Lanka Business News | HOME |      
     
   

 

2013 : January | February | March | April | May | June | July | August | September | October | November | December
2014 : January | February | March | April | May | June | July | August

මාර්ක්ස් හෙල්ත්කෙයාර් සමාගමෙන් ‘තාරුණ්‍යය ට හෙටක්’ සංවිධානය කළ දැවැන්ත වෛද්‍ය කඳවුරකට පූර්ණ අනුග‍්‍රහයි
28-February-2013

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ඖෂධ සමාගමකවන, මාර්ක්ස් හෙල්ත්කෙයාර් සමාගම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර, නීතීඥ, නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වය දරණ ‘තාරුණ්‍යයට හෙටක්’ කළුතර දිස්ති‍්‍රක්කයේ සංවිධානය කළ දැවැන්ත වෛද්‍ය කඳවුරකට පසුගියදා අනුග‍්‍රහය ලබාදුණි. වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය, රෝහිත අබේගුණවර්ධන මහතා ගේ ප‍්‍රධානත්වයෙන් කළුතර දිස්ති‍්‍රක්කයේ ඉත්තෑපානේ ගොරකාදූව ප‍්‍රදේශයේදී පැවති මෙම වෛද්‍ය කඳවුරට වෛද්‍ය උපදෙස් අවශ්‍ය දහසකට වැඩි පිරිසක් දියවැඩියාව, රුධිර පීඩනය ආදී සාමාන්‍ය රෝගී තත්ත්වයක් පිළිබඳව පරීක්ෂාවට ලක් කර හා ප‍්‍රතිකාර නිර්දේශ කෙරුණි.

read more >>

පසුගිය වසරේ UTE ලද කලාපයේ ඉහලම අලෙවි වර්ධනය එනර්පැක් හී ඇගයුමට
27-February-2013

එනර්පැක් හයිඩ්‍රොලික් නිෂ්පාදන සඳහා දේශීය බලයලත් නියෝජිතවරයා ලෙස කටයුතු කරන යුනයිටඩ් ට‍්‍රැක්ටර් ඇන්ඞ් ඉක්විප්මන්ට් සමාගම පසුගියදා 2012 වසරේ ආසියානු කලාපයේ ඉහළම අළෙවි වර්ධනයක් පෙන්නුම් කළ සමාගම් අතර පෙරමුණ ගෙන සම්මානයට පාත‍්‍ර විය.

read more >>

මව් රටේ සිට ලබන ආකාරයෙන්ම විදේශයකදී අධ්‍යාපනය ලැබීමට..
27-February-2013

පිහිටීම අතින් පමණක් නොව සබඳතා අතින්ද ශ්‍රීලංකාවේ සමීපතම අසල්වාසියා වන ඉන්දියාව, ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ දිවිතීයික හා තෘතීයික අධ්‍යාපන අවස්ථා සඳහා ශ්‍රී ලාංකික සිසුන්ගේ ප්‍රමුඛතම තේරීම නොවේ නම් ප්‍රමුඛතම තේරීම් අතරින් එකක්ව පවතී. ඉහළ ප්‍රමිතියකින් යුත් ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සඳහා ඉන්දියාව ලබා ඇති පිළිගැනීම මෙන්ම, ළඟා වීමට පවතින පහසුවද හේතුවෙන්, පරිපූර්ණ සහ උසස් මට්ටමේ අධ්‍යාපනයක් මවුරටින් පිටත වසන බවක් නොදැනෙන ආකාරයකින් ලබාගැනීමට ඉන්දියාවේ දී ශ්‍රී ලාංකික සිසුන්ට හැකියාව පවතී. දැරිය හැකි වියදමකට ලෝකයේ ඉහළම මට්ටමේ අධ්‍යාපනයක් ඉන්දියාවේදී ලැබීමට ඇති හැකියාව, ඉන්දීය උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳව ශ්‍රී ලාංකික සිසුන් සහ දෙමවුපියන් උනන්දු වීමට ඇති හේතු රාශියක් අතරින් තවෙකකි. මේහේතුවෙන්, ඉන්දියාවේදී උසස් අධ්‍යාපනය ලැබීමට සිසුන් උනන්දුවීමට සුදුසුම වාතාවරණයක් පවතී.

read more >>

ජල ව්‍යාපෘති ප‍්‍රවර්ධනයට සිසුන් බ‍්‍රැන්ඩික්ස් හා එක්වෙයි
22-February-2013

ලෝකයට මෙන්ම ශ‍්‍රී ලංකාවටද අතිශයින්ම වැදගත් කාලීන මාතෘකාවක් වන ’ජලය’ පිළිබඳව සිසු දරු දැරියන් දැක්වූ වටිනා අදහස් නිසා මෙරට විශාලතම ඇඟලූම් අපනයන සමාගම වන බ‍්‍රැන්ඩික්ස්හි සමාජ සත්කාරක වැඩසටහනක් තුළින් ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘති දිනා ගැනීමට පාසැල් කිහිපයකට භාග්‍ය උදාවිය.

read more >>

කටුනායක අපනයන සැකසුම් කලාපයේ කොමර්ෂල් බැංකු ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර සංඛ්‍යාව වැඩි කෙරේ
22-February-2013

සිය සේවා සඳහා ඉල්ලූම වැඩිවීම හමුවේ කටුනායක අපනයන සැකසුම් කළාපයේ ගේට්ටු අංක 02 හි, ස්ථාපිත කර තිබූ සිය ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර සංඛ්‍යාව දෙගුණ කිරීමට කොමර්ෂල් බැංකුව කටයුතු කර ඇත. මේ අනුව, මෙම පිවිසුම තුළ බැංකුව විසින් දැන් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර හතරක් ක‍්‍රියාත්මක කරන අතර මේ සමග කටුනායක අපනයන සැකසුම් කළාපය තුළ ක‍්‍රියාත්මක බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර සංඛ්‍යාව අට දක්වා ඉහළ නැග තිබේ.

read more >>

SLT සමාගම් සමූහය 2012 වසර සඳහා රුපියල් බිලියන 6.17ක මෙහෙයුම් ලාභයක් අත්පත් කරගනිමින් 19% ක වර්ධන වේගයක් වාර්තා කරයි
21-February-2013

මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී (SLT) සමාගම 19%ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 6.17 ක්වූ සමාගම් සමූහයේ මෙහෙයුම් ලාභයක් පෙන්වමින් 2012 වසර සදහා සිය සමාගමේ සහ සමූහයේ මුල්‍ය තත්ත්වය ප‍්‍රකාශයට පත් කරන ලදී. වසරේ පළමු අර්ධය හා සැසදීමේදී රුපියලේ අගය වැඩි වීම පදනම් කොටගෙන දෙවැනි අර්ධය තුළදී විදේශ විනිමය හුවමාරු පරිවර්තකයේ වාසියක් පැවතිය ද, මුළු වර්ෂයේ හුවමාරු මත දක්නට වූ සමුච්චිත පරිවර්ථක අලාභය සමාගම් සමූහයේ බදු පෙර ලාභය සහ බදු පසු ලාභය හීන කිරීමට හේතුවිය.

read more >>

තෙත්බිම් රැකගැනීම උදෙසා ‘රිට්ස්බරි’ දායකත්වය ජගත් රම්සා සංවිධානයේ පැසසුමට ලක්වෙයි
20-February-2013

ලෝක තෙත්බිම් දින සැමරුමට සමගාමීව සෑම වසරකදීම සංවිධානය කෙරෙන  ලෝක තෙත් බිම් දින ජාතික මහෝත්සවය මෙවරත් සිලෝන් බිස්කට්ස් සමාගමේ ප‍්‍රමුඛතම රසකැවිලි වෙළෙඳ නාමය වන ‘රිට්ස්බරි’ චොක්ලට් හී   සමාදර දායකත්වයෙන් සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමෙන්තු ව සහ මධ්‍යම පරිසර අධිකාරියේ සංවිධාන ශක්තියෙන් පැවැත්වූ අතර තම ආයතනික සමාජ වගකීම මැනවින් ඉටුකරමින් මෙම කටයුත්ත සඳහා අඛණ්ඩව දෙවැනි වරටත් අනුග‍්‍රාහකත්වය ලබා දුන් සිලෝන් බිස්කට්ස් හී ‘රිට්ස්බරි’ වෙළෙඳ නාමය මෙහිදී අන්තර්ජාතික රම්සා නියෝජිතවරයාගේ ඇගයුමට ලක්විය.

