Lanka Business News | ENGLISH |      
     
   
HOME | ONLINE BANKING | COLOMBO STOCK EXCHANGE | EXCHANGE RATES | ARCHIVES-English | ARCHIVES-Sinhala | CAREERS | CONTACT US

IHB පුහුණුකරුවන් හා සිසුන් හට ලොව සුපතළ කේශාලංකාර ශිල්පීන්ගෙන් පුහුණුවක්
18-June-2013

කේශාලංකාර හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ ආයතනය (Institute of Hairdressers & Beauticians - IHB) විසින් නැවත වරක් ලොව නවතම කේශාලංකරණ ප‍්‍රවණතාවන් පිළිබඳව සම්මන්ත‍්‍රණ මාලාවක් සංවිධානය කිරිමට කටයුතු කර තිබේ. මෙහි පළමු වැඩසටහන පසුගිය මැයි මස 05 වන දින පැවති අතර එහිදී කේශාලංකරණ වෘත්තියට අදාළ සියලූ ක්‍ෂේත‍්‍රයන් ආවරණය වන පරිද්දෙන් පුහුණු වැඩසටහන් සංවිධානය කර තිබිණි.

read more >>

කඳුරට කුඩ නවතම ප්‍රදර්ශනාගාරය මාතරදී විවෘත වේ
17-June-2013

කඳුරට කුඩ සමූහ ව්‍යාපාරයේ නවතම ප්‍රදර්ශනාගාරය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සුරතින් මාතර නගරයේදී පසුගියදා විවෘත විය. මේ අවස්ථාවට කඳුරට කුඩ කර්මාන්ත ආයතනයේ සභාපති M.T.M නෞෂාඩ් , කලමනාකාර අධ්‍යක්ෂ M.T.M නෞෆල් මහත්වරුන් ඇතුළු අමුත්තන් රැසක් සහභාගී විය. නව ප්‍රදර්ශනාගාරය, ඉතා උසස් තත්වයේ කඳුරට නිෂ්පාදන සොයා එන පාරිභෝගික ජනතාව වෙනුවෙන්ම නිමවා ඇත.

read more >>

කොමර්ෂල් බැංකුවේ ‘ඉතුරුම් අසිරිය’ වැඩසටහන ජයග‍්‍රාහීව ඉදිරියටම
13-June-2013

ඉතුරු කිරීම් ප‍්‍රවර්ධනය උදෙසා කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන ‘ඉතුරුම් අසිරිය’ ප‍්‍රවර්ධන වැඩසටහනෙහි ජයග‍්‍රාහී දෙවන සතිය තුල ප‍්‍රධාන ක‍්‍රියාකාරකම් ලෙස බැංකුවේ ශාඛා කිහිපයකදී ජුනි 08 වන සෙනසුරාදා සිසු දරු දැරියන් වෙනුවෙන් චිත‍්‍ර හා රචනා තරග මෙන්ම සුප‍්‍රසිද්ධ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් සංගීත සංදර්ශන උත්කර්ශවත් අයුරින් පැවැත්වුණි.

read more >>

සෙලින්කෝ ලයිෆ් මඩකලපුව නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම අරඹයි
13-June-2013

මෙරට ජීවිත රක්ෂණයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගම මඩකලපුව ප‍්‍රදේශයේ සිය ව්‍යාපාරික කටයුතු තවත් සවිබල ගන්වමින් මඩකලපුව නගරයේ ආකර්ෂණීය කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර ගෙන ඇත. තට්ටු තුනකින් සමන්විත මෙම ගොඩනැගිල්ල මඩකලපුව නගරයේ ලොයිඞ්ස් ඇවනියුහි, අංක 32 දරණ ස්ථානයේ ඉදිවන අතර එහි වර්ග අඩි ප‍්‍රමාණය 11,136 කි. මෙම කාර්යාල ගොඩනැගිල්ලේ බිම් මහල සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ පාරිභෝගික සේවා සඳහාය.

read more >>

වටවල වැවිලි සමාගමට නව සභාපතිවරයෙක්
10-June-2013

වටවල වැවිලි සමාගමේ නව සභාපතිවරයා ලෙස සුනිල් ගාමිණී විජේසිංහ මහතා පත්ව සිටී. 1996 වසරේ සිට එම සමාගමේ සභාපතිධූරය හෙබවූ ගෝවින්දසාමි සතාසිවම් මහතා සිය ධූරයෙන් ඉවත් වීමත් සමඟ එම තනතුර සඳහා විජේසිංහ මහතා පත්විය.

