‍රියේ සිට කි.ග්‍රෑ. 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 350 කින් වැඩිවන බව ලංකා බිස්නස් නිවුස් වෙත වාර්තා වී තිබේ.

සෙලින්කෝ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය ප‍්‍රතිකාර 6500 ඉක්මවයි
02-May-2012

අති නවීන උපාංගයන්ගෙන් යුතු සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් ලිමිටඞ් (CHSL)  හි විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භයේ සිට 2012 වර්ෂයේ මාර්තු 31 වන දිනට ප‍්‍රතිකාර 6500කට අධික සංඛ්‍යාවක් රෝගීන් වෙනුවෙන් සිදු කොට ඇත.

read more >>

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් 2011/12 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රු. බිලියන 1.23 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කරයි
31-May-2012

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පී.එල්.සී. 2011/12 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රු. බිලියන 1.23 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වී සිටී. මෙහිදී සමාගම් සමූහයේ බදුගෙවීමට පෙර ශුද්ධ ලාභය වාර්තා වනුයේ රු. බිලියන 1.68 ක් ලෙසිනි. මූල්‍ය වර්ෂයේ සිව්වන කාර්තුවේ දී සමාගම් සමූහයේ ආදායම පසුගිය වසර හා සැසඳීමේ දී 21% ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබෙන අතර දළ ලාභය 33% කින් ද, බදු ගෙවීමට පෙර ලාභය 22% කින් ද මෙම කාලපරිච්ෙඡ්දය තුළ දී වර්ධනය වී තිබේ.

read more >>

ඔඩෙල් හි විශිෂ්ටතම අලෙවි කාර්ය මණ්ඩලය ඇගයීමට ලක් වෙයි
31-May-2012

ඔඩෙල් ආයතනයේ සේවක සේවිකාවන් ඇගයීමට ලක් කිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන සේවක ප‍්‍රණාම සම්මාන උළෙලේ දී 2011 වසරේ හොඳම විකුණුම් නිලධාරිනියට හිමි සම්මානය කේ.කේ. ජයසිරි මල්කාන්ති විසින් දිනා ගත් අතර 2011 වසරේ හොඳම අධීක්‍ෂක ලෙස එච්.එම්. නිලංග මහතා සම්මානයට පාත‍්‍ර විය. සම්මාන සඳහා එක් අංශයකින් සේවක සේවිකාවෝ පස් දෙනෙක් බැගින් අවසාන වට සඳහා සුදුසුකම් ලැබූහ. ඔඩෙල් හි නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරිනී ඔටාරා ගුණවර්ධන මහත්මිය ජයග‍්‍රාහකයින් සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

ග්ලැක්සෝ ස්මිත්කයීන් (Glaxo SmithKline) සමාගමේ පාරිභෝගික සෞඛ්‍ය ආරක්‍ෂණය පිළිබඳ කළමණාකරු චානක වන්නිආරච්චි මහතා විසින් බිළිදුන්ගේ බර මනින උපකරණයක් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ ශ‍්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයේ ලේකම් දේවිකා කොඩිතුවක්කු මහත්මියට නිල වශයෙන් පරිත්‍යාග කළ අවස්ථාව. වාර්ෂික පවුල් සෞඛ්‍ය සේවිකා දිනය පසුගියදා කොළඹ නව නගර ශාලාවේදි පැවති අවස්ථාවේ ග්ලැක්සෝ ස්මිත්කයීන් (GSK) සමාගම විසින් රුපියල් ලක්‍ෂ 12 ක් වටිනා බිළිදු බර කිරනයන් 169 ක් ශ‍්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයට පරිත්‍යාග කරනු ලැබීය. දිවයිනේ දුෂ්කර ප‍්‍රදේශවල සිටින දෙමාපියන්ගේ බිළිදුන්ගේ සෞඛ්‍ය කටයුතු සඳදහා මෙම උපකරණ භාවිතා කෙරෙනු ඇත.

අමානා තකාෆුල් 2011 වසරේ සිය ජයග‍්‍රහණ සමරයි
29-May-2012

ශ‍්‍රී ලංකාවට තකාෆුල් සංකල්පය හඳුන්වාදීමේ ප‍්‍රමුඛයා වෙමින් වෙළඳපල තුළ ස්ථාවරත්වයක් ගොඩනංවා ඇති අමානා තකාෆුල්, සිය හැකියාවන්හි වර්ණ විදහා දක්වමින් සිය වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවය පසුගියදා පවත්වනු ලැබීය. 2011 වසරේදී සාමාන්‍ය රක්‍ෂණ, ජීවිත රක්‍ෂණ, වෛද්‍ය සහ මාලදිවයිනේ විදේශ කටයුතු යන ක්ෂේත‍්‍ර ආවරණය කරමින් සිය ඉලක්ක සම්පූර්ණ කළ අළෙවි සහ මෙහෙයුම් සඳහා විශිෂ්ට කුසලතා දැක්වූ දක්ෂයින් මෙලෙස සම්මාන පිරිනැමීම කොළඹදී සිදු කෙරිණි.