read more >>

මහජන බැංකුවේ මුල් පුටුව ගාමිණි සෙනරත්ට
15-February-2013

මහජන බැංකුවේ සභාපතිධූරය සඳහා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා පත්කර තිබේ. මෙම පත්වීම ඊයේ දිනයේ දී සිදුකර තිබිණි. මහජන බැංකුවේ හිටපු සභාපති ඩබ්. කරුණාජීව මහතාගේ හදිසි අභාවය හේතුවෙන් මෙම ධූරය පුරප්පාඩු වී තිබුණි.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ නව ප‍්‍රධාන විධායක ලෙස ලලිත් ද සිල්වා මහතා පත් කෙරේ
13-February-2013

ජාතික විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි  නව සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස ලලිත් ද සිල්වා මහතා පත් කළ බව සමාගම නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර සිටී.මෙම පත්වීම 2013 පෙබරවාරි 07 වනදා සිට ක‍්‍රියාත්මක වේ. 

read more >>

තෙවන සතියේ Cash Bonanza දිනුම් ඇදීමත් සමඟ මොබිටෙල් පෙරගෙවුම් පාරිභෝගිකයන් 250 කට අධික පිරිසකට රුපියල් මිලියන 3.3 කට ආසන්න මූල්‍යමය ත්‍යාග!
12-February-2013

Cash Bonanza නමින් මොබිටෙල් ආයතනය, මොබිටෙල් පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙත හඳුන්වාඳුන් වැඩසටහනෙහි තෙවන දිනුම් ඇදීමෙන් පෙරගෙවුම් පාරිභෝගිකයන් 60කට අධික පිරිසකට මූල්‍යමය ත්‍යාග හිමිවිය. මෙම තෙවන සතියේ දිනුම් ඇදීම තුළින් උපුල්දෙනියේ පදිංචි කේ. බී. ආර්. දමයන්ති මහත්මිය රුපියල් 500,000 ක සුපිරි ත්‍යාගය දිනාගැනීමට සමත්විය. එමෙන්ම මෙම දිනුම් ඇදීමෙන් හෝමාගම පදිංචි ආර්. සමරසිංහ මහත්මිය  රුපියල් 200,000 ක මූල්‍යමය ත්‍යාගයක් හිමිකරගැනීම ද තවත් එක් විශේෂත්වයකි.

read more >>

අමානා තකාෆුල් යළිත් ජයග‍්‍රාහී වසරකට පිය ඔසවයි
11-February-2013

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන රක්‍ෂණ සේවා සැපයුම්කරුවෙකු වන අමානා තකාෆුල් සමාගම පසුගියදා ඉදිරි වාර්ෂික සැලැස්ම සිය කාර්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. විවිධ අංශයන්ගෙන් අපේක්‍ෂිත මට්ටම ඉක්මවා යමින් අත්පත් කරගත් ජයග‍්‍ර හණ සහ වසරේ විශේෂ අවස්ථා පෙන්වා දෙමින්  “අපි ජය ලබන්නෙමු” යන තේමාව යටතේ 2013 වසරේ සමාගමේ වාර්ෂික සැලැස්ම සියලූ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ඉදිරිපත් කරනු ලැබීය.

read more >>

ජාතික ස්කොෂ් තරගාවලිය සඳහා ජනශක්ති අනුග‍්‍රහය
08-February-2013

ශ්‍රී ලාංකේය ක‍්‍රීඩා කුසලතාවන් සවිබල ගැන්වීම කෙරෙහි සමාගමේ කැපවීම යළි අවධාරණය කරමින් මෙම වසරේ ජාතික ස්කොෂ් තරගාවලිය සඳහා ජනශක්ති රක්‍ෂණ සමාගම තම අනුග‍්‍රාහකත්වය ලබාදුන්හ.  සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාගාරයේ පැවති මෙම තරගාවලිය ශ්‍රී ලාංකා ස්කොෂ් සම්මේලනය විසින් සංවිධානය කළ අතර ජනශක්ති රක්‍ෂණ සමාගමේ සාමාන්‍ය රක්‍ෂණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ග‍්‍රැහැම් ලැබ්‍රෝයි මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙය පැවැත්වින.

read more >>

ශ‍්‍රී ලංකාව හා ඕමානය අතර වෙළෙඳ සබඳතා වර්ධනයට අවස්ථාවක්
07-February-2013

ශ‍්‍රී ලංකාව හා  ඕමාන් රාජ්‍ය අතර වෙළෙඳ සබඳතා ඇමරිකානු ඩොලර් මිලියන 250 දක්වා වර්ධනය කර ගැනීමට දෙරටේ අවධානය යොමුවී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. වර්තමානය වන විට දෙරට අතර වෙළෙඳ සබඳතා නව මුහුණුවරකින් සිදු කෙරන බවත් 2015 පමණ වන විට තවත් වර්ධනය කරගැනීමට සැලසුම් සකස් කර ඇති බවත්  ඕමානයේ ශ‍්‍රී ලංකා තානාපති අශෝක ගිරිහාගම මහතා සඳහන් කරයි.

read more >>

රේණුකා ෂො වොලස් වෙතින් ටින් කළ කැප්ටන් රෙඩි ටු ඊට් සෝයා කරි වෙළඳපොලට
05-February-2013

ශ‍්‍රී ලංකාවේ ආහාර හා පාන වර්ග නිෂ්පාදනයේ සහ අලෙවියේ පුරෝගාමී සමාගම් සමූහයක් වන රේණුකා ෂො වොලස් පීඑල්සී සමාගම ටින් කළ කැප්ටන් රෙඩි ටු ඊට් සෝයා කරි නමින් නවතම නිෂ්පාදනයක් ජනප‍්‍රිය සෝයා ආහාර වෙළඳපොලට හඳුන්වාදෙයි. විවිධ වට්ටෝරු උපයෝගී කරගනිමින් මෙම සමූහ ව්‍යාපාරයේ පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායම් විසින් මෙම නව ටින් කළ කැප්ටන් රෙඩි ටු ඊට් සෝයා කරි නිෂ්පාදනය දියුණු කොට ඇත.

read more >>

IPL වෙන්දේසියේ දී සචිත්‍ර ට ස්වීප් එකක් ඇදුනා ද?
04-February-2013

6 වැනි IPL ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේ දී අවසන් වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ඉහළ මිල ගණන්වලට මිල දී ගනිමිනි. මෙවර වෙන්දේසියේ ක්‍රීඩකයෙකුට ලැබුණු දෙවන ඉහළම අගය අජන්ත මෙන්ඩිස් ට හිමිවූයේ ඩොලර් 725,000 ක වටිනාමක් හිමිකර දෙමිනි. ඔහුව මිල දී ගනු ලැබුවේ පූනේ වොරියර්ස් කණ්ඩායමයි.  එසේම තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ඩොලර් 675,000 ක මුදලකට මිල දී ගැනීමට සන්රයිස් හයිද්‍රාබාද් පිල පියවර ගත්තේය.

read more >>

රයිගම් ටෙලීස් - ජාතියේ ටෙලි සම්මාන
28-February-2013

නව වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2013 මැයි මස 17 වෙනි දින සන්ධ්‍යාවේදී ටෝටර්ස් එජ් හිදී පැවැත්වේ. වසර නවයක් යනු සම්මාන උළෙලකට දීර්ඝ කාලයකි. එහි සංවිධායකවරුන්ට දීර්ඝ අත්දැකීමකි. සම්මාන ලාභීන්ට බලාපොරොත්තුවකි. වසර නවයක් පුරාවට අඛණ්ඩව ඉහළම තත්ත්වයේ සම්මාන උළෙලක් පැවැත්වීම අභියෝග ජය ගැනීමකි. ඒ සතුට සහ ශක්තිය අප ශ්‍රී ලාංකික ටෙලි මාධ්‍යය සහ ජනතාව සමඟ බෙදා හදා ගන්නේ මෙවර, සුවිශේෂී වූද සමස්ත ටෙලි මාධ්‍යයම ආවරණය කරන්නා වූද ජාතියේ ටෙලි සම්මාන උළෙල සංවිධානය කිරීමේ භාරදූර වගකීම ඉතා සාදරයෙන් පිළිගනිමිනි.

read more >>

කැළණි කේබල්ස් සමාගම සංවිධානය කරන ශී‍්‍ර ලංකාවේ එකම විද්‍යුත් ආරක්ෂණ කතිකාව ‘Kelani Knowledge Forum 2013’ මගින් විදුලි ඉංජිනේරු ක්ෂේත‍්‍රයට නවතම දැනුම ලබාදේ
28-February-2013

ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC‍ සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරන ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන එකම විද්‍යුත් ආරක්ෂණ සාකච්ජා මණ්ඩපයවන ‘Kelani Knowledge Forum 2013’ පසුගියදා  වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණි. මෙරට විදුලි ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් හා සමාගම් ප‍්‍රධානීන් ට විද්‍යුත් ආරක්ෂණය පිළිබඳ නවතම දැනුම ලබාදීම හා අනාගත අභියෝග සාකච්ජාකිරීමේ අරමුණෙන් පැවැත්වෙන මෙම කතිකාව  කැළණි කේබල්ස් සමාගම සංවිධානය කළේ දෙවන වරටවන අතර, විදුලි ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ දැනුම වර්ධනය වෙනුවෙන් මෙවැනි අවස්ථාවක් ලබාදෙන එකම විදුලි රැහන් හා උපාංග නිෂ්පාදන සමාගම ද වේ.

read more >>

සන්සිල්ක්-රමණි ප‍්‍රනාන්දු කේෂ හා රූපලාවණ්‍ය පුහුණු ආයතනයේ 8 වැනි උපාධි ප‍්‍රදානෝත්සවය පැවැත්වීමට සියල්ල සූදානම්
27-February-2013

දිවයිනේ ප‍්‍රමුඛතම රූප ලාවණ්‍ය පුහුණු පාසලක් වන රමණි ප‍්‍රනාන්දු කේෂ හා රූප ලාවණ්‍ය පුහුණු ආයතනය, යුනිලීවර් සමාගමේ ප‍්‍රමුඛතම හිසකේ සත්කාරක නිෂ්පාදනය වන සන්සිල්ක් සන්නාමය හා පවතින දීර්ඝකාලීන ව්‍යාපෘති සහයෝගිතාවය සමඟ පවත්වනු ලබන 8වැනි වාර්ෂික උපාධි ප‍්‍රදානෝත්සවය ලබන මාර්තු මස 20වැනිදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව නිවේදනය කරයි.

read more >>

ඉ-වාහන ආදායම් බලපත්‍ර සේවාව දකුණු පළාතට ව්‍යාප්ත කෙරේ
23-February-2013

ඉ-වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ සේවාව දකුණු පළාතටද ව්‍යාප්ත කිරීමට පියවර ගැනේ. බස්නාහිර පළාතෙන් මෙම සේවාව ප්‍රථමයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී ලද සාර්ථකත්වය මත දකුණු පළාතට හඳුන්වාදීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. වාහන හිමිකරුවෙකුට සිය වාහනයේ ආදායම් බලපත්‍රය තමන්ට ලඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමේ පහසුකම මෙමගින් උදාවේ. දකුණු පළාත තුල මෙම සේවාව හඳුන්වා දීම සදහා වන මුලික කටයුතු මේ වන ආරම්භ කර තිබෙන බව නියෝජිතායතනය පවසයි.

read more >>

දැයට කිරුළට සමගාමීව එම පළාත්වල IT පහසුකම් ඉහළ නැංවේ
22-February-2013

2013 දැය‍ට කිරුළ ජාතික ප්‍රදර්ශනය‍ට සමගාමීව එම පළාත් වල තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ පහසුකම් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. මේ අනුව අම්පාර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ මඩකලපුව යන දිස්ත්‍රික්කයන් හි නව නැණසල මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට නියමිත බවද නියෝජිතායතනය සඳහන් කරයි.

read more >>

අන්තර්ජාල බැංකු ගනුදෙනුකරුවන්ට කොමර්ෂල් බැංකුවෙන් ජංගම දුරකතන හා ටැබ්ලට් පරිගණක
22-February-2013

කොමර්ෂල් බැංකුව පසුගියදා දියත් කළ ප‍්‍රවර්ධන වැඩසටහනක් යටතේ බැංකුවේ අතිනවීන කොම්බෑන්ක් අන්තර්ජාල බැංකු සේවාව භාවිතා කරමින් ගනුදෙනු කළ වාසනාවන්ත ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකුට සැම්සුන්ග් ජංගම දුරකතන සහ ටැබ්ලට් පරිගණක දිනා ගැනීමේ වරම උදාවිය. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ වාසනාව උදාකර ගත් පළමු කණ්ඩායමට බැංකුව විසින් සැම්සුන්ග් ගැලැක්සි නෝට් II ජංගම දුරකතනයක්, සැම්සුන් ගැලැක්සි S III ජංගම දුරකතනයක් සහ සැම්සුන්ග් ගැලැක්සි II ටැබ්ලට් පරිගණකයක් ප‍්‍රදානය කරන ලදී. මීට අමතරව, ගැලැක්සි මියුසික් ඩු ඕස් ජංගම දුරකතන දහයක්ද සැනසිලි ත්‍යාග ලෙස ලබා දෙන ලදී.

read more >>

‘Berri’ සහ ‘Just Juice’ සඳහා ශී‍්‍ර ලංකාවේ එකම බෙදාහරින ආයතනය වශයෙන් ඩෙල්මේජ් පත්වෙයි
21-February-2013

‘Berri’ සහ ‘Just Juice’ සඳහා ශී‍්‍ර ලංකාවේ බලයලත් එකම බෙදාහරින ආයතනය වශයෙන් ඩෙල්මේජ් ෆෝසයිත් සහ සමාගම පත්කරන ලද බව එම ආයතනය සහ ලයන්  ඕස්ටේ‍්‍රලියා පුද්ගලික සමාගම විසින් නිවේදනය කර සිටී. ඇපල්, ඔරේන්ජ්, ඩාර්ක් ගේ‍්‍රප්, ඇපල් ඇන්ඞ් බ්ලැක් කරන්ට් ඇතුළු තවත් රස ගණනාවකින් එළි දකින Berri 100% ක්ම ස්වභාවික පළතුරු යුෂ පානයකි. ලීටර් 1 සහ ලීටර් 2.4 ඇසුරුම්වලින් එන Berri නිෂ්පාදන අද වන විට  ඕස්ටේ‍්‍රලියාවේ අංක එකේ පළතුරු යුෂ වෙළඳනාමයක් ලෙසින් සිය වෙළෙඳපොළ ස්ථානය අඛණ්ඩව තහවුරු කර ගෙන ඇත. Berri සහ Just Juice හරහා මේ වන විට වෙනමම වෙළෙඳපොළ කාණ්ඩයක් ස්ථාපිත කිරීමට හැකියාව ලැබී ඇත්තේ මෙම සාර්ථකත්වයේ සුවිශේෂී ප‍්‍රතිඵලයක් වශයෙනි.

read more >>

කසක්ස්ථානයේ අගනුවරට දර්ශනීය ‘Nature’s Secrets’ අලෙවි මධ්‍යස්ථානයක්
21-February-2013

ශ‍්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර රූපලාවනය වෙළෙඳනාමය වන ‘Nature’s Secrets’ මේ වනවිට රටවල් 50 කට අධික සංඛ්‍යාවක ලියාපදිංචි කර ඇත. වසර 2020 දි ලංකාවෙන් බිහි වන ජාත්‍යන්තර රූපලාවන්‍ය සන්නාමය බවට පත් කිරීමේ අරමුණ සහිතව මෙම කටයුතු සිදු කෙරෙයි. ඒ අනුව හිමෙන් වැසුණු සීතල කාළගුණයක් ඇති කසක්ස්ථානයේ මනරම් අස්තානා අගනුවර ‘Nature’s Secrets’ අලෙවි මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කෙරිණි. එම අවස්ථාවට නේචර්ස් බියුටි ක‍්‍රියේෂන්ස් ආයතනයේ සභාපති/කළමණාකාර අධ්‍යක්‍ෂ සමන්ත කුමාරසිංහ මහතා සහ කසක්ස්ථාන ‘Nature’s Secrets’ අළෙවි නියෝජිත ගේ‍්‍රගරි කොලෝ මහතා හා ටට්යානා වැසිල්යේවා මහත්මියද සහභාගි වුහ.

read more >>

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් ලාභය මාස 09 කදී 11% කින් නගී
21-February-2013

එක්ස්පෝලංකා හෝල්ඩිංස් PLC, 2012 දෙසැම්බර් මසින් අවසන් වූ මාස නවයක කාල වකවානුවෙහි බදු පෙර ඒකාබද්ධ ලාභය ලෙසින් රුපියල් මිලියන 1,319 ක් උපයා ඇත. මෙය ගතවු වසරෙහි මෙම කාලපරිච්ඡේදය හා සසඳන කල 11 % සැලකිය යුතු වර්ධනයකි. එමෙන්ම, තුන්වැනි කාර්තුව සඳහා සමූහය සටහන් කළ ලාභය බදුවලට පෙර රුපියල් මිලියන 311 කි. මේ අනුව මව් සමාගමේ කොටස්කරුවන්ගේ සමකොටස්වලට ආරෝපණය කළ හැකි සමූහයේ ලාභය 2 % ලෙසින් පළමු නව මස තුල වාර්තා විය.

