Items filtered by date: June 2016

"සිංගර් සූප ශාස්ත්‍ර" වැඩසටහනේ දෙවන අදියර යටතේ තවත් පාසැල් 150 කට ගෘහ ආර්ථික විද්‍යා උපකරණ පිරිනමයි.

ජනතා විශ්වාසය දිනූ ප්‍රමුඛතම වෙළඳ නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා, අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව මෙරට ගෘහ ආර්ථික විද්‍යා අධ්‍යාපනය නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කළ "සිංගර් සූප ශාස්ත්‍ර" වැඩසටහනේ අති සාර්ථක දෙවන අදියරට ළඟා වෙයි.

නිරෝගී ජීවන රටාවක් සහ පවුලේ සතුට සඳහා අතවශ්‍ය වන පෝෂණීය ආහාර වේලක් සැකසීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා පාසැල් විෂය ධාරාවට එක් කර ඇති ගෘහ ආර්ථික විද්‍යා විෂයෙහි ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා වසර 2015 දී "සිංගර් සූප ශාස්ත්‍ර" වැඩසටහන ඇරඹිණ. මෙම වැඩසටහන යටතේ අවම කාලයක් තුළදී සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සකසා ගැනීම සඳහා නවීන මුළුතැන්ගෙයි උපකරණ භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව මඟ පෙන්වනු ලබයි. තව ද එමඟින් සාම්ප්‍රදායික වටිනාකම සහ රසය ආරක්ෂා කරගනිමින් ආහාර සකස් කිරීම පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙයි. මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ දෙවන අදියර යටතේ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අවශ්‍යතා සහිත පාසැල් 150 ක් තෝරාගෙන එම පාසැල් වෙත අවශ්‍ය උපකරණ පිරිනැමීම සිදු කෙරිණ. මේ අනුව මේ වනවිට දිවයිනේ පාසැල් 300 ක ගෘහ විද්‍යා අංශ වෙත මුළු තැන්ගෙයි උපකරණ පිරිනැමීමට සිංගර් ආයතනය සමත්වී තිබේ. මෙලෙස පිරිනැමෙන උපකරණ කට්ටලය අතර රයිස් කුකරයක්, ගෑස් කුකරයක්, ප්‍රෙෂර් කුකර්, බ්ලෙන්ඩරයක්, සහ විදුලි උදුනක් ආදී වශයෙන් රුපියල් 35000/- ක වටිනාකමකින් යුත් උපකරණ අඩංගු වෙයි. පසුගිය වසරේ "සිංගර් සූප ශාස්ත්‍ර" වැඩසටහනෙන් මෙම උපකරණ ලබාගත් පාසැල්වල සිසු සිසුවියන් අති සාර්ථකව සිංගර් ගෘහ භාණ්ඩ මඟින් සිය අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර ඇත.

මීට අමතරව ගෘහ ආර්ථික විද්‍යාව උගන්වන ගුරු මහත්මීන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන්ද සිංගර් මඟින් මෙහෙයවන අතර එහිදී ගුරු මහත්මීන් 1300 කට අධික පිරිසක් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා තිබේ. නවීන ගෘහ විදුලි උපකරණ භාවිතය, කාලය පිරිමසා ගැනීම, පෝෂණීය තත්වය ආරක්ෂා වන පරිදි ආහාර සැකසීම, ආදී විෂයානුගත කරුනු පිළිබඳව මෙහිදී ගෘහ ආර්ථික විද්‍යා ගුරු මහත්මීන් දැනුවත් කිරීම සිදු කර තිබේ. එමෙන්ම නවීන ගෘහ විදුලි උපකරණ භාවිතය පිළිබඳව සිසු සිසුවියන් වෙත ප්‍රායෝගික පුහුණවක් ලබාදීම ද දිවයින පුරා පිහිටි සිංගර් අලෙවි සැල් වලදී සිදුකෙරිණ.

2015 වසරේ "සිංගර් සූප ශාස්ත්‍ර" වැඩසටහනේ පළමු අදියර අති සාර්ථක වී ඇති අතර අපොස උසස් පෙළ විභාගයේදී උසස් ප්‍රතිඵල හිමිකර ගැනීමට දරුදැරියන් විශාල පිරිසක් සමත්වී තිබේ. එමෙන්ම එම විභාගයේදී ඉහළම ලකුණු මට්ටම දක්වා යෑමේ දක්ෂතා දැක්වීමට ද මෙම "සිංගර් සූප ශාස්ත්‍ර " වැඩසටහන ක්‍රියාත්මක කළ පාසැල්වල සිසු සිසුවියන් සමත්වී තිබේ.