read more >>

සෙලාන් ‘තෑගි පිට තෑගි’ දිනුම් ඇදීමේ සිව්වෙනි දශලක්‍ෂපතිනිය මතුගමින් බිහිවෙයි
28-May-2012

සෙලාන් බැංකුවේ ‘තෑගි පිට තෑගි’ දිනුම් ඇදීමෙන් රු. මිලියනයක ජයග‍්‍රාහිකාවක වීමට, මතුගම ප‍්‍රදේශයේ පදිංචි ඊ.ඒ. දයාවතී මහත්මිය සමත්වූවාය. 56 හැවිරිදි ඇය වෘත්තියෙන් ගුරුවරියකි. පසුගිය පෙබරවාරි මාසයට අදාළව සිදුකරනු ලැබූ මෙම දිනුම් ඇදීමත් සමඟම මේ දක්වා රු. මිලියනය බැගින් ජයග‍්‍රහණය කළ වාසනාවන්තයන් 4 දෙනෙකු බිහිකිරීමට, සෙලාන් බැංකුව සමත් වී සිටී.

read more >>

දශක 5 ක් පුරා දන්ත සෞඛ්‍ය දියුණු කිරීමට පුරෝගාමී වු සිග්නල්  වෙතින් ශ‍්‍රී ලාංකීය සිනාව සුරැකීමට තවත් යුග මෙහෙවරක්
25-May-2012

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දන්තාලේපය වන යුනිලීවර් සමාගමේ සාඩම්බර නිෂ්පාදනයක් වන සිග්නල්  දන්ත සෞඛ්‍ය පුරුදු වෙනස් කරමින් සුපිරිසිදු හා නීරෝගිමත් දත් දෙපලක් ඇති කිරීමට පුරෝගාමී වු දන්තාලේපය වේ. දශක 5 ක් පුරා එම යුග මෙහෙවරේ නිරත වු සිග්නල් ඒ වෙනුවෙන් තවදුරටත් කැපවෙමින් ශ‍්‍රී ලාංකිය සිනාව සුරුකීම සදහා තේමා 3 ක් යටතේ වැඩසටහනක් රැසක් ඉදිරි මාස 6 පුරා ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

read more >>

ශී‍්‍ර ලංකාවේ පළමු වරට Carbon Neutral සහතිකය ලබාගත් සමාගම බවට, ගැල් පරිවහන හා මෙහෙයුම් කර්මාන්තයේ ආසියාවේ ප‍්‍රමුඛයා එක්ස්පෝලංකා Freight එක්වෙයි
25-May-2012

සී/ස එක්ස්පෝලංකා Freight සමාගම කාබන් කන්සල්ටින් සමාගම විසින් පිරිනමනු ලබන CarbonNeutral® සහතිකයෙන් පිදුම් ලැබිමට පසුගියදා සමත්විය. මෙම සහතිකය ලබාගත් ලංකාවේ පළමු සමාගම, එක්ස්පෝලංකා Freight සමාගම වේ. මෙම සහතිකය ලබා ගත් ආසියාවේ පළමු ගැල් පරිවහන හා මෙහෙයුම් කටයුතුවල නිරත සමාගම් අතරට ද එක්ස්පෝලංකා Freight සමාගම මේ අනුව එක්වනු ඇත.

