Items filtered by date: August 2016

ප‍්‍රමුඛතම සම්මාන 04 අතුරින් 03 ක් දිනාගනිමින් ජයග‍්‍රාහී ස්ථාන 16 ක් වාර්තා කරයි

ශ‍්‍රී ලංකා ඔටෝ ස්පෝර්ට්ස් ඩ‍්‍රයිවර්ස් ඇසෝසියේෂන් SLADA විසින් 2016 වසර වෙනුවෙන් සංවිධානය කරන ප‍්‍රමුඛතම ධාවන තරඟාවලියක් වන ගජබා සුපර්ක්‍රොස් තරඟාවලියේදී සියැට් ධාවක කණ්ඩායම අතිවිශිෂ්ට දස්කම් දක්වමින් ධාවක ශුරතාවය, මෝටර් රථ කණ්ඩායම් ශුරතාවය සහ යතුරු පැදි කණ්ඩායම් ශුරතාවය අත්කරගනිමින් ජයග‍්‍රාහී ස්ථාන 16 ක් වාර්තා කිරීමට සමත්විය.

මෙහිදී, සියැට් කණ්ඩායමේ ධාවක උෂාන් පෙරේරා මහතා SLGT මෝටර් රථ අංශයේ පැවති තරඟ දෙකම ජයග‍්‍රහණය කරමින් තරඟාවලියේ ධාවන ශුරතාවය දිනාගත් අතර කණ්ඩායමේ සාමාජික මලීක කුරුවිටආරච්චි මහතා සමඟ මෝටර් රථ කණ්ඩායම් ශුරතාවයද දිනාගත්තේය. මේ අතර, සියැට් ධාවක කණ්ඩායමේ ඉවෝන් ගුරුසිංහ සහ දේෂාන් සෝලන්කි විසින් යතුරු පැදි කණ්ඩායම් ශුරතාවය දිනාගන්නා ලදී.

සියැට් ධාවක කණ්ඩායම මේ වසරේදී මෝටර් රථ කණ්ඩායම් ශුරතාවය පිටපිටම දිනාගත් පස්වන අවස්ථාව වන අතර යතුරු පැදි කණ්ඩායම් ශුරතාවය දිනාගත් දෙවන අවස්ථාව වේ.

සියැට් ධාවක කණ්ඩායම මේ තරඟාවලියේදී පළමු ස්ථාන හයක්, දෙවන ස්ථාන හයක්, තුන්වන ස්ථාන දෙකක්, සිව්වන ස්ථාන එකක් සහ පස්වන ස්ථාන එකක් දිනාගැනීමට සමත්විය.

‘‘කණ්ඩායමේ දස්කම් අපිව අඛණ්ඩව දිරිගන්වන සුළු අතර එය සියැට් සන්නාමයට ඉතාමත් වටිනවාල’’ යනුවෙන් මේ තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි සමාගමේ උප සභාපති විකුණුම්ල අලෙවිකරණ සහ අපනයන රවී ඩඞ්ලානි මහතා සඳහන් කළේය. ‘‘සන්නාමයේ සාර්ථකත්වයට කාර්ය සාධනය වෙනුවෙන් තිබෙන දැක්මත් ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය යන ප‍්‍රධාන වටිනාකම් හේතුවී තිබෙනවා. සියැට් ධාවක කණ්ඩායමේ සැමදා වර්ධනය වන දස්කම් පිළිබඳව අපි අතිශය සතුටට පත්වන අතර ඔවුන්ගේ කාර්ය සාධනය තුළින් එවැනිම වටිනාකම් විදහා දක්වනවා.’’

2016 සියැට් ධාවක කණ්ඩායම උපුවන් සේරසිංහ, ජනක ඩයස්, පසිඳු පීරිස්, ලලින් කිරින්ද, ප‍්‍රසන්න ද අල්විස්, ලෙෆ්ටිනන්ට් කර්නල් දුමින්ද ජයසිංහ, ලෙෆ්ටිනන්ට් කර්නල් ඉන්දු සමරකෝන් සහ උෂාන් පෙරේරාල මලීක කුරුවිටආරච්චි, ගයන්ත රංගන, ඩෙවීන් සේරසිංහ, ඉවෝන් බී. ගුරුසිංහ සහ දේශාන් සෝලන්කි යන ධාවකයින්ගෙන් සමන්විත වේ.

