Items filtered by date: March 2016

MA’s Kitchen සන්නාමය යටතේ මෙරටට ආහාර නිෂ්පාදන රාශියක් හඳුන්වාදෙන Tropical Food Processing සමාගමේ දායකත්වයෙන් නවීකරණය කළ මිනුවන්ගොඩල පොල්වත්ත ශ්‍රී රත්නසාර විදුහලේ ගෘහ විද්‍යා අංශයේ ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාව පසුගියදා අති උත්කර්ශවත්ව පැවැත්වුණි.

ලොව කීර්තිමත් සූපවේදියකු වන නෙදර්ලන්ත ජාතික පොපේ බ්‍රාම් මහතා මෙම උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතර මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා හා MA's Tropical Food Processing සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මාරියෝ ද අල්විස් මහතා ද මෙම අවස්ථාවට දායක වූහ.

පොපේ බ්‍රාම් මහතා MA’s Foods සමග දිගුකලක් පුරා අත්වැල් බැඳගෙන සිටින ප්‍රමුඛ පෙළේ විදෙස් සමාගමක් වන DO-IT හි ආරම්භකයා වෙයි. DO-IT සමාගම කාබනික ආහාර නිෂ්පාදන ආනයනයට හා අපනයනයට බලපත්‍ර ලත් ලොව කීර්තිමත් සමාගමකි.

MA's Tropical Food Processing සමාගමට අයත් අපනයන තත්වයේ පොල් කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ද පොල්වත්ත ශ්‍රී රත්නසාර විදුහල ආසන්නයේ පිහිටා ඇත. මෙමගින් ඒ අවට ප්‍රදේශයේ ජීවත් වන සිය ගණනකට අධික පිරිසකට රැකියා අවස්ථාවන් සැලසී ඇත.

පොල්වත්ත ප්‍රදේශයේ සමාජ හා ආර්ථික සංවර්ධනයට අවශ්‍ය කරන සුවිශේෂී පහසුකම් ලබාදීම MA's Tropical Food Processing සමාගම සිය සමාජ වගකීමක් ලෙස හඳුනාගෙන ඇත. පොල්වත්ත ශරීදා රත්නසාර විදුහලේ ගෘහ විද්යාස අංශය නවීකරණයට MA's Tropical Food Processing සමාගම ලබාදුන් දායකත්වය මෙහි එක් පියවරකි.

"දරු දැරියන් 700 අධික පිරිසක් ඉගෙනුම ලබන පොල්වත්ත ශ්‍රී රත්නසාර විදුහලේ ගෘහ විද්‍යා ඒකකය නවීකරණයට දායකවීමට හැකිවීම අප සමාගමට හිමිවූ මහත් භාග්‍යයකි. ගෘහ විද්‍යා අංශයට අප ලබාදුන් නවීන පහසුකම් මගින් සිසුවියන්ට මෙන්ම සිසුන්ට ද ආහාරපාන ක්ෂේත්‍රයේ වෘත්තියකට අවශ්‍ය හැකියාව මෙන්ම උනන්දුව ද ලැබෙනු ඇති බව අප බලාපොරොත්තුවයි." MA's Tropical Food Processing සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මාරියෝ ද අල්විස් මහතා පැවසුවේය.

"නවීන පහසුකම් වලින් සමන්විත මෙම ගෘහ විද්‍යා ඒකකය මගින් වෘත්තීය අවස්ථාවන්ට අමතරව, ශිෂ්‍යාවන්ට මෙන්ම සිසුන්ගේ ජීවිත වලට ද අවශ්‍ය මූලික ඉවුම් පිහුම් කුසලතා ළගාකරගැනීමේ අවස්ථාව හිමිවනු ඇති බව අප විශ්වාසයයි. MA’s Kitchen සංකල්පය තුළින් පවුලක් ලෙස ආහාරපාන බෙදාහදාගැනීම හා ඉවුම් පිහුම් වල යෙදීම තුළින් පවුලේ සතුට මෙන්ම මනා ආහාරපාන රස විඳීම ප්‍රචලිත කිරීම සිදුවෙයි." මාරියෝ ද අල්විස් මහතා වැඩිදුරටත් පැවසුවේය.

