Items filtered by date: July 2016

තාක්ෂනය කියන්නේ නිතරම වෙනස් වන දෙයක්. සම සුරැකීමේ තාක්ෂණයත් ඊට වඩා වෙනස් නැහැ. අලුත් දෙයක් එද්දී පරණ දේ ඉවත් වෙලා යනවා. කාලයක් තිස්සේ අපි පුරුදු වෙලා හිටියේ ක්රීම් , ෆේස් වොෂ් වගේ දේ වලට. දැන් ලෝකය පුරා අලුතින් පැතිරෙන තාක්ෂනය තමයි සීරම් තාක්ෂනය.

සීරම් (serum ) එකක් යනු කුමක්ද?
සීරම් එකක් කියන්නේ සම සුරකින ක්රිලයාකාරී ද්රැව්යන සාන්ද්ර්ගත කර සකස් කල සැහැල්ලු ආලේපනයක්. බරින් අඩුයි. සම තුලටම කා වැදී ඇතුලතට ගමන් කිරීමට හැකියි. ඉතා කුඩා ප්රරමාණයක් ආලේප කිරීමෙන් විශාල ප්‍රතිපලයක්  ලබා ගත හැකියි. සීරම් වල තෙල් ගතියක් නැහැ. එම නිසා තෙල් සහිත සමකට වුවද ඉතා සුදුසුයි. සීරම් එකක් පාවිච්චි කිරීමට වඩා සුදුසු කාලය උදැසන සහ රාත්‍රී කාලයයි. සාන්ද්‍රගත ද්‍රව්ය අඩංගු සීරම් වල කියාකාරිත්වය සහ ප්‍රතිඵල ඉහලයි.සැහැල්ලු බව නිසා භාවිතය පහසුයි.

විටාවයිට් වල විශේෂත්වය
සම සුසුදු කරවන බිසබොලොල් නැමති කැමමයිල් මලෙන් ලබා ගන්නා ස්වභාවික සංඝටකය සහ විටමින් C සහිත විටාවයිට් සම පැහැපත් කරනවා. බ්ලීචින් වලින් තොරයි. විටමින් C මගින් අපේ සමේ මෙලනින් නිෂ්පාදනය අඩු කරනවා. ඒ වගේම කොලැජන් නිෂ්පාදනය වැඩි කිරීමට උදවු කරනවා. ඒ නිසා සුමුදු පැහැපත් සමක් ලැබෙනවා. විටාවයිට් වල විටමින් E අඩංගුයි. විටමින් E ප්‍රතිඔක්සිකාරකයක්. එමගින් සම ආරක්ෂා කරනවා.

විටාවයිට් සීරම් එක වෙළඳපොළට එන්නේ applicap ස්වරුපයෙන්. ඒ නිසා නැවුම් බව ආරක්ෂා වෙනවා. applicap තිහක් අඩංගු පැක් එකක් රුපියල් 1760ක් පමණයි.

විටාවයිට් කියන්නේ  ඔස්ට්‍රලියාවේ  මෙගා ලයිෆ් සයන්සස් ආයතනයේ නිෂ්පාදනයක්. ආනයනය සහ ශ්‍රී ලංකාව තුල ආනයනය සහ බෙදා හැරිම සිදු කරන්නේ A බවර් සහ සමාගමයි.

විටාවයිට් දැන් ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන ෆාමසි සහ රුපලාවන්ය ද්‍රව්ය අලෙවි අලෙවිසැල් වලින් දැන් ලබා ගත හැකියි.

වැඩි සිස්තර සඳහා අමතන්න - මෙගා ලයිෆ්සයනසස් පුද්ගලික සමාගම , දුරකථන අංක -114-375364 හෝ 075-931 3086

ගෝලීය ආර්ථිකය සහ මූල්‍ය කර්මාන්තය පිළිබඳ ගෞරවණීය සඟරාවක් වන ‘වර්ල්ඞ් ෆයිනෑන්ස්’ විසින් සිදුකළ ගැඹුරු තක්සේරුවකින් පසුව පිට පිටම තුන්වන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් නම් කර තිබේ.