2016 සියැට්-ස්ලාඩා ශුරතාවලිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ඔටෝ - ස්පෝර්ට්ස් ඩ‍්‍රයිවර්ස් ඇසෝසියේෂන් SLADA විසින් සංවිධානය කරන ධාවන තරඟ පහකදී මෙම කණ්ඩායම සියැට් වර්ණ යටතේ තරඟ වැදීමට නියමිතය. මීට අමතරව, දේශීය මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයින් නියෝජනය කරන සංගම් දෙකකින් එකක් වන ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයින්ගේ සංගමය SLARDAR විසින් 2016 වසරේ පැවැත්වීමට නියමිත ධාවන තරඟාවලි හතරකින් සමන්විත CEAT Sri Lanka Super Series සඳහා නාම අනුග‍්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී ඇත.

Published in ක්‍රීඩා

සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල්ස් පුද්ගලික සමාගම මධ්‍යම ප්‍රමාණයේ King Long රථයක් හඳුන්වා දෙයි. King Long වෙළඳ නාමය යටතේ මගී ප්‍රවාහනයට හඳුන්වා දෙන මෙම නවතම රථය වන්නේ මෙයයි. මෙම බස් රථය හඳුන්වා දීම පසුගියදා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ විශාලතම ප්‍රදර්ශනය වන සංචාරක උදාව ප්‍රදර්ශනයේදී සිදුකෙරිණ.

මෙම නවතම King Long රථය මාදිලි අංක XMQ6901AY ලෙස නම් කර ඇති අතර මෙහි දිග මීටර් 9කි. මඟීන් 34 දෙනෙකුට සුවපහසුව ගමන් කිරීමට හැකි මෙම රථය මෙරට වේගයෙන් වර්ධනය වන සංචාරක කර්මාන්තය සඳහා ඉතාම යෝග්‍ය වෙයි. 240hp ඉන්ටර්කූලර් ටර්බෝ එන්ජිමක් සහිත මෙම රථය මෙරට මාර්ග පද්ධතියසඳහා වඩාත් යෝග්‍ය වන අතර නවීනතම තාක්ෂණික උපාංග රැසකින් මෙම රථය සමන්විත වේ. ඒ අතර projector-type ඉදිරිපස ලාම්පු,වායු සහායක ගියර් පද්ධතිය, Eton ක්ලච් සහ WABCO බ්‍රේක් පද්ධතියකින් සමන්විත වීම නිසා මගීන්ගේ ආරක්ෂාව අතින් ඉහළ තැනක් ගනියි.

මෙම රථයේ ගමන් ගන්නා මඟීන් සඳහා වන සුපිරි පහසුකම් අතර වායු සමීකරණ, සුවපහසු ආසන, තනි තනි වායු සමීකරණ පාලක සහ කියවීමේ ලාම්පු මෙන්ම අඟල් 18 LED රූපවාහිනී සහ DVD යන්ත්‍ර දෙක බැගින් සවිකර තිබීම ද සුවිශේෂි වෙයි.එමෙන්ම USB චාර්ජින් සොකට් සහ බෝතල් සිසිල්කරණ ආදී පහසුකම් රැසකින් සමන්විත වෙයි. ඝක මීටර් 4.06 ක ප්‍රමාණයක පුළුල් ඉඩ පරාසයක් සහිත මෙම රථයේ බඩු බාහිරාදිය ද ගබඩා කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් ප්‍රමාණවත් පරිදි සකසා තිබේ.

මෙම රථය සඳහා සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල්ස් වෙතින් වසර දෙකක් හෝ කිලෝමීටර් 100,000 ක් දක්වා විශිෂ්ට වගකීමේ සහතිකයක් ලබා දෙන අතර නියම King Long අතර කොටස් ද සපයනු ලබයි. නඩත්තු කිරීම සහ සේවා කටයුතු පිළිබඳව ද සොෆ්ට්ලොජික් සහය නිරතුරුවම හිමිවන අතර හදිසි අවස්ථාවක දී පැය 24 පුරා මාර්ගස්ථ උපකාරක සේවාව ද ක්‍රියාත්මක වෙයි.

