Items filtered by date: April 2016

2016 අපේ‍්‍රල් 25, කොළඹ: CNBC ප‍්‍රවෘත්ති ජාලය හරහා ජාත්‍යන්තර ව්‍යාපාරික ප‍්‍රජාව ඇමතීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමන් මෑතකදී කටයුතු කළේ ය. රටේ මේ වනවිට පවතින ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පෙන්වා දුන් ඒ මහතා එම අවස්ථාවලින් උපරිම ප‍්‍රයෝජන ගන්නා ලෙස ජාත්‍යන්තර ව්‍යාපාරික ප‍්‍රජාවට ආරාධනා කර සිටියේ ය. සිය කෙටි අදහස් දැක්වීම තුළදී ඒ මහතා අවධාරණය කළේ ශ‍්‍රී ලංකාව යනු අති සාර්ථක වෙළඳ ඉතිහාසයක් ඇති රටක් බවයි. ඉන්දියන් සාගරයේ ක‍්‍රමෝපායික වශයෙන් වැදගත්වන ස්ථානයක පිහිටා තිබීම සහ ආයෝජන අවස්ථා රැසක් උදාවී තිබීම නිසා ආසියානු කලාපය තුළ බෙහෙවින් අවධානයට ලක්වන රටක් බවට ශ‍්‍රී ලංකාව පත්වී සිටී.

ගරු අග‍්‍රාමාත්‍යතුමන්ගේ මෙම අදහස් දැක්වීම, ලොව ප‍්‍රමුඛතම ව්‍යාපාරික හා මූල්‍ය ප‍්‍රවෘත්ති සේවා ජාලයක් වන CNBC සේවයේ ‘Global Opportunities - Sri Lanka’ වැඩසටහනට සමගාමීව විකාශය වනු ඇත. 2016 ජූනි මාසය තෙක් විකාශය වන මෙම වැඩසටහන් පෙළ තුළදී ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය, චීනය හා ශ‍්‍රී ලංකාව අතර ඇති සම්බන්ධතා, රට තුළ පවතින සම්බන්ධතා සහ නැව් ගමන් හා සංචාරක සේවා මධ්‍යස්ථානයක් බවට පත්වීමට ශ‍්‍රී ලංකාව සමත් වී ඇති ආකාරය ආදී කරුණු රැසක් අවධානයට ලක්වනු ඇත.

මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් CNBC සමාගම කියා සිටියේ මෙම වැඩසටහන ඔස්සේ ශ‍්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ආසියා පැසිෆික් කලාපයේ ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබා දීම තම අරමුණ වී ඇති බවයි. ”මේ කටයුත්ත වෙනුවෙන් ශ‍්‍රී ලංකාව සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අපට විශාල සතුටක්. මේ ඔස්සේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය දෙස සමීපව බැලීමේ අවස්ථාවක් අපගේ පේ‍්‍රක්ෂකයන්ට උදාකර දීමට අපට හැකියාව ලැබෙනවා. මෙය සාර්ථක කරගැනීමට අපට හැකිවී තිබෙන්නේ CNBC ජාලය ශ‍්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය සමග ඇතිකරගෙන තිබෙන හවුල්කාරීත්වය නිසයි.” CNBC සමාගමේ ආසියා පැසිෆික් කලාපය සඳහා උප සභාපති (විකුණුම්) කෙරී ටැරන්ට් මහත්මිය පැවසුවා ය.

‘Global Opportunities - Sri Lanka’ වාර්තා වැඩසටහන 2016 අපේ‍්‍රල් 25 දින සිට 29 දින දක්වා CNBC APAC හි ‘Squawk Box Asia’ වැඩසටහන තුළදී විකාශනය කෙරේ. Squawk Box Asia වැඩසටහන සඳුඳා සිට සිකුරාදා දක්වා සිංගප්පූරු/හොංකොං වේලාවෙන් පෙරවරු 7 සිට පෙරවරු 10 දක්වා සහ ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි වේලාවෙන් පෙරවරු 10 සිට පස්වරු 1 දක්වා විකාශය වේ.

2015 පෙබරවාරි 24 වන දින මෙරටට හඳුන්වා දෙනු ලැබූ CNBC නාලිකාව ඩයලොග් ටීවී පාරිභෝගිකයන්ට නාලිකා අංක 41 ඔස්සේ නැරඹිය හැක.

