Items filtered by date: November 2016
ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් ව්‍යාපාරික නායකයෙකු මෙන්ම බ‍්‍රැන්ඩික්ස් සමූහයේ පළමු සභාපතිවරයා වූ කෙන් බාලේන්ද්‍ර මහතා සිදුකර තිබෙන අති මහත් සේවාවට ගරු කිරීමක් වශයෙන් කොළඹ 03, Rheinland පෙදෙසේ පිහිටි බ‍්‍රැන්ඩික්ස් මූලස්ථාන ගොඩනැගිල්ල කෙන් බාලේන්ද්‍ර මහතා නමින් 2016 නොවැම්බර් 28 වන සඳුදා පැවති චාම් උත්සවයකදී නම් කරන ලදී.

තට්ටු හතකින් යුතු මෙම ගොඩනැගිල්ල 2015 අපේ‍්‍රල් මාසයේදී විවෘත කළ අතර මෙතැන් සිට මෙම ගොඩනැගිල්ල ‘කෙන් බාලේන්ද්‍ර ගොඩනැගිල්ල’ ලෙසින් හැඳින්වෙන අතර කෙන් බාලේන්ද්‍ර මහතාගේ නායකත්වයේ මග පෙන්වීම තුළින් බ‍්‍රැන්ඩික්ස් සමූහය ලංකාවේ ප‍්‍රමුඛතම අපනයන සමාගම දක්වා රැුගෙන ඒමට දැක්වූ දායකත්වය මෙයින් ඇගයීමට ලක් කර තිබේ.

‘‘අපගේ දැක්මේ ප‍්‍රධාන අංගයන් වන ප‍්‍රමුදිතභාවය හා උද්දීපනය තුළින් අපගේ ව්‍යාපාරය වසර ගණනාවක් ඉදිරියට පැමිණ තිබෙනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිළධාරී, අෂ්රොෆ් ඕමාර් මහතා පැවසීය. ‘‘කෙන් බාලේන්ද්‍ර මහතා සභාපතීත්වය දැරූ වසර දහයක කාලය තුළදී ඔහු එය සැබවින්ම නියෝජනය කළා.’’

බ‍්‍රැන්ඩික්ස් සමූහය තුළ ඔහු විසින් නායකත්වය දැරූ වසර දහයක කාල සීමාව තුළදී සමූහයට ආයතනික නායකයෙකු ලෙස නැගී සිටීමට අවශ්‍ය වන පරිදි ලයිස්තුගත සමාගමකට සමාන වාර්තාකරණ ව්‍යුහයක් සහ වටිනාකම් හඳුන්වා දුන් අතර ඉතාමත් ඉහළ විනිවිදභාවයක් ඇති කරන ලදී. මීට අමතරව, සමාගම පුළුල් කිරීමට සහ සමාගමේ වේගවත් වර්ධනය සඳහා ඔහු විසින් දැක්මක් සහිත නායකත්වයක් ලබාදුන්නේය.

බ‍්‍රැන්ඩික්ස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල පරිපාලනය, අධ්‍යක්ෂ මණ්ඩල විනය, කණ්ඩායම් ජීවගුණය, තීරණ ගැනීමේ ශක්තිය වර්ධනය කිරීම සහ ප‍්‍රමුඛතම ව්‍යාපාරික සමූහ සමඟ සන්සන්දනය කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රමවේදයන් බාලේන්ද්‍ර මහතා විසින් හඳුන්වා දෙන ලදී.