මෙම නව රථය හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල්ස් හි මෙහෙයුම් ප්‍රධානි ෂෙහාන් ඩි තිසේරා සඳහන් කළේ වසර 2012 මෙරටට හඳුන්වාදුන් King Long වෙළඳ නාමය මේ වන විට ඉදිරියට පැමිණ ඇති බවයි. මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය වනවිට ඊට අවශ්‍ය පහසුකම් සැපයීමේ ක්‍රියාවලියේදී King Long කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරමින් සිටින බව ද හෙතෙම කීය. දේශිය මෙන්ම විදේශීය සංචාරකයින් ප්‍රවාහනය සඳහා යොදාගන්නා King Long මෙරට දේශිය සුපිරි ප්‍රවාහන ක්ෂේත්‍රයට ආදර්ශ සපයා ඇති බව ද හෙතෙම කීය. මෙම නව රථය මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යාම සඳහා වන සොෆ්ලොජික් ඔටෝමොබයිල්ස් සහ King Long අතර සබැඳියාව තහවුරු කරවන බව ද හෙතෙම සඳහන් කලේය.

මෙහිදී අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල්ස්හි ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ නඩත්තු කිරීම් , අළුත්වැඩියා කිරීම සහ අමතරකොටස් යන අංශ තුන යටතේ ප්‍රමුඛ අවධානය යොමු කරමින් සිය පාරිභෝගික සේවා ක්‍රියාත්මක කරන බවයි.මෙම King Long බස් රථ යළි අලෙවි කිරීමේ වෙළඳපොළ ඉහළ වටිනාකමක් ඇතිකරගැනීමේ මට්ටම දක්වා පාරිභෝගික විශ්වාසය තහවුරු කරගෙන ඇති බව ද හෙතෙම සඳහන් කලේය.

Published in රථවාහන

2016 ඔක්තෝම්බර් 05 වනදා දක්වා අවන්හල් 55 කදී ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඞ්පත් මගින් ගෙවීමේදී 30% ක සහ 20% ක වට්ටම්

කොමර්ෂල් බැංකුවේ ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් වෙනුවෙන් 2016 ඔක්තෝම්බර් 05 වනදා දක්වා තෝරාගත් ප‍්‍රසිද්ධ අවන්හල් 55 කින් ආහාර පාන ලබාගැනීමේදී වට්ටම් ලබාදෙන 2016 වසරේ දෙවන ‘ඩයින් ඇන්ඞ් ස්මයිල්’ වැඩසටහන බැංකුව විසින් එළිදක්වා තිබේ.

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර තිබෙන වීසා සහ මාස්ටර්කාඞ් ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඞ්පත් වලින් කරන ගෙවීම් සඳහා පිළිවෙලින් 30%ක සහ 20%ක වට්ටමක් මෙහිදී ප‍්‍රමුඛතම හෝටල් තුල ඇති අවන්හල් 32 කදී සහ තනිව පවත්වාගෙන යන අවන්හල් 23 කදී ලබාදෙයි.

මීගමුව, නුවරඑළිය, ගාල්ල, යාල සහ යාපනයේ පිහිටි ජෙට්වින්ග් සමූහයේ අවන්හල් 15 ක්, තූූර්යා කළුතර හෝටලයේ අවන්හල් 05 ක්, කොළඹ ගලධාරී හෝටලයේ අවන්හල් 04 ක්, ක්ලබ් බෙන්තොට හෝටලයේ අවන්හල් 02 ක්, මහනුවර අර්ල්ස් රීජන්සි හෝටලයේ අවන්හල් 02 ක්, ගල්කිස්ස හෝටලයේ අවන්හල් 02 ක්, ධ’ධ කලම්බෝ හෝටලයේ අවන්හලක් සහ කටුනායක ගේට්වේ හෝටලයේ අවන්හලක්, හෝටල් අවන්හල් ලෙස මෙම වැඩසටහනට මෙවර ඇතුළත්වේ.