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගම සිය විකුණුම් බලකාය යොදා ගනිමින් මේ මැයි මාසයේ මාසයක කාලයක් පුරා රට තුළ මහා පරිමාණයෙන් විශ‍්‍රාම සැලසුම් ප‍්‍රවර්ධනය කිරීමට සූදානම් වේ.

09 වන වරට පැවැත්වෙන සෙලින්කෝ ලයිෆ් ‘විශ‍්‍රාම සැලසුම් මාසය’ මැයි 01 වන ඉරිදා ආරම්භ වන අතර මෙවර වැඩසටහන කේන්ද්‍රගත වී තිබෙන්නේ ‘ඔබට කීයක් ඕනවෙයිද?’ යන මෙම විෂයට බොහෝ සේ අදාළ වන පැනය පදනම් කරගෙනයි.

දිගු කාලීන ඉතිරිකිරීම් කෙරෙහි උද්ධමනය බලපාන ආකාරය පිළිබඳ සන්නිවේදනයක්ද මෙම වැඩසටහන මගින් සිදුකරන අතර ප‍්‍රවර්ධන වැඩසටහන්, ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම් සහ දිවයින පුරාම පිහිටි ශාඛා මට්ටමින් දැනුවත් කිරීම් මේ යටතේ සිදුකිරීමට නියමිතය.

මෙහිදී, සෙලින්කෝ ලයිෆ් සමාගමට අනුබද්ධ 4000 කට ආසන්න විකුණුම් බලකායක් විශ‍්‍රාම සැලසුම් ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන පුද්ගලයින් හමුවී සාකච්ඡා කරන අතරම මේ වනවිටත් සෙලින්කෝ ලයිෆ් විශ‍්‍රාම සැලසුම් ලබාගෙන තිබෙන සාමාජිකයින් සමගද සාකච්ඡා කරන්නේ උද්ධමනයට සාපේක්ෂව ඔවුන්ගේ සැලසුමේ ආයෝජනය වැඩිකිරීමට තිබෙන හැකියාව පිළිබඳවයි.

2008 වසරේදී සිට සමාගම මැයි මාසය විශ‍්‍රාම සැලසුම් මාසය ලෙස නම්කර තිබෙන අතර සෑම වසරකම මෙම මාසයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමට අනුබද්ධ විකුණුම් බලකාය විශ‍්‍රාම සැලසුම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා මාසය පුරාම කැපවී ක‍්‍රියා කරයි.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා සමාගමේ ඩිජිටල් අංශය මගින්ද සහායක් ලැබෙන අතර එහිදී සිය විශ‍්‍රාම අවශ්‍යතාවයන් සඳහා කෙතරම් අරමුදල් අවශ්‍යදැයි දැනුවත්වීමේ සාකච්ඡා සඳහා මහජනතාව සම්බන්ධ කරගනී.

සෙලින්කෝ ලයිෆ් විශ‍්‍රාම සැලසුම් මගින් බොහෝ ස්ථාවර තැන්පතු සහ ඉතිරි කිරීමේ ගිණුම් වලට වඩා වැඩි ඒකාබද්ධ පොලී අනුපාතයක් ලබාදෙන අතර ජීවිත ආවරණයක්ද ලබා දෙයි. විශ‍්‍රාම සැලසුම් මගින් ලැබෙන ප‍්‍රතිලාභය බද්දෙන් නිදහස් වේ.

විශ‍්‍රාම සැලසුම් අන්තර් ජාලය ඔස්සේද ලබාගැනීමේ අවස්ථාව ලබාදෙමින් සෙලින්කෝ ලයිෆ් විසින් විශ‍්‍රාම සැලසුම් ලබාගැනීම වඩාත් පහසු කර තිබේ. මේ අනුව, වෙබ් අඩවියට පිවිස සෙලින්කෝ ලයිෆ් විශ‍්‍රාම සැලසුම් වැඩසටහනට ඇතුළත් විය හැකිය.