read more >>

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශය සංවිධානය කළ වාර්ෂික සය සාමාජික කි‍්‍රකට් තරගාවලියේ ජය මාර්ක්ස් හෙල්ත්කෙයාර් සමාගමට
05-June-2013

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශය තෙවන වරටත් සංවිධානය කළ වාර්ෂික සය සාමාජික කි‍්‍රකට් තරගාවලියේ ජය වාර්තාකිරීමට මාර්ක්ස් හෙල්ත්කෙයාර් සමාගම පසුගියදා සමත් විය. ශී‍්‍ර ලංකාවේ වෛද්‍ය සේවාවට සම්බන්ධ සමාගම් 27ක් සහභාගී වූ මෙම වාර්ෂික සය සාමාජික කි‍්‍රකට් තරගාවලිය කොළඹ වෙස්ලි විද්‍යාලීය කී‍්‍රඩා පිටියේදී පැවැත්වුණි.

read more >>

යුනිලීවර් ශී‍්‍ර ලංකා ‘මුතු පලස’ සාමාජිකයින්ගේ දූ දරුවන් හට ශිෂ්‍යත්ව පිරිනමයි
04-June-2013

සිය ව්‍යාපාර හවුල්කරුවන් හට ගෞරව ප‍්‍රණාමය පුද කිරීමේ අරමුණින් යුනිලීවර් ශී‍්‍ර ලංකා සමාගම විසින් මුතු පලස වැඩසටහනේ සාමාජිකයින්ගේ දූදරුවන්ට වටිනා ශිෂ්‍යත්ව පිරිනමන ලදී. පසුගිය වසරේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් උපරිම දක්ෂතා පෙන්වුම් කල සිසු සිසුවියන් වෙනුවෙන් රුපියල් ලක්ෂයක් බැගින් වටිනා ශිෂ්‍යත්ව පිරිනැමීමට යුනිලීවර් ශී‍්‍ර ලංකා සමාගම කටයුතු කරන ලදී.

read more >>

තලවතුගොඩ හේමාස් රෝහල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් විවෘත කෙරේ
19-June-2013

බහුවිධ සුවසේවා අංගයන් රැසකගෙන් සපිරි හේමාස් රෝහල් ජාලයට අයත් නවතම තලවතුගොඩ රෝහල අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණ. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිළධාරීන් සහ හේමාස් රෝහල් සමූහයේ සභාපතිවරයා ප‍්‍රමුඛ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී විය. රුපියල් බිලියන 1.3ක ආයෝජනයකින් ඉදිකළ මෙම රෝහල වර්ග අඩි 62,000 ක වපසරියකින් යුතු වන අතර විශේෂඥ වෛද්‍ය සේවා  රැසකින් සමන්විත වේ. මෙම රෝහල ඇඳන් 60කින් යුතු ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව ඉදිකළ අති නවීන රෝහලක් බව හේමාස් රෝහල් සමූහය පවසයි. ලංකාවේ මුල් වරට ඉදිකළ අති නවීන පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයත් ල ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව ඉදිකළ ශල්‍යාගාර පහසුකම් සමගින් පැය 24 පුරා ක‍්‍රියාත්මක හදිසි ප‍්‍රතිකාර ඒකකයකින්ද තලවතුගොඩ හේමාස් රෝහල සවිබල ගැන්වී තිබේ.

read more >>

නව්‍ය පුහුණු පාසලක් සමඟින් UTE ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නිම් වළලූ පුළුල් කරයි
18-June-2013

ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ක්ෂේත‍්‍රයේ කීර්තිමත් නාමයක් හිමි යුනයිටඩ් ට‍්‍රැක්ටර්ස් (UTE) සමාගම විශාල පිරිවැයක් දරමින් ඉදිකළ යන්ත්‍රෝපකරණ තාක්ෂණික ශිල්පී පුහුණු මධ්‍යස්ථානය පසුගියදා විවෘත කෙරිනි. ඊට සමඝාමීව එම සමාගමේ නවීකරණය කරන කළ සේවා කර්මාන්ත ශාලාවද සිය සේවා කටයුතු ආරම්භ කරන ලදී. ලොව සුපතල කැටපිලර් සමාගමේ ශී‍්‍ර ලාංකික නියෝජිතයා ලෙස 1947 වසරේ සිට කි‍්‍රයාකරන ඹඔෑ ආයතනය සිය නවතම පුහුණු මධ්‍යස්ථානය කැටපිලර් ආධුනික පුහුණු පාඨමාලා සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වේ. මෙම පාඨමාලා රජයේ ආධුනිකත්ව පුහුණු අධිකාරියේ (NAITA) අනුමැතියද සහිතව කි‍්‍රයාත්මක වන බැවින් මේ හරහා දිවයිනේ රැකියා විරහිත තරුණ පරපුරට අගනා වෘත්තියකට අවතීර්ණ වීමේ අවස්ථාවත් විවර වී ඇත.

read more >>

AMW නවතම සුසුකි ඇල්ටෝ 2013 හඳුන්වා දෙයි
17-June-2013

සුසුකි ඇල්ටෝ සඳහා වසර 20 කට අධික කාලයක් එකම නියෝජිතයන් වන ඇසෝසියේටඞ් මෝටර්වේස් සමාගම (AMW) විසින් පසුගියදා පැවැත්වුණු සුවිශේෂී උත්සවයකදී නව සුසුකි ඇල්ටෝ 2013 රථය හඳුන්වා දෙනු ලැබිණි. නව සුසුකි ඇල්ටෝ රථය, දැනට ශී‍්‍ර ලංකාවේ මාවත්වල නිතර දක්නට ලැබෙන මීට පෙර පැවති ඇල්ටෝ මාදිලියට වඩා අංශ රැසකින්ම වෙනස්කම්වලට බඳුන්වී ඇත. ජපන් තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදිත මෙම රථය, පසුපස සපෝර්ට් ස්පොයිලර්, රිවර්ස් සෙන්සර් සහ පවර් වින්ඩෝස්, USB port සහිත රේඩියෝ CD mp3 ප්ලේයරය, කැපීපෙනෙන රිදී පැහැ සහිත ස්පෝක් 3 සුක්කානම, හිස, උරහිස් සහ පාද සඳහා වැඩි ඉඩකඩ, බඩු ගෙනයාමට වැඩි ඉඩක්, බඳේ පැහැයෙන් වර්ණ ගැන්වූ බෆර්, ස්පෝක් 6 රෝද ආවරණ, ඇතුළතින් සැකසිය හැකි බාහිර කණ්නාඩි සහ පහසු හැසිරවීමක් සඳහා වැඩිදියුණු කළ ගියර පද්ධතිය ඇතුළු අංග රැසකින් සමන්විත වේ.

read more >>

ශ‍්‍රී ලංකාවේ විශාලතම ලේ දන් දෙන ආයතනය ලෙස බ‍්‍රැන්ඩික්ස්, ජනපති ඇගයීමට ලක්වේ
14-June-2013

සිය සමාගම් සමූහයේ සාමාජිකයින් විසින් මේ දක්වා ලේ පයින්ට් 10,000 ක් පමණ ස්වේච්ඡාවෙන් ජාතික රුධිර පාරවිලයන සේවයට පරිත්‍යාග කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ලේ දන් දෙන ආයතනය ලෙස මෙරට ප‍්‍රමුඛතම ඇඟලූම් අපනයන සමාගම වන බ‍්‍රැන්ඩික්ස්, ජනාධිපතිවරයාගේ ඇගයීමට පාත‍්‍ර විය. මෙම සත්කාරයට ගරු බුහුමන් ලෙස ලෝක ලේ දන්දීමේ දිනය යෙදී තිබුණු ජුනි 14 වන සිකුරාදා අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ ප‍්‍රධාන මානව සම්පත් නිළධාරී, ඉෂාන් දන්තනාරායන මහතා වෙත ඇගයීමේ සමරු ඵලකයක් ප‍්‍රදානය කරන ලදී. මෙම ජාතික උත්සවය ජාතික රුධිර පාරවිලයන සේවය විසින් සංවිධානය කර තිබුණේ අඛණ්ඩව රුධිරය දන් දෙන්නන් සඳහා සිය කෘතවේදීත්වය හා ගෞරවය පුද කිරීම සඳහායි.

