බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාවට හිමි සම්මානය ඇතුළු සම්මාන 06 ක් කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාවට Featured

Published in ජයග්‍රහණ
කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා (මැද) සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා (දකුණේ කෙලවරේම) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතින් සම්මානයක් පිළිගනී. කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා (මැද) සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා (දකුණේ කෙලවරේම) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතින් සම්මානයක් පිළිගනී.
ශ‍්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් අති උත්කර්ශවත් අයුරින් සංවිධානය කළ 52 වන වාර්ෂික වාර්තා සම්මාන ප‍්‍රදානයේදී බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව වෙනුවෙන් පිරිනමන එඞ්මන්ඞ් ජේ. කුරේ අනුස්මරණ සම්මානය ඇතුළු සම්මාන 06 ක් දිනා ගැනීමට කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව සමත් වූ අතර ඒ තුළින් මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් බැංකුවේ තිබෙන කැපවීම යළිත් තහවුරු විය.

මෙරට ගණකාධිකරණ ක්ෂේත‍්‍රයේ ඉහළම වෘත්තීය ආයතනය වෙතින් බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාවට හිමි රන් සම්මානය කොමර්ෂල් බැංකුව මෙවර දිනාගත්තේ 13 වන වතාවට වීම මෙහිදී කැපී පෙනේ.

සමස්ත අංශයේදී කොමර්ෂල් බැංකුවේ 2015 වාර්ෂික වාර්තාව තුන්වන ස්ථානයට පත්වූ අතර ආයතනික යහපාලන අනාවරණය, ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය, ප‍්‍රාග්ධන කළමනාකරණය පිළිබඳ හොඳම අනාවරණය යන අංශ වලට අදාළ රිදී සම්මාන තුනද දිනා ගැනීමට බැංකුව සමත්විය. මීට අමතරව, ඒකාබද්ධ වාර්තාකරණයට අදාළ ලෝකඩ සම්මානයද හිමිවූයේ කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාවටයි.

මෙම සම්මාන හය දිනාගැනීමත් සමග මෙම සම්මාන රාත‍්‍රියේදී වැඩිම සම්මාන ප‍්‍රමාණයක් දිනාගත් ආයතනය බවට කොමර්ෂල් බැංකුව පත්විය. 2001 වසරේ සිට කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව මෙරට සමස්ත අංශයේ හොඳම වාර්ෂික වාර්තාව ලෙස 09 වරක් තේරී පත්වී තිබේ.

‘‘අපගේ අනාවරණයන්ගේ ගුණාත්මක තත්ත්වය සහ පරාසය වර්ධනය කිරීම පිළිබඳව අපි අඛණ්ඩවම අවධානය යොමුකර තිබෙනවා. එය එසේ වන්නේ යහපාලනයේ පදනම වන්නේ විනිවිදභාවය යැයි අප සිතන නිසයිල’’ යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. ‘‘සෑම වසරකම අපගේ වාර්ෂික වාර්තා සම්පාදක කණ්ඩායම විසින් ඉතාමත් සංකීර්ණ තොරතුරු මාලාවක් පාර්ශවකරුවන්ට ඉතාමත් පැහැදිලි ආකාරයෙන් ඉදිරිපත් කිරීමට වෙහෙස මහන්සි වෙනවා. මූල්‍ය වාර්තාකරණයේ යහ ක‍්‍රමවේදයන් අඛණ්ඩව පවත්වා ගැනීමට අප විසින් දක්වන කැපවීම වෙනුවෙන් බැංකු අංශයේදී අප ලැබූ 13 වන රන් සම්මානය ඉතා හොඳ සහතිකයක් වෙනවා.’’

‘ෂබ ිඑැච’ යන තේමාවෙන් නිකුත් කෙරුණු කොමර්ෂල් බැංකුවේ සම්මානලාභී 2015 වාර්ෂික වාර්තාවේ ්‍යඔඵඛ වෙබ් සහ ජංගම දුරකතන සංස්කරණයන් අඅඅගජදපඉ්බනගකන වෙබ් අඩවිය තුළින් ලබාගත හැකිය.

ශ‍්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් පිරිනැමූ මෙම සම්මාන මගින් පිළිඹිබු වන්නේ කොටස් හිමියන් වෙත මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු සන්නිවේදනය කිරීමේ බැංකුවේ ඉහළ කාර්යක්ෂමතාවය සහ නීතිමය අවශ්‍යතා මෙන්ම පිළිගත් ගණකාධිකරණ යහ භාවිතය පිළිබඳ තිබෙන දැඩි අනුකූලතාවයයිx සම්මාන සඳහා වාර්ෂික වාර්තා ඇගයීමකට ලක් කළ වරලත් ගණකාධිකරණ ආයතනය විසින් ආයතනයේ අරමුණු, සාරාංශ, කාර්ය සාධනය, කළමනාකරණය යන කරුණු අදාළ වන කණ්ඩායම සඳහා ඉතාමත් හොඳින් සන්නිවේදනය කිරීමට දක්වා තිබෙන හැකියාව ඇගයීමට ලක් කරන ලදී.

ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික ආයතනවල මූල්‍ය වාර්තාකරණය යන ක්ෂේත‍්‍රයේ විනිවිදභාවය, සමාජ වගකීම සහ යහ පාලනයේ විශිෂ්ටත්වය වෙනුවෙන් දිරිදෙන ශ‍්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනයේ වාර්ෂික වාර්තා තරඟාවලිය පැවැත් වෙන්නේ 1964 සිටයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 253 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 653 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.