"සිංගර් සූප ශාස්ත්‍ර" වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සිංගර් සමූහයේ ප්‍රධාන විධායක අසෝක පීරිස් මහතා සඳහන් කලේ ජීවන කුසලතාව සහ දැනුම පිළිබඳව සිසු දරු දැරියන් දැනුවත් කිරීම මඟින් වඩාත් සවිමත්ව දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය තිරසාර පදනමක් සැපයෙන බවයි. මෙම වැඩසටහන යටතේ නවීන ගෘහ විදුලි උපකරණ භාවිතය පිළිබඳ සිසු සිසුවියන් වෙත අවබෝධයක් ලබාදෙන බවත්, එමඟින් පවුල් ඒකක වෙත පෝෂණීය ආහාර සකස් කිරීමේ නිසි ක්‍රමවේදය පිළිබඳ පණිවිඩය ගමන් කරනු ඇති බවත් හෙතෙම පැවසීය. මෙරට අංක එකේ සිංගර් මුළුතැන්ගෙයි විදුලි උපකරණ මෙම වැඩසටහන සඳහා යොදාගන්නා අතර, එහිදී ලබාදෙන විශේෂඥ දැනුම මඟින් මෙම සිසු සිසුවියන් වෙත නව රැකියා අවස්ථා පවා හිමිකරගත හැකි බව අසෝක පීරිස් මහතා පෙන්වා දෙයි.

මෙම වැඩසටහනෙහි වැදගත්කම පැහැදිලි කර දුන් අධ්‍යාපන අමාත්‍යංශයේ ගෘහ ආර්ථික විද්‍යා අධ්‍යක්ෂ සුනේත්‍රා වික්‍රමසිංහ මෙනවිය ප්‍රකාශ කළේ, "සිංගර් සූප ශාස්ත්‍ර" වැඩසටහන ගෘහ ආර්ථික විද්‍යාව උගන්වන ගුරු භවතුන්ටද අත්වැලක් බවයි.මෙමඟින් ගුරුවර ගුරුවරියන්ටද නවීන මුළුතැන්ගෙයි උපකරණ පිළිබඳ සිය දැනුම පුළුල් කර ගැනීමට සහ එම දැනුම සිසු සිසුවියන් වෙත බෙදාදීමට අවස්ථාව උදාවන බව ඇය සඳහන් කළාය. සිංගර් වෙතින් ලෝ ප්‍රකට ‍ වෙළඳ නාම වලින් යුත් මුළුතැන්ගෙයි උපකරණ රැසක් මෙම වැඩසටහන සඳහා යොදාගන්නා අතර මේ නිසා වඩාත් අළුත් දැනුම සිය විෂයානුබද්ධ අධ්‍යයනයන්ට එක් කර ගැනීමට හැකිවන බව ද ඇය පෙන්වා දුන්නාය.

සිංගර් මුළුතැන්ගෙයි උපකරණ දිවයින පුරා පිහිටි 420 කට අධික සිංගර් ප්‍රදර්ශණාගාර වලින් මිලදී ගත හැකි අතර ඊට සමගාමීව අලෙවි සේවා ජාලයක්ද ක්‍රියාත්මක වෙයි. අවස්ථාවෙන් අවස්ථාව ශ්‍රී ලාංකිකයාගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් සිංගර් සමාගම කටයුතු කරන අතර, මේ නිසාම අඛණ්ඩව වසර 10 ක් පුරා "වසරේ මහජන වෙළඳ නාමය" යන සම්මානය සහ "හොඳම ආයතනික පුරවැසියා" ලෙස හඳුනාගෙන ඇති ආයතන 10 අතරටද එක්ව සිටියි.

iDealz Lanka සමාගමේ අහමඩ් රිස්වි රිෆ්ඛාන් මහතා අඛණ්ඩව දෙවන වරටත් Huawei වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේ දී විශිෂ්ටත ම අලෙවි නියෝජිතයා ලෙස සම්මානයට පාත්‍ර වූයේය. "Huawei Achiever's Night 2016" ලෙස නම් කර තිබූ සම්මාන රාත්‍රිය පසුගියදා වෝටර්ස් එජ් හිදී පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ කැපවීම ඇගයුමට ලක් කරමින් Huawei Sri Lanka සමාගම වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරයි.