මෙවර ප‍්‍රවර්ධන වැඩසටහනට සහභාගී වන්නේ මීගමුව ජෙට්වින්ග් බීච් හෝටලයේ ද සෑන්ඞ්ල බ්ලැක්කොරල්ල ද ඩෙක්, මීගමුව ජෙට්වින්ග් බ්ලූ හෝටලයේ ද කිචන්, සෙන්ටර් පොයින්ට්, මීගමුව ජෙට්වින්ග් ලැගූන් හෝටලයේ බ්ලූ ලැගූන් සහ ජෙෆ්රීස් පැවිලියන්, මීගමුවේ ජෙට්වින්ග් සී හෝටලයේ කැෆේ සී සහ ලෙල්ලම, ගාල්ලේ පිහිටි ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේ සිනමන් රූම් සහ කාර්ඩමම් කැෆේ, නුවරඑළියේ ජෙට්වින්ග් සෙන්ට් ඇන්ඩෲස් හෝටලයේ ඕල්ඞ් කෝර්ස් රෙස්ටුරන්ට්, ජෙට්වින්ග් යාල හෝටලයේ ද ඩයිනින්ග් රූම් සහ තම්බපන්නි, ජෙට්වින්ග් ජැෆ්නා හෝටලයේ පෙනින්සියුලා, ක්ලබ් බෙන්තොට හෝටලයේ ප‍්‍රධාන අවන්හල සහ සී ෆුඞ් අවන්හල, අර්ල්ස් රීජන්සි හෝටලයේ ෆා පැවිලියන් ප‍්‍රධාන අවන්හල සහ රෝයල් ස්පයිස් ඉන්ඩියන් අවන්හල, ගලධාරී හෝටලයේ කැලිෆෝනියා ග‍්‍රිල්, කොෆි ෂොප්, ෆ්ලේවර්ස් ඇන්ඞ් ෂෙහෙර්සාඞ්, කළුතර තූර්යා හෝටලයේ ීඩ්ර, සමාසා, ටාසා, මිස්ටා ඩෙලි සහ පින්ක් ලොබ්ස්ටර්, ගල්කිස්ස හෝටලයේ ගවනර්ස් අවන්හල සහ ද ටෙරස්, ධ‘ද කලම්බෝ හෝටලයේ ඊට් අවන්හල, ගේට්වේ හොටෙල්ස් ඇන්ඞ් රිසෝර්ට්ස්හි ඊම‘‘ අවන්හල, කලම්බෝ කොර්ට් යාර්ඞ්හි අම්රිත් මසාලා ටෝක්, බාර්ස්, කැෆේමයිකල්ඇන්ජෙලෝ, ලොෆ්ට් සහ ස්කාර්ලට් රූම්, ෂක සීලෝ, ජැක් ටී‍්‍ර, කින්ග්කොකනට් නිගම්බෝ, ලූන්ටා ඕ, මහරාජාපැලස්, රජ බොජුන්, සියම් හවුස්, ස්ටි‍්‍රට් 360, ද මැන්ගො ටී‍්‍ර, ද සැන්ඞ්විච් ෆැක්ටරි, ඔඨෂ ෆ‍්‍රයිඬේස්, සින්ග්ටා ඕ, සුකිජිවොයිචි, අර්බන් කිචන්, අසයිලම්, පී.එස්.ටී. (පාර්ක් ස්ටී‍්‍රට් ට‍්‍රැටෝරියා*, ජේඞ්, බර්ලින් ස්කයි ලෝන්ජ් සහ ටිල්කෝ ජැෆ්නා යන අවන්හල්ය.

කාඞ්පත් හිමියන්ට මෙම වට්ටම් ලබාදෙන්නේ බැංකුවේ ‘කොම්ඞීල්ස්’ සේවාව හරහා පිරිනමන විශේෂ වට්ටම් සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට ලබාදෙන පොළී රහිත පහසු ගෙවීමේ වරප‍්‍රසාදයන්ට අමතරවයි. වීසා සහ මාස්ටර් කාඞ්පත් සමාගම් විසින් ජාත්‍යන්තර වශයෙන් පවත්වනු ලබන ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීමට ද කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් හිමියන් සුදුසුකම් ලබයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 635 ක් සහ බැංකු ශාඛා 251 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

Published in මූල්‍ය

කොමර්ෂල් බැංකුව සහ ඞීසල් ඇන්ඞ් මෝටර් ඉංජිනියරිං PLC (DIMO) සමාගම එක්වී TATA මගී සහ වාණිජ වාහන පෙළක් ප‍්‍රවර්ධනය කිරීම සඳහා නව ඒකාබද්ධතාවයක් ඇතිකර ගෙන තිබේ.

