Items filtered by date: October 2016

ශී‍්‍ර ලංකාවේ ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමවන කදානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය පේරාදෙණියේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පසුගියදා පැවැති 12වන ‘පරිසර නියමු ජාතික කඳවුර’ට අනුග‍්‍රාහකත්වය ලබාදුණි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය හා ගරු ජනාධිපති, මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ම`ගපෙන්වීම මත මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය, අනුරාධ ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙවර ‘පරිසර නියමු ජාතික කඳවුරට පරිසර නියමුවන් 300ක් ඇතුළුව පරිසර කි‍්‍රයාකාරීහූ 400ක් සහභාගී වූහ.

ශී‍්‍ර ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව තම ව්‍යාපාරකරණයේ ප‍්‍රමුඛ අවධානය ලෙසින් සළකන ස්වභාවික ශාකසාර ඇසුරෙන් පමණක් තම නිෂ්පාදන සිදු කෙරෙණ ස්වදේශී කොහොඹ වෙළෙඳනාමය සෑම වසරකම පරිසරය සුරැකීම සම්බන්ධයෙන් තම පාරිභෝගිකයන්ගේ අවධානය යොමු කෙරේ. එහෙයින් පරිසර නියමුවන් බලගැන්වීමක් ලෙසින් ස්වදේශී කොහොඹ සන්නාමය ‘පරිසර නියමු ජාතික කඳවුර’ට අනුග‍්‍රාහකත්වය දැක්වීය.

‘පරිසර නියමු වැඩසටහන’ අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය සහිතව පරිසර සංරක්ෂණය, කළමනාකරණය හා පරිසර අභිවර්ධනය සඳහා පාසල් ප‍්‍රජාවගේ කි‍්‍රයාකාරී සහභාගීත්වය ලබාගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාසල් පද්ධතිය තුළ කි‍්‍රයාත්මක කෙරෙන දැවැන්ත හා පුළුල් වැඩසටහනකි. පරිසර නියමු වැඩසටහනේ නිර්දේශිත කි‍්‍රයාකාරකම් සම්පූර්ණ කළ පරිසර නියමුවන්ට පරිසර නියමු, හරිත, රජත, ස්වර්ණ හා ජනාධිපති වශයෙන් පදක්කම් පිරිනැමෙන අතර ඉහළ පදක්කම්ලාභීන් අතරෙන් තෝරාගත් පරිසර නියමුවන්ගේ සහභාගීත්වයෙන් ‘පරිසර නියමු ජාතික කඳවුර’ වාර්ෂිකව පැවැත්වේ.

මෙම ‘පරිසර නියමු ජාතික කඳවුරට සහභාගී වූ පාසල් සිසුන් අතර පරිසර සුරැුකීම පිළිබඳව දැනුම බෙදාගැනීම හා එයට දක්වන සහයෝගීතාව සවිමත්වීම අධ්‍යයනය කළ ස්වදේශී කොහොඹ සන්නාමය එවැනි වැඩසටහන් සඳහා තවදුරටත් සහයෝගය දැක්වීම හා දිස්ති‍්‍රක් මට්ටමෙන් පාසල් සිසුන් අතර පරිසරය සුරැුකීමේ වැඩසටහන් පවැත්වීම මූලාරම්භකිරීමට අදහස් කෙරේ. කාර්ය මණ්ඩලය හා පාරිභෝගිකයන් ඇතුළු තම පාර්ශ්වකරුවන් අතරේ පරිසරය ඇ`ගයීම හා සුරැකීමේ වටිනාකම බෙදාහදාගැනීම හා පරිසර හිතකාමී භාණ්ඩ තෝරාගැනීමට පෙළඹීමෙන් සමාගමට හා ජාතියට මහ`ගු ඵලදායිතාවක් හිමිවන බව ස්වදේශී කොහොඹ සමාගම විශ්වාස කරනු ලබයි. මෙම කාර්ය වඩාත් ඵලදායිවීමට ස්වදේශී කර්මාන්තායතනය තම නිෂ්පාදන තුළින් මනා සෞඛ්‍යය හා පරිසරයට හිතකාමී බලපෑමක් ඇතිකිරීමට වැඩි අවධානයක් යොමු කෙරේ. එහෙයින් එම සමාගම පරිසරයට සිදුවන අහිතකර බලපෑම අවමකිරීමේ හැකියාවක් ඇති ඖෂධීය ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන අඛණ්ඩව නිපදවීම සිදු කෙරේ. එයට අනුව කදානේ ස්වදේශී කර්මාන්තායතනය ස්වභාවධර්මය විසින් තිළිණ කළ ආශ්චර්යමත් ශාකසාරයවන කොහොඔ උපයෝගී කරගනිමින් තම ප‍්‍රමුඛතම නිෂ්පාදනයවන ‘ස්වදේශී කොහොඹ’ නිපදවේ. ශී‍්‍ර ලංකාවේ පළමු ශාකසාර සබන් වෙළෙඳනාමය ලෙසින් 1943දී එළිදැක්වූ ‘ස්වදේශී කොහොඹ’ දශක සතක් පුරා දේශීය හා විදේශීය වෙළෙඳපොලෙහි අසමසම ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයක ලෙසින් අභිමානාත්මක කිරුළක් හිමි කරගෙන ඇත.

ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ ප‍්‍රමුඛයාවන වන කදානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය 1941 ඇරඹූවකි. කීර්තිමත් ස්වදේශී නිෂ්පාදන පෙළ අතරට කොහොඹ ශාකසාර, කොහොඹ බේබි, රාණී සඳුන්, සේෆ්ප්ලස්, අප්සරා, පර්ල්වයිට්, ලක්බාර්, ලේඩි, බ්ලැක් ඊගල් (පර්ෆියුම් හා ආෆ්ටර් ෂේව්), ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ හා දේශීය වෙළඳපොලේ එකම ළමා නිෂ්පාදන පෙළ ලිට්ල් පි‍්‍රන්සස් අයත් වේ. ස්වදේශී සමාගම මෑතකදී ස්වභාවික කොහොඹ හා ලෙමන්ග‍්‍රාස් ශාකසාරයෙන් නිපැයුණු සිරුරෙහි දහදිය දුගඳ ඉවත් කර ගතට නැවුම් සිත්බඳනා සුවඳක් සමගින් ප‍්‍රබෝධමත් ජවයක් ලබාදෙන ස්වදේශී කොහොඹ ඩියෝ ෆ්රෙෂ් වෙළෙඳපොලට හඳුන්වා දුණි.

දේශීය සමාගමක් වන ස්වදේශි සමාගමේ ප‍්‍රමුඛතම සන්නාම අතරට ශාකසාර සබන් නිෂ්පාදනයේ ප‍්‍රමුඛයා කොහොඹ ශාකසාර සබන් හා සඳුන් සබන් අතර ප‍්‍රමුඛයා රාණී සඳුන් සබන් අයත් වේ.

‘ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය’ ස්වදේශී කර්මාන්තායතනය විසින් සිදුකෙරෙන දේශීය සංස්කෘතික උරුමයන් රැකගැනීමේ සමාජ සත්කාරයක් වන අතර එමගින් දිවයිනේ ප‍්‍රමුඛතම ඓතිහාසික සිද්ධස්ථාන රැසක වාර්ෂිකව ආලෝකමත් කෙරේ.

Published in විවිධ

ආහාර පාන ක්ෂේත‍්‍රය තුළ වේගයෙන් වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ඔබින පරිදි වැඩිදියුණු කරන ලද රස සහ සුවඳ ආහාර පාන සඳහා ඇතුළත් කිරීමේ අවශ්‍යතාව මතු වී ඇත. වර්තමාන පාරිභෝගිකයන් ආහාර සහ අමුද්‍රව්‍ය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන අතර දේශීය තේ අපනයනකරුවන්ට ද සිය නිෂ්පාදනය අනෙකුත් නිෂ්පාදන අතර සුවිශේෂී බවට පත් කිරීම සඳහා අසමසම රස සහ සුවඳ ඒ වෙනුවෙන් භාවිතා කිරීම වැදගත්වන බව Ceyoka සමාගමේ රසකාරක අංශය මැනවින් අවබෝධ කොට ගෙන ඇත. ලෝ ප‍්‍රකට සාර තෙල්, රසකාරක සහ සුවඳකාරක නිෂ්පාදන හා සැපයුම් සමාගමක්වන ජර්මනියේ Frey+Lau සමාගම සමග Ceyoka සමාගම අත්වැල් බැඳ ගනුයේ ඒ අනුවය.