"එකම ඉලක්කයක්-එකම පවුලක්" යන සංකල්පය පෙරදැරිව දිවයිනේ නන් දෙස විසිරී සිටින අලෙවි නියෝජිතයෝ 600 කට අධික පිරිසක් උළෙල සඳහා සහභාගී වූහ. Huawei Sri Lanka සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම්වල ජේෂ්ඨ කළමනාකාරීත්වය උළෙලේ ප්‍රධාන ආරාධිතයෝ වූහ. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා iDealz සමාගමේ රිෆ්ඛාන් හට සම්මානය පිරි නැමුවේය. Huawei Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශුනිල් වැංග්, Huawei Devices Sri Lanka සමාගමේ මෙරට ප්‍රධානී හෙන්රි ලියු සහ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ චන්දන සමරසිංහ ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් ද උළෙල සඳහා සහභාගී වූහ.

සම්මාන රාත්‍රිය අමතමින් ලියු මහතා සඳහන් කළේ Huawei ජංගම දුරකථන මෙරට සන්නාම අතර දෙවන ස්ථානයේ රැඳෙන අතර, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී Huawei සන්නාමය 23% ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවය.

එම සාර්ථකත්වයට උර දුන් Huawei අලෙවි නියෝජිත ජාලය ඇගයුමට ලක් කරමින් Huawei Sri Lanka සමාගම විශිෂ්ටත ම අලෙවි නියෝජිතයන් දස දෙනා හට සම්මාන ප්‍රධානය කළේය. 2015/16 වර්ෂය තුළ විකුණුම් අංශයෙන් පෙන්නුම් කළ විශිෂ්ටත්වය වෙනුවෙන් iDealz සමාගමේ රිෆ්ඛාන් "වසරේ අංක එකේ අලෙවි සහකරු" ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, 65" Curved LED රූපවාහිනී යන්ත්‍රයක් සහ අගනා මුදල් ත්‍යාගයක් ද ඔහුට හිමි විය.

"මේ වසරේදීත් අපගේ කැපවීම මෙලෙසින් ඇගයුමට ලක් වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. අප නිබඳව කැප වන්නේ අපගේ නිෂ්පාදන පාරිභෝගිකයන් අතරට ගෙන යාමටයි. Huawei සමාගම මෙරට තුළ අත්කර ගත් අසමසම සාර්ථකත්වය වෙනුවෙන් iDealz සමාගමට දායක වීමට හැකි වීම පිළිබඳ අප ආඩම්බර වනවා." රිෆ්ඛාන් මහතා සඳහන් කළේය.

සිය සාර්ථකත්වය පිළිබඳ අදහස් පළ කරමින් රිෆ්ඛාන් මහතා ප්රවකාශ කළේ තමන්ගේ මූලික අලෙවි උපාංගය අන්තර්ජාල අලෙවිකරණය බවය. "https://www.facebook.com/iDealz.Lanka/ අපගේ ෆේස්බුක් පිටුව ජනතාව අතර ඉතා ජනප්‍රියයි. 150,000 කට අධික පිරිසක් එහි ඇතුළත්වන අතර අපගේ එක් දැන්වීමක් සඳහා අවම වශයෙන් ලයික් 50,000 කට අධික ප්‍රමාණයක් හිමි වනවා. මේ වසරේදී අපගේ සාර්ථකත්වයට බෙහෙවින් බලපෑවේ අන්තර්ජාල අලෙවිකරණයයි."

"අපගේ පාරිභෝගිකයන් හට තවදුරටත් අලෙවි මධ්යිස්ථානයට පැමිණීමට අවශ්යව වන්නේ නැහැ. අපගේ ෆේස්බුක් පිටුව හරහා තමන්ගේ ඇනවුම සිදු කිරීමට ඔවුන්ට අප අවස්ථාව සලසා දී තිබෙනවා. කොළඹ අවට ඇනවුම් අප දිනක් තුළ බාර දීමට කටයුතු කරන අතර කොළඹින් පිටත පාරිභෝගිකයන්ට ද පැය 24-48 අතර කාලයක් තුළ ඇනවුම් බාර දීමේ හැකියාව අප සතුයි. සිය අවශ්යපතාවන් සපුරාගත හැකි සමාගමක් ලෙස සහ අවම වෙහෙසකින් යුතුව සිය මිලදී ගැනීම් සිදුකර ගත හැකි සමාගමක් ලෙස ද අප පාරිභෝගිකයන්ගේ විශ්වාසය හිමිකරගෙන සිටිනවා." ඔහු වැඩිදුරටත් ප්රපකාශ කළේය.

