Items filtered by date: May 2016

සිලෝන් බිස්කට්ස් සමාගමට අනුබද්ධිත ප්ලෙන්ටි ෆුඞ්ස් සමාගමේ ප්‍රමුඛතම ධානමය නිෂ්පාදනය වන සමපෝෂ, අඛණ්ඩව 9 වන වරටත් සංවිධානය කළ 'සමපෝෂ වසන්ත උදානය' පසුගියදා ගලෙන්බිඳුණු වැව, මයිලගස්වැව දී පැවැත්වුණි.

ප්ලෙන්ටි ෆුඞ්ස් සමාගම, 'පසුදිසා සමෝධාන' සංකල්පය තුළින් ගොවි පවුල් වල සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත්, ඔවුන්ගේ සමස්ත සුබසිද්ධිය ඇතිකිරීමටත් කටයුතු කරයි. වෙළඳපලේ මිල ගණන් වලට අනුව සමපෝෂ පවුලේ ගොවි මහතුන්ට සාධාරණ මිලක් හිමිකරදීම මෙම වැඩසටහනින් සහතික කරයි.

සමපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සමපෝෂ පවුලට අයත් දේශීය ගොවීන් විසින් නිෂ්පාදනය කෙරෙන අතර මේ නිසාම මෙරට ජනතාවට අවශ්‍ය ගුණාත්මක බවින් ඉහළ පෝෂණ ගුණය සමපෝෂ මගින් හිමිකරදෙනු ලබයි. සමපෝෂ නිරන්තරයෙන් මෙරට කෘෂිකර්මාන්තය නංවාලීමට සහයවෙයි.

සමපෝෂ දියත් කරන ලද 'ගොවි පවුල' වැඩසටහන යටතේ මෙරට ගොවි ජනතාවගේ ජීවිත සවිබල ගැන්වීමේ අභිලාෂයෙන් සුවිශේෂී වැඩසටහන් ගණනාවක් හඳුන්වාදී ඇත. 'ගොවි සතුට', 'ගොවි සරණ', 'ගොවි දැනුම', 'ගොවි අරණ', හා 'ගොවි සුවය' එම වැඩසටහන් අතරට ඇතුළත්ය. ජාතිය පෝෂණයෙන් සවිබල ගන්වන ගොවීන්ට විනෝදාස්වාදය ලබාදෙමින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා නංවාලීමේ අභිලාෂයෙන් ක්‍රියාත්මක කෙරෙන 'ගොවි සතුට' සමාජ සත්කාරක වැඩසටහනේ එක් අදියරක් ලෙස මෙවර ද 'සමපෝෂ වසන්ත උදානය' සිදුකෙරුණි.

ප්ලෙන්ටි ෆුඞ්ස් සමාගමේ අරමුණ වන්නේ මෙරට ගොවි පවුල් වල ජීවිත සවිබල ගැන්වීම පමණක් නොව මෙරට කෘෂිකර්මාන්තයට අවශ්‍ය අඛණ්ඩ සහය ලබාදීමය. මෙවර දිසමපෝෂ වසන්ත උදානය' වෙනුවෙන් වූ සියලූ මූල්‍ය සහය සමපෝෂ ලබාදුන් අතර මෙහි සංවිධාන කටයුතු ප්‍රදේශයේ ගොවි ජනතාව හා එක්ව කළේය.

මෙවර 'සමපෝෂ වසන්ත උදානය' ගොවිපවුල් වල සාමාජිකයින් 1,000 කට අධික ප්‍රමාණයකගේ සුවිශේෂී සහභාගීත්වයෙන් අතිසාර්ථකව පැවැත්වුණි. පසුගිය වසර පුරා කෘෂිකර්මාන්තයට දක්වන ලද දායකත්වය අගයනු වස් පැවැත්වුණු 'සමපෝෂ ගොවි රජ' තරඟයේ කිරුළ කේ. එන්. ආර්. කුලරත්න මහතාට හිමිවූ අතර මෙහි දෙවන ස්ථානය එච්. එච්. යූ. හේරත් මහතාට හිමිවූ අතර ආර්. එම්. එන්. ටී. ජයරත්න මහතාට තුන්වන ස්ථානය හිමිවිය. ප්ලෙන්ටි ෆුඞ්ස් සමාගමේ වර්ධනයටත්, තිරසාර බවටත් උරදුන් වැඩිහිටි ගොවිමහතුන් ද මෙහිදී ඇගයීමට ලක්කිරීම විශේෂත්වයකි.