read more >>

SLIIT සහ Exetel වෙතින් ස්වයංක‍්‍රීයව පාරිභෝගික සේවා සපයන මෘදුකාංගයක්
23-May-2012

SLIIT සහ Exetel ආයතනවල එකමුතුවෙන් හඳුදුන්වා දෙන  Calliope නම් නවතම මෘදුකාංගය, කෘත‍්‍රිම ඥානය (Artificial intelligence fyj;a Machine intelligence) පාදක කරගෙන නිර්මාණය කළ ස්ව්‍යංක‍්‍රීය පාරිභෝගික සේවා පද්ධතියක් වේ. මස්ටේ‍්‍රලියාවේ අනතර්ජාල සේවා සැපයුම්කරුවෙකු වන Exetel සමාගමේ අදහසක් හා අවශ්‍යතාවක් මත මෙම නවතම මෘදුකාංගය නිර්මාණය කර තිබේ.SLIIT සහ Exetel ආයතන අතර මීට වසර දෙකකට පෙර අත්සන් තැබු ගිවිසුමකට අනුව Calliope මෘදුකාංග පද්ධතිය නිර්මාණය කෙරිණි. Exetel ආයතනය විසින් අළෙවි කරන විවිධ බ්‍රෝඞ්බැන්ඞ් සේවාවන් සිට දුරකථන, කෙටි පණිවුඩ ආදි විශාල පරාසයක සේවා සහ නිෂ්පාදන මිළදී ගන්නා පාරිභෝගිකයන් බහුලව අසන ප‍්‍රශ්ණ තේරුම් ගතහැකි කෘත‍්‍රීම ඥානය ඇසුරෙන් මෙම මෘදුකාංග පද්ධතිය සකස් කර තිබීම විශේෂත්වයකි. Exetel සමාගමේ අවශ්‍යතා අනුව මහාචාර්ය සිසිල් කුමාරවඩු මහතා (ව්‍යාපෘතියේ ප‍්‍රධාන පර්යේෂක) සහ SLIIT පර්යේෂණ කණ්ඩායම විසින්  නිර්මාණය කෙරුණු අති නවීන Calliope පද්ධතිය ඔස්ටේ‍්‍රලියාවට හඳුන්වා දෙයි.

read more >>

කුමාරිකා වෙතින්  ‘‘නැකතට තෑගි ” තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට ත්‍යාග
21-May-2012

පසුගිය අළුත් අවුරුදු සමයේ අතිශය ජනප‍්‍රිය තරගාවලීයක් වු  ‘‘නැකතට තෑගි‘‘  ත්‍යාග දිනාගත් ජයග‍්‍රාහකයන් වෙනුවෙන් සම්මාන ප‍්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා ස්වාභාවික රුවගුණ වඩවන ඖෂධීය ශාක සාරයෙන් අනූන නිෂ්පාදන පෙළක් සහිත කුමාරිකා විසින් කොළඹ 02 හි පිහිටි හේමාස් ආයතනයේදී සංවිධානය කළේය. නැවුම් ආරක් ගත් මෙම තරගාවලිය පසුගියදා ෆේස්බුක් (facebook) ඔස්සේ තරග තුනක් ලෙස පැවැත් වුයේ කුමාරිකා නිෂ්පාදන පෙළත් සමග සම්බන්දවෙමිනුයි. ඒ අනුව ෆේස්බුක් භාවිතා කරන කුමාරිකා පාරිභෝගිකයන්ට මෙම තරග තුනෙන් එක් තරගයකට සහභාගි වීමට අවස්ථාව සැලසුනි. "Rashi Chakraya" නම් වු තරගයට අනුව ජ්‍යෝතිෂ්‍ය සලකුණු නිවැරදි ලෙස අනුපිළිවෙලට සැකසිය යුතු විය. අවුරුදු චාරිත‍්‍ර පිළිබඳ ප‍්‍රශ්න දහයකට කඩිනමින් පිළිතුරු දීම  Questions for the hearth" වේ.  Puzzled looks" නම් තරගයෙන් නියමිත වේලාවක් තුල කුමාරිකා ජායාරූපයක් නිසි ලෙස සකස් කර ජයගත හැකි වී තිබුණි.

read more >>

ඇට්ලස් සමාගමෙන් ජාත්‍යන්තර ප‍්‍රමිතියේ නව වර්ණ පෙළක් සහිත පාට පැන්සල් හා පැස්ටල් නිෂ්පාදන පෙළක් වෙළදපොලට
18-May-2012

ශී‍්‍ර ලංකාවේ විශාලතම ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සමාගමවන ඇට්ලස් සමාගම, ජාත්‍යන්තර ප‍්‍රමිතියේ නව වර්ණ පෙළක් සමගින් පාට පැන්සල් හා පැස්ටල් නිෂ්පාදන පෙළක් පසුගිය දා වෙළඳපොලට හඳුන්වා දුනි. එම සමාගම අලූතෙන් හඳුන්වා දුන් නව වර්ණ නිෂ්පාදන පෙළට, 'Atlas Colour Sparx' පාට පැන්සල් හා 'Atlas Neon', 'Square' හා 'Jumbo' නම් වර්ණ පැස්ටල් පෙළක් අයත් වේ. 'Atlas Colour Sparx' පාට පැන්සල් ASTM ආයතනයේ ප‍්‍රමිති සහතිකයෙන් පි`දුම් ලද්දකි.

read more >>

සියයට 40 ක වර්ධනයක් සමග කොමර්ෂල් බැංකුව ප‍්‍රථම කාර්තුවේ රුපියල් බිලියන 4.145 ක බදු පෙර ලාභයක් වාර්තා කරයි
16-May-2012

