ජාතික තත්ව සම්මානය හිමි කරගනිමින් 2017 වසරට පා තැබූ නොරිටාකේ Featured

Published in ජයග්‍රහණ

නොරිටාකේ ලංකා පෝසිලේන් පුද්ගලික සමාගම මෙම වසරේ ආරම්භය සනිටුහන් කරමින් කොළඹ හිල්ටන් හෝටලයේ පසුගියදා පැවති ජාතික තත්ව සම්මාන පඹ්ධානෝත්සවයේ මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත අංශය වෙනුවෙන් වූ සම්මානය දිනා ගැනීමට සමත් විය.

නොරිටාකේ සමාගමේ ජේෂ්ඨ අධ්‍යක්ෂක ටී.සී.තෙන්නකෝන් හා තාක්ෂණික අධමික්ෂක වයි. ඇන්ඩො යන මහත්වරුන් අතිගරු ජනාධිපති මෛතධ්ඹ්පාල සිරිසේන මහතාගේ අතින් මෙම සම්මානය ලබා ගත්හ.

තාක්ෂණික හා පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් පේඹ්මජයන්ත හා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් සෙනවිරත්න යන අමාත්‍යවරුන්ද මෙම උත්සවය සඳහා සහභාගී විය.

"පසුගිය වසරද අපිට ඉතා හොඳ වසරක් වුණා. ඒවගේම මෙම වසරත් ජයග්‍රහණයන්ගෙන් පිරි වසරක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා." යැයි නොරිටාකේ හි නියෝජමි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක යොශිනාරි ශිමායා මහතා අදහස් දක්වමින් පවසා සිටියේය. "අප නිෂ්පාදනයන් සම්බන්ධයෙන් විශ්වාසය තබමින් නිරන්තරයෙන් වර්ධනය වන අපගේ දේශීය විදේශීය පාරිභෝගිකයන් පිළිබඳ අප නිහතමානීව ආඩම්බර වෙනවා. අප නිරන්තරයෙන් උත්සාහ ගන්නේ අපට කල හැකි දෙයට වඩා වැඩි යමක් අප පාරිභෝගිකයන්ට ලබා දීමටයි. මෙය අළුත් වසරක් මෙන්ම අභියෝග රැසක් ඇති වසරක්. මේ වසරේ අපි ඉතා උනන්දුවෙන් හා බලාපොරොත්තු සහගතව ඉන්නවා අපට ඇති ඉදිරි ඉලක්ක ජයගඹ්හණය කිරීම සඳහා" යැයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.

"මෙම ජාතික සම්මානය අපහට හිමි වීමෙන් නැවත වතාවක් සනාථ කරන්නේ අප නිෂ්පාදනයන්හි ඇති විශිෂ්ඨත්වය හා අපගේ මනා කාර්යසාධනයයි. මෙම සම්මානය අපට පමණක් හිමි වුන සම්මානයක් නොවෙයි. මෙය අපගේ මාතලේ කර්මාන්තශාලාවේ, පන්නල, අපගේ කොළඹ 07 පඹ්ධානප්‍රදර්ශනාගාරය, වත්තල, මාතලේ, ධාැක හා පැපිලියාන යන ප්‍රදර්ශනාගාරයන්හි සේවය කරන අපගේ සේවක මණ්ඩලයේ ඇති මනා කැපවීමේ ප්‍රතිඵලයක්. ඒ නිසා ඔවුන්ටද මෙම සම්මානයේ අයිතිය හිමිවෙනවා. " යැයි ශිමායා මහතා පැවසීය .

ලංකා පිඟන් සංස්ථාව සහ වසර 100 ක් පැරණි ජපානයේ සීමාසහිත නොරිටාකේ සමාගමේ ඒකාබද්ධ වෙළඳ ව්‍යාපාරයක් ලෙස 1972 දී ආරම්භ කරන ලද සීමාසහිත නොරිටාකේ ලංකා පෝසිලේන් පුද්ගලික සමාගම, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පෝසිලේන් පිගන් භාණ්ඩ නිෂ්පාදන සමාගමයි. මෙම සමාගමේ නිෂ්පාදනාගාරය පිහිටා ඇත්තේ ඩොලමයිට්, තිරිවානා ආදිය බහුලව ඇති මාතලේය.

වර්තමානයේ රුපියල් මිලියන 2500 කට වැඩි වටිනාකමකින් යුත් පෝසිලේන් පිගන් භාණ්ඩ කට්ටල මිලියන 6 කට වැඩි ප‍්‍රමාණයක් අපනයනය කරන සීමාසහිත නොරිටාකේ ලංකා පුද්ගලික සමාගම, මහද්වීප 05 තුල ඇති රටවල් 100කට තම නිෂ්පාදනයන් අපනයනය කරයි. එමෙන්ම නොරිටාකේ යනු ශ‍්‍රී ලංකාවේ හෝටල් සඳහා ප‍්‍රධාන පෝසිලේන් නිෂ්පාදන සැපයුම්කරුවෙකි.

ශ්‍රී ලංකා ජාතික තත්ව සම්මාන යනු ශ‍්‍රී ලංකාවේ සමාගම් හා එහි කාර්ය සාධනයන් හඳුනා ගනිමින් ඒවා ඇගයීම සඳහා වාර්ෂිකව සංවිධානය කරනු ලබන සම්මාන උත්සවයකි. මේ සඳහා වාර්ෂිකව අයදුම්පත් කැඳවනු ලබන අතර අවසන් තෝරා ගැනීම කරනු ලබනුයේ එහි ඇති නිර්ණායකයන්ට අනුකූලව විධිමත් කධ්ඹ්යාවලියක් යටතේයි.

මෙම සම්මානය රාජ්‍ය - පෞද්ගලික සහයෝගීතාවය මත පදනම් වූ කාර්ය සාධන විශිෂ්ඨතා නිර්ණායක මත පදනම්ව වේ.

මෙහි භාවිතා කරන නිර්ණායක ඇමරිකා එක්සත් ජනපදයේ මැල්කම් බෝල්ඞ්රිජ් තත්ව සම්මාන සඳහා භාවිතා කරන නිර්ණායකයන්ට සමාන වේ. ශ්‍රී ලංකා ජාතික තත්ව සම්මාන ආයතනය විසින් මෙම සම්මානය පිරිනැමීම සඳහා සමාගම්හි නායකත්වය, මූල්‍යයෝපාය, පාරිභෝගිකයන් කේන්ද්‍ර කර ගැනීම, මිනුම්, විශ්ලේෂණ, දැනුම් කළමනාකරණය ශඹ්ම බලකාය, මෙහෙයුම් කධ්ඹ්යාවලිය හා සමස්ත පඹ්තිපල අගයනු ලබන්නේ අයදුම්පත් යොමු කරන අයදුම්කරුවන්ගේ කාර්ය සාධනයේ විශිෂ්ඨත්වය සලකා බැලීමෙන් අනතුරුව වේ.