පොල්වත්ත ශ්‍රී රත්නසාර විදුහලේ ගෘහ විද්‍යා ඒකකය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට සමගාමීව MA's Tropical Food Processing සමාගමේ හා ශ්‍රී ලංකා ගුවන් සේවයේ ආහාරපාන ඒකකයේ කාර්යමණ්ඩලයේ එකමුතුවෙන් සිසුන්ගේ ඉවුම් පිහුම් කුසලතා හා ඉවුම් පිහුම් ක්ෂේත්‍රයේ අනාගත වෘත්තියකට මග සකසන ඉවුම් පිහුම් වැඩමුළුවක් ද සංවිධානය කර තිබුණි.

 

ලොව කීර්තිමත් සූපවේදියකු වන නෙදර්ලන්ත ජාතික පොපේ බ්‍රාම් මහතා මෙම උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතර මිනුවන්ගො...

Posted by Lanka Business News on Thursday, March 31, 2016

"යෞවනයේ ප‍්‍රමුඛතම වෙළද නාමය" සහ " පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ප‍්‍රමුඛතම වෙළඳ නාමය" යන සම්මාන ද හිමිවෙයි.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවති 2016 ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේ දී අඛණ්ඩව දසවැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාමය ලෙස සිංගර් ජනතා සම්මානයට පාත‍්‍ර විය. තවද "යෞවනයේ ප‍්‍රමුඛතම වෙළද නාමය" සහ "පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ප‍්‍රමුඛතම වෙළඳ නාමය" ලෙසින් සිංගර් ආයතනය පිදුම් ලැබීය.
ස්ලිම් නීල්සන් සම්මාන උළෙල මෙරට පාරිභෝගිකයින් අතර වඩා ජනප‍්‍රිය මෙන්ම පාරිභෝගික ආකර්ශනය දිනාගත් වෙළඳ නාම සහ පුද්ගල නාම සඳහා සම්මාන පිරිනමන දැවැන්ත වාර්ෂික උළෙලකි. මෙම සම්මාන උළෙල Sri Lanka Institute of Marketing (SLIM) ආයතනය මගින් සංවිධානය කරයි.

ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ මෙම සම්මාන උළෙල සුවිශේෂි සම්මාන උළෙලක් ලෙස සටහන් වන්නේ නාම යෝජනා සහ ජයග‍්‍රාහකයින් යන දෙපාර්ශවයම ජනතාව විසින් තෝරා ගැනීම හේතුවෙනි. ලොව විශාලතම වෙළඳ සමීක්ෂණ ආයතනය වන නීල්සන් හි ශ‍්‍රී ලංකා ශාඛාව මගින් දිවයින පුරා පවත්වන වෙළඳ සමීක්ෂණ පදනම් කර ගනිමින් මෙම සම්මාන සඳහා වෙළඳ නාම යෝජනා කිරීම සහ ජයග‍්‍රාහකයින් තෝරා ගැනීම සිදුකෙරේ. මේ නිසා මෙම සම්මාන උළෙලේ දී නිරූපණය වන්නේ සැබෑ පාරිභෝගික ජනතා මතයයි.