ජාත්‍යන්තර කීර්තියට පත් මෙම සඟරාවේ විශේෂඥ මඩුල්ල විසින් 2016 වසරේ ජයග‍්‍රාහකයින් ප‍්‍රකාශයට පත්කිරීමට පෙර 2015 මූල්‍ය වසරට අදාළ ජීවිත රක්ෂණ අංශයේ විශේෂ කාර්ය සාධනයන් පිළිබඳව බහුවිධ අංශ නියෝජනය වන පරිදි විශ්ලේෂණයක් සිදුකරන ලදී.

මෙම සඟරාව විසින් සිදුකළ තක්සේරුවේදී ප‍්‍රාරක්ෂණය කිරීමට සහ රක්ෂණ ඔප්පුවක් නිකුත් කිරීමට යන සාමාන්‍ය කාලය, අවධානම් අනාවරණය තක්සේරු කර තිබෙන ආකාරය, මාස 12 ක විමර්ශන කාලය තුළදී ලබා තිබෙන ජයග‍්‍රහණ, නව සහ සිටින ගනුදෙනුකරුවන් සඳහා සුදුසු ආවරණයක් ලබාදී තිබෙන ආකාරය, පාරිභෝගිකයින් රඳවා ගැනීමේ අනුපාතය, වන්දි ගෙවීමට සඳහා ගතවන සාමාන්‍ය කාලය, නව ගනුදෙනුකරුවන් බඳවා ගැනීමේ අනුපාතය, රක්ෂණ ඔප්පුවක් සහ ශුද්ධ රක්ෂණ වාරික සඳහා සාමාන්‍ය පිරිවැය යන කරුණු පිළිබඳව අවධානය යොමුකර තිබේ.

‘‘ජීවිත රක්ෂණ සමාගමක නිෂ්පාදන සහ සේවාවල ගුණාත්මක තත්ත්වය වගේම මෙහෙයුම් කාර්යක්ෂමතාවය පිළිබඳව නිවැරදි අවබෝධයක් මෙම දර්ශක මගින් සපයනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා සඳහන් කළේය. ‘‘ස්වාධීන ආයතනයක් විසින් ඉතාමත් තියුණු ලෙස ඇගයීමට ලක්කරමින් කාර්ය සාධනය පිළිබඳව ලබාදුන් මෙවැනි සහතිකයක් ඕනෑම සමාගමකට වටිනවා. මෙම ඇගයීමේදී අප විසින් ඉතාමත් ඉහළ සමත්කමක් දක්වා තිබෙන අතර, මෙරට ජීවිත රක්ෂණ අංශයේ පිට පිටම තුන්වන වසර සඳහාත් හොඳම සමාගම බවට පත්වීම විශේෂිතයි.’’

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සමාගමේ ශක්තිය සහ ස්ථාවරත්වය පිළිබඳව ඉතාමත් ඉහළ සහතික කිරීමක් වන ‘වර්ල්ඞ් ෆයිනෑන්ස්’ සම්මානය ඉතා වැදගත් මිණුම් ලකුණක් බවයි.

පිට පිටම 12 වන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ අංක එකේ ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීමට සෙලින්කෝ ලයිෆ් 2015 වසරේදී සමත්වූ අතර එම මූල්‍ය වසර සඳහා සමාගම රුපියල් බිලියන 19.89 ක සමස්ත ආදායමක් වාර්තා කළේය. මෙහිදී, රක්ෂණ වාරික ආදායම රුපියල් බිලියන 13.4 ක්වූ අතර අදාළ වසර සඳහා රුපියල් බිලියන 2.060 ක ශුද්ධ ලාභයක් සමාගම විසින් වාර්තා කරන ලදී. මේ අතර, මෙම වසරේදී සමාගමේ ආයෝජන කළඹ රුපියල් බිලියන 67.1 ක් දක්වා වර්ධනය වූ අතර වත්කම් රුපියල් බිලියන 80.2 ක් දක්වා ඉහළ නැගුණි. රුපියල් බිලියන 5.9 ක ප‍්‍රතිලාභ රක්ෂණ ඔප්පුහිමියන්ට ගෙවීමට සමාගම මේ වසරේදී කටයුතු කළේය.