read more >>

Closeup (ක්ලෝස්අප්) ශී‍්‍ර ලංකාව තුළ සිය පළමු සංවත්සරය පෙම්වතුන්ගේ දිනයේදී ආදරවන්තයින් සමඟ විශ්වාසයෙන් සමීපව සමරයි
20-February-2013

යෞවනයේ විශ්වාසය දිනාගත් යුනිලීවර් සමාගමේ මුඛ සෞඛ්‍ය නිෂ්පාදනයක් වන Closeup (ක්ලෝස්අප්) ආදරවන්තයින්ගේ දිනය සැමරීමට තාරුණ්‍යය සමඟ අත්වැල්බැද ගනියි. ආදරවන්තයින්ගේ දිනය යෙදී තිබූ පෙබරවාරි මස 14වැනිදා එක්සෙල් වර්ල්ඩ් හිදී පැවති ‘‘Closeup Red Hot Valentines Party’’ සංවිධානය කරමින් Closeup මෙලෙස තාරුණ්‍යය සමග එක්ව ආදරවන්තයින්ගේ දිනය සැමරීමට එක්විය.

read more >>

GSK සමාගම රුපියල් මිලියන 203 ක් ආයෝජනය කරමින් Eno සහ Iodex නිෂ්පාදනය සඳහා අති නවීන කර්මාන්ත ශාලාවක් පිහිටුවයි
19-February-2013

තම ගමන් මගේ තවත් සුවිශේෂි සංධිස්ථානයක් සටහන් කරමින් ග්ලැක්සොස්මිත්ක්ලයින් (GSK) සමාගම තම ආයුර්වේදීය නිෂ්පාදන වන Eno (ආම්ලිකතාවය සඳහා භාවිතාකරන ආයුර්වේද ප‍්‍රතිකාරය) හා Iodex ආලේපනය මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා අති නවීන කර්මාන්තශාලාවක් පිහිටුවන ලදි. රටේ ආර්ථිකයට තමන් දක්වන කැපවීම පෙන්නුම් කරමින් ඨීණ සමාගම මේ වෙනුවෙන් රුපියල් මිලියන 203 පමණ මුදලක් ආයෝජනය කරන ලදි. 2012 වර්ෂයේ අපේ‍්‍රල් මාසයේදී රුපියල් මිලියන 217 ක් ආයෝජනය කරමින් පැනඩෝල් පෙති මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා GSK සමාගම විසින් ඉදිකරන ලද කර්මාන්ත ශාලාව මෙම ආයෝජන කි‍්‍රයාවලියේ තවත් ප‍්‍රබල පියවරක් විය.

read more >>

ලබුගම හා කලටුවාව පුනරුත්ථාපනයට හංගේරියාවෙන් බිලියන හයක්
15-February-2013

ලබුගම සහ කලටුවාව ජල පවිත්‍රාගාර පුනරුත්ථාපනය සඳහා හංගේරියානු රජය විසින් තම ආනයන හා අපනයන බැංකුව (හංගේරියානු එක්සිම් බැංකුව) වෙතින් යුරෝ මිලියන 35 (රුපියල් බිලියන 6)ක මුල්‍යාධාර ලබාදීමට එකඟතාව පළ කර ඇත. මෙම පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ලබුගම සහ කලටුවාව ජල පවිත්‍රාගාරයන්හි ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ඉතා දියුණු තාක්ෂණික මට්ටමකට පරිවර්තනය කිරීම තුළින් පානීය ජලයේ ගුණාත්මකබව සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට කටයුතු කෙරෙනු ඇත.

read more >>

ෆෝඩ් මෝටර් සමාගම ශ‍්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය සඳහා ඇ.ඩො. 15,000 ක්  ප‍්‍රදානය කරයි
15-February-2013

ෆෝඞ් සමාගම මගින් 2012 වසරේ ශ‍්‍රී ලංකාව සඳහා වන සංරක්ෂණ හා පාරිසරික ප‍්‍රදාන වැඩසටහනේ එක් පියවරක් ලෙස ශ‍්‍රී ලංකා රුක් රැුකගන්නෝ සංගමය සහ වනසරණ තුරුලතා ස්වේච්ඡා සංගමය යන සංගම් දෙක අතර ඇමෙරිකානු ඩොලර් 15,000ක මුදලක් සමසේ බෙදී යන පරිදි ප‍්‍රදානය කිරීම අද දිනයේ සිදුවිය.

read more >>

ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය 2013 අගෝස්තු 23 - 25
13-February-2013

ශ්‍රී ලංකාවේ වඩාත්ම පරිපූර්ණ කෘෂිකාර්මික හා ඇසුරුම්කරණ ප්‍රදර්ශනයවන “Profood Pro Pack- Agbiz 2013” ප්‍රදර්ශනය, නොකඩවා 12 වනවරටත් 2013 අගෝස්තුමස 23, 24 සහ 25 යන තෙදින සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශනශාලාවේදී පැවැත්වේ. ගොවිපලකදී මූලිකවම නිපදවෙනුලැබ යම්ක්‍රියාවලියක් තුළින් පාරිභෝගිකයාගේ කෑම මේසයට යම්ආහාරයක් පැමිණෙන සමස්ථ නිෂ්පාදන ක්‍රියාදාමයම ආවරණයකරමින් “ගොවිපලේ සිට මුළුතැන්ගෙය දක්වා (From farm to kitchen)” යන තේමාවෙන් යුක්තව පැවැත්වෙනු ඇති මෙම ප්‍රදර්ශනය, පසුගිය දශකය තුළ පැහැදිලි ක්‍රමවත් වර්ධනයක් පෙන්නුම්කර ඇත.

read more >>

ලස්සන ෆ්ලෝරා ශී‍්‍ර ලංකාවේ පළමු වරට මුද්‍රිත මල් එළි දක්වයි
13-February-2013

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම මල්කරුවන් වන ලස්සන ෆ්ලෝරා, මෙරට මල් කර්මාන්තයේ තවත් විප්ලවීය වෙනසකට මුලපුරමින් මල් පෙති මත මුද්‍රිත අකුරු හා රූප යෙදීමේ කලාව ශී‍්‍ර ලංකාවට හඳුන්වා දෙනු ලබයි. මෙම නව හඳුන්වා දීමත් සමඟම මෙරට මල් කර්මාන්තය තුළ මෙකී අසමසම සේවාව හඳුන්වා දෙනු ලැබූ පළමු සමාගම බවට ලස්සන ෆ්ලෝරා මේ අනුව පත්වෙනු ඇත.

read more >>

ජෑම්ෆොටෝ සමගින් පැපිරස් පේපර්ස් ඡායාරූප මුද්‍රණයේ නව පියවරක් තබයි
13-February-2013

ඡායාරූප මුද්‍රණයේ ආකර්ෂණීයභාවය ‘ඩිජිටල් විප්ලවය’ ඉදිරියේ නොනැසී පවතින බවට ඇති ප‍්‍රායෝගික සත්‍යතාවය මත මෙරට ප‍්‍රමුඛතම මාහැඟි අලංකරණ කඩදාසි සැපයුම්කරු වන පැපිරස් පේපර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම, ‘සේයාරූ පොත්’ නිපදවීමේ ශ‍්‍රී ලංකාවේ පළමු විශේෂඥ සමාගම ලෙස ‘ජෑම්ෆොටෝ’ සමගින් දේශීය ඡායාරූප නිර්මාණ වෙළෙඳපොළට දැන් අවතීර්ණ  වී ඇත. නව්‍යකරණය වූ ඡායාරූප නිර්මාණ කර්මාන්තය තුල තම නැවුම් ව්‍යාපාරයට සවිබලය සපයනු පිණිස පැපිරස් සමාගම විසින් ලොව ප‍්‍රමුඛතම සමාගම් දෙකක් සමගින් සවිමත් සබඳතාවයන් මේ වන විටත් ඇති කරගෙන තිබේ. ඡායාරූපකරණය හා ඩිජිටල් මුද්‍රණ කි‍්‍රයාවලි සඳහා තාක්‍ෂණික කඩදාසි නිපදවන, ජර්මනිය ප‍්‍රධාන මධ්‍යස්ථානය කර ගත් ෆීලික්ස් ෂෝලර් සහ ඉන්දියාවේ ටෙක්නෝවා මෙම සමාගම් දෙක වේ.