‘අවුරුදු කුමරිය' හා 'අවුරුදු කුමරා' තේරීම ඇතුළු තරග මෙන්ම සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රාශියකින් ද 'සමපෝෂ වසන්ත උදානය' සමන්විත වී තිබුණි. මෙවර 'සමපෝෂ වසන්ත උදානය' දී අවුරුදු කුමරියට හිමි කිරුළ හෂිනි දුලාංජලා දිනාගත් අතර සිඟිති අවුරුදු කුමරා හා කුමාරිය ලෙස සසිඳු ජයරත්න හා පවනි ප්‍රේමචන්ද්‍ර කිරුළු පැළඳුහ.

‘‘වගකීම්සහගත සමාගමක් ලෙස ප්ලෙන්ටි ෆුඞ්ස් සමාගම අපගේ ගොවි ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවනවා. දේශයේ ප්‍රමුඛතම ධානමය නිෂ්පාදනය වන සමපෝෂ බිහිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදෙන්නේ ඔවුන්ය. වාර්ෂිකව දියත් කෙරෙන 'සමපෝෂ වසන්ත උදානය' සංවිධානය කිරීමේ අරමුණ වන්නේ දෛනිකව අනේකවිධ දුක් ගැහැට වලට මුහුණදෙන ගොවි ජනතාව දිරිමත් කරලීමයි. ප්ලෙන්ටි ෆුඞ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී හා අධ්‍යක්ෂ, ශම්මි කරුණාරත්න මහතා පැවසුවේය.

 

ගෘහ භාණ්ඩ වෙළඳ පොලේ මෙරට ප‍්‍රමුඛයා වන සිංගර් ශ‍්‍රී ලංකා පීඑල්සී, අධ්‍යාපන අමාත්‍යංශය සමග පොලී රහිත ණය ක‍්‍රමයට සරසවි සිසුන්ට ලැප්ටොප් පරිගණක සැපයීමේ වැඩසටහනට එක් වෙයි.

2016 වසරේ රජයේ අයවැය යෝජනාවලිය මගින් යෝජනා කළ ආකාරයට සරසවි සිසුන් වෙත ලැප්ටොප් පරිගණක ලබාදීමේ වැඩසටහන උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය , විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ ඇති සියලූ විශ්ව විද්‍යාල ඒකාබද්ධව දියත් කරයි.

මෙම වැඩසටහනට අනුව සිංගර් ශ‍්‍රී ලංකා DELL සහ Singer X- Series යනාදී සන්නාම වල ලැප්ටොප් පරිගණක විශේෂ පොලී රහිත ණය ක‍්‍රමයක් යටතේ ලබාදීමට නියමිතව තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරන මෙම ණය ක‍්‍රමය මහජන බැංකුව හා ලංකා බැංකුව මගින් ක‍්‍රියාත්මක කරයි. මේ යටතේ නවතම Intel 6th Generation i3 සහ i5 ප්‍රොසෙසර වලින් යුත් සහ නවතම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියකින් සමන්විත ලැප්ටොප් පරිගණක සිසුන් වෙත ලබාගැනීමේ අවස්ථාව හිමිවී ඇත.

තම විශ්ව විද්‍යාලයට ආසන්නයේ ඇති සිංගර් ප‍්‍රදර්ශනාගාරයට පැමිණ ඕනෑම සරසවි සිසුවෙකුට සිය කැමැත්ත පරිදි DELL හෝ Singer X- Series ලැප්ටොප් පරිගණකයක් තෝරා ගත හැකිය. ඒ සඳහා වසර 3ක වගකීම් සහතිකයක් සහ දිවයින පුරා විහිදුනු සිංගර් සේවා ජාලය හරහා අලෙවියෙන් පසු සේවා පහසුකම් සැපයීමට ද සිංගර් ආයතනය කටයුතු යොදා තිබේ.