ලංකා ගොඩනැගිලි ආයතනය විසින් (CIOB) ග‍්‍රීන් මාර්ක්-ප්ලැටිනම් සහතිකය පිරිනමා තිබෙන ශ‍්‍රී ලංකාවේ පළමු වාණිජ ගොඩනැගිල්ල ලෙසින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල සැලකෙන අතර හරිත ගොඩනැගිලි ඇගයීම සඳහා සිංගප්පූරුවේ ගොඩනැගිලි ඉදිකිරීමේ අධිකාරිය (BCA) විසින් මෙම වර්ගීකරණය සංවර්ධනය කර ඇත.
Published in විවිධ
ශ‍්‍රී ලංකාවේ දෙවැනි විශාලතම පියැසි සූර්ය බලශක්ති නිෂ්පාදන ඒකකය EFL Campus හි ස්ථාපිත කිරීමට EFL සමාගම පසුගියදා කටයුතු කළේ ය. මෙය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සහභාගී වූ අතර එතුමන්ට අමතරව එක්ස්පෝලංකා හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරී හනිෆ් යුසුෆ් මහතා සහ EFL සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගී වූහ. ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති මෙම සූර්ය බලශක්ති පද්ධතිය විවෘත කළ නියෝජ්‍ය අමාත්‍යතුමන් ශ‍්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය විසඳීම සඳහා පෞද්ගලික අංශය මෙසේ දායක වීම බෙහෙවින් අගය කළේ ය.

සූර්ය පැනල 2,326 කින් සමන්විත මෙම බලශක්ති ජනන ඒකකය මසකට කිලෝවොට් පැය 78,100 කට අධික බලශක්තියක් නිපදවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 651Kwp නිෂ්පාදන ධාරිතාවක් සහිත එය ශ‍්‍රී ලංකාවේ දෙවැනි විශාලතම පියැසි සූර්ය බලශක්ති නිෂ්පාදන ඒකකය ලෙස සැලකේ. බලශක්තිය නිපදවීම සඳහා වෙනත් රටවලින් ද්‍රව ඉන්ධන සහ ගල් අඟුරු ආනයනය කිරීමට සිදුවීම අවම කිරීම සඳහා දායක වීමක් වශයෙන් මෙම ඒකකය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇත. මෙරට පෞද්ගලික අංශය මගින් ක‍්‍රියාත්මක කරන ලද මෙවැනි ව්‍යපෘති කිහිපය අතරින් එකක් වන මෙම සූර්ය බලශක්ති නිෂ්පාදන ඒකකය එක්ස්පෝලංකා හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරය පාරිසරික වශයෙන් මෙන්ම ව්‍යාපාරික වශයෙන් තිරසාරත්වය ළඟාකරගැනීම සඳහා දක්වන කැපවීම නැවත වරක් තහවුරු කරන්නක් ලෙසද හැඳින්විය හැක.



සමාගමේ ඇඟලූම් හා සාමාන්‍ය භාණ්ඩ ගබඩා සංකීර්ණය මෙරට LEED Gold සහතිකරණය ලැබූ ප‍්‍රථම සංකීර්ණයද වේ. එමෙන්ම හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා වැඩසටහන් රාමුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සමාගමට ෂීධ 14062 සහතිකකරණය හිමිවී ඇත. ඊට අමතරව ප‍්‍රජා සත්කාර වැඩසටහනක් වශයෙන්, නිවාසවල ඇති සාමාන්‍ය විදුලි බල්බ වෙනුවට ISO විදුලි බුබුළු ලබාදීම සඳහා Bulb for a Bulb’ නම් වැඩසටහනක් වාර්ෂිකව ක‍්‍රියාත්මක කිරීමටද සමාගම කටයුතු කරයි. ”අනාගතය වෙත පා තැබීමේදී අප සූර්ය බලශක්තිය භාවිතා කිරීම අත්‍යවශ්‍යයි කියා අප සිතනවා. මේ ව්‍යාපෘතිය අප ආරම්භ කළේ ඒ නිසයි. ඒ වගේම මෙය තිරසාරත්වය වෙත තැබූ සාර්ථක ඉදිරි පියවරක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. ශ‍්‍රී ලංකාව යනු ස්වාභාවික සම්පත් බහුල රටක්. ඒ නිසා අපට වඩාත් පහසුවෙන් පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමේ හැකියාව ඇති බව අපගේ විශ්වාසයයි.” සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී හනිෆ් යුසුෆ් මහතා පැවසී ය.

