Items filtered by date: December 2016

මියන්මාරයේ BG Microfinance ආයතනයත් ඩොලර් මිලියන 8 කට අත්පත් කර ගනී.

ෙඓතිහාසික මූලමි ගණුදෙනුවක් සනිටුහන් කරමින් තායිලන්ත කොටස් හුවමාරු වෙළඳපොලේ ලැයිස්තුගත ඩිජිටල් මූලමි සමාගමක් වන Group Lease Public Company Limited (GLPCL) සමාගම විසින් කොමර්ෂල් කෙඹ්ඩිට් ඇන්ඞ් ෆයිනෑන්ස් පී.එල්.සී Commercial Credit & Finance Plc සමාගමේ 29.99% ක පඹ්තිශතයකින් යුත් කොටස් පඹ්මාණයක් ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක අගයකට මිලදී ගන්නා ලදී. රුපියල් බිලියන 10.56 ක් වූ මෙම ගණුදෙනුව මෙතෙක් කොළඹ කොටස් වෙළඳපොලේ වාර්තා වූ ඉහළම ගණුදෙනුවලින් එකකි.

එලෙසම BG Investments (Pvt) Ltd හා ඊට අදාළ ආයතන, කොමර්ෂල් කෙඹ්ඩිට් ෆයිනෑන්ස් සමග එක්ව මියන්මාරයේ (ක්ෂුද්‍ර මූලමි) අනුබද්ධිත සමාගමක් වන ඊඨ ඵසජරදසෙබ්බජැ ඵහ්බප්ර ක්‍ද ඛඑා (ඊඨඵඵ* හි කොටස් 100% ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 8 කට BG Microfinance Myanmar Co Ltd (BGMM&)සමාගම හට අලෙවි කරන ලදී. කොමර්ෂල් කෙඹ්ඩිට් හි කොටස් 28.1% ක පඹ්මාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.284 කට අගය කල අතර එය දැනට පවතින විනිමය අනුපාතිකයන්ට අනුව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු ඩොලරයක හුවමාරු මිල වූ රු. 146.85 ක වටිනාකමට ගණනය කල විට රුපියල් මිලියන 330 ක් වේ. මෙම ගණුදෙනුවෙන් පසු කොමර්ෂල් කෙඹ්ඩිට් ඇන්ඞ් ෆයිනෑන්ස් සමාගමේ බදු පෙර ලාභය රුපියල් මිලියන 277.21 ක් වේ.

”පඹ්ථමයෙන්ම මෙම වසරේ සැප්තැම්බර් මස පඹ්කාශයට පත් කළ පරිදි මෙය පඹ්මාණයෙන් විශාල ෙඓතිහාසික ගනුදෙනුවක් වෙනවා. මුලමි ආයතනයක මෙවන් විශාල විදේශ ආයෝජනයක් සිදු වූයේ මීට අවුරුදු දෙකකට පෙර Creation Investments Sri Lanka LLC සමාගම සිදුකල බිලියන 1.68 ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 12.8 කට සමාන * ආයෝජනයයි. අපි ඉතාමත් සතුටට පත් වෙනවා Group Lease Public Company Limited සමාගම සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම සම්බන්ධව. මෙම සබඳතාවය තුළින් පඹ්ාග්ධන උත්පාදන, සහකධ්ඹ්යාවලීන් හා වමිාපාර වර්ධනයන් යන දිගුකාලීන ආයෝජන අවස්ථාවන් රැුසක් අප හට හිමි වෙනවා.” යැයි කොමර්ෂල් කෙඹ්ඩිට් හි පඹ්ධාන මෙහෙයුම් නිළධාරී රජීව් කාසි චිට්ටි මහතා පඹ්කාශ කර සිටියේය.