මෙම වැඩපිළිවෙල පිළිබදව අදහස් දක්වමින් සිංගර් ශ‍්‍රී ලංකා සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි අශෝක පීරිස් මහතා සඳහන් කළේ වත්මන් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ තාක්ෂණය සුවිශේෂී ස්ථානයක් ගන්නා බවයි.මෙම තත්වය ඉදිරි වසර කිහිපය තුළ තවදුරටත් වර්ධනය වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය. නිරතුරුවම ශ‍්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත‍්‍රය සඳහා පහසුකම් සපයන සමාගමක් වශයෙන් සිංගර් සමාගමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව මෙම කාර්යය සඳහා දායක වීමට අවස්ථාව හිමිවීම මහත් භාග්‍යයක් කොට සලකන බවද හෙතෙම සඳහන් කළේය. මෙම සුවිශේෂි අවස්ථාවේදී සරසවි සිසුන් බොහෝ පිරිසක් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වලට ප‍්‍රයෝජනවත් වන DELL සහ Singer X- Series ලැප්ටොප් පරිගණක තෝරා ගෙන තම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගනු ඇතැයි විශ්වාස කරන බවද අශෝක පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

සිංගර් ශ‍්‍රී ලංකා මෑතකදී ලෝ ප‍්‍රකට මයික්‍රොසොෆ්ට් හි නිර්දේශිත නාමයක් බවටද පත්විය. සුප‍්‍රකට මයික්‍රොසොෆ්ට් හි නිර්දේශිත නාමයක් බවට පත්වීමෙන් පසු මයික්‍රොසොෆ්ට් හා අත්වැල් බැඳගත් ලොව ප‍්‍රමුඛ වෙළඳ නාම අතරට එක්වන්නට හා එම වරප‍්‍රසාද සියල්ල හිමිකරගැනීමට ද සිංගර් ශ‍්‍රී ලංකා සමත්වී තිබේ.මෙම ක‍්‍රමෝපාය පියවර සිංගර් හි සුවිශේෂි මං සළකුණක් ලෙස සටහන් තැබෙන අතර සිංගර් සන්නාමය ජාත්‍යන්තරය වෙත ගෙනයාම ද ඉන් තවදුරටත් සනිටුහන් වෙයි.

දිවයින පුරා විහිදුනු 400 කට අධික ශාඛා ජාලයක් ඔස්සේ සිය පාරිභෝගිකයින්ට වඩා පහසු සේවාවක් සපයන සිංගර් අලෙවියෙන් පසු සේවා සැපයීමද ඊට සමගාමීව සිදුකරයි. ලක්ෂ සංඛ්‍යාත ශ‍්‍රී ලාංකිකයින්ගේ දෛනික ජීවිතයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා සිංගර් අංශ ගණනාවක් ඔස්සේ ඇප කැපවී සිටියි. අධ්‍යාපන, ක‍්‍රීඩා, සෞඛ්‍ය සහ ආරක්ෂාව හා පරිසරය යනාදී අංශ රැසක් හා බැඳුනු සමාජමය ක‍්‍රියාකාරකම් රැසක් ද ඒ අතර වෙයි. සිංගර් අවස්ථා ගණනාවකදී සම්මාන රැසක් දිනා ඇති අතර අඛණ්ඩව වසර 10ක් පුරා "ජනතාවගේ වෙළඳ නාමය" ලෙස අංක 1 ස්ථානයේ පසුවෙයි.

Arden අධ්‍යාපන ආයතනය පෞරෂ හා වෘත්තීය සංවර්ධනය උදෙසා වන මෙරට ප්‍රමුඛ පෙළේ ශාස්ත්‍රාලයක් වන අතර එය පසුගියදා American Hospitality & Lodging Educational Institute (AHLEI) හි ගෝලීය අධ්‍යාපනික හවුල්කරුවා බවට පත්විය.

මෙරට කීර්තිමත් පෞරෂ සංවර්ධන හා වෘත්තීය උපදේශිකාවක වන නීඩ්‍රා වික්‍රමසිංහ මහත්මියගේ දායකත්වයෙන් Arden අධ්‍යාපන ආයතනය ඇරඹුණු අතර මේ වනවිට එහි විධායක අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන්නේ ද ඇයයි. Arden අධ්‍යාපන ආයතනය අනෙකුත් අනුග්‍රාහක ආයතන, කීර්තිමත් වෘත්තීය අධ්‍යාපන ආයතන, සත්කාරක ක්ෂේත්‍රයේ සංගම් හා වෙනත් වෘත්තීය අධ්‍යාපන ආයතන සමග සමීපව කටයුතු කරන අතර සත්කාරක ක්ෂේත්‍රයේ දශක දෙකකට අධික අත්දැකීම් මෙයට හිමිය.