read more >>

ඩයලොග් සහ ජනශක්ති එක්ව නවතම විදෙස් සංචාර රක්‍ෂණාවරණයක් හඳුන්වාදෙයි
13-June-2013

සිය ව්‍යාපාරික අංශයන් හිදී නව්‍ය විසඳුම් ඉදිරිපත් කරනා ක්‍ෂේත‍්‍රයේ පෙරගමන්කරුවන් වන ඩයලොග් ආසියාටා පීඑල්සී හා ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම් එක්ව ජංගම දුරකථන හා රක්‍ෂණ කර්මාන්තය වෙත නව්‍ය හඳුන්වාදීමක් සිදුකරමින් ‘විදෙස් සංචාර රක්‍ෂණාවරණයක්’ හඳුන්වාදීමට කටයුතු යොදා ඇත. මෙය දිනකට රුපියල් 175 ක් වැනි සුළු මුදලක් වෙනුවෙන් පිරිනමනු ලබන ලොවපුරා වලංගු විදෙස් සංචාර රක්‍ෂණාවරණයකි. මේ අනුව ඩොලර් 50,000 ක වටිනාකමකින් යුත් රෝහල්ගත වීමේ ආවරණයක් සහ ඩොලර් 25,000 ක වටිනාකමකින් යුත් හදිසි අනතුරු මරණ ආවරණයක් හා පූර්ණ සදාකාලික ආබාධ ආවරණයක් තම ඩයලොග් ජංගම දුරකථනය තුළින් ම ලබා ගැනීමේ අනගි අවස්ථාව මිලියන 7.8ක් ඉක්මවූ ඩයලොග් ග‍්‍රාහකයින් වෙත හිමිවේ.

read more >>

දකුණු ආසියාවේ ප්‍රමුඛතම හෝටල් කර්මාන්ත ප්‍රදර්ශනය - “හොටෙල් ෂෝ”
13-June-2013

2013 ජූලි 26, 27, සහ 28 දිනයන්හිදී කොළඹදී පැවැත්වෙන දකුණු ආසියාවේ විශාලතම සහ වඩාත්ම ඉලක්කගත හෝටල් කර්මාන්ත ප්‍රදර්ශනය වන “Hotel Show – 2013” ප්‍රදර්ශනය මඟින් ශ්‍රී ලාංකීය හෝටල් කර්මාන්තයේ නව පිබිදීමක් ඇති වනු ඇත. වසර ගණනාවක් මුළුල්ලේ එහි විවිධත්වය හා පරිපූර්ණභාවය පිළීබඳ නම්දරා ඇති මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ හෝටල් සහ සත්කාරක සේවා කර්මාන්තයේ සියළුම පැතිකඩ ආවරණය කරයි. මේ වන විට, කඩිනම් යටිතල පහසුකම් සංවර්ධන වැඩපිළිවෙල සමඟින් ශ්‍රී ලංකාව සත්කාරක සේවා කර්මාන්තය සඳහා ඉහළ වටිනාකමක් අත්කරගනිමින් පවතී.

read more >>

බ‍්‍රැන්ඩික්ස්, ශ‍්‍රී ලංකාව පුරා ජල සැපයුම් ව්‍යාපෘති 460 ක වැඩ නිම කරයි
10-June-2013

මෙරට ප‍්‍රමුඛතම ඇඟලූම් අපනයන සමාගමක් වන බ‍්‍රැන්ඩික්ස් විසින් දියත් කර තිබෙන ‘මෙහෙවරට දියවර’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ජලය ලබාගැනීමට දුෂ්කර පවුල් 460 ක් වෙනුවෙන් ලබා දුන් ජල සැපයුම් ව්‍යාපෘති තුළින් එම පවුල්වලට සහ අසල්වාසීන්ටද සෙත සැලසී ඇත. මේ අනුව, මෙරට ඇඟලූම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහය වන බ‍්‍රැන්ඩික්ස් විසින් 2012-13 මූල්‍ය වසර තුළ දිස්ත‍්‍රික්ක 18 ක ජනතාවගේ මූලික ජල ගැටලූ විසඳීම සඳහා වඩාත් උචිත පහසුකම් සලසා දෙනු ලැබූ අතර ඒ අනුව සාමාන්‍ය ළිං 293 ක්, නළ ජල සැපයුම් පද්ධති 115 ක්, නළ ළිං 35 ක්, වැසි ජලය රැස් කිරීමේ පද්ධති 11 ක්, ප‍්‍රජා ළිං 05 ක් සහ එක් මධ්‍යම පරිමාණයේ ප‍්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතියක් මගින් විශාල පිරිසක් මුහුණ දුන් උග‍්‍ර ගැටලූවකට විසඳුම් ලබා දී ඇත.