read more >>

කඳුරට කුඩ SSC ක්‍රිකට් පිල සමග අත්වැල් බැඳගනියි
12-February-2013

දේශීය නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ නමක් දිනූ  කඳුරට කුඩ ආයතනය SSC ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම් සඳහා අනුග්‍රාහකයන් බවට පත්වෙයි. මේ පිලිබඳ සංකේතාත්මක සුහද හමුවක් පසුගිය දා සිංහල ක්රී ඩා සමාජයේදී පැවැත්වුණු අතර එම අවස්ථාවට කඳුරට කුඩ සමාගමේ  සභාපති M.T.M නෞෂාඩ්, සාමාන්‍යාධිකාරී අලෙවි හා වෙළඳ  රිසා තාහිර් යන මහත්වරුන් සහ සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එහි සභාපති W.එල්ලාවල, ක්‍රිකට් කමිටු සභාපති සමන්ත දොඩන්වෙල, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, SSC පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන, නායක තිලිණ කන්ඩම්බි ඇතුළු SSC ක්‍රිකට් පිලේ සියලුම සාමාජිකයන් එක්ව සිටියෝය.

read more >>

වෙබ් අඩවි යාවත්කාලීන කිරීමේ දී සයිබර් ආරක්ෂාව ඉතා වැදගත් - CERT පවසයි
11-February-2013

වෙබ් අඩවියකට තොරතුරු ඇතුලත් කිරීමේදී මෙන්ම  තොරතුරු යාවත්කාලීන කිරීමේදී සයිබර් ආරක්‍ෂාව පිළිබද පුර්ණ විශ්වාසයකින් යුතුව කටයුතු කිරීම වැදගත් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. සයිබර් ප්‍රහාරයකින් වෙබ් අඩවි ආරක්‍ෂා කර ගැනීමට එමගින් හැකිවන බවද සංසදය වැඩිදුරටත් පවසා සිටී.

read more >>

කොමර්ෂල් බැංකුව, ‘ඩොට්කොම්’ සමග තරුණයින් අතර ඉතුරුකිරීම ප‍්‍රවර්ධනය කරයි
11-February-2013

කොමර්ෂල් බැංකුවේ ඩොට්කොම් යෞවන ඉතුරුම් ගිණුම සඳහා සතියක් පුරා පැවති ප‍්‍රවර්ධන වැඩසටහන සමාප්ත කරමින් පසුගියදා පැවති ඩොට්කොම් තරුණ හමුවේදී කොටහේන ප‍්‍රදේශයේ තරුණයින් 250 කට අධික සංඛ්‍යාවකට සංගීතය හා නර්තනයන් පිරි සොඳුරු රාත‍්‍රියක අසිරිය විඳ ගැනීමේ අවස්ථාව කොමර්ෂල් බැංකුව විසින් තිළිණ කළේය.

read more >>

මාර්ක්ස් හෙල්ත්කෙයාර් සමාගම, මැලේසියාවේ අංක එකේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Y.S.P. Industries සමාගම සමඟ අලෙවි හා බෙදාහැරීමේ ගිවිසුමක් අත්සන් කරයි
08-February-2013

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ඹෟෂධ සමාගමකවන, මාර්ක්ස් හෙල්ත්කෙයාර් සමාගම, පිරිමැසුම්දායක මිලක ට තාක්ෂණිකව දියුණු ඖෂධ මෙරට පාරිභෝගිකයන්ට සැපයීමේ අරමුණෙන් මැලේසියාවේ අංක එකේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Y.S.P. Industries (M) Sdn. bhd සමාගම සමඟ අලෙවි හා බෙදාහැරීමේ ගිවිසුමක් පසුගියදා කොළඹ දී අත්සන් තැබීය. මාර්ක්ස් හෙල්ත්කෙයාර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රජීව් නානායක්කාර මහතා හා Y.S.P. Industries (M) Sdn. bhd සමාගමේ සාමාන්‍යාධිකාරී, ජොන්සන් ඔන්ග් මහතා අත්සන් තැබුණු මෙම අලෙවි හා බෙදාහැරීමේ ගිවිසුම යටතේ, එම සමාගමේ ඖෂධ නිෂ්පාදනයන් හි ශී‍්‍ර ලංකාවේ අලෙවි හා බෙදාහැරීමේ එකම නියෝජිතයා ලෙසින් කටයුතුකිරීමේ බලය මාර්ක්ස් හෙල්ත්කෙයාර් සමාගමට හිමි වේ.

read more >>

සෙලාන් බැංකුව ලැයිස්තුගත ණයකර නිකුතුවකට සැරසේ
08-February-2013

සෙලාන් බැංකුව රුපියල් බිලියන 1 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් රුපියල් 100 බැගින් වූ අනාරක්‍ෂිත, යටත් කළ හැකි, නිදහස් කළ හැකි ණයකර 10,000,000 ක් නිකුත් කිරීමට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ අනුමැතිය ලබා ගන්නා ලදී. අධි දායකත්වයක දී තවත් රුපියල් බිලියන 1 ක ණයකර නිකුතුවක් සිදුකිරීමට නියමිත අතර ඒ අනුව මෙම ණයකර නිකුතුවේ මුළු වටිනාකම රුපියල් බිලියන 2 ක් වේ. මෙම ණයකර නිකුතුව 2013 පෙබරවාරි 14 වැනි දින විවෘත කිරීමට නියමිතය.

read more >>

2013 වාර්ෂික සයිබර් ප්‍රහාර පෙරහුරුව පැවැත්වෙයි
07-February-2013

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18 ක සහභාගිත්වයෙන් ආසියා පැසිෆික් කලාපීය පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ  2013 වාර්ෂික සයිබර් ප්‍රහාර පෙරහුරුව පසුගියදා පැවැත්විණි. අන්තර්ජාලය හරහා පැමිණිය හැකි විශාල ප්‍රමාණයේ සේවා බිද වැට්ටීම් වලින් ආරක්‍ෂා වන්නේ කෙසේද යන්න පිලිබඳව දැනුවත් වීම මෙවර පෙරහුරුවේ අරමුණ විය. ශ්‍රී ලංකාව, චීනය, ඉදුනීසියාව, සිංගප්පුරුව, ජපානය, මැලේසියාව, හොංකොං, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, තායිලන්තය, බෘනායි, තායිපේ, ඉන්දියාව, මැකාති, මියන්මාරය, කොරියාව  ඇතුලු  රටවල් නියෝජනය කරමින්  කණ්ඩායම් 22 ක් මේ සදහා සහභාගි විය.

read more >>

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මාර්තු 18 ජනතා අයිතියට
07-February-2013

මත්තල ඉදිකෙරෙන දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මාර්තු 18 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ජනතා අයිතියට පැවරීමට සියලු ම කටයුතු සූදානම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසීය.2009 වර්ෂයේ නොවැම්බර් 27 දින මත්තල හම්බන්තොට ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය ආරම්භ කරන ලද බව පැවසූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ මේ සඳහා චීන රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 190ක මුදලක් සහනදායී ණයක් ලෙස ලැබුණ බවත් මුළු ගිවිසුම්ගත කොන්ත්‍රාත් මුදල වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 209ක් බවත් ඉතිරි මුදල ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් දරණු ලැබූ බවත්ය.

read more >>

‘‘ජනශක්ති ලයිෆ් සේවර්’’ ජීවිතයට සවිබලයක් වෙමින් සුරැකි අනාගතයකට
06-February-2013

රක්‍ෂණ ක්ෂේත‍්‍රයට නව්‍ය වූ නිෂ්පාදන හඳුන්වාදෙන ජනශක්ති රක්‍ෂණ සමාගම ‘‘ජනශක්ති ලයිෆ් සේවර්’’ නමින් ඔප්පුහිමියාට සහ යැපෙන්නන්ට ජීවිතයේ සැඳෑ සමය පුරාවටම විශ‍්‍රාම ප‍්‍රතිලාභ ලබාදෙමින් සුරැකි ජීවිතයකට මංපෙත් විවර කරන විශ‍්‍රාම සැලසුමක් දියත් කිරීමට පියවර ගෙන ඇත. ‘‘ජනශක්ති ලයිෆ් සේවර්’’ විශ‍්‍රාම සැලසුම මගින් ජීවිතයට නම්‍යශීලී සහ අර්ථාන්විත අරමුදලක් ගොඩනගයි.

read more >>

ශ්‍රී ලංකාවේ නිදහස සැමරීමට ගූගල් එක්වෙයි
04-February-2013

ශ්‍රී ලංකාවේ 65 වෙනි නිදහස් දින සැමරීම වෙනුවෙන් ගූගල් වෙබ් අඩවිය සිය මුල්පිටුව සිංහයෙකුගෙන් සැරසීමට අද දින පියවර ගත්තේය. ගූගල් සමාගම ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන්කර ඇති වෙබ් අඩවිය මෙලෙස ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරීමට පියවර ගනු ලැබීය. ගූගල් සමාගම පවසන්නේ පෙබරවාරි 04 වැනි දින, ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරීම සඳහා ශ්‍රී ලාංකිකයින් පිරිසකගෙන් ලැබුණු ඉල්ලීමක් අනුව මෙම පියවර ගනු ලැබූ බවයි. ගූගල් මුල් පිටුව මෙලෙස හැඩ කිරීම ගූගල් ඩූඩල් ලෙසින් හැඳින්වේ. සාමාන්‍යයෙන් ලොව විශේෂිත දින හා ඉසව් සැමරීම සඳහා ගූගල් සමාගම සිය මුල්පිටුව මෙලෙස ඩූඩල් වලින් හැඩකරනු ලබයි.