අඛණ්ඩව දස වසරක් පුරා ජනතා සම්මානයෙන් ප‍්‍රමුඛස්ථානයට පත්වීම පිළිබඳව අදහස් දක්වන සිංගර් ශ‍්‍රී ලංකා සමුහයේ ප‍්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ මෙම ජයග‍්‍රහණය සිංගර් පවුලේ සැම ලද සුවිශේෂි ගෞරවයක් බවයි. ශ‍්‍රී ලංකාවේ සියලූම පාරිභෝගික භාණ්ඩ හා සේවාවන් අතුරින් ජනතාව විසින් සිංගර් විශිෂ්ටතම වෙළඳ නාමය ලෙස ඔසවා තැබීමෙන් සිංගර් සමාගම ජනතා හදවත් වලට සමීප වී ඇති ආකාරය පැහැදිලි වන බවද හෙතෙම අවධාරණය කළේය. සිංගර් සතු පාරිභෝගික සත්කාරයේ සුවිශේෂි භාවය සහ සිංගර් වෙළඳ නාමය සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසය මෙම සම්මානය හිමිවීම තුළින් තහවුරු වන බවද අසෝක පීරිස් මහතා පෙන්වා දුන්නේය. සමාජ සේවා වැඩසටහන් වලදී සිංගර් දක්වා ඇති දායකත්වය පාරිභෝගිකයින් සමඟ ස්ථිර බැඳීමක් ගොඩනංවා ගැනීම දක්වා පුළුල් වී ඇති බවත්, ක‍්‍රීඩා, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයන් තුළ විවිධ අවස්ථාවන් වලදී අනුග‍්‍රාහක දායකත්වය දැක්වීම ආදී කරුණු මගින් එම බැඳීම තවදුරටත් ශක්තිමත් වී ඇති බවද අසෝක පීරිස් මහතා පෙන්වා දුන්නේය.

සිංගර් "යෞවනයේ ප‍්‍රමුඛතම වෙළද නාමය" බවට පත්වීම පිළිබඳව අදහස් දක්වමින් සිංගර් ශ‍්‍රී ලංකා සමුහයේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා පෙන්වා දුන්නේ දිගු ඉතිහාසයකට හිමිකම් කියන සමාගමක් වුව ද, අති සාර්ථක අන්දමින් යෞවනය හා නව තාක්ෂණය සම්බන්ධ කිරීම තුළින් වර්තමාන යොවුන් පරපුරේ හදවත් දිනාගැනීමට ද අප ආයතනය සමත් වී ඇති බවයි. යෞවනය අතර ඉතා ජනප‍්‍රිය පරිගණක සහ ස්මාර්ට් ෆෝන් ආදී නිෂ්පාදන විශ්වාසයෙන් යුතුව තිළිණ කිරීම මගින් සහ යොවුන් ක‍්‍රීඩා ඇතුළු විවිධ අවස්ථා රාශියකට අනුග‍්‍රහය දැක්වීම මගින් සිංගර් යොවුන් සිත් සතන් ජයගෙන ඇති බව ද අශෝක පීරිස් මහතා අවධාරණය කළේය.

ලොව ප‍්‍රමුඛ නිෂ්පාදන පෙළක් මෙරට පාරිභෝගිකයින්ට තිළිණ කරන සිංගර් ශ‍්‍රී ලංකා අයතනය Singer, SISIL, Samsung, Hitachi, TCL, Beko, Sony, Huawei, Dell, Sharp සහ Mitsubishi යන නිෂ්පාදන මෙරට පාරිභෝගිකයින්ට සමීප කරයි. දිවයින පුරා විහිදුන 400 කට අධික ශාඛා ජාලය ඔස්සේ සිංගර් මෙම නිෂ්පාදන අලෙවි කරයි. මීට සමගාමීව අලෙවියෙන් පසු සේවා සැපයීමේ ක‍්‍රියාන්විතයක්ද ක‍්‍රියාත්මක නිසා තවදුරටත් සිංගර් වෙළඳ නාමය පිළිබඳව පාරිභෝගික විශ්වාසය තහවුරු වී තිබේ. එමෙන් ම මෙම භාණ්ඩ මිලදී ගැනීමේ දී සිංගර් ආයතනය ඉතා නම්‍යශීලි සේවාවක් සපයනු ලබයි. ආකර්ශණීය පහසු ගෙවීමේ ක‍්‍රම, සහ විශේෂ වට්ටම් ආදී සහන රැසක් පාරිභෝගිකයාට හිමිවෙයි.