අගය එකතු කළ තේ හරහා වෙළඳපල පුළුල් කර ගැනීමට දේශීය තේ අපනයනකරුවන් හට සවියක් වීමේ අරමුණ පෙරදැරිව Ceyoka සහ F&L සමාගම් එක්ව දේශීය තේ අපනයන සමාගම් සඳහා පසුගියදා වැඩමුළුවක් සංවිධානය කළේය.

”සුවඳකාරක සහ රසකාරක නිෂ්පාදනය කිසිසේත් සරළ ක‍්‍රියාවලියක් නොවේ. කෙසේ වෙතත්, Ceyoka Flavours සමාගමේ විශේෂඥ දැනුම සහ F&L සමාගමේ වසර 175 කට අධික පුරෝගාමීත්වය සමගින් ගෝලීය ප‍්‍රමිතීන්ට අනුව දේශීය වෙළඳපලට අසමසම රසකාරක විසඳුම් හඳුන්වා දීමට අපට හැකි වී තිබෙනවා.” Ceyoka සමාගමේ රසකාරක අංශයේ සාමාන්‍යාධිකාරී ස්ටුවර්ට් හැච් මහතා සඳහන් කළේය.

සම්පත් දායකයන් ලෙස වැඩමුළුවට සහභාගී වූ F&L සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ක්ලාස් නෙන්දෙල් සහ අපනයන කළමනාකාර එරික් බෝන්මන් යන මහත්වරු වෙළඳපල ජය ගත හැකි රස නිර්මාණය කිරීමේ නව මානයන් පිළිබඳ මෙහිදී දැනුම්වත් කළහ.

වැඩමුළුව සඳහා සහභාගී වූවන්ට F&L නිෂ්පාදන හඳුනා ගැනීමටත්, එම නිෂ්පාදන භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳ සහ පර්යේෂණ හා සංවර්ධන ක‍්‍රියාවලිය ඇතුළු වැඩිදියුණු කරන ලද තාක්ෂණය පිළිබඳ දැන ගැනීමටත් මෙහිදී හැකි විය.

F&L සමාගමේ ප‍්‍රකට CAPSO නිෂ්පාදන පෙළ කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. CAPSOPEARL®, CAPSOFLAKE®, CAPSOSTICK® සහ CAPSOLEAF® මෙම නවතම නිෂ්පාදන පෙළ අතර වෙයි. මෙම ස්වභාවික, ස්වභාවික රසයන්ට අනුකූල, කාබනික කැට රසගැන්වුණු තේ සඳහා වඩාත් උචිත වේ.

අවම ප‍්‍රමාණයකින් වැඩි ලාභයක් උපයා ගැනීමේ හැකියාවත්, F+L නිෂ්පාදන සඳහා භාවිතා කෙරෙන යුරෝපීය තාක්ෂණයත්, IFS සහතිකයත්, Ceyoka සමාගම සමග ඇතිකර ගත් සබඳතාවත් පිළිබඳ මෙම වැඩමුළුවේදී සාකච්ඡුාවට ලක් කෙරිණි.

සිය අවශ්‍යතාවය අනුව අවම ඇනවුම් ප‍්‍රමාණයක් කඩිනමින් ලබා ගැනීමට Ceyoka සමාගම පාරිභෝගිකයන් හට අවස්ථාව හිමිකර දී තිබේ.

තේ සමාගම්වල ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ උළෙලේදී CAPSOමාදිලිය නිළ වශයෙන් හඳුන්වා දෙනු ලැබිණි. F+L රසකාරක සහ සුවඳකාරක අත්විඳීමේ අවස්ථාව ද වැඩමුළුවට සහ ඉන් අනතුරුව පැවති විශේෂ උළෙලට සහභාගී වූ සැමට හිමි වීම ද විශේෂත්වයකි.