Group Lease Public Company Limited හි සභාපති/පඹ්ධාන විධායක නිළධාරී මිට්සුජි කොනොශිතා මහතා කොමර්ෂල් කෙඹ්ඩිට් ඇන්ඞ් ෆයිනෑන්ස් සමාගමේ කොටස් 29.99% ක් මිලදී ගැනීමට ගත් තීරණය දකින්නේ කොමර්ෂල් කෙඹ්ඩිට් ෆයිනෑන්ස් සමාගම හා තම සමාගම අතර මූල්‍යෝත්පාද හවුල තව දුරටත් වැඩිකරන අවස්ථාවක් ලෙසයි. ”අප බලන්නේ අපගේ කාර්යක්ෂම ඩිජිටල් මූලමි වේදිකාව, මූලමි ක්ෂේතඹ්යේ අති සාර්ථක මූලමි වාර්තාවන් හිමි කොමර්ෂල් කෙඹ්ඩිට් වැනි ආයතනයක් සමග එකතු කිරීමෙන් වර්තමානයේ අප කටයුතු කරන වෙළඳපොළවල් මෙන්ම කොමර්ෂල් කෙඹ්ඩිට් හට අවශමි පඹ්ාග්ධන පඹ්වේශය අපගේ ජාතමින්තර අරමුදල් රැස් කිරීමේ හැකියාව මඟින් සාක්ෂාත් කර ගැනීමට යි.”

ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක් වූ මෙම අත්පත්කර ගැනීම Group Lease Public Company Limited ආසියානු කළාපයෙන් පිටත කල පළමු සුවිශාල වමිාප්තියයි. තම මව් රට වන තායිලන්තයේ සිට කාම්බෝජියාව , ලා ඕසය, ඉන්දුනීසියාව හා මෑතකදී මියන්මාරය දක්වාද Group Lease Public Company Limited තම වමිාපාර කටයුතු සාර්ථක ලෙස වමිාප්ත කරගෙන ඇත.

වසර 34 ක ඉතිහාසයක් ඇති කොමර්ෂල් කෙඹ්ඩිට් ඇන්ඞ් ෆයිනෑන්ස් PLC සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම මූලමි ආයතනයන්ගෙන් එකක් වන අතර 2016 මාර්තු 31 වන දිනට රුපියල් බිලියන 70 ක සමස්ත වත්කමක් පෙන්නුම් කර ඇත. මෙය කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තු ගත සමාගමකි.

කොමර්ෂල් කෙඹ්ඩිට් දිවයින පුරා විසිර ඇති තම ශාඛා 120 කට වැඩි පඹ්මාණයක් මගින් ස්ථාවර තැන්පතු, ඉතිරිකිරීම්, ලීසිං පහසුකම්, කුලී සින්නක්කර, අධමිාපනික ණය, දේපල වෙළඳාම්, කාලීන ණය, රන් ණය, ණය සාධයකරණය, ක්ෂුද්‍ර මූලමි නිෂ්පාදනයන් යන නිෂ්පාදන හා සේවා පුළුල් පරාසයකින් කධ්ඹ්යාත්මක කරයි. උසස් තත්වයේ ශාඛා පහසුකම් වලින් හා නවීන අලෙවි කඹ්මෝපායන් කධ්ඹ්යාත්මක කිරීම තුළින් තම වමිාපාරය මෙන්ම තම හිතෛෂී සේවාදායක ජාලයද වේගයෙන් වර්ධනය කර ගනියි.

Published in මූල්‍ය

පළමු වරට පැවැත්වුණු දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA) කලාපීය ප‍්‍රමුඛතම රැුස්වීම් හා සම්මේලන පරිශ‍්‍රය ලෙස සම්මානයට පාත‍්‍ර වීමට ඊඵෂක්‍්‍ය ආයතනය සමත්විය. මෙම සම්මාන උළෙලෙහි අරමුණ වන්නේ කලාපීය වශයෙන් සංචාරක කර්මාන්තයේ දියුණුවට හා සේවාවේ ගුණාත්මකභාවය දියුණු කිරීමට දායක වූ ආයතන අගැයීම ය.

”දකුණු ආසියානු කලාපයේ ප‍්‍රමුඛතම සම්මේලන මධ්‍යස්ථානය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට හැකිවීම අපට අභිමානයට හා සතුටට හේතුවක්. BMICH සතු සේවා විශිෂ්ටත්වය ඉන් පෙන්නුම් කෙරෙනවා. ඒ වගේම කලාපීය වශයෙන් මෙවැනි ජයග‍්‍රහණයක් ලැබීම අපේ රටටත් ගෞරවයක්” යනුවෙන් BMICH හි අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී සුනිල් දිසානායක මහතා පැවසීය.