එක්ස්පෝලංකා සමාගම සහ HiEnergy Services සමාගම එක්වී නිර්මාණය කළ මෙම සූර්ය බලශක්ති පද්ධතියට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ සහයෝගයද හිමි විය. ශ‍්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සපුරාගැනීම සඳහා පොසිල ඉන්ධන භාවිතා කිරීම අවම කරමින් විකල්ප බලශක්ති ප‍්‍රභව වෙත රට යොමුකරවීමට ්‍HiEnergy Services සමාගම කටයුතු කරමින් සිටී. මෙම සහයෝගීත්වය මගින් රටේ බලශක්ති අවශ්‍යතාවේ ස්වභාවය සහ ඒ සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදිය හැකි දායකත්වය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට EFL සමාගමට හැකියාව ලැබිණි. එමෙන්ම මෙය රටේ සූර්ය බලශක්ති ජනනය සඳහා දායක වන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් රටේ පෞද්ගලික අංශයෙන් කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්වීමක්ද විය. ‘සූර්ය බල සංග‍්‍රාමය’ ලෙස නම්කර ඇති මෙම ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවේ අනාගතය සූර්ය බලශක්තියෙන් ආලෝකවත් කිරීම සඳහා ක‍්‍රියාත්මක කර තිබේ.
කොමර්ෂල් බැංකුවට අයත් Commex Sri Lanka S.R.L වෙත ඉතාලියේ මහ බැංකුව විසින් මුදල් පේ‍්‍රෂණ බලපත‍්‍රයක් ලබාදීමෙන් පසුව ඉතාලිය තුළ මුදල් පේ‍්‍රෂණ කටයුතු ආරම්භ කොට ඇත.

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික බැංකු අංශයේ මිණුම් ලකුණක් ලෙස කටයුතු කරන කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ රෝමයේ Via Giacomo Leopardi හි පිහිටි Commex Sri Lanka S.R.L. සමාගම ඉතාලියේ මහ බැංකුවෙහි හි සුපරීක්ෂණය යටතේ ඉතාලියේ සංස්ථාපනය කර ලියාපදිංචි කර තිබෙන බවත් ඒ සඳහා මුදල් පේ‍්‍රෂණය කිරීම සඳහා රටවල් දෙකින්ම අවශ්‍ය නියාමන අනුමැතීන් ලබාගෙන තිබෙන බවයි.

මුදල් පේ‍්‍රෂණ කටයුතු වෙනුවෙන් ඉතාලිය තුළ සමාගමක් ආරම්භ කළ පළමු ශ‍්‍රී ලාංකේය බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි.

‘‘මුදල් පේ‍්‍රෂණ පහසුකම් ලබාදෙන ශ‍්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම අයත් හුවමාරු ඒකකයක් ලෙසින් Commex හි, මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. ‘‘සමාගම සංස්ථාපනය කර තිබෙන්නේ ඉතාලියෙන් ලංකාවට පැමිණෙන පේ‍්‍රෂණ කටයුතුවල තිබෙන ධාරිතාවය පිළිබඳව අවබෝධ කර ගනිමින් කටයුතු කිරීමටයි.’’

බැංකුව සඳහන් කරන්නේ ඉතාලියෙන් ශ‍්‍රී ලංකාවට මුදල් පේ‍්‍රෂණය කිරීමේදී වැඩි වැදගත් කමක් තිබෙන අනිකුත් ඉතාලි නගර වලද ශාඛා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

ශ‍්‍රී ලාංකේය විගමනික ශ‍්‍රමිකයින්ගේ විශාල වෙළඳ පොළක් වන ඉතාලියෙහි ශ‍්‍රී ලාංකිකයින් 150,000 ක් පමණ රැුකියාවල යෙදී සිටී. බැංකුව සඳහන් කරන්නේ ඉතාලියේ සිට මාසයකට ලංකාවට එවනු ලබන පේ‍්‍රෂණ මුදල්වල වටිනාකම රුපියල් බිලියන 03 කට ආසන්න වන බවයි.