වැඩ බිමේදී එච්.අයි.වී. සහ ඒඩ්ස් රෝගය පිටුදැකීමට ලංකා ව්‍යාපාරික සන්ධානයේ සාමාජික සමාගම් සමග රෙකිට් බෙන්කිසර් එක්වෙයි
01-February-2013

එච්.අයි.වී. සහ ඒඩ්ස් රෝගය පිටුදැකීමට සඳහා වන ලංකා ව්‍යාපාරික සන්ධානයේ සාමාජික සමාගම් සමග ලොව ප‍්‍රමුඛතම සන්නාමයක් වන ඩියුරෙක්ස් (උපත් පාලන කොපු) හී අලෙවිකරු වන රෙකිට් බෙන්කිසර් අත්වැල් බැඳ ගනිමින් මෙම රෝගයෙන් අත්මිදීම සඳහා සේවකයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කෙරින. ව්‍යාපෘතියේ සමාරම්භය සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන සහ නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක යන මහත්වරුන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් සිදුකෙරිණ.

read more >>

‘ආර්කිටෙක්ට් 2013’ දී ඒෂියන් පේන්ට්ස් වෙතින් අමුත්තන්ට වීඩියෝ අනුරූපන විනෝදය සමග දැනුම
28-February-2013

ඉන්දියාව මධ්‍යස්ථාන කරගත් තීන්ත නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන ඒෂියන් පේන්ට්ස් සමාගමිආර්කිටෙක්ට්’ 2013 ප‍්‍රදර්ශනයේදී සිය ‘රොයාල් ප්ලේ’ තීන්ත මාලාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා යොදාගත් අතිනවීන ප‍්‍රදර්ශන තාක්ෂණය තුළින් වර්ණ භාවිතය පිළිබඳව දැනුමක් ලබා ගැනීමට තම  ප‍්‍රදර්ශන කුටියට පැමිණි අමුත්තන්ට අවස්ථාව හිමිවිය.

read more >>

ඔඩෙල් සිය සේවක මණ්ඩලය ඇගයීමට ලක් කරයි
28-February-2013

සුබ පැතුම් සහ සැමරුම් මධ්‍යයේ සිය සේවක මණ්ඩලයේ දිගු කාලීන සේවය අගයමින් ඔඩෙල් සමාගම මෙම මස මුලදී ඇගයීමේ උළෙලක් සංවිධානය කළේය. ඔඩෙල් ආයතනය සමග වසර 20ක සේවා කාලයක් සපුරාලනු ලැබූ සේවකයින් දෙදෙනකු වන ඒ.එල්.පී. දිල්රුක්‍ෂි පෙරේරා මහත්මිය හා ඩබ්ලිව්.එල්.ප‍්‍රදීප් කේ. කරුණාරත්න මහතා සමග සමාගමේ වසර 05, 10 සහ 15 වශයෙන් සේවය සම්පූර්ණ කළ සේවකයින් 80 දෙනකු මෙහිදී ඇගයීමට පාත‍්‍ර විය.

read more >>

ආපිකෝ සමාගම, වායු පවිත‍්‍රකාරක දුම නසන CFL බල්බයක් මුල්වරට ශී‍්‍ර ලංකාවට හඳුන්වා දේ
27-February-2013

ශී‍්‍ර ලාංකික ජන ජීවිතය වඩාත් පහසු කරවන නව නිෂ්පාදන රැසක්ම හඳුන්වා දුන් ආර්පිකෝ (රිචඩ් පීරිස් සමාගම) තම Arpico Arpilight වෙළඳනාමය යටතේ වායූ පවිත‍්‍රකාරක CFL බල්බයක් (Air Purifing - Smoke Free CFL Bulb)  පළමුවරට මෙරට වෙළඳපොලට හඳුන්වා දි තිබේ. මෙම නව Arpilight CFL බල්බයේ විශේෂිත සෘණ අරෝපිත අයන උත්පාදක උපාංගයක් ඇතුළත් ව තිබීමෙන්, එය දැල්වෙන අවට ප‍්‍රදේශයේ වායුව පවිත‍්‍රකිරීමක් සිදු වේ.

read more >>

මොබිටෙල් Cash Bonanza පස්වන සතියේ දිනුම් ඇදීමත් සමඟ ජයග‍්‍රාහකයන් 480ක්
27-February-2013

Cash Bonanza නමින් මොබිටෙල් පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙත හඳුන්වාඳුන් දිනුම් ඇදීම් වැඩසටහනේ පස්වන සතියේ දිනුම් ඇදීමත් සමඟ මොබිටෙල් පෙරගෙවුම් පාරිභෝගිකයන් 480කට අධික සංඛ්‍යාවකට රුපියල් මිලියන 5.7ක් ඉක්මවමින් මූල්‍යමය ත්‍යාග පිරිනැමීමට මොබිටෙල් ආයතනය කටයුතු කර ඇත. පස්වන සතිය සඳහා සිදුකළ දිනුම් ඇදීමෙන් ලක්ෂ 5ක මූල්‍යමය සුපිරි ත්‍යාගය හිමිකරගැනීමට පුහුල්වැව පදිංචි එච්. එස්. පී. එන්. හේවාපතිරණ මහතා වාසනාවන්ත විය. එමෙන්ම මෙම දිනුම් ඇදීමෙන් මහරගම නාවින්න ප‍්‍රදේශයේ පදිංචි උත්තරා ෂවින්දනි ගුණරත්න මහත්මිය රුපියල් 250,000 ක මූල්‍යමය ත්‍යාගයක් හිමිකරගැනීම තවත් විශේෂත්වයකි.

read more >>

ඉන්ධන මිල නගී
23-February-2013

අද දින සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. මේ අනුව ඔක්ටේන් 90 හ 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00 කින් ද,  ඩීසල් ලීටරයක මිල රුපියල් 6.00 කින් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 4.00 කින් ද ඉහළ නංවා තිබේ. මේ අනුව නව මිල ගණන් යටතේ ඔක්ටේන් 90 පෙට්‍රල් ලීටරයක් රු. 163.00 ක්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 170 ක්ද, ඔටෝ ඩීසල් ලීටරයක් රු. 121.00 ක්ද, සුපර් ඩීසල් ලීටරයක් රු. 145.00 ක්ද, භූමිතෙල් ලීටරයක් රු. 115.00 ක්ද වනු ඇත.

ප්‍රථම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියට ගිවිසුම් අත්සන් කෙරේ
23-February-2013

මහනුවර ප්‍රදේශයේ ඉදිකරනු ලබන ප්‍රථම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජන ගිවිසුම අත්සන් තැබීම පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා GVR ලංකා පුද්ගලික සමාගම අතර සිදු කෙරිණ. 2016 වන විට මිලියන 25ක සංචාරකයන් ප්‍රමාණයක් රට තුළට ගෙවා ගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ යටිතල පහසුකම්වල විශේෂයෙන් හෝටල් කාමර ධාරිතාව ඒ හා සමගාමීව වර්ධනය විය යුතු බව මෙම අවස්ථාවට එක් වෙමින් අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

read more >>

TVS Lanka සමාගම නවතම Apache RTR මෝටර් සයිකල් පෙළ ශී‍්‍ර ලංකා වෙළඳපොලට හඳුන්වා දෙයි
22-February-2013

TVS Lanka සමාගම, උසස් කි‍්‍රයාකාරීත්වයකින් හා තාරුණ්‍යයට ගැලපෙන කදිම පෙනුමකින් යුත් නවතම Apache RTR මෝටර් සයිකල් පෙළ පසුගියදා ශී‍්‍ර ලංකා වෙළඳපොලට හඳුන්වා දුණි. TVS Lanka සමාගම හඳුන්වා දුන් ලොව නවතම මෝස්තරයෙන් යුත් මෝටර් සයිකල් පෙළ වූයේ, TVS Apache RTR 150 හා TVS Apache RTR 180  ය.

read more >>

යුනයිටඩ් මෝටර්ස් ලාංකීය වෙළෙඳපොළට මිට්සුබිෂි ‘මිරාජ්’ හඳුන්වාදෙයි
21-February-2013