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව 2012 මූල්‍ය වර්ෂයේ ප‍්‍රථම කාර්තුව සඳහා ඉහල මූල්‍ය ප‍්‍රතිඵල පෙන්නුම් කිරීමට සමත්ව සිටින අතර ණය හා අත්තිකාරම් මත ඉපැයූ පොළී ආදායමේ වර්ධනයත් විදේශ විනිමය ගනුදෙනු තුළින් ලද ආදායම් මෙම මූල්‍ය ප‍්‍රතිඵලයට හේතු වූ බව බැංකුව පවසයි.

read more >>

SKF දැනුම සමගින් පෙරටම- ස්විඩිෂ් ටේ‍්‍රඩිං සමාගම SKF සෙවාවන් සඳහ සහතික ලත් සහකාර සමාගමක තත්වයට උසස් කෙරේ
16-May-2012

කාර්මික සහ රථවාහන ආශ‍්‍රිත බෙයාරිං, සීල්, ලිහිසි තෙල් වැනි සේවා සම්පාදනයේ ප‍්‍රමුඛයෙකු වන SKF සිය ශ‍්‍රී ලාංකික බෙදාහැරීමේ සහකරු වන ස්විඩිෂ් ටේ‍්‍රඩිං සමාගම සමග එක්ව 2012 මැයි මස 11 වැනි දින ජෙට්ලයින්ර් නෞකාවේදී සිය පාරිභෝගිකයින් වෙත නැවුම් අත්දැකීමක් තිළිණ කිරීමට කටයුතු කලේය.

read more >>

එමිරේට්ස් සමූහය අඛණ්ඩව 24 වැනි වරටත් ලාභ අත්පත් කර ගනී
15-May-2012

අභියෝගාත්මක ව්‍යාපාරික පරිසරයක් තුළ වුවද එමිරේට්ස් සමූහය 24 වන වසරටත් ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත. මෑතකදී නිකුත් කරනු ලැබූ සමූහයේ 2011-12 මූල්‍ය වර්ෂයට අදාල වාර්ෂික වාර්තාවට අනුව සමාගම විසින් උපයන ලද ශුද්ධ ලාභය ඩිරාම් බිලියන 2.3ක් (ඩොලර් මිලියන 629) වූ අතර සමූහයට අයත් ”ඩනාටා” සමාගම පනස් දෙවසරක මෙහෙයුම් ඉතිහාසය තුළ උපයනු ලැබූ ඉහළම ලාභය ද පසුගිය මූල්‍ය වර්ෂය තුළ උපයා ගැනීමට සමත් වීම කැපී පෙනෙයි.

read more >>

SME ක්ෂේත‍්‍රයෙහි  මූල්‍ය සාක්‍ෂරතාව වර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව සමග අත්වැල් බැඳ ගනී
11-May-2012

ශ්‍රී ලංකා මහ බැංකුව සහ කොමර්ෂල් බැංකුවේ අනුග‍්‍රහය ඇතිව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්‍ෂරතාව වර්ධනය කරලීමේ වැඩමුළු මාලාව යටතේ පැවති තවත් වැඩමුළුවක් පසුගියදා තඹුත්තේගම දී පවත්වනු ලැබීය.

read more >>

අන්තර්ජාතික නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් ‘ලංකාපැක් 2012’ ඇසුරුම්කරණ ප‍්‍රදර්ශනය මෙවරත්
10-May-2012

ශී‍්‍ර ලංකාවේ ඇසුරුම්කරණ කර්මාන්තයේ ප‍්‍රධානතම ආයතනය වන ශී‍්‍ර ලංකා ඇසුරුම් ආයතනය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ‘ලංකාපැක් 2012’ වෙළෙඳ ප‍්‍රදර්ශනය පිළිබඳව අද දින නිවේදනය කරන ලදී. මෙරට ඇසුරුම්කරණ කර්මාන්තය හට අත්පත් කර ගත හැකි අතිවිශාල ව්‍යාපාරික අවස්ථාවන් හා නවතම ජාත්‍යන්තර ඇසුරුම්කරණ නිෂ්පාදිත පිළිබඳව ද මීට සමගාමීව සාකච්ඡා කෙරේ.