මෙම සම්මාන ලාභීන් ඒ ඒ ක්ෂේත‍්‍රවල සහ ඒ ඒ රටවල සුපිරිතම සමාගම් යැයි ස්ථීර කිරීම සඳහා දිනයේ පැය විසිහතර පුරාම සේවය කරන සමීක්ෂණ කණ්ඩායමක සහාය ඇතිව ක‍්‍රියාත්මක වන වර්ල්ඞ් ෆයිනෑන්ස් විනිශ්චය මඩුල්ල මූල්‍ය සහ ව්‍යාපාරික ජනමාධ්‍යවේදය ක්ෂේත‍්‍රයෙහි අවුරුදු 200කට අධික සාමූහික පළපුරුද්දක් නියෝජනය කරයි.

සඟරාව විසින් 2007 වසරේදී ආරම්භ කළ මෙම සම්මාන වැඩසටහන මගින් සෑම වෙළඳ පොළක් පිළිබඳව ඉතා ඉහළ පුළුල් විශ්ලේෂණයක් කරනු ලබයි. විනිශ්චය මණ්ඩලය විසින් මෙම විනිශ්චයන් කිරීමේදී සමාගමේ ප‍්‍රමාණය වැනි ක‍්‍රමවේදයන් පිළිබඳව පක්ෂාග‍්‍රාහීත්වය දැක්වීමෙන් වැලකී සිටිය යුතුවේ.

1998 වසරේ ජනවාරි මාසයේ සිට මෙහෙයුම් ආරම්භ කළ සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක්වේ.

2016 ජූලි 1, කොළඹ: ධනාත්මක වෙනසක් ඇතිකිරීම සම්බන්ධයෙන් දැනුවත් වීම හා පෙරමුණ ගැනීම සඳහා රටේ නන් දෙසින් පැමිණෙන තරුණ නායක නායිකාවෝ 1,000 කට අධික පිරිසක් 2016 අගෝස්තු 26 හා 27 දිනවල නාරාහේන්පිට ජනතා දේව සභා ශ‍්‍රවණාගාරයට එක්රැුස් වනු ඇත. පෙරගමන්කරු ජාතික තරුණ සේවය මගින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ රටේ තරුණ ක‍්‍රිස්තියානි පරපුර එකමුතු කිරීම ය. පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා භාෂා තුනෙන්ම පැවැත්වෙන මෙම වැඩසටහනට ආරධිත දේශකයන් රැුසක්ද සහභාගී වනු ඇත. තරුණ නායකත්වය, නව පරපුර උද්යෝගීමත් කිරීම, අසාධාරණයට එරෙහිව නැගී සිටීම සහ ධනාත්මක වෙනසක් සඳහා පෙරමුණ ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇත.



පසුගිය වසරේ පැවති සම්මන්ත‍්‍රණ හා වැඩමුළුවලට 800 කට අධික පිරිසක් සහභාගී වූ අතර සවස රැුළි මාලාව සඳහා සහභාගී වූ සංඛ්‍යාව 2,500 ඉක්මවී ය. මෙරට සිංහල හා දෙමළ කතාකරන ප‍්‍රජාවන් තුළ වෙසෙන තරුණ තරුණියන්ගෙන් මේ සඳහා පළවූයේ විශාල උනන්දුවකි. ගැහැනු පිරිමි දෙපාර්ශ්වයට සම අවස්ථා සැලසීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවීම මෙම වැඩසටහනේ තවත් විශේෂත්වයක් ලෙස සැලකිය හැක.