විශේෂ වට්ටම් සහ TATA තෝරාගත් වාහන මාදිලි සඳහා නොමිලේ ලියාපදිංචිය සහ රක්ෂණය ලබාදෙන මෙම නව ප‍්‍රවර්ධන වැඩසටහන 2016 ඔක්තෝබර් අවසානය දක්වා පැවැත්වෙන අතර කොමර්ෂල් බැංකුව විසින් විශේෂ පොලී අනුපාත යටතේ තරගකාරී ගාස්තු මෙහිදී පිරිනමනු ඇත. මීට අමතරව, බැංකුව විසින් සිය ශාඛා ජාලය මගින් මෙයට අදාළ කල්බදු ගිවිසුම් සකස් කිරීම ඉතාමත් ඉක්මනින් සිදුකරන බව සඳහන්ය.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ රුපියල් 750,000 කින් ආරම්භ වන මිල ගණන් වලට කල්බදු පහසුකමක් යටතේ පුළුල් වාහන පෙළක් මිලදීගත හැකි අතර Tata GenX නැනෝ මෝටර් රථය, ඩිමෝ බට්ටා වාහන පෙළ, Tata SuperACE" Tata Xenon Pick-up මෙන්ම බස්රථ, ට‍්‍රක්රථ සහ කන්ටේනර් වාහන මෙම වාහන පෙළට අයත්වේ.

‘‘අඩු මෙහෙයුම් වියදමක් සහිත ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ වාණිජ වාහන ලබාගැනීම සඳහා කොමර්ෂල් බැංකුව සහ ඩිමෝ සමාගම මීට පෙර ගනුදෙනුකරුවන්ට අවකාශය ලබා දී තිබෙනවා නැවත වතාවක්, ඩිමෝ සමග එක්ව ගනුදෙනුකරුවන්ට ඉතාමත් ආකර්ශනීය ප‍්‍රතිලාභ ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවාල’’ යනුවෙන් මෙම නව ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘‘මෙම කණ්ඩායමට මෙම ප‍්‍රවර්ධනය මගින් දැනෙන අගය එකතු කිරීමක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.’’

‘‘TATA වාහන අලෙවිය සඳහා කොමර්ෂල් බැංකුව සමග නැවත වරක් එක්වීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත්වෙනවා. මෙම ඒකාබද්ධතාවය තුළින් අපගේ ගනුදෙනුකරුවන්ට වැඩි අගයක්, වේගවත් සේවාවක් සහ හොඳ ප‍්‍රවේශයක් හිමිවනු ඇති බව අපි විශ්වාස කරනවාල’’ යනුවෙන් ඩිමෝ සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, රංජිත් පණ්ඩිතගේ මහතා පැවසීය.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 635 ක් සහ බැංකු ශාඛා 251 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

ඩිමෝ සමාගමට ඔටෝමොබයිල් සහ ඉංජිනේරු කර්මාන්තය පිළිබඳව වසර 77 කට අධික පළපුරුද්දක් තිබෙන අතර ශ‍්‍රී ලංකාවේ යටිතල පහසුකම් සහ මාර්ග ප‍්‍රවාහන කටයුතු සංවර්ධනය කිරීම සඳහා සමාගම විසින් කැපී පෙනෙන දායකත්වයක් ලබාදී තිබේ. මෙරට වාණිජ වාහන අංශයේ වෙළඳ පොළ ප‍්‍රමුඛයා වන්නේ ඩිමෝ සමාගමයි. ශ‍්‍රී ලංකාවේ වෙළඳ පොළ තුළ ඩිමෝ සහ TATA වසර 55 කට අධික ශක්තිමත් සම්බන්ධයකින් ඉදිරියට යන අතර ඩිමෝ සතුව අලෙවි, සේවා සහ TATA නියම අමතර කොටස් අලෙවි කිරීමේ අලෙවි සැල් දිවයින පුරාම ඇත. එසේම, ගනුදෙනු කරුවන්ගේ පහසුව වෙනුවෙන් පැය 24 පුරාම මාර්ගයේදී සහායවීමේ කණ්ඩායමක්ද ඩිමෝ විසින් පවත්වාගෙන යයි.