සිංගර් ශ‍්‍රී ලංකා සමාගම කෙරෙහි ඇති ජනතා විශ්වාසය තහවුරු වීමට තවත් ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ සමාජ මෙහෙවරෙහි කැපී පෙනෙන සේවාවක් ඉටු කිරීමයි.

විවිධ ක්ෂේත‍්‍ර වල විවිධ ව්‍යාපෘතින් සඳහා සිංගර් සිය දායකත්වය දක්වා තිබේ. අධ්‍යාපන ක්ෂේත‍්‍රය සලකා බැලීමේ දී දුෂ්කර පාසල් සඳහා පානීය ජලය, ගෘහභාණ්ඩ, ලිපි ද්‍රව්‍ය, සහ අනිකුත් පහසුකම් සැපයීම සිංගර් විසින් සිදුකර තිබේ. තවද ශාඛා 64ක් පුරා විහිදුනු ෆැෂන් ඇකඩමි ආයතනය මගින් ඇඳුම් මැසීම, එම්බ්‍රොයිඩර්, ආදී අංශ සඳහා දහස් ගණනක් සිසුන් පුහුණු කර තිබේ. මෙමගින් ඇගළුම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා සහ ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ කාර්යය ට ද සිංගර් දායකත්වය දක්වා තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව සවිධානය කරන සිංගර් සුප ශාස්ත‍්‍ර වැඩමුළුව මගින් දිවයින පුරා පාසැල් වල ගෘහ විද්‍යාව හදාරන සිසු සිසුවියන් අතර සෞඛ්‍ය ආරක්ෂිතව ඉවුම් පිහුම් කටයුතු කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳව අවබෝධය වර්ධනය කර තිබේ. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සලකා බැලීමේදී මේ වනවිට බරපතල සෞඛ්‍ය ගැටළුවක්ව පවතින වකුගඩු රෝගය තුරන් කිරීම සඳහා වන "Thirst for Life" ව්‍යාපෘතිය සඳහා සිංගර් සිය දායකත්වය දක්වා තිබේ.

අලුත් අවුරුදු සමය මුලු පරිසරයම නෙක වර්ණ වලින් පිරි යන සමයකි. නෙක වර්ණ, ඇදුම් පැළදුම්, රස කැවිලි වර්ග මෙයට තවත් අලංකාරයක් එක් කරයි.

විවිධ වර්ණයන්ගෙන් අලංකාරවු සතුට සපිරි මෙම කාලය තවත් වර්ණ ගන්වන්නට මල්ලිකා හේමචන්‍ද්‍ර ජුවලර්ස් සුදානමින් සිටි. විවිධ වර්ණයන්ගෙන් යුතු මැණික් ගල් යොදා ගනිමින් නිර්මාණය කරන ලද Cloured Stone Collection නිර්මාණ පෙල පසුගියදා හදුන්වා දෙනු ලැබීය. පෙන්ඩන්ට්, මුදු හා කරාබු වලින් සමන්විත මෙම ආභාරණ පෙල දුටුවන් මන බදින බව ඉතා පැහැදිලිය. මෙම අගනා ස්වර්ණාභරණ එකතුව Ruby, Emarald සහ Sapphire යන වටිනා ගල් වර්ග යොදා ගනිමින් නිර්මාණය කර ඇත.

එපමණක් නොව මේ අවුරුදු සමය වෙනුවෙන් විශේෂ වට්ටම් හා දීමනා වැඩසටහනක් හඳුන්වා දීමටද සමාගම පියවර ගෙන තිබේ. මේ යටතේ HSBC‍ කාඞ්පත් හිමියන්ට 2016 අපේ‍්‍රල් මස 04 දින සිට 10 දින දක්වා කැරට් 22 රන් ආභරණ සඳහා 15% ක්, කැරට් 18 රන් ආභරණ සඳහා 20% ක්, සහ ‘අයිස් කලෙක්ෂන්’ එකතුවේ රිදී ආභරණ සඳහා 50% ක් වශයෙන් වට්ටම් පිරිනැමේ. එමෙන්ම ප‍්‍රධාන ශාඛාවේදි නොමිලේ ස්වර්ණාභරණ පිරිසිදු කර ගැනිමේ අවස්ථාවද හිමි වේ.