Arden අධ්‍යාපන ආයතනයෙන් AHLEI පිළිගැනීම හිමි සුවිශේෂී සත්කාරක පාඨමාලාවන් හා සහතික ප්‍රදානය කරයි. AHLEI අධ්‍යාපන ආයතනය වසර 63 කට අධික කාලයක් පුරා ප්‍රමුඛ පෙළේ හෝටල් සන්නාම, කළමනාකරණ ආයතන, සත්කාරක විෂය උගන්වන පාසල්, විශ්වවිද්‍යාල, සම්මේලන මධ්‍යස්ථාන හා ලොවපුරා තිබෙන සංවිධාන වලට වෘත්තීය පිළිගැනීම හිමිකරදෙන සහතිකපත් ප්‍රදානය කරයි. පුහුණු හෝටල් කාර්යමණ්ඩල සඳහා පවතින වර්තමාන ඉල්ලූම සපුරාලන AHLEI පාඨමාලාවන් හා සිසුන්ගේ හැකියාවන් නංවාලීමේ සුවිශේෂී පුහුණු වැඩසටහන් වලින් ද Arden අධ්‍යාපන ආයතනයේ පාඨමාලාවන් සමන්විත වී ඇත.

AHLEI, සත්කාරක පුහුණු හා හෝටල් කළමනාකරණ සහතික ප්‍රදානය කිරීමේ නියුතු ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස මනා පර්යේෂණ තුළින් සුවිශේෂී මිනුම් දඬු හා නූතන සමාජයට සරිලන අධ්‍යාපන සම්පාදකයකු ලෙස අඛණ්ඩව වසර ගණනාවක් පුරා සත්කාරක ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රවීණයින් බිහිකර ඇත.

Arden අධ්‍යාපන ආයතනයෙන්, AHLEI විභාග වලට අදාළ පාඩම් මාලාව සම්පූර්ණ කළ පසු සෘජුවම AHLEI සහතිකය හිමිවෙන අතර සත්කාරක ක්ෂේත්‍රයේ වෘත්තිකයින් බව තහවුරු කරන AHLEI පදක්කම ද සිසුන්ට ඉන්පසුව හිමිවෙයි. Arden අධ්‍යානපන ආයතනයෙන් සත්කාරක ක්ෂේත්‍රයේ නිසි පුහුණුව හා දැනුම හිමිකරගන්නා සිසුන්ට එම දැනුමින් සන්නද්ධ වී AHLEI විභාග වලට මුහුණදීමට හැකිය.

Arden අධ්‍යාපන ආයතනය මගින් සිසුන්ට හිමිකරදෙන පිළිගැනීමේ කවුළුව, අමුත්තන්ගේ කාමර, භෝජනාගාර සේවාවන් හා අරක්කැමි සේවාව වශයෙන් නම්කළ අධ්‍යයන අංශ හතරක් ඔස්සේ සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත හා අනාගත වෘත්තීය අරමුණු වලට අනුව අත්‍යවශ්‍ය හැකියාවන් දියුණු කරගත හැකිය.

සුවිශේෂී AHLEI පිළිගැනීම හිමිකරදෙන මෙරට එකම අධ්‍යාපන ආයතනය Arden වන අතර අත්දැකීම් වලින් සපිරි සත්කාරක ක්ෂේත්‍රයේ විශේෂඥයින් පිරිසකගේ මගපෙන්වීමෙන් මෙහි සියළු පාඨමාලාවන් සිදුකෙරෙයි. Arden අධ්‍යාපන ආයතනය සත්කාරක ක්ෂේත්‍රයේ ඔබේ සිහින රැකියාවට ගැළපෙන තෝරාගැනීමයි.

මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සහ Siemens සමාගම ස්මාර්ට් නගර , සහ නව නගර සැලසුම් ඇතුළත් බස්නාහිර මෙගා පොලිස් සැලස්ම පිළිබඳ සංකල්පීය අධ්‍යයනයක් කිරීම සඳහා සාකච්ඡා අරඹයි.