Published in මූල්‍ය

මහජනතාවගේ විශ්වාසය සහ ගෞරවය දිනාගත් ශී‍්‍ර ලංකාවේ පැරණිතම මූල්‍ය ආයතනයන්ගෙන් එකක් වන මල්ටි ෆයිනෑන්ස් පී.එල්.සී සිය 41වැනි සංවත්සරය සැමරුමට සමඝාමීව තම ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් එහි මාතර ශාඛාව නව නිවහනකට රැුගෙන යන්නේ සිය ජයග‍්‍රාහී මාවතේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

ලීසිං සහ කල්බදු පහසුකම්, ව්‍යාපාර ණය, උකස්, ක්ෂුද්‍ර මූල්‍ය ඇතුළු තවත් මූල්‍ය සේවා රැුසක් සලසමින් වඩාත් ආකර්ෂණිය හා තර`ගකාරී දීමනා සහ සුරක්ෂිත බව තහවුරු කිරීම තුළින් ව්‍යවසායකයින් සහ පුද්ගල ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් ස`දහා ගනුදෙනුකරුවන් දිරිගැන්වීම වැනි සේවාවන් රැුසක් එම ශාඛාව ඔස්සේ කි‍්‍රයාත්මක කරනු ලබයි.

ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරන මල්ටි ෆයිනෑන්ස් ආයතනය ජාතික ආර්ථිකයට දක්වන සකි‍්‍රය දායකත්වය තුළින් විවිධ ක්‍ෂේත‍්‍රවල විවිධ වෙළෙඳපොළවල ජයග‍්‍රාහී මාවතට පැමිණ ඇති බව ප‍්‍රධාන විධායක නිලධාරී පුෂ්පික ජයසුන්දර මහතා පවසයි. මාතර අනගාරික ධර්මපාල මාවතේ අංක 134 දරණ නව පරිශ‍්‍රයට පැමිණීමෙන් පසුව ස්වකීය සේවා වඩාත් පුළුල් ලෙස ලබාදීම හරහා ජාතික ආර්ථිකය පෝෂණය කිරීමේ කොටස්කරුවෙකු වීමේ සතුට නිරතුරුව සිය ආයතනයට ලැබෙන බවද ඔහු කියා සිටියේය.

’‘සමාගමේ උපායමාර්ගික ගමන් මාර්ගය වනුයේ ජනතාවට උපකාර කිරීමයි. ජනතාවගේ ජීවනෝපායන් දිරිගැන්වීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට දායක වීම අපගේ අරමුණ වී තිබෙනවා. අපගේ දැක්ම ඔස්සේ විශ්වාසනීයත්වය ගොඩනගා ගැනීම තුළින් මෙරට ජනතාව සම`ග අත්වැල් බැ`ද ගැනීම අපගේ ව්‍යාපාරය මෙතරම් දුරට වර්ධනය වීම කෙරෙහි බලපෑ ප‍්‍රධාන සාධයකයක්. සෑම පුද්ගලයකුගේම පළමු මූල්‍ය විසදුම බවට පත්වීම අපගේ දැක්මයි.’’ යනුවෙන් මල්ටි ෆයිනෑන්ස් පී.එල්.සී හි ප‍්‍රධාන විධායක නිලධාරී පුෂ්පික ජයසුන්දර මහතා ස`දහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒම මහතා පෙන්වා දුන්නේ ‘‘මාතර ශාඛාව ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළ`ගාවිය හැකි නව ස්ථානයක් වෙත රැුගෙන යාම තුළින් වැඩි පිරිසක් වෙත වෙත සිය සේවාවන් අත්විදීමේ පහසුව සලසා දීම අපගේ අපේක්ෂාවයි.’’ යනුවෙනි. මල්ටි ෆයිනෑන්ස් පී.එල්.සී හී ශක්තිමත් කළමණාකරණය මනාකොට ඔප්පු කරමින් වර්ථමානයේ ස්වාධීන ආයතනයක් වශයෙන් ජයග‍්‍රාහී හා ස්ථාවර මාර්ගයකට අවතීර්ණ වී ඇත්තේ මීට වසර තුනකට ඉහතදී හදුන්වා දුන් ශක්තිමත් මූල්‍ය කළමණාකරණ යාන්ත‍්‍රණය නිසාවෙනි. ක්ෂේත‍්‍රයේ නිවැරදි කි‍්‍රයාපිළිවෙත් සහ කළමණාකාරිත්වයේ ¥රදර්ශී තීන්දු තීරණ අසීරු අවස්ථාවන් ස`දහා සාර්ථකව මුහුණ දීමටත් අභියෝග ජය ගනිමින් වසර ගණනාවක් පුරාවට සමාගමේ ඉලක්ක සපුරා ගැනීමට බෙහෙවින් ඉවහල් වී තිබේ.