එමෙන්ම සෙලාන් බැංකු කාඞ්පත් හිමියන් සඳහා 2016 මාර්තු 20 සිට 30 දක්වා රන් ආභරණ මිලදීගැනීමේදී 20% ක් සහ රිදී ආභරණ මිලදීගැනීමේදී 50% ක් වශයෙන් වට්ටම් පිරිනමයි. ඊට අමතරව හැටන් නැෂනල් බැංකුවේ කාඞ්පත් හිමියන්ට රන් ආභරණ සඳහා 20% ක් සහ රිදී ආභරණ සඳහා 50% ක් වශයෙන් වට්ටම් හිමි වේ. ඊට අමතරව කැරට් 22 තෝරාගත් රන් අභරණ සඳහා 30% ක් සහ කැරට් 18 තෝරාගත් රන් මාල සඳහා 30% ක් ලෙස වට්ටම් හිමිවන අතර අලූත් අවුරුද්ද වෙනුවෙන් තෝරාගත් දියමන්ති ආභරණ සඳහා 40% දක්වා වට්ටම් හිමිකරගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවනු ඇත.

මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් කවදත් සිය ආභරණ සඳහා භාවිතා කරන්නේ පිරිසිදු රත‍්‍රන් ඇතුළුව උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණි. මෙම අගනා වටිනා ආභරණ සඳහා පහසු ගෙවීමේ ක‍්‍රම හඳුන්වා දීමටද සමාගම මේ වනවිට කටයුතු කර තිබේ. උත්සව සමයේ හිමිවන වට්ටම්වලට අමතරව මෙසේ පහසු ගෙවීමේ ක‍්‍රමද හිමිවීම පාරිභෝගිකයන්ට විශාල සතුටක් ගෙනදෙන පුවතක් වනු නිසැක ය.

සීමිත කාලයක් සඳහා මෙම සුවිශේෂී වට්ටම් හා දීමනා පිරිනමමින් අලූත් අවුරුද්දේ සතුට පාරිභෝගිකයන් සමග බෙදාගැනීමට මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සූදානමින් සිටී. ඒ නිසා ළඟම පිහිටි ශාඛාව වෙත පැමිණ මේ උත්සව සමයේ සුවිශේෂී අභරණ පෙළක් අතරින් තමන් කැමති ආභරණ රිසි සේ තෝරාගන්නා මෙන් මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සිය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි.

අලූත් අවුරුදු සමය වෙනුවෙන් මල්ලිකා හේමචන්ද්‍ර ශාඛා සතියේ සෑම දිනකම පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා විවෘතව පවතී. එම ශාඛා හෝර්ටන් පෙදෙස, කොළඹ 07, මැජෙස්ටික් සිටි, ලිබර්ටි ප්ලාසා, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, නුගේගොඩ, කැන්ඩි සිටි සෙන්ටර් සහ ජාඇල කේ-සෝන් යන ස්ථානවල පිහිටා තිබේ.

 

With the Avurudu season almost upon us, Mallika Hemachandra Jewelers gives you the delightful option of presenting your...

Posted by Lanka Business News on Thursday, March 31, 2016

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා මාලඹේ පිහිටි SLIIT ප්‍රධාන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූවේය. SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප්‍රාධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ මහතා හා SLIIT උසස් අධ්‍යාපපන ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යතුමන් උණුසුම්ව පිළිගැනුණි.