ප‍්‍රචණ්ඩත්වය, පීඩනය, අසාධාරණය හා අපරාධ වැනි දේවල් බහුල යුගයක, වඩාත් යහපත් සමාජයක් ගොඩනැංවීම සඳහා මැදිහත් වීමේ හැකියාව තරුණ පරපුර සතුව පවතී. මෙම සම්මන්ත‍්‍රණය එම හැකියාව අවදි කිරීම සඳහා මනා වේදිකාවක් සපයයි.



සෑම සන්ධ්‍යාවකම සවස 6 ත් රාත‍්‍රී 8 ත් අතර පැවැත්වෙන සවස රැුළි මාලාව සඳහා දේශීය සංගීතඥයන් සමග ඕස්ටේ‍්‍රලියාවේ Youth Alive කණ්ඩායමද සහභාගී වේ. මේවා පොදු ජනතාවටද නැරඹිය හැක.

සම්මන්ත‍්‍රණ ගාස්තුව රු. 1,000/- වන අතර දින දෙක සඳහාම ආහාර පාන පිරිනැමේ. ලියාපදිංචි වීමේ පෝරම දැන් VOICE National Youth Fest නිල ෆෙස්බුක් පිටුවෙන් බාගත කළ හැක. 2016 අගෝස්තු 10 දිනට පෙර අයදුම්පත් යොමුකරන මෙන් සංවිධායක කමිටුව ඉල්ලා සිටී. වැඩි විස්තර සඳහා 0772497994 අංකයෙන් මිෂෙල් අමතන්න. නැතිනම් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයෙන් විමසන්න.

Published in ක්‍රීඩා

2016 ජූලි මස 28 වන දින, අරණායකදී: රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඞ් විසින් අරණායක බුලත් කොහුපිටිය ප‍්‍රදේශයේ සිදුවූ මහා නාය යාමෙන් අවතැන් වූ පවුල් 20 ක් සදහා නිවාස 20 ක් ඉදිකරදීම සදහා වන මුල්ගල් තැබීම අද දිනයේ අරණායක ප‍්‍රදේශයේදී දී මෙසේ සිදුවිය.

මෙම අවස්ථාවට විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය, ප‍්‍රදේශයේ පරිපාලන නිලධාරින්, ප‍්‍රාදේශිය දේශපාලකයන්, රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඞ් නිලධාරින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැුසක් සහභාගී විය.

රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලමිටඞ්හි කළමනාකාර අධ්‍යක්ෂ ජෙයසීලන් ඥානම් මැතිතුමාගේ සංකල්පයකට අනුව අරණායක, බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ සිදුවූ මහා නාය යාමෙන් අවතැන්වූ පවුල් වෙනුවෙන් නිවාස ඉදිකරදීම ස`දහා යෝජනාවක් ඉදිරිපත් කෙරුණු අතර අදාළ ආයතන සම`ග මූලික සාකච්ඡුා පවත්වමින් මෙන්ම ක්ෂේත‍්‍ර චාරිකාවන් හි නිරත වෙමින් මෙම ව්‍යපෘතිය යථාර්තයක් බවට පත්කරමින් පළමු නිවාස 20 ඉදිකරදීම ස`දහා මුල්ගල තැබීම තෙක් කාර්යක්ෂම දායකත්වයක් සපයන්නට රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඞ්හි මාණ්ඩලික අලෙවි කළමනාකරු සහ මෙම ව්‍යාපෘතියෙහි සම්බන්ධීකාරක පි‍්‍රයන්ත ජයසිංහ මහතා සමත්විය.



රජයෙන් වෙන්කර දී ඇති ඉඩමක ඉදිකෙරෙන මෙම නිවාස ස`දහා රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඞ් විසින් වැය කරන මුදල මිලියන 45 ඉක්මවන අතර අතර එක් නිවසක් වර්ග අඩි 781 කින් යුතුය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නියම කරන නිර්දේශයන් අනුව මෙම නිවාස සැලසුම් කිරීම සහ ඉදිකිරීම් සිදුවීම සුවිශේෂත්වයකි.