read more >>

කෙහෙල් කැනට පසු හොරා වැට පැනීම
08-May-2012

'NSB - ද ෆිනෑන්ස්' ගනුදෙනුව මේ වන විට සමස්ත ප්‍රාග්ධන වෙළෙඳපොළ පමණක් නොව මුළු ශ්‍රී ලංකාව පුරාවමට ද ආන්දෝලානාත්මක මාතෘකාවක් වී ඇත්තේය. මේ වන විට අදාළ ගනුදෙනුව සිදුවී දින 10 කට වඩා කාලයක් ගත වී ඇතත්, අදාළ ගනුදෙනුව අවලංගු කරන්නේද, නැතහොත් එය පිළිගන්නේද යන්න වග පිළිබඳ නිශ්චිත තීන්දුවකට  පැමිණීමට බලධාරීහූ මෙ වන තෙක් අසමත් වී සිටිති. මෙම ගනුදෙනුවේ දී ඉහළ මිලක් ගෙවමින් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් මිල දී ගැනීමට අමතරව තවත් ගැටළු කිහිපයක් පැන නැගිනි.

read more >>

NSB නිසා සම්පත් අමාරුවේ වැටේ
05-May-2012

කොළඹ කොටස් වෙළෙඳපොළ භාරකාර ගිණුම් කිහිපයක (Custodian Accounts) පරිපාලකත්වය දරණ සම්පත් බැංකුව මේ වන විට දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ලංකා බිස්නස් නිවුස් වෙත වාර්තා වේ. ඒ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම්වල ගනුදෙනු බේරුම්කරණය (settlements) ඊයේ දිනයේ දී සිදුකිරීමට අපොහොසත් වීම නිසාය.  ඊයේ සවස 5 වන විටත් මෙම ගනුදෙනු පියවීම් කටයුතු සිදු වී නොතිබිණි.

read more >>

කිරි පිටි වැඩිවෙන්නේ මෙහෙමයි
04-May-2012

ආනයනික කිරිපිටි සඳහා වන බදු 15% කින් ඉහළ දැමීමත් සමඟම, ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රු. 61 කින් ද, කි.ග්‍රෑ. 1 ක කිරි පිටි පැකට්ටුවක මිල රු. 163 කින් ද මිල ඉහළ නැංවීමට පාරිගික කටයුතු අධිකාරිය අවසර දී තිබේ.

ලස්සන ෆ්ලෝරා අනුග‍්‍රහයෙන් නුවරඑළියේ ‘ඒපි‍්‍රල් බ්ලූම්ස් 2012’ විචිත‍්‍රවත් වෙයි
04-May-2012

නුවරඑළිය මහ නගර සභාව විසින් පවත්වන ලද මේ වසරේ ‘ඒපි‍්‍රල් බ්ලූම්ස් 2012’ වාර්ෂික මල් ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන  අනුග‍්‍රාහකයා ලෙස ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ මල් සැරසිලි සහ සැපයුම් ආයතනයක්  වන ලස්සන ෆ්ලෝරා ආයතනය ඉදිරිපත් විය.

read more >>

බ්ලූ ඩයමන්ඩ් Sub-Division කැන්සල් වෙයි
04-May-2012


බ්ලූ ඩයමන්ඩ් සමාගමේ එක් කොටසක් කොටස් 14 ක අතුරු බෙදුමක් සිදු කිරීම වෙනුවෙන් අද පැවති විශේෂිත මහා සභා රැස්වීමේ දී එකී යෝජනාව ප්‍රතික්ෂේව වී තිබේ. තවද සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය ලියා හැරීමට කළ යෝජනාව ෙමහිදී සම්මත වී තිබේ.

සියැට් ධාවකයින්ට ෆොක්ස් හිල් තරගාවලියෙන් ශක්තිමත් ආරම්භයක්
02-May-2012

2012 වසරේ අපේ‍්‍රල් 21 වැනි දින පැවති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් (නරියා කන්ද) ධාවන තරගය සඳහා ප‍්‍රථම වරට සියැට් ධජය යටතේ තරග කළ ධාවන කණ්ඩායම එහි පැවති තරග පහෙන් හතරකම මුල් පෙළේ ජයග‍්‍රහන වාර්තා කිරීමට සමත් වූ අතර මේ ජයග‍්‍රහන සඳහා කණ්ඩායමේ ධාවකයින් දෙදෙනකු සහ යතුරුපැදි ධාවකයකු එක් වූහ.

read more >>

ඒෂියන් පේන්ට්ස් ප‍්‍රජා සුබසාධන ව්‍යාපෘතියක් මොරටු පුරයට
31-May-2012

ප‍්‍රජා ව්‍යාපෘතියක් ලෙසට මොරටු පුරවරයේ වෙසෙන්නන්ගේ සුබසාධනය වෙනුවෙන් අක්‍ෂිල දන්ත ඇතුළු සෞඛ්‍ය පරීක්‍ෂාවක් නොමිලේ ලබා දුන් වෛද්‍ය සායනයක් සංවිධායනය කිරීමට ඉන්දියාව මූලස්ථානය කර ගත් ආලේපන ක්ෂේත‍්‍රයේ බහුජාතික සමාගමක් වන ඒෂියන් පේන්ට්ස් සමාගම පසුගියදා කටයුතු කළේය.