read more >>

කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ (Construction Expo) - 2013
07-June-2013

අඛණ්ඩව දෙවන වරටත් පැවැත්වෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලු අවශ්‍යතා සහ සේවාවන් ආවරණය කරන දිවයිනේ එකම පරිපූර්ණ ප්‍රදර්ශනය වන ‘කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ (Construction Expo) – 2013’, එළඹෙන ජූනි 14, 15 සහ 16 යන තෙදින සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වීමට නියමිතය. ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ සියළුම පාර්ශ්වකරුවන්ගේ හමුවක් ලෙස හැඳින්විය හැකි මෙම ප්‍රදර්ශනයේදී, ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සියල්ලක්ම විදහා දැක්වෙනු ඇත.

read more >>

හැටන් නැෂනල් බැංකුවේ ණයකර නිකුතුව ආරම්භක දිනයේ දීම අධිදායකත්වයකින් අවසන් වේ
06-June-2013

හැටන් නැෂනල් බැංකුව විසින් අද දිනයේ දී විවෘත කරන ලද ණයකර නිකුතුව අධිදායකත්වයක් පැවතීම හේතුවෙන් අද දිනයේ දීම වසා දැමූ බව නිකුතුවේ රෙජිස්ට්‍රාර්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ. මෙහිදී මූලික වශයෙන් අනාරක්ෂිත, යටත් කළහැකි, නිදහස් කළහැකි, පස් අවුරුදු ණයකර මිලියන 20 ක් රුපියල් 100 බැගින් නිකුත් කිරීමට කටයුතු යොදා තිබුණු අතර යම් හෙයිකින් නිකුතුව සඳහා අධිදායකත්වයක් පැවතුණහොත් විකල්පයක් වශයෙන් තවත් ණයකර මිලියන 20 ක ප්‍රමාණයක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබිණි. මේ අනුව නිකුත් කිරීමට නියමිත වූ මුළු ණයකර ප්‍රමාණය මිලියන 40 ක් වූ අතර ඒ මගින් සම්පාදනය කර ගැනීමට නියමිත වූ අරමුදල් ප්‍රමාණය රුපියල් බිලියන 4 කි. පැවති අධිදායකත්වය මත ණයකර නිකුතුව හරහා රුපියල් බිලියන 4 ක මුදලක් සම්පාදනය කර ගැනීමට බැංකුවට හැකි වී ඇත.

මොබිටෙල්හි mPHI සේවාව මගින් මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට වාසි රැසක්
05-June-2013

ජාතික ජංගම දුරකථන ජාලය වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය mPHI නමින් මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට වඩාත් ඔබින සේවාවක් දියත් කරයි. සිය පාරිභෝගිකයන් සඳහා වඩාත් ගැළපෙන ආකාරයෙන් නවෝත්පාදන හඳුන්වාදීමෙහිලා තම නිපුනත්වය mPHI දියත් කිරීමත් සමඟ තවදුරටත් සනාථ කෙරේ. මෙම mPHI සේවාව ප‍්‍රථම වරට දියත් කරනු ලබන්නේ කෑගල්ල දිස්ති‍්‍රක්කය පාදක කරගෙනය. mPHI සේවාව යටතේ මෙරට සෞඛ්‍ය සේවාවන්හි ප‍්‍රගමනයට මහෝපකාරි වන විසඳුම් ද්විත්වයක් හඳුන්වා දෙයි. බෝවන රෝග කළමනාකරණය සඳහා වන තාක්ෂණික පද්ධතිය සහ රෝගීන්ගේ දත්ත ඇතුළත් NFC තාක්ෂණික පද්ධතිය මෙම විසඳුම් ද්විත්වයයි. සිය සේවාවන් තුළින් ශ්‍රී ලංකාව සමාජය තොරතුරු සහ දැනුමෙන්  සන්නද්ධ කරලීමේ සිය ඒකායන අභිමතාර්ථයට සමගාමීව ප‍්‍රධාන ගණයේ බෝවන රෝග මෙරටින් තුරන් කරලීමේ මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි සඳහන් අරමුණ ද සාක්ෂාත් කරලීම මෙම සේවාවන් දියත් කරන මොබිටෙල්හි අපේක්ෂාව වී ඇත.

