BMICH දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම රැස්වීම් හා සම්මේලන පරිශ‍්‍රය ලෙස කිරුළු පළඳියි Featured

Published in ජයග්‍රහණ

පළමු වරට පැවැත්වුණු දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA) කලාපීය ප‍්‍රමුඛතම රැුස්වීම් හා සම්මේලන පරිශ‍්‍රය ලෙස සම්මානයට පාත‍්‍ර වීමට ඊඵෂක්‍්‍ය ආයතනය සමත්විය. මෙම සම්මාන උළෙලෙහි අරමුණ වන්නේ කලාපීය වශයෙන් සංචාරක කර්මාන්තයේ දියුණුවට හා සේවාවේ ගුණාත්මකභාවය දියුණු කිරීමට දායක වූ ආයතන අගැයීම ය.

”දකුණු ආසියානු කලාපයේ ප‍්‍රමුඛතම සම්මේලන මධ්‍යස්ථානය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට හැකිවීම අපට අභිමානයට හා සතුටට හේතුවක්. BMICH සතු සේවා විශිෂ්ටත්වය ඉන් පෙන්නුම් කෙරෙනවා. ඒ වගේම කලාපීය වශයෙන් මෙවැනි ජයග‍්‍රහණයක් ලැබීම අපේ රටටත් ගෞරවයක්” යනුවෙන් BMICH හි අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී සුනිල් දිසානායක මහතා පැවසීය.

කලාපීය වශයෙන් කි‍්‍රයාත්මක වානිජ මණ්ඩල ඇතුළු සංවිධාන හා එක්ව පාරදෘශ්‍යතාවකින් ද යුත් සම්මාන පිරිනැමීමේ ආරම්භයක් ලෙස මෙම සම්මාන උළෙල සැලකිය හැක. ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව එක්ව දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලක් පැවැත්වීමේ මාලදිවයිනේ සමාගමක් වන ්‍Highrise වෙතින් ඉදිරිපත් වුණු සංකල්පයකි. එහිදී ශී‍්‍ර ලංකාවෙන් අදාළ නිර්දේශ හා අනුමැතීන් ලබාදුන් සංවිධාන අතර ශී‍්‍ර ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල ෆෙඩරේෂණය හා කොළඹ වානිජ මණ්ඩලය ද විය.

විනිසුරු මඬුල්ලට ඇතුළු වූයේ ඒ ඒ රටවල් නියෝජනය කරන විශ‍්‍රාමලත් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් කිහිපදෙනෙකි. ඔවුන් සතු දැනුම නිසාවෙන්ම සම්මාන පිරිනැමීමේ කි‍්‍රයාවලියේ නිරවද්‍යබව හා සාධාරණබව ඉහළ මට්ටමක පැවැතිණ. නාම යෝජනා කැඳවීම ආරම්භ වූයේ, ශී‍්‍ර ලංකා සංචාරණ’ පරිශ‍්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකිනි. ඊට මාධ්‍ය හිතවතුන් මෙන්ම කලාපීය සංවිධානවල ප‍්‍රධානීන් ද එක්ව සිටියහ. සම්මාන උළෙලේදී අංශ 10ක කාණ්ඩ 39ක් යටතේ සම්මාන ප‍්‍රදානය සිදුකෙරුණි.

අතිශය සිත් ගන්නා සුලූ හා වෙනස්කම් සිදුකළ හැකි ශාලා පහසුකම් සපයන BMICH ආයතනය ඕනෑම ආකාරයේ උත්සව ශාලා පහසුකමක් සම්පාදනය කිරීමට සමත් ය. සුහද රාති‍්‍ර ආහාර උත්සවයක සිට උත්කර්ෂවත් උත්සවයක්, ව්‍යාපාරික සමුළුවක් මෙන්ම විවාහ මංගලෝත්සවයක් කරා පැතිරුණු සේවාවක් එය සතු ය. සියලූ උත්සව ශාලා නැවත නම් කරන ලදුව සැබවින්ම විශේෂ අත්දැකීමක් ලබාදෙන්නට හැකි ලෙස ඉදිරිපත් කර තිබේ. මෙම වසරේදී ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැති Century International Quality ERA Award හිදී රන් සම්මානයක් දිනාගැනීමට පවා BMICH ආයතනය සමත්විය.