එලයන්ස් ෆිනෑන්ස් සමාගම මහා පරිමාණ සේවා අංශයේ කුසලතා සම්මාන දිනයි

Published in ජයග්‍රහණ

2017 මාර්තු 30, කොළඹ: ශ‍්‍රී ලංකාවේ තෙවැනි පැරණිතම මූල්‍ය සමාගම වන එලයන්ස් ෆිනෑන්ස් සමාගම පසුගියදා පැවති 'සමාජ කතිකා සහ වැඩපොළ සහයෝගීතා තරගයේ' සේවා කාණ්ඩයේ මහා පරිමාණ අංශයේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම තරගය සංවිධානය කරන ලද්දේ ශ‍්‍රී ලංකා කම්කරු දෙපාර්තමේන්තුව විසිනි.

සමාජ කතිකාව සහ වැඩපොළ සහයෝගීතාව ප‍්‍රවර්ධනය කිරීම තුළින් රැුකියා ස්ථානයේ සුහදත්වය වර්ධනය කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන ජාතික මට්ටමින් පවත්වන ලදි. සේවා, නිෂ්පාදන, වතු සහ ඇඟලූම් යන කාණ්ඩ යටතේ තරගය පැවැත්විණි.
''එලයන්ස් ෆිනෑන්ස් සමාගම තම කාර්ය මණ්ඩලය තමන් සතු වටිනාම සම්පත ලෙස සලකන බවටත්, ඔවුන්ගේ වෘත්තීය දියුණුව සාක්ෂාත් කර දීම සඳහා නිරන්තරයෙන් පියවර ගන්නා බවටත්, නිර්මාණශීලී හා තිරසාර මානව සම්පත් කළමනාකරණ ක‍්‍රමවේද සමාගම තුළ ක‍්‍රියාත්මක කර ඇති බවටත් මෙය ඉතා හොඳ සාක්ෂියක්. සෑම අදියරකදීම කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට හැකි උපරිම යහපත ඉටුවන පරිදි සමාගමේ අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු සැලසුම් කර තිබෙනවා. මෙම ගුණාංග මෙන්ම ජනතාව, පරිසරය සහ ප‍්‍රතිලාභ යන තුන් පාර්ශ්වයේ යහපත අරමුණු කරගත් අපගේ මූලික දර්ශනය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමටත් මෙම සම්මානය උපකාරී වේවි." එලයන්ස් ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතා පැවසී ය.

එලයන්ස් ෆිනෑන්ස් සමාගම මේ වනවිට ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, රන් ණය, ක්ෂුද්‍ර මූල්‍ය සේවා සහ පුද්ගලික ණය ඇතුළු මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත. ඉහත සේවාවන්ට අමතරව, මූල්‍ය සහයෝගය අවශ්‍ය වන ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස සකස් කළ ණය සේවාවන් ලබාදීමටද සමාගම පියවර ගනී. ඉහළ තලයේ ක්ෂුද්‍ර මූල්‍ය සේවාවන් සම්පාදනය කිරීම සඳහා සමාගමේ දැඩි අවධානයක් යොමුවී ඇති අතර කෙටි කාලයක් තුළ මෙම අංශයෙන් අතිවිශිෂ්ට ප‍්‍රතිඵල වාර්තා කිරීමට සමාගම සමත් වී ඇත. ඉහත සඳහන් කළ සේවාවන්ට අමතරව එලයන්ස් ෆිනෑන්ස් සමාගම කුඩා හා මධ්‍යම පරිමාණ ණය, ක්ෂුද්‍ර ලීසිං, ක්ෂුද්‍ර නිවාස ණය, ක්ෂුද්‍ර පුද්ගලික ණය, ක්ෂුද්‍ර උකස් ණය, කෘෂි ණය සහ ආයතනක ණය යනාදී සේවාවන් පිරිනමයි.

එලයන්ස් ෆිනෑන්ස් සමාගමේ ප‍්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා ඇති අතර එහි සේවා මධ්‍යස්ථාන 81 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇත. මේ වනවිට ණය පාරිභෝගිකයන් 129,000 කට පමණ සේවා සලසා ඇති එහි මූල්‍ය වත්කම් ප‍්‍රමාණය රු. බිලියන 16 ඉක්මවයි. නිත්‍ය සේවක සේවිකාවන් ලෙස එහි 1,100 දෙනෙකු පමණ සේවය කරන අතර වක‍්‍ර රැුකියා අවස්ථා හරහා තවත් විශාල පිරිසකට ජීවනෝපාය මාර්ග උදාකර දීමට සමාගම කටයුතු කර තිබේ.

වැඩි විස්තර සඳහා කරුණාකර 0112 673 673 අමතන්න. නැතිනම් www.alliancefinance.lk වෙත පිවිසෙන්න.