”Ceyoka Flavours සමග සම්බන්ධ වීමට හැකි වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා. අප ලොව පුරා සන්නාම රැුසක් සඳහා දායකත්වය ලබා දී තිබෙන අතර අපගේ CAPSO නිෂ්පාදන පෙළ හරහා ශ‍්‍රී ලාංකේය තේ අපනයනකරුවන්ට ද නවෝත්පාදනය තුළින් ලෝකය ජය ගැනීමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි.” Frey&Lau සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ක්ලාස් නෙන්දෙල් මහතා ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකාවේ චීන අවන්හල් ව්‍යාපාරයේ පුරෝගාමී හා ප‍්‍රමුඛතම සමාගමවන ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගම’ Chinese Dragon Cafe (Pvt) Ltd තම ශාඛා ජාලය පුළුල්කිරීමේ වැඩසටහන යටතේ ඇරඹූ සත්වන ශාඛාව පසුගියදා නාවලදී (186, නාවල පාර, නාවල) විවෘත කෙරුණි. සම්ප‍්‍රදායික හා නවීන චීන ආහාර වට්ටෝරු සමගින් වැඩි ඉඩකඩ සහිතව නාවල විවෘත කෙරුණු මෙම නව ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ’ චීන අවන්හල ආහාරගැනීමේ කලාවේ වෙනස් මුහුණුවර විවිධ ආහාර සමගින් රසවිඳීමේ අවස්ථාව සපයන්නකි.

චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ සමාගමේ දැක්ම වන්නේ තම අවන්හල් කි‍්‍රයාත්මකවන සෑම ස්ථානයකම පි‍්‍රයතම ආහාර අත්දැකීම බවට පත්වීමය. බම්බලපිටියෙන් ඇරඹුණු චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හල් දාමයේ දෙවැන්න 2007 වසරේදී ගල්කිස්සේදී, තෙවැන්න 2010 වසරේදී රාජගිරියේදී, සිව්වැන්න කොළඹ කොටුව පැරණි ඕලන්ද රෝහල් සංකීර්ණය ආසන්නයේදී විවෘත කෙරුණි. එයින් පසු හැඳල තම ප‍්‍රධාන කාර්යාලය පිහිටු වූ චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ සමාගම තම පස්වන අවන්හල වත්තල හා සයවන අවන්හල මෑතකදී පැලවත්තේදී විවෘත කෙරුණි.

තම පාරිභෝගික අදහස්වලට සැමවිටම සවන්දෙන සමාගමක් වන චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ තම සමාජ වෙබ් අඩවිය, විද්‍යුත් තැපෑල හා දුරකතන ඇමතුම් මගින් පාරිභෝගිකයන්ට තම අවන්හල් දාමය පිළිබඳ තම අදහස් දැක්වීමේ අවස්ථාව සපයා තිබේ. එමෙන්ම පාරිභෝගික සම්බන්ධතාවට පි‍්‍රය එම සමාගමේ ආහාර තම ජංගම දුරකතනය භාවිතා කරමින් හෝ www.chinesedragoncafe.com වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාල ගෙවීමකින් හෝ රැුගෙන ආ පසු මුදල් ගෙවීමේ පදනමින් ආහාර ඇණවුම්කිරීමේ පහසුකම් සළසා ඇත. චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ facebook පිටුව රසිකයන් 150,000කට වැඩි සංඛ්‍යාවක් කදිම සන්නිවේදන මාධ්‍යයක් ලෙසින් භාවිතාකරන්නක් වන අතර නුදුරු අනාගතයේදී Google Virtual tour ප‍්‍රයෝජනයට ගනිමින් ‘මතක හිටින කෑමක්’ Meal to Remember රස විඳීමට චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හල් හි පහසුකම් දැකබලාගැනීමට ආහාර රස විඳින්නන්ට හැකියාව ලැබේ.

