DHL Express ආසියානු පැසිෆික් කලාපයේ හොඳම සේවා සම්පාදකයෙකු ලෙස සම්මාන දිනයි Featured

Published in ජයග්‍රහණ

- DHL Express ශ‍්‍රී ලංකා සමාගම ආසියාවේ හොඳම බහු ජාතික සේවා ස්ථානය හා 2016 සේවයට සුදුසුම ආයතන යන සම්මාන Great Place to Work® ආයතනය වෙතින් හිමිකර ගනී.

- තම සේවක සංස්කෘතිය, ප‍්‍රතිපත්ති හා භාවිතාවන් වෙනුවෙන් සමාගම අඛණ්ඩව ඉහළ ප‍්‍රතිඵල ලබයි.

ලොව ප‍්‍රමුඛතම ජාත්‍යන්තර ලොජිස්ටික් සේවා සැපයුම් සමාගම වන DHL Express" , ආසියානු පැසිෆික් කලාපය තුළ වෙළෙඳපොළ රැුසක ප‍්‍රමුඛ සේවා සම්පාදකයෙකු හා විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස ප‍්‍රධාන පෙළේ මානව ප‍්‍රාග්ධන සංවිධාන වන Aon Hewitt" Top Employers Institute හා Great Place to Work® ආයතන මගින් නැවත වරක් නම්කරනු ලැබ තිබේ. 2015 වසරේදී ඒ අයුරින් සම්මාන 24ක් දිනාගත් DHL Express ආයතනය 2016දී සම්මාන 28ක් තමන් සතු කරගැන්මට සමත්වීම කැපී පෙනේ. මෙම සම්මාන පෙළ හරහා පෙන්නුම් කෙරුණේ ප‍්‍රමුඛ සේවා සම්පාදකයෙක් ලෙස ඉදිරියට ඒමට සමාගම කළ කැපවීම ය.

”ආසියානු පැසිෆික් කලාපය තුළ හොඳම සේවා පරිසරයක් හා වෘත්තීය අනාගතයක් සපයන සමාගමක් නිර්මාණය කිරීමේ අපගේ කැපවීම මෙසේ අගැයීමට හා පිළිගැනීමට ලක්වීම පිළිබඳව අපි මහත් සේ සතුටට පත්වෙනවා. DHL සමාගම වශයෙන් අපි නිරතුරුව අපගේ කි‍්‍රයාශීලී සේවක මහත්ම මහත්මීන්, අපගේ වටිනාම වත්කම ලෙස සලකනවා. මේ සෑම කෙනෙකුගේම දායකත්වය අප සමාගමේ සාර්ථකත්වයට අවශ්‍යම සාධකයක්” යැයි ආසියානු පැසිෆික් කලාපයේ DHL Express හි ප‍්‍රධාන විධායක නිලධාරී කෙන් ලී මහතා පැවසීය.

තරගකාරීත්වයෙන් ඔබ්බට අපව ගෙනයමින් ජාත්යසන්තර ලොජිස්ටික් සේවා කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට අප පත්කිරීමට උර දී සිටින්නේත් මේ කාර්ය මණ්ඩල සාමාජිකයින්මයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

DHL Express ශී‍්‍ර ලංකා සමාගම ද ආසියාව තුළ හොඳම බහු ජාතික සේවා ස්ථානය ලෙස හා 2016 සේවයට සුදුසුම ආයතනය වශයෙන් Great Place to Work® ආයතනය මගින් බුහුමනට පාත‍්‍ර විය. ”ශ‍්‍රී ලංකාව තුළ සේවය කිරීමට සුදුසුම බහුජාතික සමාගමක් ලෙස හා හොඳම සේවා ආයතනයක් ලෙස සම්මානයට පාත‍්‍ර වීම අපට විශාල ගෞරවයක්. අප සමාගම සැබෑ ලෙසම විශිෂ්ටත්වය හඹායෑම කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරන ආයතනයක්. මෙම සම්මාන අයත් වන්නේ ක්ෂේත‍්‍රය තුළ අඛණ්ඩව නායකත්වය දරන අපගේ කාර්ය මණ්ඩලටයි” යනුවෙන් DHL Express ශ‍්‍රී ලංකා සමාගමේ දේශීය ප‍්‍රධාන කළමනාකරු දිමිති‍්‍ර පෙරේරා මහතා පැවසීය.