read more >>

කොමර්ෂල් බැංකුවල දකුණු ආසියාවේ වඩාත් ඵලදායී ජාලය ලෙස මනිග‍්‍රෑම් විසින් නම් කරයි
31-May-2012

ජාත්‍යන්තර මනිග‍්‍රෑම් අරමුදල් හුවමාරු සමාගම විසින් 2011 වසරේ දකුණු ආසියාවෙහි වඩාත් ඵලදායී ජාලය ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇත. මීට අදාල සම්මානය පසුගියදා ඉන්දියාවේ ගෝවා හි පැවති මනිග‍්‍රෑම් කලාපීය සම්මේලනයේදී ප‍්‍රදානය කෙරිණ.

read more >>

ලංකා රාජ්‍ය ජාලය උ/නැ මෙහෙයුම් අරඹයි
29-May-2012

ලංකා රාජ්‍ය ජාල වැඩසටහන (LGN) උතුරු හා නැගෙනහිර පළාත් වල  ක්‍රියාත්මක කිරීම සදහා වන තොරතුරු එක් රැස් කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි (ICTA) ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

read more >>

ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය සඳහා කොමර්ෂල් බැංකුවෙන් පරිගණකාශ‍්‍රිත භාෂා මධ්‍යස්ථානයක්
28-May-2012

ත‍්‍රිවිධ හමුදා සහ පොලීසිය සඳහා පරිගණකාශ‍්‍රිත හාෂා මධ්‍යස්ථානයක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනය (JSLTI) වෙත පරිත්‍යාග කිරීමට කොමර්ෂල් බැංකුව පසුගියදා කටයුතු කළේය. මෙම නව භාෂා මධ්‍යස්ථානය මඟින් මූලිකවම දෙමළ භාෂා ප‍්‍රවීණතාව ලබා දීමට කටයුතු කරන අතර එමගින් හමුදා සාමාජිකයින් හා උතුරු නැගෙනහිර ජනතාව අතර සන්නිවේදනය වැඩිදියුණු කිරීමට මනා රුකුලක් ලැබේ.

read more >>

බ‍්‍රැන්ඩික්ස් කොළඹ විශ්ව විද්‍යාලය සමඟ ශාස්ත‍්‍රාලීය සහයෝගීතාව නැංවීමට එක් වේ
28-May-2012

ජාතික උසස් අධ්‍යාපනික ආයතන සමග පවත්වා ගෙන යන තම ශක්තිමත් සමීප සම්බන්ධතාව තවදුරටත් පවත්වා ගනිමින්, අන්‍යෝන්‍ය ප‍්‍රතිලාභය වර්ධනය කර ගැනීමේ ඉදිරි පියවරක් තබමින් බ‍්‍රැන්ඩික්ස් සමූහය කොළඹ විශ්ව විද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමකට පසුගියදා එළැඹිණි.

read more >>

DFCC වර්ධන බැංකුව ශ‍්‍රි ලංකාවේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පාරිභෝගිකයින්ට  "වර්ධන ප‍්‍රභූ" ප‍්‍රමුඛ බැංකු සේවාව ලබාදේ
25-May-2012

DFCC වර්ධන බැංකුව මෙම මාසයේදී සිය  ''වර්ධන ප‍්‍රභූ” සුවිශේෂී බැංකු සේවාව උතුරු නැගෙනහිර පාරිභෝගිකයින්ට ලබාදීමට පියවර ගන්නා ලදී. උදාවූ අලූත් අවුරුදු සමයේදී  පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මූල්‍ය කටයුතු සිදුකර ගෙන යාම සඳහා විශේෂ වේලාවක් වෙන්කරදීම මෙන්ම ඔවුන්ට  විශේෂ නව අවුරුදු තිලිණ පිළිගැන්වීමද ඇතුලූ විශේෂ සේවාවන් රැසක් ලබාදීමට මෙහිදී කටයුතු කරනු ලැබිණි.