ලොව පුරා ස්මාර්ට් නගර නිර්මාණය කිරීමේ ප‍්‍රමුඛයා වන Siemens සමාගම මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමෙන් සිය සබදතාව ශක්තිමත් කර ගනියි. මේ අනුව බස්නාහිර පළාතේ නගර නිර්මාණයේදී ජාත්‍යන්තර අත්දැකීම් සහිත Siemens සමාගම සිය විශේෂඥ දැනුම, අත්දැකීම්, නව්‍යතා සහ නව අදහස් මගින් ස්මාර්ට් නගර සංකල්පයක් පිලිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.

මෙම අවබෝධතා ගිවිසුමට බස්නාහිර පළාතේ මෙගාපොලිස් සැලසුම් ව්‍යාපෘතියේ අධක්ෂ, කණ්ඩායම් නායක ලක්ෂ්මන් ජයසේකර මහතා, Siemens සමාගමේ ශ‍්‍රී ලංකා කළමණාකරු අනිරුද් තන්ඩන් මහතා අත්සන් තැබීය. මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් මෙගාපොලිස් සැලසුම් ව්‍යාපෘතියේ ආයෝජන ප‍්‍රධානී නයන මාවිල්මඩ, නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ එම් එම් අනුර ප‍්‍රසන්න, Siemens ඉන්දියා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරි සුනිල් මතූර්, සීමාසහිත ඞීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ යන මහත්වරු එක්ව සිටියහ.

මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ප‍්‍රමුඛ අරමුණ වන්නේ ශ‍්‍රී ලංකාවේ නාගරික ප‍්‍රදේශ විධිමත් ලෙස වර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමයි. නාගරික ජනසමාජයන් හි ජීවන තත්වය නංවාලමින් සමාජ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම මෙහිදී සැලසුම් කෙරේ.මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාව ආසියාවේ වෙළද, නාවික සහ ගුවන් යන අංශ වල මධ්‍යස්ථානය බවට පත් කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක වෙයි.

මෙම සංකල්පය යටතේ ඉදිරි වසර 5 තුළ සමස්ත බස්නාහිර පළාත පුරාම පුළුල් සංවර්ධනයක් සිදුකෙරේ. අමත්‍යංශය සතු විෂය පථයට අනුව ජෛව- භූගෝලීය හා භෞතික සාධක මෙන්ම සමාජ ආර්ථික අපේක්ෂාවන්ද නිරූපණය කෙරෙන පුළුල් සැලසුමක් බස්නාහිර පළාත පුරාම ක‍්‍රියාත්මක කෙරේ.

බස්නාහිර පළාතේ මෙගාපොලිස් සංවර්ධන කටයුතු කේන්ද‍්‍රගත වන්නේ දිගුකාලීනව හොඳින් ස්ථාපනය කළ ශ‍්‍රී ලංකාවේ තිරසාර ආනාගතය පිළිබඳව වන මනා සැලසුමක් යටතේය. නාගරිකකරණයට පොදු ලක්ෂණ වන කුණු කසල ප‍්‍රශ්නය, පැල්පත් සහ මුඩුක්කු, බලශක්තිය, රථවාහන තදබදය, පාරිසරික සහ රැකීරක්ෂා ආදී ගැටලූ වලට ස්ථාවර විසඳුම් මෙම මෙගාපොලිස් සංවර්ධන සැලැස්ම යටතේ ඉදරිපත් කෙරේ.

බස්නාහිර කලාපීය මෙගාපොලිස් සැලසුම් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ / කණ්ඩායම් නායක ලක්ෂ්මන් ජයසේකර මහතා සඳහන් කළේ මෙම වැඩපිළිවෙලේදී ප‍්‍රමුඛ සමාගමක් වන Siemens හා කටයුතු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටට පත්වන බවයි.විශේෂයෙන්ම නාගරික යටිතල පහසුකම් ,සේවා සහ පරිසරය සැකසීම සහ ඒකක පිරිවැය අවමකර ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් Siemens සමාගම සතු විශේෂඥ දැනුම මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට මහත් පිටුබලයක් වනු ඇති බව හෙතෙම සඳහන් කරයි.