සේවක සහභාගීත්වය වෙනුවෙන් ඉහළ අවධානයක් යොමුකරන DHL ආයතනය ඒ හරහා ධනාත්මක සේවා පරිසරයක් බිහිකිරීමටත් සේවක තෘප්තිය ඉහළ නැංවීමටත් ඒ අනුව කැපවී සිටී. තව ද සේවක කාර්ය මණ්ඩලය අරමුණු කරගත් විවිධ පියවර ගණනාවක් සමාගම විසින් කි‍්‍රයාවට නංවා තිබේ. ඊට කාර්ය මණ්ඩල ඇගයීම් මෙන්ම පුළුල් පුහුණු වැඩසටහන් මෙන්ම ප‍්‍රතිචාර සැසි ආදී කි‍්‍රයාකාරකම් රැුසක් අන්තර්ගත වේ.

ලොව විශාලතම ආයතනික සේවා පුහුණු වැඩසටහනක් ලෙස සැලකිය හැකි DHL හි සේවක කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන් ලොව පුරා රටවල් හා භූමි ප‍්‍රදේශ 220ක කාර්ය මණ්ඩල සාමාජිකයින් 90,000කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින් සංවිධානය කෙරේ. ඒ Certified International Specialist (CIS) හා Certified International Manager (CIM) ආදී සම්මාන දිනූ ආයතනික පුහුණු වැඩසටහන් කෙරේ ආයෝජනය කරමිනි. මෙම පුහුණු වැඩසටහන් තුළින්, සමාගමේ උපායමාර්ග, ගරුත්වය තහවුරු කිරීම, ඔවුනොවුන් සමග පවතින අන්තර් සබඳතාවයේ ප‍්‍රතිඵල ආදී ජාත්‍යන්තර හා කළමනාකරණ කුසලතා මූලිකාංග ආදිය සේවකයින්ට සමීප කෙරේ.

CIS හා CIM වැඩසටහන්වලට අමතරවිකාර්ය මණ්ඩල ඇගැයීමේ සති’, වසරේ හොඳම සේවකයා’ ආදී කාර්ය මණ්ඩල සාමාජිකයින්ව සැමරීමේ හා ඇගයීමේ කි‍්‍රයාකාරකම් ද DHL විසින් සංවිධනය කරනු ලබයි.

විවෘත සංවාදය දිරිමත් කිරීමේ අරමුණින් සේවකයින් වාර්ෂික සේවක අදහස් සමීක්ෂණයට ද එක් කරගැනේ. එය කෙටි හා රහසිගත ප‍්‍රශ්නාවලියක් වන අතර සියලූ සේවකයින් එය පුරවමින් තමතමන්ගේ සහභාගීත්වය හා තෘප්ති මට්ටම මැනබැලීම එමගින් සිදුකරයි. ආසියානු පැසිෆික් කලාපය තුළ 2016 වසරේදී සේවක සහභාගීත්වය, අනාගතය හා උපායමාර්ගික සැලසුම, කණ්ඩායම් කි‍්‍රයාකාරීත්වය, රැුකියා පූරණය හා සේවා ස්ථානය සහ අඛණ්ඩ වර්ධනය ආදී සියලූ අංශයන්ගෙන් සියයට 90කට වැඩි ප‍්‍රතිශතයක් සමගින් ඉහළ කි‍්‍රයාකාරීත්වයක් පෙන්නුම් කිරීමට DHL සමත්විය. මෙම ඉහළ සේවක සහභාගීත්ව මට්ටම් තුළින් පිළිබිඹු වන්නේ, සේවකයින් තම වටිනාම වත්කම හා සමාගමේ විභව ශක්තිය බවට වන DHL ආයතනය සතු විශ්වාසය වේ.