UTE ඉංජිනේරු සේවා අංශයට තවත් ජයග‍්‍රහණයක් Featured

Published in ජයග්‍රහණ
UTE සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී රියාද් ඉස්මයිල්, ESS සහ පරිසරවිද්‍යා පද්ධති ප‍්‍රධානී යස බණ්ඩාර, ESS කළමනාකාර ඉන්දික තුෂාර, බලශක්ති පද්ධති කළමනාකාර රනිල් පී මැද්දේපොළ, Six Sigma Black Belt අංශයේ දුලීකා රොද්‍රිගෝ, Six Sigma/Master Black Belt  ප‍්‍රධානී තාරක දයාබණ්ඩාර යන මහත්ම මහත්මීන් ISO 9001:2015 තත්ත්ව සහතිකය සමග UTE සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී රියාද් ඉස්මයිල්, ESS සහ පරිසරවිද්‍යා පද්ධති ප‍්‍රධානී යස බණ්ඩාර, ESS කළමනාකාර ඉන්දික තුෂාර, බලශක්ති පද්ධති කළමනාකාර රනිල් පී මැද්දේපොළ, Six Sigma Black Belt අංශයේ දුලීකා රොද්‍රිගෝ, Six Sigma/Master Black Belt ප‍්‍රධානී තාරක දයාබණ්ඩාර යන මහත්ම මහත්මීන් ISO 9001:2015 තත්ත්ව සහතිකය සමග

මෙරට ප‍්‍රමුඛත ම ඉංජිනේරු විසඳුම් සම්පාදකයාවන යුනයිටඞ් ට‍්‍රැක්ටර් ඇන්ඞ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, බල උත්පාදන ඉංජිනේරු විසඳුම් ක්ෂේත‍්‍රයේ නිරත සමාගම් අතුරින් බල උත්පාදන යන්ත‍්‍රවල විකුණුම් සහ අලෙවිකරණය සඳහාවන නව ISO 9001:2015 ප‍්‍රමිති සහතිකයෙන් පිදුම් ලද ප‍්‍රථම සමාගම බවට පත් විය.

මීට අමතරව, ඉදිකිරීම් සහ සිවිල් ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ අනුමැතිය ලබා දෙන මෙරට ප‍්‍රධානත ම ආයතනයවන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් විද්‍යුත් සවි කිරීම් සඳහා EM1 අනුමැතිය ද UTE සමාගමට පිරිනැමීය. එක්සත් රාජධානියේ SGS ආයතනය විසින් පිරිනමනු ලබන මෑතකදී යාවත්කාලීන කරන ලද ISO 9001:2015 තත්ත්ව සහතිකය පාරිභෝගික අවශ්‍යතා සහ අපේක්ෂා ඉටු කරන අතර නිෂ්පාදන සහ සේවාවල අනුකුලතාව ලබා දෙන සමාගම් කෙරෙහි විශේෂ අවධානය යොමු කරයි.

මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව සහතිකයක් හරහා, සමාගම පිළිබඳ විශ්වාසයෙන් යුතුව සිය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පාරිභෝගිකයාට හැකිවන අතර ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රමිති මට්ටමක් පවත්වා ගැනීමට ද සමාගම්වලට ද හැකියාව ලැබේ. මෙම සුවිශේෂී ප‍්‍රමිතීන් ද්විත්වය මගින් ඹඔෑ සමාගම ප‍්‍රමිතිය සහ පාරිභෝගික සේවාව වෙනුවෙන් දක්වන අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු කෙරේ.

”ගුණාත්මකබව යනු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා අප ගොඩනගා ඇති ආයතනික අගනාකම් සහ අප දක්වන කැපවීම නිරූපණය කරන එක් සාධකයකි. විශේෂඥ සහ කුසලතා පූර්ණ කණ්ඩායමක් හරහා පාරිභෝගිකයන් හට අඛණ්ඩව උසස් ප‍්‍රමිතියෙන් යුතු භාණ්ඩ සහ සේවා ලබා දීමට අප ගන්නා උත්සාහය ISO ප‍්‍රමිති සහතිකය සහ CIDA අනුමැතිය මගින් තවදුරටත් පිළිබිඹු වුණා.” UTE සමාගමේ ESS සහ පාරිසරික ඉංජිනේරු අංශ ප‍්‍රධානී යසා බණ්ඩාර මහතා සඳහන් කළේය.

වර්තමානයේ මෙරට සමාගම් කිහිපයක් බල උත්පාදන යන්ත‍්‍ර (ජෙනරේටර්) විකිණීමේ සහ ආනයනය කිරීමේ නිරත වේ. එසේ වුවත්, පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව අමතර සේවාවන් රැසක් පිරිනැමීමේ හැකියාව UTE සමාගම සතු වේ. විදුලිබලය සම්බන්ධ පරිපූර්ණ ව්‍යාපෘතියක් සැලසුම් කිරීම, ගැළපීම සහ ස්ථාපනය කිරීම සඳහා UTE විශේෂඥ කණ්ඩායම සතු හැකියාව, එම සමාගම ක්ෂේත‍්‍රයේ අනෙකුත් සමාගම් අතර කැපී පෙනීමට හේතු වී ඇත. විශේෂයෙන් ම, UTE සමාගම පාරිභෝගික අවශ්‍යතාව අනුව පාලන පැනල (Control Panels) සකස් කිරීමේ හැකියාවෙන් යුතුවන බැවින් අධික පිරිවැයක් දරමින් විදෙස් රටවලින් අමතර උපාංග මෙරටට ගෙන්වා ගැනීමට පාරිභෝගිකයාට අවශ්‍ය නොවේ.

තවද, බල උත්පාදන යන්ත‍්‍ර සමකාල කිරීම (Synchronizing), පාලන පද්ධති, පොම්ප පාලන පැනල, ඉන්ධන ටැංකි සම්පාදනය, පොම්කරන පද්ධති, විමෝචන මට්ටම් අවම කිරීම, උසස් ප‍්‍රමිතීන් පවත්වා ගැනීම සහ ශබ්ද පාලන මට්ටම්වලට අනුකූල වීම ඇතුළු පුළුල් පරාසයක විහිදුනු සේවා රැසක් UTE සමාගම පාරිභෝගිකයන් හට පිරිනමයි.

UTE සමාගම දායකත්වය ලබා දුන් රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ව්‍යාපෘති රැුසක් ප‍්‍රසාදයට ලක්ව තිබේ. ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල සඳහා පාලන පැනල සවි කිරීම සහ නවීන තාක්ෂණයෙන් යුතු Tier3 මට්ටමේ දත්ත මධ්‍යස්ථාන දෙකක් සඳහා බල උත්පාදන යන්ත‍්‍ර සහ වෙනත් විසඳුම් ලබා දීම එලෙස කැපී පෙනෙන ව්‍යාපෘති අතර වෙයි.