read more >>

සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන් චීනයේ හා සිංගප්පූරුවේ සිරි නරඹයි
05-June-2013

සදා නොමැකෙන විදේශීය නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව සිය රක්ෂණ ඔප්පු හිමියන්ට ලබාදෙමින් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගම විසින් රක්ෂණ ඔප්පු හිමියන් කණ්ඩායම් දෙකක් පසුගියදා චීනයේ හා සිංගප්පූරුවේ සංචාරය සඳහා රැගෙන ගියේය. සියළු ගමන් වියදම් සමාගම විසින් ලබාදෙන මෙම සංචාර සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි හයවන වැඩසටහනේ වාසනාවන්ත ජයග‍්‍රාහකයින් වෙනුවෙන් ලබාදුන් අතර මෙහිදී රක්ෂණ ඔප්පු හිමි පවුල් 10 ක සාමාජිකයින් 40 දෙනෙක් සිව්දින චීන සංචාරයට එක්වූ අතර රක්ෂණ ඔප්පු හිමි පවුල් 50 ක සාමාජිකයින් 200 දෙනෙකු සිංගප්පූරුවේ තෙදින සංචාරයක යෙදිනි.

read more >>

සූරියවැව ‘නැණසල’ට ලෝකයේ විශිෂ්ඨතම සම්මානය
04-June-2013

ලෝකයේ විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයට හිමි සම්මානය ශ්‍රී ලංකාවට හිමිවෙයි. ස්පාඤඤයේ  ග්‍රැනඩා නුවර පැවැති ජගත් තොරතුරු තාක්‍ෂණ සංස‍දයේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දී සූරියවැව නැණසලට මෙම සම්මානය ලැබී තිබේ. රටවල් තිහක තරඟකරුවන් හැටදෙන‍කු අභිබවා සූරියවැව නැණසල ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයට හිමි සම්මානය ලබා ගැනීම විශේෂ සිද්ධියක් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව් ඈපාසිංහ මහතා පවසයි.

read more >>

ඉන්ටර් ඕෂන් ලූබ්රිකන්ට්ස් සමාගමෙන් මුහුදු ආපදාවෙන් මියගිය ධීවරයන්ගේ පවුල්වලට මුදල් ආධාර
18-June-2013

ලෝක ප‍්‍රකට සයිනෝපෙක් ළිහිසිතෙල් ශී‍්‍ර ලංකාවට ගෙන්වා බෙදාහරින ඉන්ටර් ඕෂන් ලූබ්රිකන්ට්ස් සමාගම පසුගියදා අයහපත් කාලගුණිත තත්ත්වය හේතුවෙන් බේරුවල හා පානදුර ප‍්‍රදේශයේ මියගිය ධීවරයන්ගේ පවුල්වලට මූල්‍යමය ආධාර ලබාදීමක් සිදු කෙරුණි. බේරුවල හා පානදුරේ ධීවර වරායවල සහයෝගීතාව ඇතිව සිදුකෙරුණු මුහුදු යෑමේදී දැඩි සුළඟට හසුවීමෙන් මියගිය එම ප‍්‍රදේශයේ ධීවරයන්ගේ පවුල් 14කට සැපයුණු මෙම මුදල් පරිත්‍යාගය ඉන්ටර් ඕෂන් ලූබ්රිකන්ට්ස් සමාගමේ තවත් එක් ආයතනික සමාජ සත්කාරක වැඩසටහනකි.

read more >>

කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ (Construction Expo) - 2013
17-June-2013