SLIIT උසස් අධ්‍යායපන ආයතනයේ ස්ථාපිත කර ඇති එක්සත් රාජධානියේ Bentley Motors වෙනුවෙන් ඉදිකළ මෙරට පර්යේෂණාගාරයල දේශන ශාලා මෙන්ම තොරතුරු තාක්ෂණ (IT), ව්‍යාපාර අධ්‍යයන (Business)ල ඉංජිනේරුවිද්‍යාව (Engineering), සත්කාරක සේවා කළමනාකරන (Hospitality) ආදී පීඨයන් මෙහිදී අමාත්‍ය තුමාගේ නිරීක්ෂණයට ලක්විය.

"විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ පිළිගැනීම හිමිවී ඇති උපාධි පාඨමාලාවන් ප්‍රදානය කිරීමේ නිරත මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT පරිශ්‍රය කියල අමාත්යු ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමන්ගේ නිරීක්ෂණයට ලක්වීම අතිශය සුවිශේෂී අවස්ථාවකි. තොරතුරු තාක්ෂණ (IT), ව්‍යාපාර අධ්‍යයන (Business), හා ඉංජිනේරුවිද්‍යාව (Engineering) ආදී විෂය ක්ෂේත්‍රයන්ට අදාළ උපාධි පිරිනැමීමේ නිරත SLIIT උසස් අධ්‍යාපන ආයතනය නවෝත්පාදනයන් තුළින් ජාතියට හා මුළු මහත් ලෝකයටම සුවිශාල මෙහෙවරක් කළහැකි ලෝක මට්ටමේ බුද්ධිමතුන් බිහිකිරීමට සමත් ඉහළ මට්ටමේ දැනුම ලබාදීමේ විශිෂ්ට මධ්‍යස්ථානයක් බවට පත්වීමට මහත් පරිශ්‍රමයක් දරයි. මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ පැහැදිලි කළ SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ මහතා පැවසුවේය.

"SLIIT උසස් අධ්‍යාපන ආයතනය සතු ඉහළ මට්ටමේ පර්යේෂණ පහසුකම් පෙන්වා දී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යන ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා උණුසුම්ව පිළිගැනීමට හැකිවීම අප ලැබූ මහත් භාග්‍යයකි. වෘත්තීය ක්ෂේත්‍රයේ අවශ්‍යතා හා ගෝලීය මට්ටමින් පිළිගන්නා සුදුසුකම් සිසුන්ට හිමිකරදීමට හැකි පරිදි SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීම අප සැලසුම වී තිබෙනවා." SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා පැවසුවේය.
එක්සත් රාජධානියේ ඉංජිනේරු විද්‍යා සහ තාක්ෂණ ආයතනයේ පිළිගැනීම හිමිවී තිබෙන තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී (BSc) විශේෂ උපාධිය පිරිනමන මෙරට ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනය වන්නේ ද SLIIT ය. මෙම සුදුසුකම මගින් SLIIT වෙතින් උපාධිය හිමිකරගන්නා සිසුන්ට වරලත් ඉංජිනේරු සුදුසුකම හිමිකරගැනීමේ අවස්ථාව හිමිවෙයි.

SLIIT මගින් පිරිනමන තොරතුරු තාක්ෂණ (IT), ව්‍යාපාර අධ්‍යයන (Business), ඉංජිනේරුවිද්‍යාව (Engineering), සත්කාරක සේවා කළමනාකරනය (Hospitality) හා වාස්තු විද්‍යාව (Architecture) වැනි පාඨමාලා රාශියක් හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමි වී ඇත. SLIIT සිසුන් විසින් තෝරාගත් පාඨමාලාවන් මෙරටදීම හෝ එක්සත් රාජධානිය (UK), ඇමරිකා එක්සත් ජනපදය (U.S.A), කැනඩාව (Canada) හෝ ඕස්ට්‍රේරිලියාව (Australia) ආදී රටවල පිහිටි SLIIT අනුබද්ධිත විශ්වවිද්‍යාල වලදී සම්පූර්ණ කිරීමේ අවස්ථාව සිසුන්ට හිමිවේ. මීට අමතරව Virtusa, Brandix, 99X හා John Keells වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් සමගද SLIIT ආයතනය ශක්තිමත් සබඳතා ඇතිකරගෙන ඇත.

