සෙලින්කෝ ලයිෆ් යළිත් මෙරට ප‍්‍රියතම ජීවිත රක්ෂණ සමාගම ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලබයි Featured

Published in ජයග්‍රහණ
සෙලින්කෝ ලයිෆ් වෙනුවෙන් පිරිනැමුණු ‘ජනතාවගේ වසරේ ජීවිත රක්ෂණ සන්නාමය’ නැමති සම්මානය සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, රාජ්කුමාර් රෙන්ගනාදන් මහතා (මැද) සහ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා (වමේ) විසින් භාරගනී. සෙලින්කෝ ලයිෆ් වෙනුවෙන් පිරිනැමුණු ‘ජනතාවගේ වසරේ ජීවිත රක්ෂණ සන්නාමය’ නැමති සම්මානය සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, රාජ්කුමාර් රෙන්ගනාදන් මහතා (මැද) සහ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා (වමේ) විසින් භාරගනී.

ශ‍්‍රී ලංකා වරලත් අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කළ 2017 'SLIM-Nielsen Peoples Awards' සම්මාන ප‍්‍රදානයේදී පිට පිටම 11 වන වරටත් රක්ෂණ අංශයේ ජනතා සම්මානය දිනා ගනිමින් 'ජනතාවගේ වසරේ ජීවිත රක්ෂණ සන්නාමය' ලෙසින් සිය සන්නාමයේ තිබෙන ශක්තිය යළිත් වරක් පෙන්වීමට සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගම සමත් විය.

කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ පැවති මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී විවිධ අංශ නියෝජනය කරන මෙරට ජනතාව වඩාත්ම ප‍්‍රියකරන සන්නාම ජනතා සම්මානයට පාත‍්‍රවූ අතර දිවයින පුරා සිදුකළ මහජන මත විමසුමකින් පසුව මෙම සම්මාන සඳහා තෝරාගෙන තිබේ.

මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය මීට වසර එකොලහකට පෙර ආරම්භ කළදා පටන් සම්මාන ලබාදුන් සෑම වසරකදීම 'වසරේ ජනතා රක්ෂණ සන්නාමය' ලෙසින් අඛණ්ඩව පිදුම් ලැබීමේ අති දුර්ලභ අවස්ථාව සෙලින්කෝ රක්ෂණ සමාගමට හිමිවීම කැපී පෙනේ. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේ පළමු වරට මෙවර ජීවිත රක්ෂණ අංශය සහ සාමාන්‍යය රක්ෂණ අංශය වෙනුවෙන් වෙන වෙනම සම්මාන පිරිනැමූ අතර එයට හේතුව වූයේ 2015 වසරේ සිට නීතිමය වශයෙන් මෙම ව්‍යාපාරික අංශ වෙන්කර තිබීමයි.

සෙලින්කෝ ලයිෆ් වෙනුවෙන් පිරිනැමුණු සම්මානය සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, රාජ්කුමාර් රෙන්ගනාදන් මහතා සහ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා විසින් භාරගන්නා ලදී.

'අපි සියළුම දේවල් කරන්නේ අපගේ රක්ෂණ ඔප්පුහිමියන් වෙනුවෙනුයි. ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් 5%ක් පමණ අප සමග රක්ෂණයවෙලා තිබෙනවා. සත්‍යවශයෙන්ම මෙරට ජනතාවගේ ජීවිත රක්ෂණ සමාගම වන්නේ අපියිල' යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් රෙන්ගනාදන් මහතා සඳහන් කළේය. 'ජනතා සම්මානය වැදගත් වන්නේ සම්මාන ලබාදෙන්නේ ජනතාවගේ තෝරාගැනීම තුළින් වන නිසයි. ඕනෑම ව්‍යාපාරයකට ජනතා කැමැත්ත අතිශයින් වැදගත් වෙනවා.'

SLIM-Nielsen ජනතා සම්මාන මගින් ශ‍්‍රී ලාංකේය ජනතාව වඩාත් ආදරය කරන ඔවුන්ගේ හදවත් තුළ රැඳී තිබෙන සන්නාම සහ පුද්ගලයින් තෝරාපත් කර ගන්නා අතර මෙම සම්මාන සඳහා සන්නාම සහ පුද්ගලයින් යෝජනා කරන්නේත් ජයග‍්‍රාහකයින් තෝරාගනු ලබන්නේත් ජනතාවගේ ඡුන්දයෙනි. මෙම සම්මාන ප‍්‍රදානය වසරේ ආයතනික කාලසටහන තුළ වඩාත් බලාපොරොත්තුවෙන් සිටින අලෙවිකරණ වැඩසටහනක් වන අතර නීල්සන් ශ‍්‍රී ලංකා ආයතනය විසින් දිවයින පුරා සිදුකරන පුළුල් සමීක්ෂණයක් මගින් සම්මාන ලාභීන් තෝරාගනු ලබයි.

මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී විවිධ අංශ වලට සම්බන්ධ ජයග‍්‍රාහකයින් තෝරා ගැනීම සඳහා අවුරුදු 15-60 අතර කාන්තාවන් සහ පිිරිමින් 3000 ක් මුහුණට මුහුණ ප‍්‍රශ්න අසමින් දිවයින පුරා මාස පහක කාලයක් සමීක්ෂණයක් සිදුකරන ලදී. මෙම සමීක්ෂණය සඳහා ඉදිරිපත් කරන්නේ ව්‍යුහගත ප‍්‍රශ්න මාලාවකි. මෙම ප‍්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙන්නන්ගෙන් විවිධ අංශ නියෝජනය කරමින් ඔවුන් කැමතිම සන්නාම සහ පුද්ගලයින් ගැන විමසන අතර වැඩිපුරම ජනතා කැමැත්තක් තිබෙන සන්නාම සහ පුද්ගලයින් ජයග‍්‍රාහකයින් ලෙස මෙහිදී තෝරාපත් කර ගනී.

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගම 2016 වසරේදී රුපියල් බිලියන 23.4 ක සමස්ත ආදායමක් ලබාගැනීමට සමත්වූ අතර එම වසර තුල සමාගමේ රක්‍ෂණ වාරික ආදායම රුපියල් බිලියන 15 දක්වාදල ජීවිත අරමුදල රුපියල් බිලියන 78 ක් දක්වා වාර්ධනය විය. මේ අතර, සමාගමේ අයෝජන කළඹ රුපියල් බිලියන 80 ක් දක්වා වර්ධනය වූ අතර 2016 අවසානයේදී සෙලින්කෝ ලයිෆ් පිට පිටම 13 වන වසරටත් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත් විය.