නාවල නවතම චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හල විවෘතකිරීමේ අවස්ථාවට එක් වූ එම සමාගමේ අධ්‍යක්ෂ, සෞරබ් උදේශී මහතා පැවසුවේ, ‘මෙම වසර මුලදී පැලවත්තේ ඇරඹූ අවන්හල බොහෝ සාර්ථකත්වයට පත්වීමෙන් එවැන්නක් නාවල ප‍්‍රදේශයේත් විවෘතකිරීමට අප තුළ උනන්දුවක් ඇති වූවා. රාජගිරිය හා පැලවත්ත අවන්හල් විශේෂයෙන්ම සතිඅන්තයේ පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරීයෑම මත ප‍්‍රමාදය අවමකිරීමේ උත්සාහයක් ලෙසිනුයි මෙය ඇරඹුවේ. එහෙයින් නාවල ඇරඹූ මෙම නවතම චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හලෙන් නාවල අවට පිහිටි කාර්යාල, ශිෂ්‍යයන් හා නුගේගොඩ, කිරුළපන, නාරාහේන්පිට හා කොස්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ට රස ආහාර වේලක අත්දැකීම පහසුවෙන් ලබාගත හැකිවෙනවා. දැනටමත් 300ක කාර්ය මණ්ඩලයක් හිඳින අප සමාගමේ නව අවන්හලක් විවෘතකිරීමෙන් කාර්ය මණ්ඩලය තවත් 30දෙනෙකු පමණ එක්වනවා.’ යන්නය.

‘මතක හිටින කෑමක්’ නම් තේමා පාඨයෙන් පාරිභෝගිකයන්ට ‘රසය’ මතකයේ රැුඳෙන ආහාර සැපයීමෙහි කීර්තියක් උසුළන ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගම සැමවිටම උත්සාහ කරන්නේ කාටත් දැරිය හැකි මිලකට පිසූ සැනින් නැවුම් ආහාර පාරිභෝගිකයන් අතට තිළිණ කිරීමටය.

එයට අමතරව පාරිභෝගික පහසුව සඳහා චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ හි සුවිශේෂී නිෂ්පාදනයක් වන ‘චිලී පේස්ට්’ එම සමාගමේ අවන්හල්වලින් හා දිවයින පුරා පිහිටි කීල්ස් හා ආර්පිකෝ සුපිරිවෙළෙඳසල්වලින් දැන් මිලදීගත හැක. එමෙන්ම නිර්මාංශික චිලී පේස්ට්ද එම සමාගම විසින් නිෂ්පාදනය කෙරේ.

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමි සමාගමවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී පසුගියදා පැවැති 16වන SLIM-NASCO සම්මාන උළෙලේදී රිදී සම්මාන 2ක් දිනාගැනීමට සමත් විය. ඒ මෙවර සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අලෙවි විධායක හා අලෙවි අධීක්ෂක අංශයේ Sales Executives & Supervisors Category රිදී සම්මානය ඒ.එච්. කි‍්‍රෂාන්ත මහතා (සහකාර කළමනාකරු, අලෙවි - පීපල්ස් ලීසිං වෝර්ඞ් පෙදෙස ශාඛාව) හා ‘ඉදිරිපෙළ අලෙවි අංශයේ’ Front Liner Category රිදී සම්මානය විමුක්ති රත්නායක මහතා (කණිෂ්ඨ විධායක, අලෙවි - පීපල්ස් ලීසිං බත්තරමුල්ල ශාඛාව) හිමි කරගැනීමෙනි.

ශී‍්‍ර ලංකාවේ අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන්ගේ කුසලතා ඇගයීමට පැවැත්වෙන මෙම SLIM-NASCO සම්මාන උළෙල පසුගියදා අත්තිඩියේ ඊගල් ලේක්සයිඞ් හෝටලයේදී පැවැත්වුණි.