ජංගම දුරකථන ක්ෂේත්රවයේ පවතින අධික තරගකාරීත්වයට මුහුණ දෙන අතරතුර, පාරිභෝගිකයා උපරිම වශයෙන් තෘප්තිමත් කිරීම වෙනුවෙන් iDealz සමාගම නිබඳ කැප වෙයි.

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 09’ දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහනේ සුපිරි ත්‍යාගය වන සමාගම විසින් සියළු වියදම් දරන ජර්මනියේ දින හතරක සංචාරය සඳහා පසුගියදා සමාගමේ රක්ෂණ ඔප්පු හිමියන් පස් දෙනෙකුගේ පවුල්වල සාමාජිකයින් එක්විය.

මෙම කණ්ඩායමට ජයග‍්‍රාහකයින් 21 දෙනෙකු සහ ෆැමිලි සවාරි සන්නාම තානාපතිනිය වන සංජීවනී වීරසිංහ මහත්මිය සහභාගී විය. මෙහිදී, එම පිරිස ඊඵඋ කෞතුකාගාරය, භැමිජයඅ්බිඑැසබ මාළිගය සහ එයැ ’මටිචසඑ‘ැ කඳු වැටිය නැරඹීමේ අවස්ථාව හිමිවූ අතර මෙම කඳු වැටිය මුදුනේදී දිවා ආහාරය ලබාගැනීමේ අවස්ථාවද ලැබුණි. මීට අමතරව, සාප්පු සවාරියේ යෑම සහ ස්ථාන නැරඹීම සඳහාද මොවුන්ට දිනයක් වෙන්කර තිබුණි.

ජර්මනියේ සුපිරි සංචාරය සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 09’ වැඩසටහනේ උච්චතම අවස්ථාව වූ අතර මීට අමතරව සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 60 දෙනෙකුගේ පවුල්වල සාමාජිකයින්ට සමාගම විසින් සියළුම වියදම් දරමින් ඩුබායිහි සහ සිංගප්පූරුවේ නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව පසුගියදා ලබාදුන් අතර රක්ෂණ ඔප්පු හිමි 500 දෙනෙකුගේ පවුල්වල සාමාජිකයින්ට ලෙෂර් වර්ල්ඞ් උද්‍යානයේ දිනක් ප‍්‍රීතිවීමේ අවස්ථාව උදාකර දෙන ලදී.

මෙරට ජීවිත රක්ෂණ ව්‍යාප්තිය වැඩිකිරීමේ අරමුණෙන් සහ සිය රක්ෂණ ඔප්පු සක‍්‍රීයව තබා ගන්නා ඔප්පු හිමියන්ට ප‍්‍රතිලාභ ලබාදීමේ අරමුණෙන් ආරම්භ කර තිබෙන සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වැඩසටහන මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ තිබෙන දැවැන්තම පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන ලෙස සැලකේ. ෆැමිලි සවාරි 09 මගින් රක්ෂණ ඔප්පු හිමි පවුල්වල තවත් සාමාජිකයින් 2,260 දෙනෙකුට ප‍්‍රතිලාභ ලබාදුන් අතර ඒ සමග මෙම වැඩසටහනින් මේ දක්වා ප‍්‍රතිලාභ ලබා තිබෙන සමස්ත සංඛ්‍යාව 17ල000 ඉක්මවූ බව සමාගම සඳහන් කරයි.

සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වැඩසටහනේ සන්නාම තානාපතිවරුන් වන්නේ ශ‍්‍රියන්ත මෙන්ඩිස් මහතාල සංජීවනී වීරසිංහ මහත්මියලරොෂාන් රණවන මහතා සහ ඔහුගේ ප‍්‍රිය බිරිඳ වන කුෂ්ලානී මහත්මිය යන අයයි.

2004 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳ පොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක්වේ.

මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයකු වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) 2015/16 මූල්‍ය වර්ෂයේදී විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් හිමිකරගනිමින් රු. බිලියන 50 ක වත්කම් ප‍්‍රමාණයක් ඉක්මවීමට සමත්වූවේය. එමෙන්ම, දශක දෙකක සිය අභිමානවත් ගමන්මග තුළ බිලියනයක බදු පසු ලාභයක් පසුකරයෑමට මෙන්ම රු. බිලියන 5 ක ප‍්‍රාග්ධන අරමුදල් ප‍්‍රමාණයක් ඉක්මවා යෑමට ද CDB ආයතනයට හැකිවිය. CDB ආයතනය සිය අභිමානවත් 20 වන වසර පසුකරමින් පසුගිය මූල්‍ය වර්ෂයේදී සුවිශේෂී ජයග‍්‍රහණ ගණනාවක් හිමිකරගැනීමට සමත් වූවේය. ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද 2015 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී CDB ආයතනය, ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දසදෙනා අතරට එක්වීම හා පිරිවැටුම රු. බිලියන 15 ට අඩු ව්‍යාපාර කාණ්ඩය යටතේ ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසි සම්මානය හිමිකරගැනීමට සමත්වීම ඒ අතරට ඇතුළත්ය.

CDB පසුගිය මූල්‍ය වර්ෂය තුළදී පෙන්නුම් කළ සුවිශේෂී කාර්යසාධනය හා ස්ථාවර මූල්‍ය ප‍්‍රවේශය මෙවැනි මූල්‍ය ජයග‍්‍රහණන් හිමිවීමේදී විශේෂයෙන් පිටුබලයක් වූ කරුණු විය. ඒ අතරට තැන්පතු ලබාගැනීම, ඉතිරිකිරීමේ ගිණුම් පවත්වාගෙනයෑම, ලීසිං පහසුකම්, ණය පහසුකම් ආදී සේවාවන් තුළදී CDB දැක්වූ විශිෂ්ටත්වය ද ඇතුළත් වූවේය.

‘‘CDB මෙරට ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් ලෙස අඛණ්ඩව කීර්තිය හිමිකරගැනීමට හැකි වූ බව මෙම වසර තුළ දී අත්කරගත් සුවිශේෂී මූල්‍ය සාර්ථකත්වයන් තුළින් තවදුරටත් පිළිබිඹු කෙරෙනවා.’’ පසුගිය වසරට සාපේක්ෂව මුළු වත්කම් වල සියයට 33 ක වර්ධනයක් ලබාගනිමින් බිලියන 50 සීමාව ඉක්මවා යාමට සමත්වීම සුවිශේෂී ජයග‍්‍රහණයක් බව, පසුගිය වසරේ මූල්‍ය ප‍්‍රතිඵල සමාලෝචනය කරමින් CDB සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරි මහේෂ් නානායක්කාර මහතා පැවසුවේය.

මෙය විශිෂ්ට ජයග‍්‍රහණයක් වන්නේ CDB ආයතනයේ බදු පසු ලාභය බිලියනයේ සීමාව පසුකිරීමත් එය පෙර වසරට සාපේක්ෂව සියයට 43 ක වර්ධනයක් ද වන බැවිනි. මෙම මූල්‍ය වර්ෂයේදී CDB හිමිකරගත් ආදායම රු. බිලියන 7.5 ක් ලෙස වාර්තා වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8 ක වැඩිවීමකි. එමෙන්ම, ක්‍ෘඊ ආයතනයේ 2015/16 මූල්‍ය වර්ෂයේ ශුද්ධ පොලී ආදායම රු. බිලියන 3 ක් වන අතර එය සියයට 7 ක වර්ධනයකි.

CDB ණය දීම් සංයුතියේ මූලෝපායික කටයුතු වල සිදුවූ වෙනස්කම් හේතුවෙන් පසුගිය වසර හා සසඳාබැලීමේදී මෙම මූල්‍ය වර්ෂයේදී ශුද්ධ පොලී අන්තරය සියයට 8.0 සිට 6.9 ක් දක්වා අඩු වී ඇත. මේ හේතුකොටගෙන අක‍්‍ර‍්‍රීය ණය ප‍්‍රමාණය පිළිවෙලින් සියයට 5.8 සිට 3.6 දක්වා අඩුවී තිබීම ඉතා ප‍්‍රශස්ත මට්ටමකි.