read more >>

හිරු TV ටෙලි නිර්මාණ
23-May-2012

වර්තමානයේ ටෙලි නිර්මාණ කෙරෙහි පේ‍්‍රක්ෂක නැඹුරුව අතිමහත් බව රූපවාහිනී පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර පිළිබඳව අවධානය යොමු කල විට මනාව පැහැදිලි වන කරුණක්. එහෙයින් ලංකාවේ සෑම රූපවාහිනී නාලිකාවක්ම සිය විකාශන කාලයෙන් වැඩි ඉඩක් ටෙලි නාට්‍ය සඳහා වෙන් කිරීමට උත්සුක වී ඇත. හිරු ටී.වී. නාලිකාව ද මෙම තරගකාරී රූපවාහිනී ක්ෂේත‍්‍රයට නවතම ටෙලි නාට්‍ය 5ක් හඳුන්වා දීමට තීරණය කළේ පේ‍්‍රක්ෂක අවශ්‍යතාවය  මැනවින් අවබෝධ කර ගත් හෙයිනි. එහෙත් හිරු ටී.වී. හරහා විකාශය වීමට නියමිත මෙම ටෙලි නාට්‍යයන් අනෙකුත් සියලූ නිර්මාණයන් අභිභවා යමින්, කැපී පෙනෙන වෙනසක් සහ නැවුම් බවක් රැුගත් අපූර්ව ටෙලි නාට්‍ය වනු ඇතැයි අපගේ විශ්වාසයයි.

read more >>

එක්ස්පෝලංකා හි ‘‘එක්ස්පෝ මෙඩික්ස්’’ 50,000 වෙනි රෝගියාට ප‍්‍රතිකාර කරයි
21-May-2012

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති අතුරින් ප‍්‍රමුඛතම වැඩසටහනක් වන එක්ස්පෝ මෙඩික්ස් (Expo Medix) තුළින් වාර්තාගත 50,000 වෙනි රෝගියාට ප‍්‍රතිකාර ලබා දීම පසුගිය දා සිදුකෙරිණි. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපෘතියක් වන මේ තුළින්, වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය පුද්ගලයින් වෙත නොමිලයේ වෛද්‍ය උපදේශන සේවා ලබාදීම සහ ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ සහනදායී මිලකට  ලබාදීම සිදුකෙරේ.

read more >>

ශ්‍රී ලංකාවේ කාර් රථ සඳහා සියැට් වෙතින් ‘මයිලේස්’ නමින් නව රේඩියල් ටයර් තුනක්
18-May-2012

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන රේඩියල් ටයර් සන්නාමය වන සියැට් තම වෙළෙඳපොළ ස්ථානය තවදුරටත් තහවුරු කර ගනිමින් ඉහල කාර්යසාධනයක් සහ නව ගුණාංග සහිත නව රේඩියල් ටයර් නිෂ්පාදනයක් ප‍්‍රමාණ තුනකින් වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත.

read more >>

2012  දකුණු ආසියානු ජංගම දුරකථන සමුළුව මැයි 30 දා
16-May-2012

2012  දකුණු ආසියානු ජංගම දුරකථන සමුළුව මෙම මැයි 30 දා ශ්‍රී ලංකාවේදී  පැවැත්වේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් ‍මෙම සමුළුව සංවිධානය කරනු ලබයි. ජංගම දුරකථන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ කිර්තියට පත් විශේෂඥයින් මෙන්ම වෘත්තීය වේදීන් රැසක් මෙම සමුළුව ඇමතීමට නියමිතය.

read more >>

DFCC වර්ධන බැංකුවේ බදු පසු ලාභය 92.5% කින් ඉහළ යයි
15-May-2012

DFCC වර්ධන බැංකුව (DVB) 2010 වර්ෂයේ වාර්තා කළ රුපියල් මිලියන 538.8 ක බදු පෙර ලාභයට සාපේක්ෂව 31.5% ක වර්ධනයක් සමඟ 2011 වර්ෂය තුළ රුපියල් මිලියන 708.5 ක බදු පෙර ලාභයක් වාර්තා කරන ලදි. ආදායම් බදු ප‍්‍රතිපාදනය රුපියල් මිලියන 177 කි. ආදායම් බදු ප‍්‍රතිශතය බදු පෙර ලාභයෙන් 24% ක් වූ අතර 2010 වර්ෂයට සාපේක්ෂව 51% කින් අඩු වී ඇත. කොටස්හිමියන් සඳහා අදාල බදු පසු ලාභය පසුගිය වර්ෂයේ වාර්තා කළ රුපියල් මිලියන 276 ට සාපේක්ෂව 92.5% ක වර්ධනයක් සමඟ රුපියල් මිලියන 531.4 ක් විය. කොටසක ඉපයුම 73.3% ක වර්ධනයක් සමඟ 2011 වසරේ රුපියල් 2.6 ක් වූ අතර 2010 වසරේ මෙම අගය රුපියල් 1.50 කි. වත්කම් මත ප‍්‍රතිලාභ අනුපාතය 2010 වසරට සාපේක්ෂව 0.9% ක වර්ධනයක් සමඟ 1.4% ක් විය.