සමාගම විසින් හඳුන්වා දී තිබෙන නම්‍යශීලි විශ‍්‍රාම සැලසුම් රුපියල් 1000 ක් වැනි කුඩා මුදලක් ගෙවීමෙන් ආරම්භ කළ හැකි අතර මාසික, කාර්තු, අර්ධ වාර්ෂික සහ වාර්ෂික පදනමින් ගෙවීම් කළ හැකිය. මෙම සැලසුම් වසර 05 ක් හෝ එයට වැඩි කාලයක් සඳහා ලබා ගත හැක.

සෙලින්කෝ ලයිෆ් 2004 සිට මේ දක්වා දීර්ඝ කාලීන රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රකට කළ නායකත්වය එලෙසම රඳවා ගැනීමට සමත්ව තිබෙන අතර සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

Published in මූල්‍ය

ඉදිකිරීම් අමුද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම සමාගම් සමූහයක්වන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් (ලංකා) සමාගම, සිය විශිෂ්ටයන් අගයනු වස් වාර්ෂික කාර්යමණ්ඩල සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් ලෙස සංවිධානය කළේය. "සුපිරි සම්මාන" ලෙස නම් කර ඇති සම්මාන උළෙලේදී, හොල්සිම් ලංකා සමාගමේ උන්නතිය වෙනුවෙන් කාර්යමණ්ඩල සාමාජිකයන් දක්වන කැපවීම ඇගයුමට ලක් කෙරේ.

"සමාගමේ අභිලාෂයන් මුදුන්පමුණුවා ගැනීම සඳහා ගත හැකි වඩාත් සුදුසුම තීරණ සහ උපායමාර්ග අනුගමනය කිරීමට සුදුසු රැකියා සංස්කෘතියක් අප සමාගම තුළ ගොඩනගා තිබෙනවා. සුපිරි සම්මාන උළෙලේදී අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සාර්ථකත්වය ඉහලින් අගය කෙරෙනවා. කාර්යශීලි සහ ජවසම්පන්න කාර්යමණ්ඩල බලඇණිය හේතුවෙන් අප අභියෝග ජය ගනිමින් වසරින් වසර ඉදිරියට ගමන් කරමින් සිටිනවා." හොල්සිම් (ලංකා) සමාගමේ සංවිධාන සහ මානව සම්පත් අධ්‍යක්ෂ ප්‍රසාද් පියදිගම මහතා සඳහන් කළේය.

සමාගමේ සියලුම අංශ නියෝජනය කරමින් කාර්යමණ්ඩල සාමාජිකයන් 240 කට අධික පිරිසක් මෙවර සම්මාන උළෙල සඳහා සහභාගී විය. සමාගමේ ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වයෙන් සැදුම්ලත් තාක්ෂණික මණ්ඩලයක් විසින් නිර්දේශිත නාමයන් විමර්ශනය කෙරුණු අතර, එලෙස තෝරා ගත් නම් බාහිර විනිශ්චය මණ්ඩලයක් විසින් නැවත තක්සේරුවට ලක් කෙරිණි. Brandix Apparel සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අසංග රණසිංහ, CBL Foods International සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමිත පෙරේරා, Colombo Leadership Academy හි අධ්‍යක්ෂ රියාස් හසන්, Fonterra Brands Lanka සමාගමේ විකුණුම් ශක්යිතා කළමනාකාර ස්ටීවන් පෝල්රාජ් සහ ACL Cables සමාගමේ සාමාන්‍යාධිකාරී සුමුදු තන්තිරිගොඩ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පශ්චාද් උපාධි කළමනාකරණ ආයතනයේ (PIM) කළමනාකරණ මණ්ඩල අධ්‍යක්ෂ සහ සභාපති මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා කටයුතු කළේය. පාරිභෝගික කේන්ද්‍රීය බව, ප්‍රතිඵලදායී බව, පරිපුර්ණත්වය, තිරසාරත්වය ආදී හොල්සිම් (ලංකා) සමාගමේ මූලික සාරධර්ම සාක්ෂාත් කිරීම උදෙසා කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් සිදු කර ඇති ධනාත්මක බලපෑම විනිශ්චය මණ්ඩලයේ අවධානයට ලක් විය.