ඉතා ශක්තිමත් ජාලයකට හිමිකම් කියන මල්ටි ෆයිනෑන්ස් පී.එල්.සී හි ප‍්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා ඇති අතර මහනුවර, ගම්පහ, රත්නපුර, අනුරාධපුර, කුරුණෑගල, මරදාන සහ මාතර යන ප‍්‍රදේශවල තවත් මෙහෙයුම් කාර්යාල ස්ථාපිතව පවතී. වෘත්තිමය නිපුණත්වය විදහා දක්වමින් සියලූම කාර්යාලය බැංකු හා සමාන අන්දමින් ජාලගත කර තිබේ.

1974 වසරේ දී සෙංකඩගල පුරවරය සිය කේන්ද්‍රස්ථානය කරගනිමින් ස්ථාපිත කරන ලද මල්ටි ෆයිනෑන්ස් පී.එල්.සී ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මක මූල්‍ය සමාගමකි. වසර පහකට ආසන්න කාලයකට සිට එම සමාගම කොළඹ කොටස් හුවමාරුවේ දිරිසවි මණ්ඩලයේ ලැයිස්තුගත සමාගමක්ද වේ. මෙරට මූල්‍ය සමාගම් අතර කීර්තිමත් නාමයක් දිනා සිටින මල්ටි ෆයිනෑන්ස් පී.එල්.සී සමාගම ගෙවුණු කාලය පුරා ක්ෂේත‍්‍රයේ නව මූල්‍ය සේවා සැලසුම් සම`ග සිය ව්‍යාපාරය පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට සමත්ව සිටියි.

මල්ටි ෆයිනෑන්ස් පීඑල්සී නිරතුරුවම අවශ්‍යතා හදුනා ගනිමින් නව්‍ය හා එකිනෙකට වෙනස් සේවා හා මූල්‍ය විසදුම් රැුසක් සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් හදුන්වා දී තිබේ. සමාගම විසින් හදුන්වා දී ඇති සේවාවන් තුළින් බිම් මට්ටමේ සිට කුඩා හා මධ්‍ය පරිමාණ මෙන්ම ඉහළ පෙළ සංස්ථාපිත සේවාදායකයින් වෙතද ළ`ගා වීමට හැකියාව ලැබී තිබේ. මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂි කර්තව්‍යයක් ඉටුකරමින් විවිධ ක්ෂේත‍්‍ර ඉලක්ක කරගත් විශ්වාසනීය, සාධාරණ, මූල්‍ය විසදුම් හදුන්වාදීමට මල්ටි ෆයිනෑන්ස් පී.එල්.සී සමාගමට හැකි වී තිබේ. මාතර ශාඛාව නව ස්ථානයක් වෙත රැුගෙන යාම තුළින් ගනුදෙනුකරුවන් වෙත තවත් සමීප වෙමින් වඩාත් අර්ථවත් ලෙස සිය සේවාවන් පවත්වාගෙන යාම සමාගමේ අපේක්ෂාවයි.

Page 1 of 11