ඉතාලිය තුළ මුදල් පේ‍්‍රෂණ පහසුකම් ආරම්භ කළ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී බැංකු වලින් එකක් ලෙස කොමර්ෂල් කැපී පෙනෙන අතර මෙරටට මුදල් එවීමට ඉතාලිය තුළ සේවය කරන බොහෝ ශ‍්‍රී ලාංකිකයින් භාවිතා කළ අවිධිමත් ක‍්‍රම පසෙකලා කොමර්ෂල් බැංකුවේ ඊ- එක්ස්චේන්ජ් පේ‍්‍රෂණ සේවාව භාවිතා කිරීමට ඔවුන්ට අවස්ථාව හිමි විය.

මීට අමතරව, කොමර්ෂල් බැංකුව Ria සහ MoneyGram යන ජාත්‍යන්තර මුදල් පේ‍්‍රෂණ සේවාවන් සමග ඒකාබද්ධවී ඒ තුළින් විදෙස්ගත ශ‍්‍රමිකයින්ගේ මුදල් පේ‍්‍රෂණ කටයුතු සඳහා විශාල සහයෝගයක් ලබාදී තිබේ. Ria සහ MoneyGram සමග කොමර්ෂල් බැංකුව ඒකාබද්ධවී තිබීම නිසා දැන් ලෝකයේ සියළුම තැන් වලට Commex හරහා මුදල් යැවීමේ අවස්ථාව හිමිවේ.

ශ‍්‍රී ලංකාවේ පේ‍්‍රෂණ අංශයේ වඩාත් සක‍්‍රීය බැංකුවක් ලෙසින් ක‍්‍රියා කරන කොමර්ෂල් බැංකුව ගනුදෙනුකරුවන් වෙනුවෙන් විකල්ප අවස්ථාවන් මාලාවක් ලබාදෙයි. මේ අනුව, මුදල් පේ‍්‍රෂණය කරන්නෙකුට කොමර්ෂල් බැංකුවේ ගිණුමක් නොමැතිව වුවද මුදල් පේ‍්‍රෂණය කිරීමේ අවස්ථාව හිමිවේ. කැපී පෙනෙන ශ‍්‍රී ලාංකිකයින් සංඛ්‍යාවක් සේවය කරන ලෝකයේ ප‍්‍රධාන වෙළඳ පොළවල බැංකුවට අයත් ව්‍යාපාරික ප‍්‍රවර්ධන කාර්යාල BPOs පිහිටුවා තිබේ.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 251 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 650 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හොදම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.
Published in මූල්‍ය
තනි බැංකුවක් විසින් ‘නියර් ෆීල්ඞ් කමියුනිකේෂන්’ NFCතාක්ෂණය යටතේ ලොව ප‍්‍රමුඛතම සන්නාමයන් වන වීසා සහ මාස්ටර්කාඞ් දෙකෙහිම ක්‍රෙඩිට් කාඞ්පත් ඉදිරිපත් කරන ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇත.

නොවැම්බර් 23 වනදා නිළ වශයෙන් කොමර්ෂල් බැංකුවේ Visa Infinite, World Mastercard සහ Visa Signature ණයපත් NFC තාක්ෂණය සමඟ කොළඹදී නිකුත් කළ අතර මේ මගින් පළමු පෙළේ ගනුදෙනුකරුවන් ඉලක්ක කරන බව බැංකුව සඳහන් කරයි.

සන්නිවේදන ක‍්‍රියාවලි එකතුවක් වන භත්‍ක්‍ තාක්ෂණය මගින් ක්‍රෙඩිට් කාඞ්පත් තුළ තිබෙන චිප් එකට ස්මාර්ට් ජංගම දුරකතන හෝ NFC සවිබල ගැන්වූ පොයින්ට් ඔෆ් සේල් ඒකක වැනි උපකරණ සමග ස්පර්ෂයකින් තොරව සන්නිවේදනයන් ගොඩනැගීම සිදුකළ හැකිවේ. මේ සඳහා මෙම උපකරණ දෙක සෙන්ටිමීටර් 04 ක් පමණ දුරකින් පැවතිය යුතුවේ.