පළමු ත්‍යාගය ලෙස ඩුබායි නගරයේ සංචාරයක් පිරිනැමුණු අතර, සුපිරි සම්මාන (රන්, රිදී සහ ලෝකඩ), විශිෂ්ටතම නව්‍යකරණ අදහස, අංශයේ තරුව (ඒකළ සහ කණ්ඩායම්), විශිෂ්ටතම විකුණුම්කරු, සුරක්ෂිතතා සම්මානය ආදී විවිධ කාණ්ඩ යටතේ මුදල් ත්‍යාග, සංචාරක පැකේජ, රන් කාසි සහ කුසලාන ද මෙහිදී පිරිනැමිණි. අඛණ්ඩව 5වන වරටත් මෙවර සංවිධානය කෙරුණු "සුපිරි සම්මාන" උළෙල කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ද නොමඳ අවධානයට ලක් වෙමින් ඉදිරි වසරවලදී ද සංවිධානය කෙරෙනු ඇත.

නැවකින් නැවකට භාණ්ඩ හුවමාරු කිරීමේ හොල්සිම් ලංකා සමාගමේ නවතම සැපයුම් දාම ක්‍රමවේදය (Ship-to-Ship) සැලසුම් කිරීම, ගොඩනැගීම සහ සංවර්ධනය කිරීම උදෙසා හොල්සිම් (ලංකා) සමාගමේ බෙදාහැරීම් කළමනාකාර රුචිර වීරසිංහ මහතාට රන් සම්මානය හිමි විය. මෙම නවතම සංකල්පය හේතුවෙන් 2015 වසරේදී රු.මිලියන 196ක් ඉතිරි කර ගැනීමට සමාගමට හැකි වූ අතර එමගින් වසරක් තුළ ඉතිරි කෙරෙන මුදල රු. මිලියන 390 කි.

සිල්ලර පාරිභෝගිකයන් සඳහා බෙදාහැරීම් මුල්‍ය යෙදවුම් ක්‍රමවේදය හඳුන්වා දුන් හොල්සිම් (ලංකා) සමාගමේ භාණ්ඩාගාර සහ බදු කළමනාකාර අස්ලම් සයිෆුඩින් මහතාට රිදී සම්මානය හිමි විය. මෙම ක්‍රමවේදය හේතුවෙන් 2015 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා රු. මිලියන 96 ක ලාභ වර්ධනයක් අත්පත් කර ගැනීමට සමාගමට හැකි විය.

සිමෙන්ති නිෂ්පාදන පෝරණුව සඳහා යබොර ඇතුළත් කිරීමේ තීරයක් නිර්මාණය කිරීම උදෙසා නිහාල් විතාරණ, ශ්‍යාම් ජයසුන්දර, තිවංක අප්පුහාමි, ටී.ඒ. නිශාන්ත සහ සුමිත් පෙරේරා යන අයගෙන් සැදුම්ලත් සිමෙන්ති කාර්මික කාර්යසාධන කණ්ඩායමට ලෝකඩ සම්මානය හිමි විය. එමගින් ප්‍රාග්ධන වියදම රු. මිලියන 71 කින් අඩු කිරීමට සමත් විය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා විශිෂ්ටතම විසඳුම් දීම සහ සවිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම තුළින් පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතාවන්ට ගැළපෙන සේවාවක් සඳහා හොල්සිම් (ලංකා) සමාගම නිබඳ කැප වෙයි.

ලොව ප්‍රමුඛ පෙලේ ඉලෙක්ට්‍රොනික් සංගීත උපකරණ දැන් දිවයින පුරා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ශබ්ද හා ආලෝකකරණ සැපයුම්කරුවකු වන මල්ටි ඕඩියෝ විෂුවල් ලොව සුපිරි ‍වෙළඳ නාමයක් වන Roland නිෂ්පාදන පෙළක් මෙරට සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දෙයි. මෙම හඳුන්වා දීමේ නිල උත්සවය පසුගියදා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ ක්රිකස්ටල් බෝල් රූම් හිදී පැවැත්විණ. මෙහිදී නවතම Roland කීබෝඩ් ආදර්ශන වාදනයක් ද ඉදිරිපත් කෙරිණ.

Roland සන්නාම පියානෝ වාදන ශිල්පියා වන ඉතාලි ජාතික මවුරෝ ගොයිආ මෙම අවස්ථාවට ප්රරධාන අමුත්තා ලෙස එක්වු අතර ඔහු විසින් නවතම Roland නිෂ්පාදන වන E-A7, BK-5, XPS30 යන ආසියානු කලාපය සඳහා නිපදවූ කී බෝඩ් වාදනය කරමින් නිදර්ශක වාදනයක් ද ඉදිරිපත් කරනු ලැබීය. එමෙන්ම XPS-10, BK3, FA-06, RD-300NX යන කී බෝඩ් වර්ග සහ ඊට අදාල උපකරන පිළිබඳව ද මෙහිදී ආදර්ශක සපයනු ලැබීය.