අඛණ්ඩව දෙවන වරටත් පැවැත්වෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලු අවශ්‍යතා සහ සේවාවන් ආවරණය කරන දිවයිනේ එකම පරිපූර්ණ ප්‍රදර්ශනය වන ‘කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ (Construction Expo) – 2013’, එළඹෙන ජූනි 14, 15 සහ 16 යන තෙදින සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වීමට නියමිතය. ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ සියළුම පාර්ශ්වකරුවන්ගේ හමුවක් ලෙස හැඳින්විය හැකි මෙම ප්‍රදර්ශනයේදී, ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සියල්ලක්ම විදහා දැක්වෙනු ඇත.

read more >>

දීවා ‘‘නිධන් එක්ක ඉඩම්’’ සමගින් වටිනා බිම් කොටස් හතරක් දිනා ගැනීමේ වරම්
17-June-2013

රෙදි සෝදන කුඩු අතර පෙරමුණ ගත් සන්නාමයක් වන දීවා  සිය ලෙන්ගතු පාරිභෝගිකයින් වෙත තිළිණ ලෙස ඉඩම් පිරිනමමින් නව ප‍්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කරයි. එම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ කොළඹට නුදුරින් රුපියල් මිලියනක් බැගින් වටිනාකමින් යුත් ඉඩම් කැබලි 4ක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ජයග‍්‍රාහකයින් වැඩි දෙනෙකු බිහි කිරීමේ අරමුණින් මෙම ප‍්‍රවර්ධන වැඩපිළිවෙල කි‍්‍රයාත්මක වන දින 90 පුරා දිනපතා දිනුම් ඇදීම් ඔස්සේ රුපියල් 10,000 ත්‍යාගයක් පිරිනැමීම ද සිදු කරනු ලබයි.

read more >>

තත්ත්ව සහතික තුනක් සමගින් සවිබලගැන්වූ සමපෝෂ ජාත්‍යන්තර වෙළදපල දිග්විජය කිරීමට සැරසෙයි
13-June-2013

ISO 22000 - HACCP හා  GMP තත්ත්ව සහතික හිමිකර ගනිමින් සිලෝන් බිස්කට් සමාගම අනුබද්ධිත ප්ලෙන්ටි ෆුඞ්ස් සමාගමේ සාඩම්බර නිෂ්පාදනයක් වන සමපෝෂ ජාත්‍යන්තර වෙළදපල අවස්ථා තවදුරටත් පුළුල් කර ගනියි. මෙම තත්ත්ව සහතික හිමිකර ගැනීමත් සමග සමපෝෂ, තරගකාරී ජාත්‍යන්තර වෙළදපල ආක‍්‍රමණය කරමින් මෙරට ධාන්‍යමය ආහාර නිෂ්පාදන අතර පෙරමුණ ගැනීමට සමත්වනු ඇත. 

read more >>

මොබිටෙල් අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීමෙන්, ෆෙලිඬේ (Felidae) සමග අත්වැල් බැදගනිමින් ලාංකීය සිසු පරපුරට නව මං විවර කරයි
13-June-2013

ශී‍්‍ර ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය eLearning නිපැයුම් හා සේවාවන් සැපයීමේ ප‍්‍රමුඛතමයෙකු වන Felidae සමග එක්ව eLearning නවතම සංකල්පය වන ‘විදුනැණ’ අධ්‍යාපන අමාත්‍යංශයේද සහාය ඇතිව අද දින හඳුන්වාදෙයි. මෙම ‘විදුනැණ’ ව්‍යාපෘතිය දියත් කිරීම ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය ජයරත්න, අතිරේක ජනාධිපති ලේකම් සහ ‘Education for Knowledge Society’ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක අනුර දිසානායක, මොබිටෙල් හි වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන, Felidae හි අධ්‍යක්ෂක හසිත දෑල සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ඒජන්සියෙහි (ICTA) ජ්‍යෙෂ්ඨ වැඩසටහන් ප‍්‍රධානී චිත‍්‍රාංගනී මුබාරක් යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