 

The Minister of Higher Education and Highways Hon. Lakshman Kiriella visited the SLIIT campus in Malabe recently....

Posted by Lanka Business News on Thursday, March 31, 2016

ඓතිහාසික තරඟය සඳහා නාම අනුග‍්‍රාහකත්වය දක්වමින් මෙරට ප‍්‍රමුඛතම ටයර් සන්නාමය ධාවන තරඟ ක්ෂේත‍්‍රයට දක්වන අනුග‍්‍රාහකත්වය පුළුල් කරයි

ශ‍්‍රී ලංකාවේ පැරණිතම ධාවන තරඟය ලෙස සැලකෙන ‘මහගස්තොට හිල් ක්ලයිම්බ්’ තරඟයේ මෙම අපේ‍්‍රල් 09 සහ 10 වනදා පැවැත්වෙන 2016 තරඟය සඳහා මෙරට ධාවන තරඟ ක්ෂේත‍්‍රයේ දැවැන්තම පුද්ගලික අංශයේ අනුග‍්‍රාහකයා වන සියැට් නාම අනුග‍්‍රාහකයා ලෙස ඉදිරිපත් වනබව නිවේදනය කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ පැරණිතම ධාවන ක‍්‍රීඩා සංගමය වන සිලෝන් මෝටර් ස්පෝට්ස් ක්ලබ් (CMSC) විසින් සංවිධානය කරන මෙම ධාවන තරඟය මෙවර පැවැත්වෙන්නේ 82 වන වරටයි. මෙවර තරඟය සඳහා සියැට් අනුග‍්‍රහය ලැබීමත් සමග එය ‘සියැට් මහගස්තොට ෆෙස්ටිවල් ඔෆ් ස්පීඞ්’ ලෙස නම්කර තිබෙන අතර මීටර් 617 කින් යුතු මනස්කාන්ත දසුන් සහිත මෙම ධාවන පථයේදී මෙවර තරඟ වැදීමට මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයින් 100 ක් පමණ සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වේ.

2016 සියැට් මහගස්තොට ෆෙස්ටිවල් ඔෆ් ස්පීඞ් සඳහා සියැට් ශ‍්‍රී ලංකා සමාගම නාම අනුග‍්‍රාහකයා ලෙස පිළිගනිමින් CMSC සභාපති නිරෝෂන් පෙරෙයිරා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘‘සියැට් මෙන්ම අපගේ අනිකුත් අනුග‍්‍රාහකයින් වන මොබිල් ලූබ්රිකන්ට්ස්, මැක්ෆොයිල්, මහින්ද්‍රා මෝටර්ස්, ද බැක්පූල් සහ ද ස්පෙන්සර් සමග ඒකාබද්ධවීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා. ප‍්‍රමුඛතම සන්නාම අඛණ්ඩවම ක‍්‍රීඩාව සඳහා සහයෝගය දැක්වීම දිරිමත් කරන සුළුයි. ඔවුන්ගේ සහයෝගයෙන් අපි ධාවන පථය නවීකරණය කළා. ඔවුන් සියළු දෙනාටම මම හද පිරි තුති පුදනවා.’’

සියැට් ශ‍්‍රී ලංකා සමාගමේ උප සභාපති - විකුණුම් සහ අලෙවිකරණ රවී ඩඞ්ලානි මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ‘‘ශ‍්‍රී ලංකාවේ ධාවන ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ මහගස්තොට හිල් ක්ලයිම්බ් තරගයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. දේශීය ධාවන ක‍්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ජනප‍්‍රවාදයට මෙම නඟරයෙන් විශේෂ දායකත්වයක් ලබා දී තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ ධාවන තරඟ ක්ෂේත‍්‍රයේ විශාලතම අනුග‍්‍රාහකයා ලෙස මෙම තරඟය සඳහා සහයෝගය ලබාදීමට ලැබීම පිළිබඳව සියැට් ආඩම්බර වෙනවා. මෙම තරඟයේදී ධාවකයින්ගේ කුසලතාවයන් මෙන්ම ඔවුන්ගේ වාහන වල හැකියාවන් හොඳින් විදහා දැක්වෙනවා.’’