මෙම ව්‍යාපෘතිය පිළිබ`ද අදහස් දැක්වූ රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඞ්හි මාණ්ඩලික අලෙවි කළමනාකරු සහ මෙම ව්‍යාපෘත ියෙහි සම්බන්ධීකාරක පි‍්‍රයන්ත ජයසිංහ මහතා මෙසේ පැවසීය, ‘‘දිවයිනේ ඇතිවන රුදුරු ස්වභාවික ව්‍යසනයන්හිදී ජන ජිවිත යථා තත්වයට පත් කරන්නට හැකි පියවර ගැනීම රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඞ් සිය සමාජ මෙහෙවර කාර්යයේදී ප‍්‍රමුඛත්වයෙහිලා සළකනවා. රුපියල් මිලියන 45 ක් ඉක්මවන වියදමෙන් මෙසේ නිවාස 20 ක් ඉදිකරන්නේ අපගේ එම සමාජ මෙහෙවර කි‍්‍රයාවලියෙහි තවත් එක් වැදගත් වැඩසටහනක් බවට මෙය පත්කරමින්. සුනාමි ව්‍යාසනයෙන් දෙවිනුවර ප‍්‍රදේශයේ නිවාස අහිමි වූ පවුල් 50 ක් වෙත දෙවිනුවර කපුගම ප‍්‍රදේශයේ නිවාස 50 ක් ඉදිකර අපි භාර දීම සිදුකළේ 2006 වසරේදීයි. ඒ නිවාස 50 ඇතුළත් ප‍්‍රදේශය

රයිනෝපුර ලෙසින් ද නම් කර තිබෙනවා. එපමණක් ද නොවෙයි, ස්වාභාවික ව්‍යසනයන්ගෙන් හිසට සෙවණ අහිමි වූ ජනතාව මෙන්ම පොදු ස්ථාන ඉදිකිරීමේදී ඊට අවශ්‍ය සෙවණ සලසමින් කි‍්‍රසොටයිල් සෙවිලි තහඩු නොමිලේ ලබාදීම අපි නිරන්තරයෙන් සිදුකරනවා. ඒ අකාරයෙන් දියත් වන අපගේ සමාජ මෙහෙවර කි‍්‍රයාවලියෙහි වැදගත් අවස්තාවක් ලෙස අරණායක ප‍්‍රදේශයේ නිවාස 20 ඉදිකිරදීමේ ව්‍යාපෘතිය සැලකිය හැකියි.

එයින් මෙම නිවාස හිමිවන පවුල් වෙත මහත් අස්වැසිල්ලක් හිමිවෙනවා නොඅනුමානයි. ’’ මෙම ව්‍යාපෘතිය දියත් කරන්නට අනගි සහයක් රජයෙන් හිමි වූ අතර කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම් අබේවික‍්‍රම වනසූරිය, ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ජගත් මහෙන්ද්‍ර සහ අරණායක ප‍්‍රාදේශිය ලේකම් ඒ. එම්. ෆෙයිසල් යන මහත්වරුන්ට ද ස්තුති පූර්වක වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



මෙම ව්‍යාපෘතියෙහි සමාරම්භය සනිටුහන් වූ මුල්ගල තැබීමේ අවස්ථාවට රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඞ්හි අධ්‍යක්ෂ ජූඞ් ප‍්‍රනාන්දු, ප‍්‍රධාන මූල්‍ය නිලධාරි අජිත් මනෝජ් වීරමන් යන මහත්වරුද සහභාගි විය.

මෙම ව්‍යාපෘතිය මාස 3 ක් ඇතුළත සම්පූර්ණයෙන් නිම කර අදාළ පවුල් 20 වෙත බාර දීමට රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඞ් බලාපොරොත්තු වෙයි.