CDB ආයතනයට අරමුදල් හිමිවන ප‍්‍රධාන මාර්ගය වන තැන්පතු පදනම රු. බිලියන 30.8 ක අගයක් ගනිමින් සියයට 14 කින් වර්ධනය වී ඇති අතර අනෙකුත් ණය රු. බි. 7.5 කින් වර්ධනය වී තිබීම පසුගිය වසර හා සසඳාබැලීමේදී සියයට 156 ක දැවැන්ත වර්ධනයකි. CDB ආයතනයේ මෙවර මූල්‍ය වාර්තාවට අනුව සම්පූර්ණ ප‍්‍රාග්ධන අරමුදල් රු. බිලියන 5 ක අගයක් ඉක්මවා ගොස් ඇති අතර ආයතනයේ පළමු පෙළ හා දෙවන පෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්මකභාවයේ අනුපාතය පෙර සඳහන් කළ නියාමන අවශ්‍යතා (Tier I හා Tier II ) පිළිවෙලින් සියයට 11.72 ක් හා 11.74 ක අගයක් ගෙන ඇත. ද්‍රවශීලතා අනුපාතය නියාමන අවශ්‍යතා මට්ටම ද ඉක්මවා සියයට 20.04 ක අගයක් ගෙන තිබීම සාධනීය ලක්ෂණයකි. එමෙන්ම, පසුගිය මූල්‍ය වර්ෂයේ CDB ආයතනයේ ආදායම් පිරිවැය අනුපාතිකය සියයට 57.58 ක් විය.

CDB ආයතනයේ ණය දීම් (Loan Book) තුළින් එක්වන සියයට 76 ක වත්කම් ප‍්‍රමාණය ද ඇතුළුව වත්කම් වලින් සියයට 91 ක ප‍්‍රමාණයක් ආදායම් උත්පාදක බිහිවන ආයෝජන තුළින් හිමිවී ඇත. මූල්‍ය සේවා මත ගෙවිය යුතු වැට් බද්ද හා අනෙකුත් බදු ගෙවීමට පෙර ලාභය රු. බිලියන 1.43 ක් වී තිබීම ද වර්ධනීය තත්වයකි. ආදායම් බදු වලට පෙර රු. බිලියන 1.25 ක ලාභයක් වන විට පසුගිය වසරට සාපේක්ෂව සියයට 36 ක වර්ධනයක් පෙන්වා ඇත.

CDB ආයතනයට අනුබද්ධිත ලීසිං සහකරු යුනිසන්ස් කැපිටල් ලීසිං (UCL) නමින් මෙම වසරේදී සිය නාමය වෙනස් කළේය. CDB ආයතනය, ඹක්‍ඛ හි එක් කොටසකට රු. 10.50 ක මුදලක් ගෙවා රු.මි. 82.1 ක ආයෝජනයක් සිදුකළ අතර මෙහිදී CDB ආයතනයේ හිමිකම් ප‍්‍රතිශතය සියයට 90.38 කින් වර්ධනය විය.

UCL මෙම මූල්‍ය වර්ෂයේදී රු. මිලියන 15.6 ක මුදලක් CDB සමූහයට දායක කිරීමට සමත්වූ අතර UCL මගින් මේ වනවිටත් හිමිකරගෙන තිබෙන සුවිශේෂී ජයග‍්‍රහණයන් නිසා UCL ඉදිරි වසර වලදී ද CDB සමූහයේ සුවිශේෂී වර්ධනයට ඉහළ දායකත්වයක් ලබාදෙනු ඇති බව අපේක්ෂිතය.

CDB ආයතනය සිය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා කඩිනමින් හා පහසුවෙන් ඉටුකරගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරයි. ඒ අනුව පසුගිය මූල්‍ය වසරේදී CDB, ATM ජාලයට නව මධ්‍යස්ථාන තුනක් එක්වූ අතර නව CDB ශාඛා තුනක් අළුතින් විවෘත කිරීමට ද හැකිවිය. මේ සමග දිවයිනපුරා විසිරී තිබෙන CDB ශාඛා සංඛ්‍යාව 62 දක්වා පුළුල් වී ඇති අතර සියලූම CDB ශාඛාවන් නවීන පරිඝණක පද්ධතියක් මගින් ඒකාබද්ධ කර ඇති නිසා පාරිභෝගික අවශ්‍යතා කඩිනමින් සිදුකරගැනීමට ද හැකිය.