කාන්දම් තීරුවක් සහිත ණයපත් වලට වඩා භත්‍ක්‍ තාක්ෂණයෙන් යුතු ක්‍රෙඩිට් කාඞ්පත් වඩාත් ආරක්ෂාකාරී වන අතර මෙම කාඞ්පත් තිබෙන කෙනෙකුට මෙම ගනුදෙනු කිරීම් කරන විටදී තම කාඞ්පත් තුන්වන පාර්ශවයකට ලබාදීමට අවශ්‍ය වන්නේ නැත.

වීසා සහ මාස්ටර් කාඞ් සන්නාමයන්ගෙන් යුක්ත NFC ණයපත් එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා මෙසේ සඳහන් කළේය. ‘‘වීසා සහ මාස්ටර් කාඞ් සන්නාම දෙක යටතේ භත්‍ක්‍ තාක්ෂණයෙන් යුක්ත ක්‍රෙඩිට් කාඞ්පත් හඳුන්වාදීමේ පළමු බැංකුව බවට පත්වීම පිළිබඳව කොමර්ෂල් බැංකුව සතුටු වෙනවා. මෙම කාඞ්පත් සැලසුම් කර තිබෙන්නේ ගනුදෙනු කරුවන්ට ජීවිතයේ හොඳම දේවල් ලබාදීමට සඳහා ඉතාමත් ඉහළ පහසුකම් වලින් යුක්තවයිල’’ මීට අමතරව, දුරෙයිරත්නම් මහතා පැවසුවේ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් වෙළඳ පොළ ලෝකයේ තරඟකාරී දැවැන්තයින් දෙදෙනෙකු මේ අවස්ථාවේ එකට එකතු කිරීමට ලැබීමට පිළිබඳවද සතුටු වන බවයි.

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කළ පළමු NFC ක්‍රෙඩිට් කාඞ්පත් දෙක ඉන්ද්‍රා සිල්වා මහතාට සහ නිස්රීන් ජැෆයිජී මහත්මියට එළිදැක්වීමේ උත්සවයේදී පිළිගන්වන ලදී.

කොමර්ෂල් බැංකුවේ NFC ක්‍රෙඩිට් කාඞ්පත් හිමියෙකු සඳහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂී ප‍්‍රතිලාභ රැුසක් හිමිවන අතර සුපිරි හෝටල්වල පහසුකම් ඉහළ නංවා ගැනීම, ගුවන් තොටුපොළවල සුපිරි විවේකාගාර ප‍්‍රවේශ අවස්ථා, සුපිරි ගමන් අත්දැකීම්, ප‍්‍රමුඛතම අවන්හල් වෙතින් දීමනා, විශේෂ සාප්පු සවාරි අවස්ථාවන් ඇතුළු සේවාවන් මෙම ප‍්‍රතිලාභ වලට අයත් වනබව බැංකුව සඳහන් කරයි.

NFC තාක්ෂණය සංවර්ධනය වී තිබෙන්නේ විශාල නැව් සමාගම්, විශාල ගබඩා සහ සුපිරි වෙළඳසැල් විසින් තම භාණ්ඩ පිළිබඳව දත්ත තබාගැනීමට භාවිතා කරන radio-frequency identification හෝ RFID තාක්ෂණය තවදුරටත් සංවර්ධනය කිරීමෙනි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 251 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 650 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හොදම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කල අතර සම්පූර්ණ හිමිකාරීත්වය සහිත මුදල් හුවමාරු මෙහෙයුම් කටයුතු 2016 නොවැම්බර් මාසයේදී ආරම්භ කරන ලදී.
Published in මූල්‍ය
ගෘහභාණ්ඩ හා නිමැවුම් කර්මාන්තයේ ආකර්ෂණීය නිෂ්පාදනයන් රැසක් හිමි ශ්‍රී ලංකාවේ පඹ්මුඛතම නාමයක් වන ජැට් හෝල්ඩින්ග්ස්, පසුගියදා වෝර්ටර්ස් එජ් හෝටලයේ පැවති ජාතික විකුණුම් සම්මේලන සම්මාන 2016 (NASCO) සඳහා අනුග්‍රාහක වශයෙන් කටයුතු කළේය.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද ජාතික විකුණුම් සම්මේලන සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ අළෙවි ක්ෂේතඹ්යේ කාර්යයේ නියුතු වූවන්ගේ දක්ෂතා හඳුනා ගනිමින් ඔවුන්ගේ උත්සාහය හා කාර්ය සාධනය අගය කිරීම සඳහා සංවිධානය කරන ලද පඹ්මුඛතම සම්මාන උළෙලකි.