පීපල්ස් ලීසිං සමාගම හිමිකරගත් මෙම සුවිශේෂී ජයග‍්‍රහණයන් පිළිබඳව අදහස් දැක්වූ එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලයනල් ප‍්‍රනාන් මහතා පැවසුවේ, ‘ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමි සමාගම ලෙසින් පීපල්ස් ලීසිං සමාගම සැමවිටම උත්සාහ කරන්නේ, ගණුුදෙනුකරුවන්හට උසස් තත්වයේ ඉහලම සේවාවක් ලබාදෙමින් ඔවුන්ගේ ව්‍යාපාරික සහ පුද්ගලික මූල්‍ය අවශ්‍යතා සපල කරගැනීමට අත්වැලක් සැපයීමටයි. එම කාර්යය ඉහලින්ම ඉටුකිරීමට දායකත්වය සපයන අපගේ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය සතු කාර්්‍යශූරත්වයත්, මනා කැපවීම හා කුසලතාවයත්, මෙම රිදී සම්මාන දිනාගැනීමෙන් නැවත වරක් සනාථවූවා. අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් හිමිකරගත් මෙම ජයග‍්‍රහණයන් වෙනුවෙන් සමාගම වෙනුවෙන් මගේ සුභපැතුම් පිරිනමනවා’ යන්නය.

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA - (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.

එහි විශේෂිත මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති. සියලූ මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකිවීමෙන් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය සේවාවන් කඩිනමින් හා අවම පිරිවැයකින් සපුරාගැනීමේ අවස්ථාවසැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.

නවීන තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසක් සමඟ උසස් නිමාවකින් සහ විශේෂාංග රැසකින් මෙම රථය සමන්විත වෙයි.

ප්‍රධාන විශේෂතා
- "Gen X Nano Automatik" හි Sports මාදිලියේ වේගය වැඩි කිරීමේ පහසුකම් (ඇක්සලේටර්) වැඩි දියුණු කර ඇති අතර, අධික රථවාහන තදබදයක් පවතින අවස්ථාවලදී සෙමින් ගමන් කිරීමේ උපක්‍රමයකින් සහ පහසුවෙන් ගාල් කිරීමේ සමන්විත වෙයි.

- Electric Power Assisted Steering – ePAS සුක්කානම සැහැල්ලු ලෙස රිය හැසිරවීමට උපකාරී වන අතර, නාගරික ධාවනයේදී එය විශාල පහසුවක් වනු ඇත. එමෙන්ම තදබදය සහිත රථගාලක නතර කිරීමද මෙම විශේෂතාව නිසා පහසු වනු ඇත.

-මෙම රථය නවීන නිමාවකින් ද යුක්ත වෙයි. ඉදිරිපස ඇති Infinity motif grille,ආරක්ෂිත ආවරණයක් සහිත ප්‍රධාන ලාම්පු, ටාටා සන්නාමය සහිත සුක්කානම, පසුපස ස්පොයිලරය ආදී විශේෂාංග මඟින් මෙහි බාහිර පෙනුම තවදුරටත් ආකර්ශණීය ලෙස සකසා තිබේ.

- දිගු දුර ධාවනය සඳහා ලීටර් 24 ඉන්ධන ටැංකියකින්ද Gen X Nano Automatik රථය සමන්විත වෙයි.

-ලීටර් 110 ක බඩු පැටවීමේ පුළුල් ඉඩක් සහිතව එන මෙම රථය ඇතුළත නිමාව අතින් උරහිස් තබාගැනිමේ පරාසය 4% කින් වර්ධනය කර ඇති අතර පාද තබාගැනීමේ පරාසය 6% කින් වැඩි කර තිබේ.

-BluetoothTM, CD, Radio, USB & AUX සමඟ ඩිජිටල් තොරතුරු දර්ශකයකින් මෙම රථය සමන්විත වෙයි.

-අනතුරකදී ආරක්ෂාව සපයන ආරක්ෂාකාරී උපාංග රැසකින් මෙම රථය සමන්විත වන අතර crumple zone, intrusion beams, anti-roll bar වැනි ආරක්ෂාකාරී පහසුකම් වලින් මෙම රථය සමන්විත වෙයි.

- පාරිභෝගික අවශ්‍යතාවට ගැලපෙන පරිදි මාදිලි 5කින් මෙම රථය හඳුන්වා දී තිබේ. XE, XM, යන මාදිලි මැනුවල් ගියර් පද්ධතියකින් සමන්විත වන අතර XT, XMA සහ XTA යන මාදිලි Automatik ගියර් පද්ධතියකින් සමන්විත වෙයි.