ඉන්දියාවේ Siemens සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි සුනිල් මතූර් සඳහන් කලේ ශ‍්‍රී ලංකා රජය සහ මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාතයංශය හා කටයුතු කිරීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකන බවයි. ඉහළ ආදායම් ලබන ජාතියක් බවට පත්වීමට ශ‍්‍රී ලංකාව දරන පරිශ‍්‍රමයේ ජාත්‍යන්තර විශේෂඥ කොටස් කරුවෙකු වීමට ලැබීම විශේෂ අවස්ථාවක් ලෙස සලකන බව ද හෙතෙම සඳහන් කළේය. අත්දැකීම් සහ පළපුරුද්ද අනුව Siemens සමාගම නගරයන් වඩා තිරසාර ලෙස සහ තරගකාරී ලෙස ජීවත්වීමට සුදුසු නගර බවට පත්කිරීම පිළිබඳව පුළුල් දැනුමක් සහ අවබෝධයක් සහිතව කටයුතු කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සීමාසහිත ඞීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කලේ දිගු කලක් තිස්සේ සිය සමාගම හා කටයුතු කරන Siemens සමාගම තාක්ෂණික සහයෝගහ සඳහා මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා අවබෝධතා ගිවිසුමකට එළඹීම සුවිශේෂි අවස්ථාවක් බවයි. ශ‍්‍රී ලංකා රජයේ සංවර්ධන අභිලාශයන් සාක්ෂාත් කරගැනිම සඳහා ඞීමෝ හා එක්ව Siemens සමාගම උපරිම සහයෝගයක් ලබාදෙන බවට සහතික වන බව ඒ මහතා පැවසීය.

අමාත්‍යංශයේ සැලසුම් වලට අනුව බණ්ඩාරගම,කඩවත,කොට්ටාව සහ කෙරවලපිටිය යන නගර නව නගර ලෙස සංවර්ධනය කෙරෙන අතර දැනට ඉදිවෙමින් පවතින පිටත වටරවුම් අධිවේගී මාර්ගය මගින් මෙම නගර යා කිරීම සිදුවෙයි. බස්නාහිර කලාපීය මෙගාපොලිස් සංවර්ධන සැලසුම යටතේ දිගුකල් පවතින මනා ලෙස ස්ථාපනය කෙරෙන තිරසාර අනාගතයක් සඳහා වන නාගරිකකරණය කිරීමක් සිදුකෙරේ.

කලාපීය වශයෙන් වන නාගරික අවශ්‍යතා මැනවින් වටහා ගනිමින් ඊට ගැලපෙන ක‍්‍රමවේද සහ විසඳුම් ඉදිරිපත් කරමින් Siemens සමාගම මෙම කාර්යය සඳහා මූලිකත්වය ගැනීමට නියමිත ය. රජය,දේශිය කර්මාන්ත කෂේත‍්‍රය සහ ව්‍යාපාරික සහකරුවන් හා එක්වී මේ සඳහා වන නියාමන ව්‍යාපෘති රැසක් මෙම සමාගම විසින් මේ වන විට දියත් කර තිබේ. මේ හරහා නවීන තාක්ෂණික ප‍්‍රතිලාභ රැුසකට උරුමකම් කීමට පුරවැසියන්ට අවස්ථාව ලැබෙනු ඇත.

තිරසාර නගර සංවර්ධනය අතින් ලොව පෙරමුණ ගෙන සිටින Siemens සමාගම නවීන ස්මාර්ට් සැලසුම්, ගොඩනැගිලි තාක්ෂණය, ජංගම සහ බලශක්ති සම්පාදනය, යනාදී ක්ෂේත‍්‍ර කෙරෙහි ප‍්‍රවීණතාවක් දක්වයි.වියෙනා සහ නිව්යෝර්ක් යන නගර ස්මාර්ට් නගර බවට පත්කිරීමේ ප‍්‍රමුඛයා වන්නේද Siemens සමාගමයි. ඉන්දීය රජය හා එක්ව බලශක්ති සංවර්ධනය සහ ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් (ඍ-්ඡුෘඍඡු* ප‍්‍රති සැලසුම් කිරීම සඳහා ද Siemens සමාගම මේ වන විට මූලික වී තිබේ.මේ යටතේ ඉන්දියාවේ නගර රැුසක් ස්මාර්ට් සැලසුම් යටතේ සංවර්ධනය කිරීම සිදුවෙයි.එමෙන්ම ඉන්දීය දුම්රිය සේවය සඳහා දශක 6කට අධික කාලයක් පුරා තාක්ෂණික විසඳුම් සපයන්නා ලෙස ද කටයුතු කරනුයේ Siemens සමාගම යි.වසර ගණනාවකට ඉහත දී මෙට්රෝ දුම්රිය සේවාව ස්ථාපිත කරමින් සහ මොබිලිටි පහසුකම් හඳුන්වා දෙමින්, ගුවන් යානා,මගී ප‍්‍රවාහනය,දුම්රිය සේවය සහ නඩත්තු කිරීම් ,නාගරික රථවාහන තදබදය පාලනය කිරීම සහ දුම්රිය සංඥා සහ වෙනත් ප‍්‍රවාහන විසඳුම් සඳහා තාක්ෂණික දායකත්වය ලබාදුන්නේ ද Siemens සමාගම විසිනි.