මිට්සුබිෂි මෝටර් රථ සමාගමේ තවත් සුවිශේෂී නිෂ්පාදනයක් ලෙස ලෝකයේ ජනාදරයට පත් වූ මිට්සුබිෂි ‘මිරාජ්’ මෝටර් රථය ප‍්‍රථම වරට ලාංකේය වෙළෙඳපොළට හඳුන්වාදීමට යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගම සමත් ව සිටී. විශිෂ්ට ඉන්ධන පිරිමැස්මත් පරිසර හිතකාමී ක‍්‍රියාකාරීත්වයත් සමග දොර 5ක ‘hatchbac’ මාදිලියක් ලෙසින් ලාංකිකයින් වෙත ඉදිරිපත් කෙරෙන මෙම රථය කුඩා මෝටර් රථ කාණ්ඩය සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලූමට සරිලන පිළිතුරක් වනු ඇත.

read more >>

ලංකාවේ කොටස් වෙළෙඳපොළට ඉන්දියානුවෝ අද්දවා ගැනීමේ මෙහෙයුම අදයි
21-February-2013

මෙරට කොටස් වෙළෙඳපොළ පිළිබඳ ඉන්දියානු ආයෝජකයින් දැනුවත් කිරීමේ ආයෝජක සමුළුවක් අද දින ඉන්දියාවේ මුම්බායි නුවර ෆෝ සීන්ස් හෝටලයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ හා බ්ලූම්බර්ග් එක්ව සිදුකරන මෙම ක්‍රියාන්විතය සඳහා මෙරට සමාගම් සහ කොටස් තැරැව්කාර සමාගම් ගණනාවකම නියෝජිතයෝ සහභාගී වීමට නියමිතය. මෙම සමුළුව සඳහා ඉන්දියානු අරමුදල් කළමනාකරුවන් 100 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට සිය සහභාගීත්වය තහවුරු කර තිබේ.

read more >>

සෙලින්කෝ ලයිෆ් හි, ජෝ කරුණාරත්න මහතා ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ අඩසිය වසරක් සපුරයි
20-February-2013

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමේ ජීවිත රක්ෂණ උපදේශකයෙකු ලෙස සේවයේ නිරත මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙකු මෙන්ම පතාකයෙකු වන ජේ.එස්. (ජෝ) කරුණාරත්න මහතා විසින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයෙහි වසර 50 ක අඛණ්ඩ සේවයක් සම්පූර්ණ කර ඇති බව එම සමාගම නිවේදනය කර ඇත.

read more >>

යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප‍්‍රදර්ශනයේදී කොමර්ෂල් බැංකුවේ ප‍්‍රදර්ශන කුටියට විශාල ප‍්‍රතිචාර
19-February-2013

යාපනයේ ඇල්ෆ‍්‍රඞ් දොරෙයිඅප්පා ක‍්‍රීඩාංගනයේ මෑතකදී පැවති ජාත්‍යන්තර වෙළෙඳ ප‍්‍රදර්ශනයේ දී කොමර්ෂල් බැංකුවේ කුටිය කැපී පෙනුණු අතර මෙම වෙළෙඳ ප‍්‍රදර්ශනයේදී බහු ජාතික සමාගම්, දේශීය සමූහ ව්‍යාපාර මෙන්ම උසස් අධ්‍යාපන ආයතන සිය නිෂ්පාදන හා සේවා ප‍්‍රදර්ශනය කරන ලදී. මෙම වෙළෙඳ ප‍්‍රදර්ශනයේ දී  ජනතාව වැඩිපුරම පිවිසි කුටි වලින් එකක් ලෙස නව ගනුදෙනුකරුවන් විශාල පිරිසකට සේවා සැපයීමට බැංකුව සමත් විය.

read more >>

2012 වෙළඳ ශේෂ හිඟය අඩු වෙයි
15-February-2013

ආනයන පාලනය කිරීමේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක වීම නිසා, 2011සමග සන්සන්දනය කිරීමේ දී 2012 ශී‍්‍ර ලංකාවේ වෙළෙඳ හිඟය 4.1%කින් එනම් ඩොලර් බිලියන 9.3කින් අඩු වී ඇත. එය සිදු වී ඇත්තේ ඇත්තේ අපනයන ආදායම ද පහත වැටුණු තත්ත්වයක් යටතේය. ආයෝජන භාණ්ඩ ආනයනය වෙනුවෙන් වියදම වැඩි වුව ද පාරිභෝගික භාණ්ඩ සහ අන්තර් භාණ්ඩ ආනයනය ක‍්‍රමයෙන් 2012 අපේ‍්‍රල් සිට අඩු වූයේ රාජ්‍ය ප‍්‍රතිපත්ති නිසා බව මහ බැංකුවේ විදේශ කාර්ය සාධන වාර්තාව සඳහන් කරයි.

read more >>

කොමර්ෂල් ක්‍රෙඩිට් ණයකර නිකුතුව අධි දායකත්වයකින් අවසන් කෙරේ
15-February-2013

කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී. විසින් නිකුත් කරන ලද රු. 100 බැගින් වූ පස් අවුරුදු ණයකර නිකුතුව අධිදායකත්වයකින් අවසන් කරන ලද බව  නිවේදනය කර සිටී. බොහෝ ආයෝජකයින් මහත් උනන්දුවෙන් බලා සිටි මෙම ණයකර නිකුතුව පසුගිය ජනවාරි 23 වැනි දින ආරම්භ කෙරුණු අතර ණයකර නිකුතුව මගින් සම්පාදනය කර ගැනීමට බලාපොරොත්තු වූ මුළු අරමුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 500 කි. මෙහිදී මූලිකව රුපියල් මිලියන 250 ක ණයකර නිකුත් කෙරුණු අතර අධි දායකත්වයක් පැවතියහොත් ඊට විකල්පයක් වශයෙන් තවත් රුපියල් මිලියන 250 ක ණයකර ප‍්‍රමාණයක් නිකුත් කිරීමට සැලසුම් කර තිබුණි.

read more >>

මාලු මිල ගණන් දැන් ඔබේ ජංගම දුරකථනයෙන්
14-February-2013

ධීවර සංස්ථාව විසින් දිනපතා ප්‍රකාශයට පත් කරන මාලු මිළ ගණන් ජංගම දුරකථනය ඔස්සේ කෙටි පණිවිඩයක් (SMS) මගින් දැන ගැනීමේ පහසුකම පාරිභෝගිකයාට ලබා දීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසා සිටී. මෙමගින් මාලු පාරිභෝගිකයාට එදිනෙදා මාලු වෙළදපොලේ පවතින නිසි මිල ගණන් කඩිනමින් දැන ගැනීමෙන්  පාරිභෝගික අයිතිය සුරක්‍ෂිත කිරීමට හැකිවන බවද නියෝජිතායතනය පවසයි.

read more >>

කුඩා හා මධ්‍යම ව්‍යාපාර ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) කොමර්ෂල් බැංකුවට ඩොලර් මිලියන 75 ක් ලබා දෙයි
13-February-2013

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් වෙත ණය පහසුකම් සැලසීම හා අදාල කොමර්ෂල් බැංකුවේ මෙහෙයුම් වඩාත් පුළුල් කිරීමේ අරමුණින්ල ලෝක බැංකුවට අනුබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (IFC), කොමර්ෂල් බැංකුව සමග දස අවුරුදු සහන ණය ගිවිසුමකට අත්සන් තබා ඇත. මෙම ගිවිසුම හරහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ඇමරිකන් ඩොලර් මිලියන 75 ක් හෙවත් දළ වශයෙන් රුපියල් බිලියන 9.6 ක් ආයෝජනය කොට තිබේ.

read more >>

‘මන්චි සමග මාපිය මෙහෙවර’ දැයේ දරු පරපුරේ සුවදිවියට සවිමත් අඩිතාලමක් සපයයි
12-February-2013

ගර්භනී සමයෙහි පිළිපැදිය යුතු යහපිළිවෙත් සහ දරුඋපතින් පසු දැනගත යුතු අත්‍යාවශ්‍ය කරුණු  පිළිබඳව සෞඛ්‍ය විද්‍යාත්මකව සහ සමාජ විද්‍යාත්මකව තරුණ මාපියන් දැනුවත් කෙරෙන මන්චි සමග මාපිය මෙහෙවර වැඩසටහන 2013 වසර තුළදීත් අඛණ්ඩව පවත්වා ගෙන යෑමට මන්චි නිෂ්පාදනය කරන සිලෝන් බිස්කට්ස් සමාගම පියවරගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අශිර්වාදය සමගින් හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පූර්ණ සහාය ඇතිව හෝමාගම කලාපය ඉලක්කකර ගනිමින් 2011 වසරේ නොවැම්බර් 19 වැනි දින ඇරඹි මෙම මන්චි සමග මාපිය මෙහෙවර සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහන ඔස්සේ ප‍්‍රතිලාභ ලද මාපියන් සංඛ්‍යාව 2000කට  අසන්න බව සමාගම පවසයි.