2016 සියැට් මහගස්තොට ෆෙස්ටිවල් ඔෆ් ස්පීඞ් තරගය සඳහා ඇතුළත්වීම් මේ වනවිට සංගමයේ කාර්යාලය විසින් ආරම්භ කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඊ-මේල් ලිපිනයට ලියා ලබාගත හැකි අතර පවතින කාලගුණ තත්ත්වය හමුවේ තරඟකරුවන් සංඛ්‍යාව 100 කට පමණක් සීමා කිරීමට සංවිධායකයින් තීරණය කර ඇත. මෙරට පැරණිතම ධාවන තරඟය වෙන මෙයට සෑමවිටම මෙරට ධාවන තරඟ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන් සහභාගීවීම කැපී පෙනේ. මහගස්තොට ධාවන තරඟ ඉතිහාසය තුළ මේ වනවිට මෝටර් රථ අංශයේ වේගවත්ම කාලය නිශාන් වීරසූරිය මහතා වාර්තා කර තිබෙන අතර යතුරු පැදි අංශයේ වේගවත්ම කාලය ආනන්ද සම්පත් මහතා වාර්තා කර තිබේ.

මහගස්තොට හිල් ක්ලයිම්බ් තරඟය සඳහා 1934 දක්වා ඈතට දිවයන ඉතිහාසයක් තිබෙන අතර CMSC මෙහි ආරම්භක වැඩසටහන පවත්වා තිබෙන්නේ 1934 සැප්තැම්බර් 28 වනදායි. යුද්ධ පැවති අවුරුදුවල හැර මෙම ඓතිහාසික ස්ථානයේදී මෙම තරඟය එම සංගමය විසින් වාර්ෂිකව පවත්වා ඇත.

ශ‍්‍රී ලංකාවේ ධාවන තරඟ ක්ෂේත‍්‍රය සමග සැමදා බැඳුණු සන්නාමය වන සියැට් විසින් ශ‍්‍රී ලංකා ඔටෝ-ස්පෝර්ට්ස් ධාවකයින්ගේ සංගමය (SLADA) විසින් සංවිධානය කරන 2016 වාර්ෂික ශූරතාවය සඳහා නාම අනුග‍්‍රාහකත්වය ලබාදීම සඳහා හත්වන වසර වෙනුවෙන් මෙවරත් ඉදිරිපත් වී තිබේ.

සියැට් ස්ලාඩා ශුරතාවලියට අනුග‍්‍රාහකත්වය දැක්වීමට අමතරව ශ‍්‍රී ලංකා යුධ හමුදාව සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ලංකාවේ ධාවන ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ පාලක මණ්ඩලය වන ශ‍්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝට්ස් (SLAS) විසින් සංවිධානය කරන ධාවන තරඟ සඳහා සියැට් සහයෝගය ලබාදෙයි. මේ අනුව සියැට් විසින් සහයෝගය ලබාදීමේ කොටසක් ලෙස, ෆෝර්ඞ් ලේසර්/මැස්ඩා 1300 ජජ සහ 1500 cc කාණ්ඩ සහ නිසාන් මාච් 1000 cc සඳහා පවත්වන ‘වන්මේක්’ ධාවන තරඟවල ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සියැට් කටයුතු කරන අතර මෙම ධාවන තරඟ සියල්ල සඳහා සියළුම ධාවකයින් විසින් සියැට් රේඩියල් ටයර් භාවිතා කරයි.

Published in ක්‍රීඩා
Page 1 of 16