Roland Corporation ඉලෙක්ට්‍රොනික් සංගීත භාණ්ඩ නිපදවන සහ බෙදාහරින ලොව ප්‍රමුඛතම සමාගමකි. වසර 40කට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රය තුළ කීර්තිමත් නාමයක් Roland දිනා ඇත. ලෝකයේ සංගීත තාක්ෂණය ඉහළ තත්වයෙන් පවත්වාගෙන යාමට Roland ප්‍රමුඛ වී කටයතු කර තිබේ.

ශ්‍රී ලංකාව සඳහා වන Roland හි බලයලත් නියෝජිතයා වන මල්ටි ඕඩියෝ විෂුවල් විසින් Roland නිෂ්පාදන පෙළක් මෙරට අලෙවි කරයි. කීබෝඩ, ඩ්‍රම් සෙට්, ඩිජිටල් පියානෝ සහ සින්තසයිසර් ඒ අතර වෙයි. සංගීතමය උපකරණ ගෙන්වීම සඳහා වර්ෂ 1968 දී මල්ටි ඕඩියෝ විෂුවල්ස් පිහිටුවා තිබේ.පසුව 1990 දී මෙම සමාගම ශබ්ද වාහිනී සහ මහජන ඇමතුම් උපකරණ දක්වා සිය ක්ෂේත්‍රය පුළුල් කරගැනීමට සමත් විය. එමෙන්ම වෘත්තිමය ශබ්ද හා ආලෝකකරන පද්ධතීන් මෙරටට ගෙන්වා අලෙවි කිරීමද මල්ටි ඕඩියෝ විෂුවල් විසින් සිදුකරයි. නවතම සහ තාක්ෂණයෙන් උසස් උපකරණ කඩිනමින් මෙරටට හඳුන්වා දීම මල්ටි ඕඩියෝ විෂුවල් හි විශේෂත්වයකි. මේ වනවිට දිවයින පුරා නියෝජිතයින් 45 ක් සහ ප්‍රධාන බෙදාහරින්නන් 10 ක ගෙන් සැදුම් ලත් අලෙවි ජාලයක් එම සමාගම සතු වෙයි.

මෙම අවස්ථාව අමතමින් අදහස් දැක්වු මල්ටි ඕඩියෝ විෂුවල් හි කළමණාකාර අධ්යක්ෂ තිලක් අරුණසිරි මහතා

"මෙරට සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන ඕනෑම අයෙක් Roland නිෂ්පාදන ලොව සුපිරිතම නිෂ්පාදනයක් ලෙස පිළිගනී. නමුත් එම නිෂ්පාදන සඳහා නිසි බෙදාහරින්නකු නොමැති වීම නිසා මෙරටට ගෙන්වන වෙනත් නිෂ්පාදන කරා යාමට පාරිභෝගිකයින්ට සිදුවිය. මේ අවස්ථාවේ අපි හිතුවා නැවතත් Roland නිෂ්පාදන ශ්‍රී ලංකාවට විධිමත් ලෙස බෙදා හරිමින් මෙරට සංගීත කාමීන් වෙත ලෝ ප්‍රකට නිෂ්පාදන තිළණ කළ යුතුයි කියලා. අපේ මැදිහත් වීම නිසා මේ වනවිට Roland නිෂ්පාදන දිවයිනේ හොඳම අලෙවියක් සහිත නිෂ්පාදන බවට පත්වී තිබෙනවා."