පාරිභෝගික අවශ්‍යතා මැනවින් තේරුම් ගනිමින් පහසුකම් රැසක් සහිත නව GenX Nano මාදිලියේ රථයක් හඳුන්වා දෙයි. නවීන විලාසිතාවට අනුව,නිර්මාණය වූ ආකාර්ණීය පෙනුමක් සහිත මෙම රථය විශේෂාංග රැසකින් සමන්විත වෙයි. එමෙන්ම නව තාක්ෂණික වැඩිදියුණ කිරීම් රැසකින්ද මෙම රථය සමන්විත වන අතර එමගින් එහි වටිනාකම තවදුරත් වැඩි කර තිබේ.පරිපූර්ණ නාගරික මෝටර් රථයක් සඳහා වන සියලු විශේෂාංග සමඟින් මෙම නව "GenX Nano Automatik" රථය දිවයින පුරා පිහිටි ඩීමෝ ශාඛා 30 කට අධික සංඛ්‍යාවකදී අලෙවි කෙරේ. රුපියල් 1,975,000 ක මුදලකට GenX Nano Automatik XTA රථය හඳුන්වා දී තිබේ.

GenX Nano හඳුන්වාදීමේ අවස්ථාවට එක්වූ ටාටා මෝටර්ස් හි මඟී වාහන අංශයේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රධානි ජොනී ඌමේන් මහතා සඳහන් කළේ පිරිමැසුම්දායක ඉංජිනේරු තාක්ෂණයේ නව සොයාගැනීමක් ලෙස Nano රථය හඳුන්වාදීම මඟින් ඉන්දියාව මෝටර් රථවාහන ලෝක සිතියමට එක්වූ බවයි. සිය මඟී වාහන අතර සුවිශේෂි තැනක් හිමිකරගන්නා Nano රථය මේ වනවිට නාගරික මෝටර් රථයක තිබිය යුතු පවර් ස්ටීයරිං, බ්ලූටූත් ආදී පහසුකම් සමඟ හඳුන්වා දීමට හැකිවී ඇති බවද පෙන්වා දුන්නේය. පෙර මාදිලිවල Nano රථ දහස් ගණනක් ශ්‍රි ලංකා වෙළඳ පලේ අලෙවි වී ඇති අතර GenX Nano මඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත වඩා පිරිමැසුම්දායක, නවීන විලාසිතාවෙන් යුත්, හැඩකාර ප්‍රායෝගික මෝටර් රථයක අත්දැකීම තිළිණ කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම හඳුන්වා දීමේ අවස්ථාවට එක්වූ සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ (ඩීමෝ) සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා පෙන්වා දුන්නේ TATA GenX NANO Automatik රථය මෙරට මඟී ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනසකට ලක් කරන සුපිරි පහසුකම් සහිත කුඩා මෝටර් රථයක් ලෙස පුළුල් වෙළඳ අවකාශයක් නිතරඟයෙන් නිර්මාණය කර ඇති බවයි. මෙම මෝටර් රථය හඳුන්වා දීමත් සමඟ උපරිම අලෙවියක් සඳහා කටයුතු කරන බවත්, වෙළඳ සහ අලෙවියෙන් පසු සේවාව සඳහා වන ඩීමෝ විශේෂඥයින් සහ ටාටා මෝටර්ස් හි තාක්ෂණික සංවර්ධන කටයුතු සමඟ සුපිරි පාරිභෝගික සේවාවක් ලබාදීමට හැකිවන බවද හෙතෙම සඳහන් කළේය.

DESIGNEXT: ටාටා මෝටර්ස් විසින් හඳුන්වාදෙන GenX NANO රථය සුවිශේෂි නිමාවකින් යුක්ත වෙයි. මනාව නිමවා ඇති ඉදිරිපස සහ පසුපස බම්පර් සහ ඉදිරිපස motif grille මඟින් මෙම මෝටර් රථයට ආකර්ශණිය පෙනුමක් ලබාදී ඇත. ලීටර් 110 ක භාණ්ඩ පැටවීමේ ඉඩකඩ සහ පහසුවෙන් විවර කළ හැකි පසුපස දොරකින් ද යුක්ත වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. Sangria Red, Pearlescent White, Platinum Silver, Dazzle Blue සහ Damson Purple ආදී වර්ණ පහකින් මෙම මෝටර් රථය වෙළඳපලට පැමිණ තිබේ.

