Items filtered by date: September 2016

ශ‍්‍රී ලංකාවේ දෙවැනි විශාලතම රෝහල වන මහනුවර ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ශල්‍ය හදිසි ප‍්‍රතිකාර ඒකකය (SICU) පුළුල් කර නවීකරණය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා සහයෝගය ලබාදෙන ලදී.

මෙම ව්‍යාපෘතිය බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් සිදුකළ අතර ඉහළ අවධානම් සහිත රෝගීන් වෙනුවෙන් වෙන්කර තිබෙන කාමරය පුළුල් කිරීම, සේදීම සහ වේලීම සඳහා මෙම ඒකකයෙන් පිටත වෙනම ස්ථානයක් ඉදිකිරීම, ඒකකයේ මුළුතැන්ගේ ප‍්‍රතිසංස්කරණය කිරීම, අපද්‍රව්‍ය වෙන්කිරීම සඳහා වෙනම ස්ථානයක් ඉදිකිරීම, පශ්චාත් උපාධි වෛද්‍ය මධ්‍යස්ථානය පුළුල් කිරීම සහ හදිසි ප‍්‍රතිකාර ඒකකයේ (ICU) අභ්‍යන්තර පහසුකම් පුළුල් කිරීම මේ යටතේ සිදුකරන ලදී.

‘‘මහනුවර ශික්ෂණ රෝහල ප‍්‍රමාණයේ රෝහල්වල ශල්‍ය හදිසි ප‍්‍රතිකාර ඒකකයන් මගින් රටේ විවිධ පළාත්වල රෝගීන්ට පහසුකම් සලසනවා. මේ නිසා, මෙවැනි ඒකකවල පහසුකම් ඉතාමත් ඉහළ තත්ත්වයේ පැවතිය යුතුයිල’’ යනුවෙන් මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘‘ඉතාමත් වටිනා මෙම ආයතනයේ ශල්‍ය හදිසි ප‍්‍රතිකාර ඒකකයට උපකාර කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වන අතර මෙම වෙනස්කම් මගින් තවත් බොහෝ ජීවිත බේරාගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.’’

ප‍්‍රතිසංස්කරණය කළ මෙම ශල්‍ය හදිසි ප‍්‍රතිකාර ඒකකය රෙන්ගනාදන් මහතා නිළ වශයෙන් විවෘත කරනු ලැබුවේ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ සහ ආයතනික සමාජ වගකීම් භාරයේ භාරකරු හස්රත් මුණසිංහ මහතාල බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරයේ සහ ප‍්‍රදේශයේ කොමර්ෂල් බැංකු ශාඛාවල ආයතනික සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේද සහභාගීත්වයෙනි.

ඇඳන් 2,292 කින් සමන්විත මහනුවර ශික්ෂණ රෝහල සියළුම ප‍්‍රතිකාර විශේෂයන් එකම වහළක් යටදී ක‍්‍රියාත්මක කරන ශ‍්‍රී ලංකාවේ විශාලතම රෝහල ලෙස සැලකේ. දිවයිනේ පළාත් නමයෙන් පළාත් හතකම රෝගීන් මෙම රෝහලට ප‍්‍රතිකාර සඳහා යොමුකෙරේ. මෙහි කාර්ය මණ්ඩලය 5000 කට අධික වන අතර 100 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය මඩුල්ලක්ද, 660 ක පමණ වෛද්‍ය නිළධාරීන් මණ්ඩලයක්ද, 1700 ක පමණ හෙද කාර්ය මණ්ඩලයක්ද මෙම රෝහලේ සේවය කරයි. දත්ත වලට අනුව, 2014 වසරේදී මෙම රෝහලට රෝගීන් 199,861 දෙනෙකු ඇතුළත්වී තිබෙන අතර එය දිනකට රෝගීන් 500 කට වැඩි සාමාන්‍යයකි. වසර පුරා මෙම රෝහලේ ඇඳන් භාවිතය 90% ඉක්මවයි.

කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් ක‍්‍රියාත්මක කරන අතර තොරතුරු තාක්ෂණික සාක්ෂරතාවය, අන්තර්ජාල අධ්‍යාපනය සහ ඉංග‍්‍රීසි සාක්ෂරතාවය ප‍්‍රවර්ධනය කිරීම, උපාධි අපේක්ෂකයින්ට ශිෂ්‍යත්ව සහ ලැප්ටොප් පරිගණක ප‍්‍රදානය කිරීම, රෝහල් සඳහා අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, ඓතිහාසික, සංස්කෘතිකමය හෝ ආගමික වැදගත්කමක් තිබෙන ස්ථාන සංරක්ෂණය සහ ප‍්‍රතිසංස්කරණය කිරීමට සහයෝගය දැක්වීම, ආබාධිත රණවිරුවන්ගේ පුනරුත්ථාපන අවශ්‍යතාවයන් සඳහා සහයෝගය දැක්වීම මෙම වැඩසටහන් අතර ප‍්‍රමුඛ වේ.

මේ වනවිටත් ක‍්‍රියාත්මක වන වැඩසටහන් අතර උපාධි අපේක්ෂකයින් 50 දෙනෙකු වෙනුවෙන් වාර්ෂිකව ශිෂ්‍යත්ව සහ ලැප්ටොප් පරිගණක ප‍්‍රදානය කිරීම, පාසැල් 170 ක් වෙනුවෙන් අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාර ප‍්‍රදානය කර තිබෙන වැඩසටහන, ග‍්‍රාමීය පාසැල් දරුවන් වෙනුවෙන් ඉංග‍්‍රීසි අධ්‍යාපන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීම, සිස්කෝ නෙට්වර්කින්ග් ඇකඩමි සමග එක්ව බැංකුවේ අන්තර් ජාල අධ්‍යාපන වැඩසටහන යටතේ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ‘IT Essentials’ නැමති පාඨමාලාව නොමිලේ ක‍්‍රියාත්මක කිරීම, පාසැල්වල අන්තර්ජාල අධ්‍යාපනික වැඩසටහන් සඳහා සහයෝගය ලබාදීම වෙනුවෙන් ‘සිප් නැණ’ නමින් බැංකුව විසින් නව අධ්‍යාපනික වෙබ් අඩවියක් ක‍්‍රියාත්මක කිරීම සහ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දරුවන්ගේ ගණිත හැකියාව වර්ධනය කිරීමේ අරමුණෙන් අන්තර්ජාලය ඔස්සේ පුනරීක්ෂණ ප‍්‍රශ්න පත‍්‍ර ලබාදීමේ නියමු වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම ඉදිරියෙන්ම ඇත.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 640 ක් සහ බැංකු ශාඛා 251 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

2016 සැප්තැම්බර් මස 21වැනිදා, කොළඹදී: සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සහ ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් 2016 ජාත්‍යන්තර අපනයන සංවර්ධන සමුළුවේ සංවිධාන කටයුතු පිළිබද සාකච්ඡුාවක් පැවැත්වින. සංවිධාන කමිටු සමාජිකයින්, අනුකමිටු සාමාජිකයින් හා අනුග‍්‍රාහක භවතුන් ඊට එක්ව සිටි අතර තවත් මසකින් පැවැත්වීමට නියමිත එම සමුළුවේ සංවිධාන කටයුතු හා එහි වත්මන් තත්ත්වය පිළිබද ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු විය.