Roland මියුසික් සෙන්ටර් හි කළමණාකරු හර්ෂ උදයංග මහතා සඳහන් කළේ පුළුල් පරාසයක විහිදුනු Roland නිෂ්පාදන කීබෝඩ් වාදකයින්ට, සංගීත කණ්ඩායම් වලට, සංගීත ගුරුවරුන්ට, තනු නිර්මාණ ශිල්පීන්ට සහ ශබ්දාගාර හිමිකරුවන්ට විශේෂයෙන් වැදගත් වන බවයි. මෙම හඳුන්වා දීමත් සමඟ ඔවුන්ට සිය වෘත්තීය අවශ්‍යතා සඳහා ලෝ ප්‍රකට Roland නිෂ්පාදන භාවිත කිරීමට අවස්ථාව හිමිවෙන බව ද ඒ මහතා සඳහන් කළේ ය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ පෙරදිග සංගීතය සඳහාම වන උපකරණ රැසක් Roland විසින් හඳුන්වා දී ඇති බවයි. මෙයින් අදහස් වන්නේ දේශීය සංගීත භාණ්ඩ රැසක නාද සඳහා Roland උපකරණ යොදා ගත හැකි බව ද ඒ මහතා සඳහන් කරයි.

උදාහරණයක් ලෙස දේශිය උපකරණ වන හක් ගෙඩියක නාදය සහ ශ්‍රී ලංකා බෙර වල ශබ්දය Roland උපකරණ වලින් උපදවා ගත හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ලෝ ප්‍රමුඛ Roland කීබෝඩ් වලට අමතරව ලොව පිළිගත් නිෂ්පාදන වන Mackie, Numark, Allen & Heath ,Phonic, Akai, Alesis, Alto, Denon DJ, M-Audio, sound king සහ Samson ආදී කීබෝඩ් ද මල්ටි ඕඩියෝ විෂුවල් අලෙවි කරයි.

වාද්දුව පියවර පෙර පාසලේ කුඩා දරුවන් වෙනුවෙන් පැවැත්වූ අවුරුදු උත්සවයක් පසුගිය අප්‍රේල් 02වන දින පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහි විශේෂත්වය වූයේ මේ සඳහා හේමාස් සමුහ විධායක නිළධාරී ස්ටීවන් එන්ඩර්බි හා සමුහ අධමික්ෂ අබ්බාස් එසුෆාලි යන මහතුන් හා ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වීමයි. මෙයට අමතරව හේමාස් අවුට්රීච් පදනමේ අධමික්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය ඇතුළු ඇයගේ කාර්ය මණ්ඩලයද, රාජමි නිළධාරීන්, දෙමව්පියන් ඇතුළු පඹ්දේශවාසින්ද මේ සඳහා සහභාගී විය.

පෙර පාසල් දරුවන්ගේ තුර්යවාදක කණ්ඩායම පෙරටු කර ගනිමින් පෙර පාසල වෙත රැගෙන ආ මෙම ආරාධිත අමුත්තන්ව සාම්ප්‍රධායික වත් පිළිවෙත් මධ්‍යයේ පෙරපාසල් දරු දැරියන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

කුඩා දරු දැරියන්ට මෙන්ම ගම්වාසින්ටද අළුත් අත්දැකීමක් ඒක කරමින් හේමාස් සමුහ විධායක නිළධාරීතුමා හා සමුහ අධ්‍යක්ෂ තුමා සාම්ප්‍රධායික අවුරුදු ක්‍රීඩා වන කඹ ඇදීම, කණා මුට්ටි බිඳීම, ගෝනි පැනීම යනාදී ක්‍රීඩා රැසකට දරුවන් සමග සහභාගී විය. මෙහිදී "කොළඹ මහත්තුරුන්" යැයි ගම්වැසියන් ගෙන් විරුදාවලි ලත් හේමාස් හි අධ්‍යක්ෂ මහතුන්ගේ ක්‍රීඩා තරඟ විලාසයන් හා ඔවුන්ට නුපුරුදු අභියෝගයන්ට මුහුණ දුන් අයුරු පැමිණ සිටි ප්‍රදේශවාසීන් ඇතුළු සියළු දෙනා සිනා සයුරේ ගිල්වමින් ඔවුන් හට ජිවිතයේ නොමැකෙන මතක සටහනක් එක කිරීමට සමත් විය. අවුරුදු ක්‍රීඩා වලින් අනතුරුව පෙර පාසල් ගුරුවරියන් ඇතුළු දෙමව්පියන් විසින් පිළියෙළ කර තිබු අවුරුදු කෑම මේසය ඉතා ප්‍රියජනක වූ අතර සියලු දෙනාම තරඟ අවසානයේ කෑම මේසයට එකතු විය.