CDB තිරසාර පාරිසරික දායකත්වය පිළිබිඹු කරමින් කාබන් පිය සටහන අවම කිරීම වෙනුවෙන් ISO 14064-1:2006 සහතික ලත් දකුණු ආසියානු කලාපයේ පළමු මූල්‍ය ආයතනය බවට පත්වූවේය. මෙම සහතිකය ප‍්‍රදානය කෙරුණේ CDB ප‍්‍රධාන පරිශ‍්‍රයේ කාබන් පිය සටහන අවම කිරීම වෙනුවෙනි. අනාගත පරපුරට තිරසාර පරිසරයක් දායාද කිරීමට CDB දක්වන දායකත්වය පසුගිය වසරේ මූල්‍ය වාර්තාව තුළින් ද පිළිබිඹු වෙයි.

CDB, 2015/16 මූල්‍ය වර්ෂයේදී ලබාදුන් ලීසිං වලින් සියයට 22 ක් හයිබි‍්‍රඞ් වාහන ලීසිං වලට ලබාදුන් අතර එය පසුගිය වසර හා සසඳාබැලීමේදී අඩුවකි. පරිසරයට විශාල කාබන් ප‍්‍රමාණයක් විමෝචනය කරන ත‍්‍රී වීලර් සඳහා ලබාදුන් ණය, පසුගිය වසර හා සංසන්දනය කර බැලීමේදී ණය දීම් (Loan Book) සියයට 24 සිට 18 දක්වා අඩු වූ නිසා සියයට 36 සිට 26 දක්වා අඩුවී ඇත.

CDB නිරන්තරයෙන් සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවර තුළ සමාජයට මෙන්ම පරිසරයේ තිරසාරත්වයට ද සුවිශේෂී අවධානයක් යොමුකරයි. ඒ අතරට දිවයින පුරා පිහිටි දුෂ්කරතා හා අඩු පහසුකම් වලින් යුතු පාසල් වල ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් ක‍්‍රියාත්මක කරන ‘CDB පරිගණක පියස’ වැඩසටහන, සුවිශේෂී අධ්‍යාපන දක්ෂතා පෙන්නුම් කරන සිසුන්ට ලබාදෙන ‘CDB සිසුදිරි ශිෂ්‍යත්ව’, ‘CDB හිතවත්කම’, හා ‘CDB මිහිකතට ආදරෙන්’ වැනි වැඩසටහන් ඇතුළත්ය.

CDB ආයතනයේ තිරසාරත්වයට හා අඛණ්ඩ වර්ධනයට එහි ආයතනික රාමුව සකස් වී තිබෙන ආකාරය ද සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇත. CDB ආයතනයේ ව්‍යාපාරික ආකෘතිය එකිනෙකාට ප‍්‍රතිලාභ ලැබෙන අයුරින් නිර්මාණය වූවකි. ග‍්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා නාගරිකව අරමුදල් සපයාගෙන ග‍්‍රාමීය අංශ වෙත ණය ලබාදීම සමග මෙය නිර්මාණය වී ඇත. CDB ආයතනය නිරන්තරයෙන් පුද්ගලයින් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටින අතර පුද්ගල හැඟීම්, අභිලාෂයන්, මූලෝපායික ක‍්‍රමෝපායන් මත පදනම් වෙමින් සිය මෙහෙයුම් කටයුතු සිදුකරයි. ‘‘පුද්ගල සාර්ථකත්වය වෙනුවෙන් වූ ක‍්‍රමෝපාය’’ යන අදහස තරයේ විශ්වාස කරන CDB කාර්මණ්ඩලය මේ වනවිට පවතින තරගකාරී ව්‍යාපාරික වටපිටාව තුළ සිය ආයතනයේ සාර්ථකත්වය වෙනුවෙන් නිරතුරු කටයුතු කරයි.