කලාපීය වශයෙන් කි‍්‍රයාත්මක වානිජ මණ්ඩල ඇතුළු සංවිධාන හා එක්ව පාරදෘශ්‍යතාවකින් ද යුත් සම්මාන පිරිනැමීමේ ආරම්භයක් ලෙස මෙම සම්මාන උළෙල සැලකිය හැක. ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව එක්ව දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලක් පැවැත්වීමේ මාලදිවයිනේ සමාගමක් වන ්‍Highrise වෙතින් ඉදිරිපත් වුණු සංකල්පයකි. එහිදී ශී‍්‍ර ලංකාවෙන් අදාළ නිර්දේශ හා අනුමැතීන් ලබාදුන් සංවිධාන අතර ශී‍්‍ර ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල ෆෙඩරේෂණය හා කොළඹ වානිජ මණ්ඩලය ද විය.

විනිසුරු මඬුල්ලට ඇතුළු වූයේ ඒ ඒ රටවල් නියෝජනය කරන විශ‍්‍රාමලත් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් කිහිපදෙනෙකි. ඔවුන් සතු දැනුම නිසාවෙන්ම සම්මාන පිරිනැමීමේ කි‍්‍රයාවලියේ නිරවද්‍යබව හා සාධාරණබව ඉහළ මට්ටමක පැවැතිණ. නාම යෝජනා කැඳවීම ආරම්භ වූයේ, ශී‍්‍ර ලංකා සංචාරණ’ පරිශ‍්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකිනි. ඊට මාධ්‍ය හිතවතුන් මෙන්ම කලාපීය සංවිධානවල ප‍්‍රධානීන් ද එක්ව සිටියහ. සම්මාන උළෙලේදී අංශ 10ක කාණ්ඩ 39ක් යටතේ සම්මාන ප‍්‍රදානය සිදුකෙරුණි.

අතිශය සිත් ගන්නා සුලූ හා වෙනස්කම් සිදුකළ හැකි ශාලා පහසුකම් සපයන BMICH ආයතනය ඕනෑම ආකාරයේ උත්සව ශාලා පහසුකමක් සම්පාදනය කිරීමට සමත් ය. සුහද රාති‍්‍ර ආහාර උත්සවයක සිට උත්කර්ෂවත් උත්සවයක්, ව්‍යාපාරික සමුළුවක් මෙන්ම විවාහ මංගලෝත්සවයක් කරා පැතිරුණු සේවාවක් එය සතු ය. සියලූ උත්සව ශාලා නැවත නම් කරන ලදුව සැබවින්ම විශේෂ අත්දැකීමක් ලබාදෙන්නට හැකි ලෙස ඉදිරිපත් කර තිබේ. මෙම වසරේදී ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැති Century International Quality ERA Award හිදී රන් සම්මානයක් දිනාගැනීමට පවා BMICH ආයතනය සමත්විය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් දිගුකාලීනව සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයීම සඳහා 2016 වසරේදී පැවැත්වූ වැඩසටහන මගින් වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ සාමාජිකයින් 73 දෙනෙකු වෙත බුහුමන් පුද කිරීම පසුගියදා සිදුකරන ලදී.

මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා, කළමනාකාර අධ්‍යක්ෂ ජෙගන් දුරෙයිරත්නම් මහතා, ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී එස්. රෙන්ගනාදන් මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් කළමනාකරණය ඉසුරු තිලකරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර මෙහිදී මෙම සේවකයින් බැංකුවට දැක්වූ දායකත්වය අගය කරමින් සේවා සම්මාන සහ රන් කාසි පිරිනමන ලදී.

මෙහිදී, සම්මානයට පාත‍්‍රවූ බොහෝ දෙනෙකු 1991 වසරේදී බැංකුවට එක්වී තිබෙන්නේ තමන්ගේ පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව වන අතර මේ වනවිට කළමනාකරුවන්, ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සහ ප‍්‍රධාන කළමනාකරුවන් යන ප‍්‍රධාන තනතුරු උසුලනු ලබයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 253 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 653 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.

Published in මූල්‍ය

ඒ අනුව පාසැල් ප්‍රජාව සදහා ඩිජිටල් අධ්‍යාපනය සහ ඩිජිටල් තාක්ෂණය පිලිබදව දැනුම ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපනය අමාත්‍යශයේ තොරතුරු තාක්ෂණ ශාඛාව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා තිබේ.

මෙහිදී නවීන තොරතුරු තාක්ෂිණ උපකරණ භාවිතය පිළිබදව ද ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන බව නියෝජිතායතනය පවසයි.