ලොකු කුඩා පැමිණ සිටි සියලු දෙනාට අමතක නොවන දිනයක් වූ වාද්දුව පෙර පාසල් අවුරුදු උත්සවය සඳහා පැමිණ සිටි, දරුවන් 04 දෙනෙකුගේ මවක් වූ පුර්ණිමා පෙරේරා මහත්මිය මේ පිලිබඳ අදහස් දක්වමින් කියා සිටියේ "මගේ වැඩිමහල් දියණිය වන අරුණා රවින්දි මෙම පෙර පාසලේ ඉගෙනුම ලබා දැනට 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉතා උසස් ලෙස සමත් වී තිබෙනවා. ඇත්තටම මගේ දරුවා මෙතෙක් දුර ඒමට මෙම පෙරපාසල දැමූ අඩිතාලම ඉතා විශාලයි. දැනට මගේ දරුවන් දෙදෙනෙක් මෙම පෙර පාසලේ ඉගෙනුම් කටයුතු කරගෙන යනවා. මගේ 04 වෙනි දරුවා තවමත් ළදරු වියේ පසුවුණත් ඔහුවත් මම ඇතුලත් කරන්නේ මෙම පෙර පාසලටමයි".

අවුරුදු උළෙලකට සහභාගී වීමේ තම කුළුදුල් අත්දැකීම විස්තර කරමින් හේමාස් සමුහ විධායක නිලධාරී ස්ටීවන් එන්ඩර්බි මහතා ප්‍රකාශ කර සිටියේ, "ඇත්තටම මෙය මගේ ජිවිතයට ඉතා විශාල අත්දැකීමක් මෙන්ම විනෝදාත්මක අත්දැකීමක් වුණා. අප පෙර පාසල් මගින් සමාජයට සිදුකරන හිතකර බලපෑම හා යහපත් ප්‍රථිපල ගැන මං පුදුම වුවා. මෙය හේමාස් අවුට්රීච් පදනම මගින් ඉමහත් වෙහසක් දරමින් කරන සමාජ සත්කාරයේ ජීවමාන සාක්ෂියක් කිව හැකියි."

"වාද්දුව පියවර පෙර පාසල සුනාමියට හසුවූ ළමුන් සඳහා 2005 දී ඉදිකරනු ලැබුවා. ඇත්තටම එය මෙලෙස ප්‍රදේශවාසී ජනයාගේ ගෞරවාදරය ලබමින් නිසි ලෙස ක්‍රියාත්මක වනු දැකීම සතුටට කරුණක්. මෙහිදී අපි විශේෂයෙන් වාද්දුව ප්‍රාදේශීය සභා නිලධාරී මහත්ම මහත්මින්ට, ගුරුවරියන්ට හා දෙමව්පියන්ට විශේෂයෙන් ස්තුති කල යුතුයි. මා පෞද්ගලිකව ඉතාමත් විනෝද වූ අවස්ථාවක් හැටියට මෙම අවුරුදු උත්සවය සඳහන් කල හැකියි." යැයි හේමාස් සමුහයේ සමූහ අධ්‍යක්ෂ අබ්බාස් එසුෆාලි මහතා අදහස් දක්වමින් කියා සිටියේය.

හේමාස් ආයතනය ළමා කටයුතු අමාත්‍යංශය හා එක්ව මුල් ළමාවිය සංවර්ධනය අරමුණු කර ගනිමින් මෙම පියවර ව්‍යාපෘතිය 2002 දී ආරම්භ කරන ලදී. හේමාස් අවුට්රීච් පදනම යනු හේමාස් සමුහයේ සමාජ සත්කාරක වැඩසටහන් සිදු කරන රජයේ අනුමැතිය ලත් සමාජ සේවා ආයතනයකි.

අද වන විට ලංකාව පුරා විහිදී පවතින පියවර, පෙර පාසල් 41ක් සමග, ළමුන් 3000 කට වැඩි පිරිසක් හා ගුරුවරියන් 150කට අධික සංඛ්‍යාවක් පෝෂණය කරයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ හවුල්කාරිත්වය මනාවට ඉස්මතු කරන පියවර ව්‍යාපෘතිය 2014 වසරේ ආසියාවේ විශිෂ්ඨතම සමාජ සත්කාරක වැඩසටහනට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

Published in විවිධ
Page 1 of 11