DESIGNEXT: නව මාදිලිය වෙන් වෙන් වූ පහසුකම් වලින් සමන්විත රථ 3කින් යුක්ත වෙයි. ගියර් 4ක් සහිත මැනුවල් රථ (XE, XM, XT),ගියර් 5කින් සමන්විත AMT ගියර් පද්ධතියක් සහිත රථ (XMA, XTA) මීට අයත් වෙයි. 624ccඑන්ජිමකින් බලගැන්වෙන GenX NANO රථය multi-point fuel injected, water cooled, naturally aspirated, 2 cylinder gasoline එන්ජිමක් සමඟ වෑල් දෙකේ සිලින්ඩරයකින් ද යුක්ත වෙයි. එන්ජිම මඟින් 38PS power @ 5500 RPM සහ 51 Nm torque @ 4000 RPM බලයක් උපදවයි. Electric Power Assisted Steering – ePAS සුක්කානමක් සහිත GenX NANO රථය සැහැල්ලු ලෙස රිය හැසිරවීමට සහ තදබදය සහිත ගාල් කිරීමක් සඳහා මෙන්ම නාගරික ධාවනය සඳහා පහසුවක් වන ආකාරයෙන් නිර්මාණය කර තිබේ.

GenX NANO හි නව මාදිලිය නවීන ආරක්ෂාකාරී පහසුකම් වලින්ද සමන්විත වන අතර crumple zone, intrusion beams, anti-roll bar වැනි ආරක්ෂාකාරී පහසුකම් රැසකින් යුක්ත වෙයි. රථයේ ඉදිරිපස කොටසක් කුෂන් කිරීම මඟින් ආරක්ෂාකාරී කලාපයක් නිර්මාණය කර ඇති අතර අනතුරකදී වැඩි ආරක්ෂාවක් තහවුරු වන පරිදි රථයේ ඉදිරිපස සහ බඳ නිර්මාණය කර තිබේ. ශක්තිමත් දෙපස දොරවල් සහ ශක්තිමත් සැකිල්ල නිසා අනතුරුවලදී උපරිම ආරක්ෂාවක් හිමිවෙයි. ඉදිරිපස රෝද යා කරමින් යොදා ඇති anti-roll bar එක මඟින් අධි වේගී ධාවනයේදී ආරක්ෂා කාරී ලෙස හැසිරවීම පහසු කරවන අතර පොළව මට්ටමේ සිට මිලිමීටර් 180 ක උසකින් යුක්ත වීම නිසා රළු මාර්ගවල ධාවනය පහසු කරවයි. ලීටර් 24 ඉන්ධන ටැංකියකින් සමන්විත GenX NANO රථය ලීටරයට කිලෝමීටර් 24 ක දුරක් ධාවනය කළ හැකිවෙයි.

CONNECTNEXT: තාරුණ්‍යය ඉලක්ක කර ගනිමින් GenX NANO රථය ස්පීකර් 4කින් යුත් AmphiStream™ සංගීත පද්ධතියකින් සමන්විත වෙයි. මෙම AmphiStream™ සංගීත පද්ධතිය Bluetooth™, CD,Radio,USB සහ AUX ආදී වර්තමානයේ අතිශය ජනප්‍රිය විශේෂාංග වලින් යුක්ත වෙයි. ඩිජිටල් තොරතුරු දර්ශකයකින් මෙම මෝටර් රථය සමන්විත වන අතර එම තොරතුරු දර්ශකය මඟින් ඉන්ධන පරිභෝජනය, දුර, ගියර් මාරුවීම ආදී තොරතුරු ප්‍රදර්ශනය කරයි.

සියලු පහසුකම් සමගින් එන GenX NANO රථය අඩු මුදලකින් මිලදී ගත හැකි හොඳම නාගරික මෝටර් රථයයි.මෙහි නව මාදිලිය සඳහා සමාගම විසින් වසර දෙකක වගකීමේ සහතිකයක් හෝ කිලෝමීටර් 50,000 ක වගකීමේ සහතිකයක් ලබාදෙයි.

Published in රථවාහන
Page 1 of 15