PBSS සමාගම FCCISL ව්‍යවසාය සම්මාන උළෙලේදී රන් සහ රිදී සම්මානවලින් පිදුම් ලබයි Featured

Published in ජයග්‍රහණ
ප්‍රමුඛතම ව්‍යාපාර මෘදුකාංග විසඳුම් සැපයුම්කරුවෙකු වන Perfect Business Solution Services සමාගම, පසුගියදා පැවති ව්‍යවසාය සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ ව්‍යවසාය කාණ්ඩයේ පළාත් රන් සම්මානය සහ ජාතික රිදී සම්මානය දිනා ගැනීමට සමත් විය.

ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනය (FCCISL) විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී දේශීය ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන දිවයින පුරා විසිරී තිබෙන සුළු, කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යවසාය ඇගයුමට ලක් කෙරේ.

FCCISL ව්‍යවසාය සම්මාන උළෙලේදී ජාතික සම්මානයකින් පිදුම් ලැබීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. මෙය, පසුගිය වසර 14ක කාලය තුළ අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්, හවුල්කරුවන් සහ පාර්ශ්වකරුවන් අප කෙරෙහි තැබූ විශ්වාසයේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකියි. අපගේ මෙහෙයුම් කටයුතු වෙනත් රාජ්‍යයන් දක්වා ද ව්‍යාප්ත කිරීමේ අරමුණ පෙරදැරිව ඉදිරියට ගමන් කරන අප ඉදිරියේදී ද මෙවැනි ජයග්‍රහණ අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වනවා" PBSS සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මධුර ගමනායක මහතා සඳහන් කළේය.

"පරිණාමනය උදෙසා නවෝත්පාදනය සහ තිරසාරත්වය" යන තේමාව ඔස්සේ දියත් කෙරුණු සම්මාන උළෙල මෙවර සංවිධානය කෙරුණේ 21 වන වරටය. දැඩි තරගකාරී ව්‍යාපාරික පරිසරයක් තුළ එල්ලවන අභියෝග ජය ගනිමින් කැපවීමෙන් කටයුතු කරන ව්‍යවසාය ඇගයුමට ලක් කිරීමටත්, ඒවා ජාතික තලය මත ඔසවා තැබීමටත් මෙම සම්මාන උළෙල මනා වේදිකාවක් බවට පත්ව ඇත.

ISO තත්ත්ව සහතිකයෙන් පිදුම් ලද PBSS සමාගම, Sage සහ SAP Business One විසඳුම් ද ඒකාබද්ධ කරමින් ද, ලෝක මට්ටමේ නිෂ්පාදන දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා අඛණ්ඩව පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදු කරමින් ද වර්තමානයේ විවිධ කාර්මික ක්ෂේත්රය රැසක් සඳහා සිය විශේෂඥ සේවාවන් පිරිනමයි.

PBSS සමාගම දේශීයව නිර්මාණය කළ "Perfect Pay/Hර්‍RM" වැඩසටහන ඕනෑම ව්‍යාපාරයක මානව සම්පත් කළමනාකරණය සඳහා යොදා ගත හැකි විසඳුමකි. SAP Business One ERP, Sage Evolution ERP, Sage 50 (Peachtree), Sage My Business, POS විසඳුම්, මානව සම්පත් කළමනාකරණ විසඳුම්, Payroll and TAS විසඳුම් ඇතුළු විවිධ ක්ෂේත්රඋ සහ අංශවල අවශ්යකතාවන්ට ඔබින සේවාවන් රැසක් PBSS සමාගම පිරිනමයි. මීට අමතරව PBSS සමාගම පාසල් කළමනාකරණ විසඳුම්, සේවා කළමනාකරණ සහ වැඩපොළ කළමනාකරණ විසඳුම්, උසස් කාර්ය පිරිවැය විසඳුම්, යාන-වාහන කළමනාකරණ විසඳුම් ද පිරිනමයි. ශ්රී් ලංකාව, මැද පෙරදිග සහ මාලදිවයින යන රාජ්ය-යන්හි මේවන විට ද සිය ව්යායපාරික මෙහෙයුම් ජාලය ව්යාාප්ත කර ඇති එම සමාගම පුහුණු වැඩසටහන් ද දියත් කරයි.

2002 වසරේදී ආරම්භ කරන ලද PBSS සමාගම වර්තමානයවන විට දේශීය සහ ගෝලීය වශයෙන් සේවා ලාභීන් 600 කට අධික සංඛ්යාාවක් සඳහා සිය සේවාවන් ලබා දී ඇත. ලොව විශිෂ්ටතම Sage Evolution ERP විසඳුම් දහයෙන් එකක් පිරිනමන PBSS සමාගම ශ්රීට ලංකාව සහ මාලදිවයින තුළ ව්යිවසාය සම්පත් සැලසුම්කරණ (ERP) විහිදුම් 110 කට අධික සංඛ්යාහවක් ක්රිවයාත්මක කර ඇත. PBSS සමාගම SAP Business Oneමෘදුකාංග සහකරු සමග අත්වැල් බැඳ සිටින අතර දැනට වෙළඳපලේ ඇති ප්රතමුඛත ම ERP විසඳුම් දෙකක් පිරිනැමීමට සමත්ව සිටී. "SAP Business One " තුළ සමස්ත ව්යාකපාරය පවත්වා ගැනීම සඳහා අවශ්යී සියලු ම ක්රිස්යාවලීන් ඇතුළත් වනවා. ව්යා පාරයක මුල්යා කටයුතු, අලෙවි කතයුථුඅ, පාරිභෝගිකයන්, භාණ්ඩ ලේඛන සහ මෙහෙයුම් ඇතුළු පුළුල් පරාසයක් ආවරණය කරමින් එය පරිපූර්ණ ව්යාඅපාර කළමනාකරණ ක්රන්මවේදයක් පිරිනමනවා" ගමනායක මහතා වැඩිදුරටත් ප්රවකාශ කළේය.