ආයතනයන් හට තම හොඳම අලෙවි නිළධාරීන් හඳුනා ගැනීම තුළින් ඔවුන්ගේ වෘත්තිය තුළ ඉහළ නිළයන් සඳහා උසස් කිරීමට NASCO සම්මාන පඹ්දානෝත්සවය මනා තෝතැන්නක් වේ.

”අලෙවි ක්ෂේතඹ්යේ වෙහෙස මහන්සි වී වැඩකරන්නන්ගේ උත්සාහයන් අගය කරන NASCO 2016 සම්මාන උළෙල සඳහා අනුගඹ්ාහකත්වය දැක්වීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් ආඩම්බරයට පත් වෙනවා. මෙම සම්මාන උළෙලට සහභාගී වීම තුලින් ආයතනයක් වශයෙන් අප අපගේ අළෙවි නිළධාරීන් හට නිසි පිළිගැනීමක් ලබා දෙනවා පමණක් නොව ඔවුන් හට වෘත්තීය මට්ටමින් ඉහළට යෑමට උනන්දු කිරීම සහතික කරනවා.” යැයි ජැට් කළමනාකාර අධ්‍යක්ෂක ඊලියන් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් පඹ්කාශ කර සිටියේය.

මෙම සම්මාන උළෙලේ හි සම්මාන ද්විත්වයක් තමන් සතුකර ගැනීමට ජැට් හට හැකි විය.ජැට් හි විකුණුම් තරුව ලෙස දර්ශන ධනේෂ අලෙවි සුපරීක්ෂක කාණ්ඩය යටතේ රිදී පදක්කම දිනා ගත් අතර අලෙවි ඉදිරිපෙළ කාණ්ඩය සඳහා ලෝකඩ පදක්කම සුනෙත් ලියනගේ හට හිමිවිය.

පඹ්ාදේශීය කළමනාකරුවන්, විකුණුම් විධායක/ විකුණුම් අධීක්ෂකයන් හා අලෙවි ඉදිරිපෙළ නිළධාරීන් යන ක්ෂේතඹ්යන් ඇතුලත් විවිධ ව්‍යාපාර අංශ 15ක් හට මෙම සම්මාන පිරිනමන ලදී. මෙහි පඹ්වේශයන් සඳහා සලකා බැලූ කාල සීමාව වූයේ 2015 දෙසැම්බර් 31 වනදා සිට 2016 මාර්තු 31 වනදා දක්වායි.

200 වර්ෂයේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවට water-based විසඳුම් හදුන්වාදෙමින් කළ දැව ආලේපන කර්මාන්තයේ අද්විතීය පරිවර්තනයත් සමග 75% ක වෙළඳපොල කොටසක් තමන් සතු කර ගැනීමට ජැට් හට හැකි විය. 38% ක ආදායම් වර්ධකයක් හා 2015/16 වර්ෂය සඳහා 57% ක ශුද්ධ ලාභ වර්ධනයක් පෙන්නුම් කරමින් නව නාමකරණ කධ්ඹ්යාවලියත් සමග ජැට් තම ඉදිරි දැක්ම හා ඉලක්කයන් පෙර නොවූ විරූ ලෙස තහවුරු කරගෙන ඇත.

NASCO සම්මාන රාතධ්ඹ්යේ ජැට් අලෙවි කණ්ඩායම විසින් දිනා ගත් සම්මාන සමගින් යළි පඹ්තිඥා දෙන්නේ කැපවීමකින් යුත් දක්ෂ අලෙවි කාර්යමණ්ඩලයක් බිහි කිරීමට ආයතනය කැපවී සිටින බවයි.
Page 1 of 11