CDB ආයතනය සිය තෙවන දශකයට එළඹෙමින් 2020 වසර වනවිට රු. බිලියන 100 ක ශේෂ පත‍්‍රයක් හිමිකරගැනීමේ අරමුණ පෙරදැරිව ‘ඔබේ හිතවතා’ යන සුපුරුදු පොරොන්දුව තුළින් සිය පාරිභෝගිකයින්ට විශ්වාසනීය සේවාවක් ලබාදීමට කටයුතු කරනු ඇත. CDB සිය අනාගත වර්ධනයට වගකීමෙන් යුතුව මග සලසා ගනිමින් ශක්තිමත් ආර්ථික, සමාජයීය හා පාරිසරික ප‍්‍රතිපත්තීන් ඔස්සේ ස්ථිර පාලනය, වගකීම් සහගත බව, ප‍්‍රතිචාරය හා මහජන අරමුදල් වල භාරකරු ලෙස විනිවිදභාවයෙන් යුතුව පාරිභෝගිකයින් වෙත සිය සේවාවන් අඛණ්ඩව හිමිකරදෙනු ඇත.

Published in මූල්‍ය

සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) ,Mercedes-Benz තරු අත්දැකීම රත්නපුරයට රැගෙන යයි. රත්නපුර සිල්වර් රේ හෝටලයේදී පැවති මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික්කයේ Mercedes-Benz හිමිකරුවන් සහ ජීප් හිමිකරුවන් මෙන්ම පාරිභෝගිකයින් රැසක් එක්ව සිටියහ. මෙහිදී මෙම ආරාධිතයින්ට Mercedes-Benz හි නවතම වාහන පෙළ වන Mercedes-Benz C 180, Mercedes-Benz C-Class Coupe, Mercedes-Benz GLE SUV,නව Mercedes-Benz E-Class, Mercedes-Benz Vito, Jeep Grand Cherokee සහ Jeep Wrangler යනාදී රථ වාහන පිළිබඳව අත්දැකීමක් ලැබීමට අවස්ථාව උදාවිය.

Mercedes-Benz හි නවතම E-Class මෝටර් රථය හඳුන්වාදීම ද මෙහිදී සිදුකෙරුණු අතර මෙහිදී Mercedes-Benz E-Class හි මෙරට ප්‍රථම රථය ඩීමෝ සමූහ ප්‍රධාන විධායක ගහනාත් පණ්ඩිතගේ මහතා අතින් එහි ප්‍රථම පාරිභෝගිකයා වන ලාල් පින්වත්ත මහතා වෙත භාරදීම ද මෙහිදී සිදුකෙරිණ. Mercedes-Benz E-Class මෝටර් රථය ලොව ප්‍රමුඛතම සහ නව්‍යත්වයෙන් යුතු තාක්ෂණයට අනුව නිපදවා තිබේ. සුවපහසුව සහ ආරක්ෂාව අතින් මුල් තැනක් ගන්නා Mercedes-Benz E-Class මෝටර් රථය නව මානයේ රියදුරු සහායක පහසුකම් වලින්ද යුක්ත වෙයි. Multi-chamber air suspension පද්ධතියකින්ද සමන්විත මෙම මෝටර් රථය පළමු පන්තියේ රිය ධාවනයේ අත්දැකීමක් ලබාදෙයි.ධාවන මංතීරු මාරුකිරීමේ සහය සේවාව මඟින් ආයාසයකින් තොරව මංතීරුව තෝරා ඊට රථය යොමු කිරීමේ හැකියාව ලැබේ. මෙම මෝටර්රථය ස්වයංව ක්‍රියාත්මක වන පහසුකම් රැසක් සහිත විධායක පන්තියේ රථයකි.

සුරේෂ් ගුණරත්න මහතා (අධ්‍යක්ෂ - ඩීමෝ),රජීව් පණ්ඩිතගේ මහතා (සාමාන්‍යධිකාරි - Mercedes-Benz මඟි සහ වෙළඳ රථ වාහන අලෙවි ), තරංග ගුණවර්ධන මහතා (සාමාන්‍යාධිකාරි - Mercedes-Benz සේවා සහ අමතර කොටස් ) යන ප්‍රධානීන් මෙම අවස්ථාව සදහා එක්ව සිටි අතර සිතාර වාදනයක් ඇතුළු පෙරදිග සංගීත නාදයෙන් එම රාත්‍රිය වර්ණවත් විය.

නව Mercedes-Benz E-Class මෝටර් රථය ඩීමෝ 800 හි පිහිටි "Mercedes-Benz Centre" හි අලෙවිය සඳහා තබා ඇත

Published in රථවාහන
Page 1 of 16