විශේෂයෙන්ම මෙහිදී පාසැල් ප්‍රජාවට තොරතුරු තාක්ෂණ ක්ශේස්ත්‍රයේ පවතින අනාගත අවස්ථාවන් උදාකර ගැනීම මෙන්ම සයිබර් අවකාශය තමාට මෙන්ම සමාජයට හිතකර ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිලිබදවද දැනුවත් කරන බවද නියෝජිතායතනය පවසයි.

දිස්ත්‍රික්කයක් ආවරණය වන පරිදි අධ්‍යාපන කලාප මට්ටමින් එක් වරකට ‍පාසැල් 15කට පමණ මෙම පුහුණුව ලබා දෙන අතර තෝරාගත් පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගුරු මහත්ම මහත්මීන් විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන පරිපාලන නිලධාරීන් මේ සදහා එක්කර ගැණේ.

මේ වන විට අනුරාධපුරය පොළොන්නරුව රත්නපුරය කෑගල්ල මාතලේ මහනුවර මොණරාගල බදුල්ල නුවරඑළිය හා පුත්තලම යන දිස්ත්‍රික්ක වල මෙම වැඩසටහන සාර්ථකව අවසන් කර තිබේ.

මේ වන විට තොරතුරු තාක්ෂලණ ශිෂ්‍ය සමාජ ස්ථාපිත කර නොමැති පාසැල් වල එම සමාජ ස්ථාපිත කිරීමටද මෙහිදී පියවර ගැණේ.

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ සියවන (100) ශාඛාව එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ඞී.පීි. කුමාරගේ මහතාගේ ආරාධනයෙන් පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, හේමසිරි ප‍්‍රනාන්දු මහතා හා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා හංවැල්ල නගරයේදී (132/3, කොළඹ පාර, හංවැල්ල) උත්සවශී‍්‍රයෙන් විවෘත කෙරුණි. මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ අනුප‍්‍රාප්තික ප‍්‍රධාන විධායක නිලධාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතා, ජ්‍යෙෂ්ඨ කළමනකාරීත්වය, විශේෂ ආරාධිතයින් හා ගනුදෙනුකරුවෝ සහභාගී වූහ. පීපල්ස් ලීසිං සමාගමේ පළමු ශාඛාව විවෘත කෙරුණේ 1996දී මහනුවර නගරයේදීය.

පීපල්ස් ලීසිං සමාගමේ සියවන ශාඛාව විවෘතකිරීමේ උත්සවය අමතමින් එම සමාගමේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ, ‘පීපල්ස් ලීසිං සමාගම මෙරට මූල්‍ය සේවා සපයන බැංකු නොවන ආයතන අතර වසර 14ක් තරම් කාලයක් පෙරමුණේ පසුවන්නේ පාරිභෝගික අවශ්‍යතා මැනවින්ම හඳුනාගෙන කිසිදු අසීරුතාවකින් තොරව සියලූ කාර්යයන් ඉටුකරදීම හා මෙරට ජන ජීවිතය නගාසිටුවීමෙහි පෙරමුණගත් ආයතනයක් ලෙසින් ගනුදෙනුකරුවන්ගේ දැඩි විශ්වාසයට පාත‍්‍රවීමෙනුයි. අප සමාගම ලක්වැසියන් වෙනුවෙන් සපයන්නේ අසමසම මූල්‍ය සේවාවක්. එහෙයින් එම සුවිශේෂී සේවාව මෙරට සෑම ප‍්‍රදේශයකම ජීවත්වන පුරවැසියෙකුටම ලබාදීම අප සමාගමේ අරමුණක්. වසර විස්සක් තරම් කාලයක් තුළ සෑම ප‍්‍රධාන නගරයකම පාහේ පීපල්ස් ලීසිං ශාඛාවක් ඇරඹුවේ එම අරමුණ ජයගැනීමක් ලෙසින්. එමෙන්ම ශාඛා ජාලය තවත් පුළුල් කරමින් එහි දෙවන ශතකයේ ශාඛා ඇරඹීමත් මෙතැන් සිට සිදුවෙනවා. එමගින් මෙරට ජනතාවට තම මූල්‍ය කටයුතු වඩාත් කාර්යක්ෂමව හා පහසුවෙන් සිදු කරගත හැකිවනු ඇත.’ යන්නය.

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA - (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.

එහි විශේෂිත මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති. සියලූ මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකිවීමෙන් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය සේවාවන් කඩිනමින් හා අවම පිරිවැයකින් සපුරාගැනීමේ අවස්ථාවසැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.

Published in විවිධ
Page 1 of 12