read more >>

පීපල්ස් ලීසිං සමාගම වයඹ පළාතේ  ශාඛා ජාලය  පුළුල් කරයි
13-June-2013

පීපල්ස් ලීසින් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව ශාඛාවක් වාරියපොල නගරයේ විවෘතකිරීම හා එහි කුරුණෑගල ශාඛාව නව පරිශ‍්‍රයකට ගෙනයෑම පසුගියදා සිදු කෙරුණි. එම නව ශාඛාවන් සමග වයඹ පලාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම ඉලක්ක කෙරුණු ඇත. මෙම නව ශාඛා විවෘතකිරීමේ අවස්ථාවට පීපල්ස් ලීසින් ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධීකාරී ඞී.පී. කුමාරගේ මහතා, සහකාර සාමාන්‍යධීකාරී, දමිත් මලවිතන්තිල මහතා හා මහජන බැංකුවේ කුරුණෑගල ප‍්‍රාදේශීය කළමනාකාරීනි, චන්ද්‍රිකා නිස්සංකා මහත්මිය ඇතුළු ගණුදෙනුකාර භවතුන් රැුසක් සහභාගී වූහ.

read more >>

පීපල්ස් ලීසිං සමාගම ලෝක පරිසර දිනය ඉහලින් සමරයි
10-June-2013

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමි සමාගමවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් PLC සමාගම පසුගියදා යෙඳුණු ලෝක පරිසර දිනය නිමිත්තෙන් ‘පැළ සිටුවමු. පරිසරය රැුක ගනිමු.’ යන තේමාව යටතේ තම ශාඛා පහක පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් සිඳු කෙරුණි. එම පරිසර දින වැඩසටහනේ ප‍්‍රධාන උත්සවය කොළඹ පිහිටි පීපල්ස් ලීසිං නගර ශාඛාවේ පැවැත්වුණු අතර, සෙසු වැඩසටහන් උතුර, දකුණ, නැගෙනහිර හා ඌව පලාත් නියෝජනය කරමින් ගාල්ල, යාපනය, අම්පාර හා බණ්ඩාරවෙල යන නගරයන්හී පීපල්ස් ලීසිං ශාඛාවලදී සිඳු කෙරුණි.

read more >>

හොරණින් රුපියල් 2 ක ලාභාංශයක්
06-June-2013

හොරණ වැවිලි සමාගම අද දිනයේ දී කොටසකට රුපියල් 2 ක ලාභාංශයක් ප්‍රකාශයට පත් කර සිටියේය. අද දිනය අවසානයේ දී හොරණ සමාගමේ කොටසක මිල රුපියල් 29.00 ක් වශයෙන් දැක්වුණු අතර මෙම මිල හා සැසඳීමේ දී අදාළ ලාභාංශ ප්‍රතිශතය 7% කට ආසන්න වේ.

2012/13 මූල්‍ය වර්ෂයේ දී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රුපියල් බිලියන 1.67 ක බදු පෙර ලාභයක් වාර්තා කරයි
05-June-2013

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් විසින් ඉතිහාසයේ පළමු වතාවට සිය වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 50 ඉක්මවීමට ගෙවී ගිය 2012/13 මූල්‍ය වර්ෂයේ දී සමත් වී ඇත. මෙය පසුගිය වසර හා සැසඳීමේ දී 41% ක වර්ධනයක් වන අතර ඒ සඳහා ඉහළ දායකත්වයක් ගැල් පරිවහන හා භාණ්ඩ හැසිරවීමේ අංශයෙන් ලැබී ඇති අතර එම අංශයේ 64% ක වර්ධනයක් අදාළ මූල්‍ය වර්ෂයේ දී වාර්තා වී තිබේ.

read more >>

වෙසක් උත්සවය නිමිති කරගනිමින් මොබිටෙල් වෙතින් විශේෂ වැඩසටහන් මාලාවක්
05-June-2013

ජාතික ජංගම දුරකථන ජාලය වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සම්බුදු තෙමගුළ සමරන වෙසක් උත්සවය නිමිති කරගනිමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. මෙවර වෙසක් උත්සවය නිමිති කරගනිමින් පැවැත්වූ වැඩසටහන් මාලාවේ එක් අංගයක් ලෙස මොබිටෙල් සේවක මඩුල්ල විසින් ඉදිරිපත් කළ ‘‘වෙසක් බැති ගී ප‍්‍රසංගය’’ මොබිටෙල් ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේදී පසුගිය මැයි 27 වන දින සවස් යාමයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

read more >>

 

 

 

 

 

More News:

© 2010-2013 Lanka Business News. All rights reserved.