ඇඟලූම් අලෙවියේ ලොව ප‍්‍රමුඛතම සමාගමක් වන Gap Inc. සමාගම විසින් ලබාදුන් විශිෂ්ඨතම සැපයුම්කරුට හිමි සම්මානය ඇතුළුව ප‍්‍රමුඛ පෙළේ සම්මාන දෙකක් දිනාගැනීමට බ‍්‍රැන්ඩික්ස් සමූහය සමත් වී ඇත.

මෙම සම්මාන පසුගියදා හොංකොං හිදී පැවති 2016 Gap Inc. සමාගමේ ගෝලීය සැපයුම් දාම වෙළඳ සමුළුෙවේදී ප‍්‍රදානය කරන ලදී. බ‍්‍රැන්ඩික්ස් විසින් Gap Inc. සමාගම වෙනුවෙන් ඉටුකළ ව්‍යාපාරික වටිනාකම, නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය, වේගය සහ නම්‍යශීලිභාවය, කලට වේලාවට භාරදීම, වෙළඳපොළ ගැටලූ සඳහා ප‍්‍රතිචාර දැක්වීම යන කරුණු මෙහිදී ඇගයීමට ලක්විය. මෙහිදී, බ‍්‍රැන්ඩික්ස් සමූහය වෙත දෙවන සම්මානය ලෙසින් කලිසම් සැපයුම්කරුවන් අතුරින් විශිෂ්ටතම සැපයුම්කරුවාට හිමි සම්මානයද ප‍්‍රදානය කරන ලදී.

පසුගිය වසරේදී සැන් ෆ‍්‍රැන්සිස්කෝ හිදී පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බ‍්‍රැන්ඩික්ස් සමූහය විසින් නිෂ්පාදන නවෝත්පාදනය වෙනුවෙන් Gap Inc සමාගමේ 2015 සැපයුම්කරුවන්ගේ සම්මානය දිනාගැනීමට සමත්විය.

ඇමරිකානු ඩොලර් බිලියන 16 කට වැඩි අලෙවියක් තිබෙන ඇමරිකාව තුළ සිටින විශාලතම සමාගමක් වන Gap Inc. සමාගම සතුව පුළුල් ගෝලීය සැපයුම් පදනමක් තිබේ. මෙම සැපයුම්කරුවන්ගෙන් බොහෝ දෙනෙකු බ‍්‍රැන්ඩික්ස් සමාගමට වඩා තරමින් විශාල වේ. Gap Inc. සමාගම විසින් ඇඟලූම්, ආයිත්තම් සහ පිරිමින්, කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් සනීපාරක්ෂණ නිෂ්පාදන Gap, Banana Republic, Old Navy, Athleta, Intermix යන සන්නාම යටතේ අලෙවි කරයි.

2016 වසරේ මෙරට වඩාත් වටිනාම අපනයන සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් බ‍්‍රැන්ඩික්ස් තෝරා ගන්නා ලදී. බ‍්‍රැන්ඩික්ස් ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට පූර්ණ විසඳුම් සංකල්පය හඳුන්වාදීමේදී පුරෝගාමී සමාගම ලෙස ගෞරවයට පාත‍්‍රවී තිබෙන අතර ඇමරිකාවේ සහ යුරෝපයේ ප‍්‍රමුඛතම ඇඟලූම් සන්නාම සඳහා සැපයුම්කරුවෙකි. පරිසර හිතකාමී නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් බ‍්‍රැන්ඩික්ස් සමූහය මිණුම් ලකුණක් සහ ජාත්‍යන්තර සම්මාන ලාභියෙකු වන අතර පාරිසරික යහපුරුදු වෙනුවෙන් කැපවී සිටී. ශ‍්‍රී ලංකාව, අන්ද්‍රා ප‍්‍රදේශයේ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ඉන්ඩියා ඇඟලූම් නගරයේ සහ බංග්ලාදේශය තුළ තිබෙන බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා තුළ 48,000 කට අධික කාර්ය මණ්ඩලයක් සේවය කරනු ලබයි.

Page 1 of 12