read more >>

සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතක් උදෙසා ලයිෆ්බෝයි ජර්ම් ෆයිට ෆෝස් මහනුවරට
10-May-2012

විෂ බීජ හා ඒවායින් ආරක්‍ෂා වීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් යුනිලීවර් ශ‍්‍රී ලංකා සමාගම විෂබීජ නාශනයේ ප‍්‍රමුඛයා වන ලයිෆ්බෝයි සමග එක්ව මහනුවර, කුරුණෑගල හා තිස්සමහාරාමය යන ප‍්‍රදේශවලදී සෞඛ්‍ය ආරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ කඳවුරු පැවැත්වීමට සූදානම් කොට ඇත. මෙහි පළමුවැන්න මැයි මස 20 වන ඉරුදින උදේ 9.00 යේ සිට මහනුවර ශ‍්‍රී රාහුල විද්‍යාලයීය කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

read more >>

නව සිංහල හා දෙමළ යුනිකෝඩ් ෆොන්ට රැසක් එළිදැක්වේ
09-May-2012

පරිගණකය සහ අන්තර්ජාලය සමග සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් වැඩ කිරීම පහසු කිරීම සදහා සකස් කරන ලද මෘදුකාංග සහ අන්තර්ගතයන් රැසක් එලිදැක්වීම පසුගියදා කොළඹ  ජයික් හිල්ටන් හෝටලයේ දී සිදුවිය.

read more >>

'ඉන්සයිඩර් ට්‍රේඩිං' වලට ලොක්කෙක් ගස් ?
05-May-2012

මූල්‍ය වර්ෂයක අවසාන ප්‍රතිඵල නිකුත් වීමට ආසන්නව තිබිය දී  අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු තමා සතු කොටස් ඉහළ මිලකට විකුණා දැමීමට කටයුතු කිරීමේ තත්ත්වයක් පසුගිය NSB – TFC ගනුදෙනුවත් සමගම දැකිය හැකි වූ හෙයින් අදාළ ගනුදෙනුව, කොටස් වෙළෙඳපොළ අභ්‍යන්තරික වෙළෙඳාම (Insider Trading) ගණයට ලා ගැනෙන වැරැද්දක් දැයි යන ගැටළුව මේ වන විට පැන නැගී තිබේ.

read more >>

කොමර්ෂල් බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් පැලවත්තට
04-May-2012

කොමර්ෂල් බැංකුවේ නවතම සේවා මධ්‍යස්ථානය පැලවත්තල පාර්ලිමේන්තු පාරේ අංක 751 දරණ ස්ථානයෙහි පිහිටි ලාෆ්ස් සුපිරි වෙළෙඳසල් පරිශ‍්‍රයේ විවෘත වූ අතර මෙය බැංකුවේ 215 වැනි සේවා මධ්‍යස්ථානය වේ.

read more >>

ඞීටම් (Diethelm) ට‍්‍රැවල්ස්, ජර්මනියේ FTI සමූහය හා එක්ව ශී‍්‍ර  ලංකාව වෙත සංචාරක මගී නෞකා සේවයක් දියත් කරයි
03-May-2012

ජර්මනියේ ප‍්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිත ආයතනයක් වන FTI සමූහය ඞීතම් (Diethelm) ට‍්‍රැවල්ස් ශී‍්‍ර ලංකා සමාගම හා එක්ව ඩුබායි සිට ශී‍්‍ර ලංකාව දක්වා සංචාරක මගී නෞකා සේවයක් අරඹන බව අද දින නිවේදනය කළේය. මෙම සුඛෝපභෝගී මගී නෞකා සේවය එළඹෙන ශීත සෘතුවේ දී ඩුබායි සිට මස්කට්, මුම්බායි, ගෝව හා කොච්චින් වරායන් හරහා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය.

read more >>

මහදවල් කළ කොටස් මං(කොල්ලය)ගල්‍යය හෙවත් NSB-TFC කොටස් ජාවාරම
01-May-2012

පසුගිය අප්‍රේල් 27 වැනි සිකුරාදා කොළඹ කොටස් වෙළෙඳපොළෙ හි සිදුවූ එක්තරා කොටස් ගනුදෙනුවක් මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ. මෙම ගනුදෙනුවට අනුව ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම වන ‘‘ද ෆිනෑන්ස්“ සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 13.02% ක් හෙවත් කොටස් 7,863,362 ක්, ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් මිල දී ගෙන ඇත. එ සඳහා වන සම්පූර්ණ ආයෝජන වටිනාම රු. මිලියන 391 ඉක්මවේ.

read more >>

 

 

 

 

 

 
© 2010 - 2013 Lanka Business News. All rights reserved.