කැළණි කේබල්ස් සමාගම ‘National Quality Awards' සම්මානයෙන් දෙවනවරටත් පිදුම් ලබයි. Featured

Published in ජයග්‍රහණ
කැළණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරි, මහින්ද සරණපාල මහතා ‘ජාතික තත්ත්ව සම්මානය’ අතැතිව සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග කැළණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරි, මහින්ද සරණපාල මහතා ‘ජාතික තත්ත්ව සම්මානය’ අතැතිව සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග

ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම ‘ජාතික තත්ත්ව සම්මානය’ (National Quality Award) සම්මානය දෙවනවරටත් දිනාගනු ලැබීය. කැලණි කේබල්ස් සමාගමට එම සම්මානය හිමිවූයේ ගරු ජනාධිපති, මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පසුගියදා පැවති ‘ජාතික තත්ත්ව සම්මාන උළෙලේ’දීය. වසර 2006දී කැලණි කේබල්ස් සමාගම පළමුවරට ‘ජාතික තත්ත්ව සම්මානය’ දිනාගත් අතර මෙවර එම සම්මානය හිමිවූයේ මහා පරිමාන නිෂ්පාදන සමාගමක ලෙසින් තම නිෂ්පාදන කාර්යය කාර්යක්ෂම හා ඵලදායිව සිදුකිරීමට දශකයක් පුරා ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ නිර්නායකයන් තිරසාරව භාවිතාකිරීම වෙනුවෙනි. එමෙන්ම මෙම ‘ජාතික තත්ත්ව සම්මානයෙන්’ දෙවරක් පිදුම් ලද ශී‍්‍ර ලංකාවේ එකම වයර් නිෂ්පාදන සමාගම වන්නේද කැලණි කේබල්ස් සමාගමය.

තම සමාගමට දෙවනවරටත් හිමි වූ ‘ජාතික තත්ත්ව සම්මානය’ පිළිබඳව අදහස් දැක්වූ කැළණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරි, මහින්ද සරණපාල මහතා පැවසුවේ, ‘කැලණි කේබල්ස් සමාගමේ දැවැන්ත සාර්ථකත්වයේ කොදුනාරටිය වන්නේ අප නිෂ්පාදනවල තිබෙන විශිෂ්ට ප‍්‍රමිතියේ සළකුණයි. ශී‍්‍ර ලංකාවේ අංක එකේ විදුලි හා සන්නිවේදන වයර් සන්නාමය ලෙසින් අප සතු කීර්තියද එම උසස් ප‍්‍රමිතිය වෙනුවෙන් සමාගම ලද වත්කමක්. ‘ජාතික තත්ත්ව සම්මානයෙන්’ දෙවන වරටත් පිදුම් ලැබීම මා දකින්නේ එම සම්මානය මුල්වරට හිමිකරගත් වසර 2006 සිට තිරසාරව පවත්වාගෙන ආ විශිෂ්ටත්වයට ලද ඇගයීමක් ලෙසින්. එමෙන්ම මෙම ජයග‍්‍රාහී අවස්ථාවේදී කැලණි කේබල්ස් නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තැබූ ලක්ෂ සංඛ්‍යාත ශී‍්‍ර ලාංකික පාරිභෝගිකයන්ට තමා නිවැරදි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් සතුටට හා සෑහීමකට පත්විය හැකියි. තවද අප නිෂ්පාදනවල ප‍්‍රමිතියේ උසස්බව රැුකගැනීමට උරදෙන කාර්ය මණ්ඩලය සිහිපත්කිරීමටත් මා මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගැනීමට කැමතියි’ යන්නය.

වසර 48ක් පුරා ශී‍්‍ර ලාංකේය විදුලි සම්පේ‍්‍රෂණ හා සන්නිවේදන වයර් නිෂ්පාදනයේ අත්දැකීමෙන් පිරි 100% දේශීය සමාගමකවන කැළණි කේබල්ස් සමාගම, SLIM Brand Excellence -2013 සම්මාන උළෙලේ දී B2B අංශයේ රන් සම්මානය හිමි කරගැනීමට සමත් විය. එමෙන්ම නිෂ්පාදන කි‍්‍රයාවලි විශිෂ්ටත්වය වෙනුවෙන් පිරි නැමෙන ISO 9001: 2008 තත්ත්ව සහතිකය හා හා යහපත් පාරිසරික කළමනාකරණය වෙනුවෙන් පිරි නැමෙන ISO 14001: 2004 තත්ත්ව සහතිකය ලද කැලණි කේබල්ස් කර්මාන්ත විශිෂ්ටත්ව රන් සම්මානය 2006, 2007 2008 යන වසරවලදී දිනාගත් අතර 2008දී කර්මාන්ත විශිෂ්ටත්ව පළි`ගු සම්මානය, 2006දී ජාතික තත්තව සම්මානය, 2007දී ටයිකි අකිමොටෝ 5S රන් සම්මානය, 2010දී ජාතික සුරක්ෂිතතා රන් සම්මානය, සේවක පුහුනුව හා සංවර්ධනය වෙනුවෙන් සැපයෙන දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන SLITAD People Development – 2013 රන් සම්මානය, 2015 සමාජ කතිකා හා වැඩපොල සහයෝගීතා ලෝකඩ සම්මානය හා 2016 සමාජ කතිකා හා වැඩපොල සහයෝගීතා රන් සම්මානය, 2015දී SLIM Brand Excellence සම්මාන උළෙලේදී විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වෙළෙඳනාමය ලෙසින් රීදී සම්මානය, 2016 National HR Excellence රීදී සම්මානය හා 2015 හා 2016 වසරවලදී ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය දිනාගැනීමට කැලණි කේබලස් සමාගම සමත් විය. ‘ජනාධිපති පරිසර සම්මාන උළෙල - 2016 දී (Presidential Environmental Awards) විශිෂ්ටතම හරිත වාර්ථාකරණය වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානයෙන් පිදුම් ලද කැලණි කේබල්ස් සමාගම එයට අමතරව 2015 ජාතික හරිත සම්මානය, GEO Responsibility Award -2014" , ‘ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මානය 2012 හා 2013’ හිමිකරගෙන ඇත. එමෙන්ම කැළණි කේබල්ස් තිරසාර ආර්ථික, සමාජ හා පාරිසරික සංවර්ධනයට ප‍්‍රතිඥාදෙමින් National Green Reporting System ක‍්‍රමවේදයට අනුගත ශී‍්‍ර ලංකාවේ පළමු සමාගම් කිහිපය අතරට එක්වූ සමාගමකි. තවද පරිසර හිතකාමී හා වෘත්තීය සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් දක්වන විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Responsibile Care ලාංජනය භාවිතාකිරීමේ සහතිකය හිමි සමාගමක් හෙයින් කැලණි කේබල්ස් නිෂ්පාදනවලට අපනයන වෙළෙඳපොලේ විශේෂිත පිළිගැනුමක් හිමිවේ.