ඉන්සී සිමෙන්ති සමාගම ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

Published in ජයග්‍රහණ

ඉන්සී සිමෙන්ති සමාගම පසුගියදා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිෂ්පාදන-වෙනත් කාණ්ඩයේ සම දෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ නායකත්වයට, ආයතනික පාලනය, ශක්‍යතා වර්ධනය, කාර්යසාධන කළමනාකරණය, දේශීය සහ ගෝලීය ප‍්‍රවේශය, ප‍්‍රජා සත්කාරක සහ තිරසාර වැඩසටහන් මෙන් ම විශිෂ්ට ව්‍යාපාරික සහ මුල්‍ය ප‍්‍රතිඵල මෙම සම්මාන උළෙලේදී ඇගයුමට ලක් කෙරේ.

මින් පෙර හොල්සිම් ලංකා ලෙස හැඳින්වූ ඉන්සී සිමෙන්ති සමාගම, මෙරට තුළ පරිසර හිතකාමී හරිත සිමෙන්ති හඳුන්වා දුන් එක ම දේශීය සිමෙන්ති නිෂ්පාදකයා වෙයි. විශේෂයෙන් මහමග ආරක්ෂාව, පරිසරය සුරැුකීම, මානව සංවර්ධනය සහ යහ පාලනය ආදී ක්ෂේත‍්‍ර නගා සිටුවීම සඳහා සමාගම අඛණ්ඩව ආයෝජනය කරයි.

”නව සමාගමක් ලෙස අප, අපගේ දාමයේ සෑම අදියරකදී ම තිරසාරත්වය රැුක ගැනීම සඳහා දැඩි ලෙස කැප වනවා. මෙම සම්මානය හරහා අප ඒ වෙනුවෙන් දක්වන කැපවීම සහ ඒ සඳහා අපට ඇති හැකියාව තවදුරටත් පිළිබිඹු වනවා” සියාම් සිටි සිමෙන්ති සමාගමේ තිරසාර සංවර්ධන, සන්නිවේදන සහ බාහිර කටයුතු අධ්‍යක්ෂිකා ෆර්සානා ඛාන් මහත්මිය සඳහන් කළාය.

1969 වසරේදී තායිලන්තයේ දී ඇරඹි සියාම් සිටි සිමෙන්ති සමාගමේ සාමාජිකයෙකුවන ඉන්සී සිමෙන්ති සමාගම, අග්නිදිග ආසියානු කලාපයේ පුරෝගාමී සිමෙන්ති නිෂ්පාදන සමාගමකි. ඉන්සී සන්නාමය යටතේ නිෂ්පාදනය කෙරෙන සිමෙන්ති, ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ විසඳුම් කාම්බෝජය, බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාව තුළ අලෙවි කෙරේ.

සේයා රූ සටහන : ඉන්සී සිමෙන්ති සමාගමේ පද්ධති අනුකුලතා කළමනාකාර සුපුන් ජයසිංහ, තිරසාර සංවර්ධන නිලධාරි උදාර රත්නායක, බාහිර සන්නිවේදන කළමනාකාරිනී ෆියෝනා නානායක්කාර, තිරසාර සංවර්ධන, සන්නිවේදන සහ බාහිර කටයුතු අධ්‍යක්ෂිකා ෆර්සානා ඛාන් යන මහත්ම මහත්මීන් ජාතික වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව් සමරවීර සහ පශ්චාද් කළමනාකරණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර උපදේශක ආචාර්ය ට‍්‍රවෙර් මෙන්ඩිස් මහත්වරුන්ගෙන් සම්මානය හිමිකර ගත් මොහොත