read more >>

මොබිටෙල් ආයතනික විසඳුම් තුළින් බ්රයිට් ක්ලීන් (Bright Cleen) සමාගමේ කටයුතු වඩාත්  පහසුවේ
11-February-2013

ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් ආයතනය රටේ ව්‍යාපාරික ප‍්‍රජාව වෙනුවෙන් පිරිනමන  මොබිටෙල් ආයතනික විසඳුම් සේවා සමූහය (Mobile Enterprise Solution) ව්‍යාපාර ලෝකය තුළ වඩාත් ජනපි‍්‍රය ජංගම දුරකථන සේවා පැකේජයක් බවට පත්ව තිබේ. ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී එහි කටයුතු ක‍්‍රමවත්ව සම්බන්ධීකරණය කිරීම අනිවාර්යෙන්ම සිදුකළ යුත්තකි. එම කාර්ය පහසු කරන සන්නිවේදන  විසඳුමක් ලෙස මොබිටෙල් ආයතනික විසඳුම් සේවාව හැඳින්විය හැක.

read more >>

මයික්‍රොමැක්ස් අත්දැකීම් විඳගැනීමට නව සේවා සැපයුම් මධ්‍යස්ථානයක්
08-February-2013

මයික්‍රොමැක්ස් ශී‍්‍ර ලංකා සමාගම සිය සේවාවන් තවදුරටත් පුළුල් කරමින් පාරිභෝගිකයාට වඩාත් සමීපවීමේ අරමුණ සහිතව සිය නව සේවා මධ්‍යස්ථානයක් කොළඹ මැජෙස්ටික්සිටි වෙළෙඳ සංකීර්ණයේදී විවෘත කරයි. පුළුල් පරාසයක විහිදුණු මෙන්ම නව්‍ය අත්දැකීම් නිරතුරුවම ලබාදෙන සිය ජංගම දුරකථන හා උපාංග භාවිතා කරන පාරිභෝගිකයින් වෙත ලබාදෙන සේවාව තවදුරටත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරිව මයික්‍රොමැක්ස් ශී‍්‍ර ලංකා සමාගම මෙම නව ප‍්‍රදර්ශනාගාරය සහිත සේවා සැපයුම් මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

read more >>

ඒෂියන් පේන්ට්ස්  ‘Colour Spectra 1800’  එළි දකී
08-February-2013

නව වර්ණ කෘතියක් එළි දක්වමින් ඒෂියන් පේන්ට්ස් සමාගම නෙත් සිත් පැහැර ගන්නා සිය වර්ණ රටා නව මානයකට ගෙන ගොස් තිබෙන අතර මෙම නව වර්ණ කෘතිය දිවයින පුරා පිහිටි තෝරාගත් වෙළඳ නියෝජිතයින්ගෙන් ලබාගත හැකිය. ‘Colour Spectra 1800’ යනුවෙන් නම්කර තිබෙන අතින් පෙරළා වර්ණ තෝරාගත හැකි මෙම නව වර්ණ කෘතිය මගින් එහි නමේ සඳහන් ආකාරයටම ඒෂියන් පේන්ට්ස් සමාගම නිපදවන තීන්ත සන්නාම හතරක වර්ණ රටා 1800 ක් තෝරා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට ලබාදී තිබේ.

read more >>

ග්ලෝබල් කොමර්ස් එක්සලන්ස් සම්මානයෙන් අමානා බැංකුව පිදුම් ලබයි
07-February-2013

මෑතකදී කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවති ලෝක වාණිජ විශිෂ්ඨත්ව සම්මාන ප‍්‍රදානෝත්සවයේදී, ත‍්‍රස්තවාදය පැවති ඉතා අසීරුම අවධියේදී ශ‍්‍රී ලංකාව වෙත විදේශ විනිමය ගෙන ආ ආයතනයක් ලෙස අමානා බැංකුව ”ග්ලෝබල් කොමර්ස් එක්සලන්ස්” සම්මානයට පාත‍්‍රවිය. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලද අතර, එ් සඳහා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ‍්‍රී ලංකා ගුවන්තොටුපොල හා ගුවන්සේවා ආයතනය, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා කොළඹ නැව්ගත කරන්නන්ගේ ඇකඩමිය යන ආයතනවල සහාය ද ලැබිණි.

read more >>

ශ‍්‍රී ලංකා මෝටර් රථ ක‍්‍රීඩා සම්මාන රාත‍්‍රියේදී, සියැට් ධාවක තරු කිරුළු පළඳියි
06-February-2013

සියැට් රේඩියල් ටයර් පමණක් භාවිතා කරන තරගකරුවන් සඳහා පැවැත්වූ ධාවන තරගවල දැක්වූ සාර්ථකත්වය අගයමින් මෝටර් රථ ධාවක ශූරයින් වන ඉර්ෆාන් ෆුආර්ඞ් සහ සුසන්ත ගුණවර්ධන ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස් (SLAS) සම්මාන රාත‍්‍රියේදී සියැට් කැළණි හෝල්ඩින්ග්ස් විසින් ගරු බුහුමනට පාත‍්‍ර කරන ලදී.

read more >>

සෙලින්කෝ ලයිෆ් වෙතින් 25 වන සංවත්සරය සැමරීමටිෆයිව් බෙනිෆිට්ස්’ රක්ෂණ සැලසුම
05-February-2013

මෙරට ජීවිත රක්ෂණ වෙළඳ පොළේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගම 2013 ජනවාරි 14 වනදා සිය 25 වන සංවත්සරය සැමරීමට සමගාමීව ඉතාමත් සරල මෙන්ම අවබෝධකර ගැනීමට පහසු ජීවිත රක්ෂණ සැලසුමක් හඳුන්වා දී ඇත. පෙර සැලසුම් කළ ප‍්‍රතිලාභ ප‍්‍රදානය කරන ‘සෙලින්කෝ ලයිෆ් ෆයිව් බෙනිෆිට්ස්’ නම් මෙම රක්ෂණ සැලසුම මගින් සංකීර්ණ නොවන ආකාරයේ ප‍්‍රතිලාභ ලබාදීම තුළින් අදාළ රක්ෂිත කාණ්ඩයට ආරක්ෂාව ලබාදෙයි. මීට අමතරව, දැනට ජනගහනයෙන් ජීවිත රක්ෂණ සැලසුම් ලබාගෙන තිබෙන සියයට 11.5 ක්වූ කුඩා ප‍්‍රතිශතය තවදුරටත් වර්ධනය කරලීමට මෙම රක්ෂණ සැලසුමෙන් ඉලක්ක කර තිබෙන බව සෙලින්කෝ ලයිෆ් සමාගම කියයි.

read more >>

හමීඩියා 'Planet Fashion and Raymond' සමඟින් මහනුවරට ලොව සුපතල විලාසිතාවල පිරිමි ඇඳුම්
01-February-2013

ශ‍්‍රී ලංකාවේ පිරිමි ඇඳුම් විලාසිතාවන් පිළිබඳ විශේෂඥයා වන හමීඩියා ආයතනය කැන්ඩි සිටි සෙන්ටර් වෙළඳ මධ්‍යස්ථානයේ සිය Planet Fashion and Raymond වෙළඳ ප‍්‍රදර්ශනාගාරය නොබෝදා විවෘත කරමින් ඓතිහාසික මහනුවර නගරයට අන්තර් ජාතික මට්ටමේ ඇඳුම් විලාසිතා රැගෙන පැමිණියේය. කැන්ඩි සිටි සෙන්ටර් හි තුන්වන මහලෙහි වර්ග අඩි 1200 ක් විශාල Planet Fashion and Raymond වෙළඳ ප‍්‍රදර්ශනාගාරය උත්සවශ‍්‍රීයෙන් විවෘත කරන ලද්දේ මහනුවර නගරාධිපති මහේන් රත්වත්තේ මහතා විසිනි. ප‍්‍රභූන් ඇතුලූ සම්භාවනීය ආරාධිතයෝ රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ. ‘විලාසිතා සහ උපාංග මහල’ ලෙස නොනිල වශයෙන් ප‍්‍රකට කැන්ඩි සිටි සෙන්ටර් තුන්වන මහල දිනය මුළුල්ලේ සිය ගණන් ගනුදෙනුකරුවන් ගෙන් පිරී පවතින ස්ථානයකි.

read more >>

 

 

 

 

 

 
© 2010 - 2014 Lanka Business News. All rights reserved.