ඉන්සි ව්‍යාපාර සහකරුවෝ සම්මාන ලබති Featured

Published in ජයග්‍රහණ

ඉන්සි ව්‍යාපාර සහකරුවන්ගේ සුවිශේෂී ජයග‍්‍රහණ ඇගැයුමට හා සැමරුමට බඳුන් කළ '2017 ඉන්සි සිමෙන්ති ව්‍යාපාර සහකරු සම්මාන උළෙල' පසුගියදා ෂැංගි‍්‍රලා හම්බන්තොට හෝටලයේදී පැවැත්විණි. සම්මාන උළෙල පැවැත්වුණේ ඉන්සි සිමෙන්ති සමාගම, 2016 සැප්තැම්බර් මාසයේදී හොල්සිම් ලංකා සමාගම මිලදීගැනීමෙන් පසු සාර්ථක සන්නාම වෙනසක් මෙන්ම වර්ධනයක් ද පෙන්නුම් කරමින් වීම විශේෂත්වයකි.

මෙවර සම්මාන උළෙල පැවැත්වුණේ, 'දීප්තිමත් හෙටක්, අභිමානවත් පවුලක්' යන තේමාව යටතේ ය. ඉන්සි සිමෙන්ති සමාගම එහි ප‍්‍රධානම සන්නාම යුගලය වන සංස්ථා සහ මහවැලි මෙරීන් හි ව්‍යාපාර සහකරුවන් එකට එක් කළ පළමු අවස්ථාව ද එය විය. සාමූහිකව ඉන්සි සිමෙන්ති සමාගමේ වේගවත් ගමන හා ඔවුනොවුන්ගේ සාර්ථකත්වයන් පිළිබඳ සතුට බෙදාගැනීමට කදිම වටපිටාවක් ඉන් නිර්මාණය කරගැනීමට හැකිවිය. අතිශය ජනපි‍්‍රයත්වයට පත්ව ඇති මෙම සිමෙන්ති සන්නාම දෙකම අවුරුදු ගණනාවක් මුළුල්ලේ ගොඩනඟා ගෙන ඇති බැඳීම තවත් ශක්තිමත් කරමින් එකම ඉන්සි පවුලක් යන හැඟීම රට පුරාම විහිදුවීමට ද මෙම සම්මාන උළෙලේදී අවස්ථාවක් නිර්මාණය විය.

මෙහිදී ගම්පහ සැනසුම හාඞ්වෙයාර්හි ඉන්ද්‍රජිත් මුදන්නායක මහතා 'වසරේ හොඳම ව්‍යාපාර සහකරු' සම්මානය දිනාගත්තේ ය. ඔහු තමන්ට හිමි සම්මානය ලබාගත්තේ ඉන්සි සිමෙන්ති සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා ප‍්‍රමුඛ ඉන්සි විධායක කමිටුව අතිනි.

සංස්ථා සහ මහවැලි යන නිෂ්පාදන දෙකම යටතේ ප‍්‍රාදේශීය හා ජාතික තලයේ සම්මාන 56ක් පිරිනැමුණු මෙම අවස්ථාවට සියලූ ව්‍යාපාර සහකරුවන් එක්ව සිටියේ තම පවුලේ සාමාජිකයන් ද කැටුව ය. ජනපි‍්‍රය කලාකරුවන් හා නර්තන ශිල්පීන්ගේ ඉදිරිපත් කිරීම් තුළින් සම්මාන උළෙලේ විචිත‍්‍රත්වය වඩාත් ඔප් නැංවිණ.

ජයග‍්‍රාහකයින් වෙත ශුභාංශිංසන එක්කරමින් ඉන්සි සිමෙන්ති සමාගමේ වාණිජ අධ්‍යක්ෂ ජනක වීරකෝන් මහතා මෙසේ පැවසීය. "අපේ ව්‍යාපාර සහකරුවන් මෙන්ම ඔවුන් ඉන්සි සිමෙන්ති වෙනුවෙන් ලබාදුන් දායකත්වය ඇගැයීමටත් පිළිගැනීමටත් ලක් කරන මෙම සම්මාන උළෙල සංවිධානය කිරීමට ලැබීම පිළිබඳව අපට ඇත්තේ විශාල සතුටක්. අපේ ව්‍යාපාර විශිෂ්ටත්වයේත්, නිෂ්පාදන නවෝත්පාදනයේත් සමස්ත පාරිභෝගික තෘප්තියේත් ප‍්‍රමිතීන් වර්ධනය වන්නේ ඔවුන්ගේ ඉල්ලූමත් සහයෝගයත් නිසායි. ඉන්සි සිමෙන්ති සමාගම ශි‍්‍ර ලංකාව තුළ සිදුකර තිබෙන දිගු කාලීන ආයෝජන සහතික කරමින් මේ ගමන අප හා අත්වැල් බැඳගනිමින් ඉහළටම ගමන් කිරීමටත්, වර්ධනය කරා නව මංපෙත් විවර කරගැනීමටත්, ඉන්සි සමග එක්ව යහපත් හෙට දවසක් උදාකරගන්නා ලෙසත් ව්‍යාපාර සහකරුවන්ට ආරාධනා කරනවා" වීරකෝන් මහතා කියා සිටියේය.