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමේ ජීවිත අරමුදල 2016 අපේ‍්‍රල් මාසය අවසන් වනවිට රුපියල් බිලියන 70 ක කඩඉම පසුකිරීමට සමත්වී තිබෙන අතර වසර 28 ක් වැනි කාලයක් තුළදී මෙවැනි සුවිශේෂී කඩඉමක් පසුකිරීමට සමත්වූ මෙරට එකම දේශීය ජීවිත රක්ෂණ සමාගම වන්නේ සෙලින්කෝ ලයිෆ් සමාගමයි.

මෙරට ජීවිත රක්ෂණ අංශයේ වෙළඳ පොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් පවසන්නේ 2016 මුල් මාස හතර තුළදී සමාගමේ ජීවිත අරමුදල රුපියල් බිලියන 2.75 කින් වර්ධනය වී රුපියල් බිලියන 70 සීමාව පසුකරනු ලැබුවේ මෙරට වේගයෙන්ම වර්ධනය වූ ජීවිත අරමුදල බවට පත්වෙමින් බවයි.

‘‘මෙය අප සමාගමට ඉතාමත් වැදගත් සංධිස්ථානයක් වන්නේ ජීවිත රක්ෂණ සමාගමක ශක්තිමත්භාවය පෙන්වන ප‍්‍රධාන මිණුම් ලකුණක් ලෙස ජීවිත අරමුදල සලකන නිසයිල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය.

මේ අතර, සමාගමේ සමස්ත වත්කම් ප‍්‍රමාණය 2015 දෙසැම්බර් මාසයේ සිට 2016 අපේ‍්‍රල් මාසය අවසන් වනවිට 4.3% කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 83.6 ක් බවට පත්වී තිබේ. සමාගමේ ආයෝජන කළඹ මෙම මාස හතර තුළදී රුපියල් බිලියන 2.57 කින් ඉහළ ගොස් ඇත.

‘‘අපගේ ආයෝජනවල තිබෙන ගුණාත්මක තත්ත්වය නිසා සෑමවිටම අපගේ මෙහෙයුම් ශක්තිය වඩාත් තහවුරු කර තිබෙනවාල’’ යනුවෙන් රෙන්ගනාදන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඔහු අනාවරණය කළේ 2016 වසරේ මුල් මාස හතර සඳහා සමාගමේ ආයෝජන ආදායම රුපියල් බිලියන 2.49 ක් ඉක්මවා තිබෙන බවයි.

2016 අපේ‍්‍රල් 30 වනදා වනවිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ ආයෝජන කළඹේ මුදලින් 62%ක් රජයේ සුරැුකුම් පත්වලදල 07%ක් ලියාපදිංචි පුද්ගලික බැංකුවලදල 01% ක් රජයේ බැංකුවලදල 08%ක් දේපොළවලදල 21% ආයතනික ණයකරවල සහ 01% අනිකුත් ආයෝජනවල ආයෝජනය කර තිබිණි. මෙම ආයෝජන කර තිබෙන්නේ 2000 අංක 43 දරණ රක්ෂණ කර්මාන්ත පනතේ රෙගුලාසි වලට ආදාළ ආයෝජන මාර්ගෝපදේශයන්ට අනුවයි. ශ‍්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය විසින් මේ පිළිබඳව නිරන්තර නිරීක්ෂණ කටයුතු සිදුකරයි.

1988 වසරේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සෙලින්කෝ ලයිෆ් සමාගම 2004 වසරේ සිට පිට පිටම අවුරුදු 12 ක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්ව තිබේ. සෙලින්කෝ ලයිෆ් විසින් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් මෙරට මිලියනයක පමණ ජනතාවගේ ජීවිත ආවරණය කර තිබෙන අතර නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සමාගම මිනුම් ලකුණක් වේ.

Published in මූල්‍ය
Page 1 of 14