’‘මෙම සමුළුව රජයේ මැදිහත් වීමෙන් පැවැත්වෙන දැවැන්තම කර්තව්‍යයන් අතරින් එකක්. අප නිවැරදි මාර්ගය ඔස්සේ යමින් ජාත්‍යන්තර මට්ටමින් මෙම සම්මන්ත‍්‍රණයේ සංවිධාන කටයුතු ඉතා විශිෂ්ට අන්දමින් සංවිධානය කර තිබෙනවා’’ යනුවෙන් එහි ප‍්‍රගතිය විමසා බලමින් අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සදහන් කළේය. හමුව පැවැත්වෙන දිනය දක්වා කාලය තුළ සමුළුව සදහා ජාත්‍යන්තර සාමාජිකයින් 361දෙනෙකු සහ දේශිය සාමාජිකයින් 282නෙකු ලියාපදිංචිව සිටි අතර ඉදිරි මාසය තුලදී එම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

2016 ජාත්‍යන්තර අපනයන සංවර්ධන සමුළුව ඔක්තෝබර් මස 12වැනිදා සහ 13වැනිදා යන දින දෙක පුරා පැවැත්වේ. ජාත්‍යන්තර වෙළෙද මධ්‍යස්ථානය සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යංශය සමග එක්ව සංවිධානය කරනු ලබන මෙම සමුළුවේ මෙවර තේමාව වී තිබෙන්නේ ‘‘සාර්ථකත්වය වෙනුවෙන් වෙළෙදාම ඃ සම්බන්ධතාවය, තරගකාරිත්වය, වෙනස’’ යන්නයි. දේශකයින් 44දෙනෙකු එහිදී සිය දේශන පවත්වනු ලබන අතර ඉන් 32නෙකුම විදේශිය දේශකයින් වේ. ප‍්‍රතිපත්ති සම්පාදකයින්, වෙළෙද විශේෂඥයින්, වෙළෙද විශ්ලේෂකයින් සහ සුප‍්‍රකට ව්‍යාපාරිකයින් ඊට ඇතුළත්ව සිටියි. ඊට සමඝාමීව වෙළෙද ප‍්‍රදර්ශනයක් ද පැවැත්වෙන අතර බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රය තුළ වෙළෙද කුටි 48ක් ඒ වෙනුවෙන් ස්ථාපිත කරනු ලබන බවද සාකච්ඡුාවේ දී අනු කමිටු මගින් දැනුම් දෙන ලදී.

DFCC බැංකුව සමුළුවේ බැංකු සහකරු ලෙස කටයුතු කරන අතර Brandix සමාගම ඇගලූම් ක්ෂේත‍්‍රයේ ප්ලැටිනම් අනුග‍්‍රාහක ලෙස කටයුතු කරනු ලබයි. 2016 ජාත්‍යන්තර අපනයන සංවර්ධන සමුළුව සදහා රන් අනුග‍්‍රාහකයින් ලෙස එක්ස්පොලංකා හෝල්ඩින්ග්ස් සහ ලින්ක් නැචුරල් යන සමාගම් කටයුතු කරනු ලැබේ. නෙස්ලේ ලංකා පී එල් සී, ඩයලොග් ආසිආටා පී එල් සී සහ ක්‍ෂක්‍ හෝල්ඩින්ග්ස් රිදී අනුග‍්‍රාහකයින් ලෙස එක්ව කටයුතු කරනු ලබයි. නිල ගුවන් සේවා අනුග‍්‍රාහක ලෙස මෙරට ජාතික ගුවන් සේවාව වන ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම කටයුතු කරන අතර තොරතුරු තාක්ෂණ සහයෝගිතාවය සපයනු ලබන්නේ EWIS සමාගමයි. විජය පුවත්පත් සමාගම දේශිය පුවත්පත් සමාගම ලෙස අත්වැල් බැද සිටියි.

එම සාකච්ඡුාවේ දී අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සමුළුව සදහා අනුග‍්‍රාහකත්වය දැක්වීම සම්බන්ධයෙන් එම සමාගම් වෙත සිය කෘතඥතාවය පිරිනමන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ස`දහන් කළේ ‘‘ රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙලෙස ජාත්‍යන්තර සමුළුවක් වෙනුවෙන් එක්ව සහයෝගිතාවයෙන් කටයුතු කරන අයුරු දක්නට ලැබීම ඉතා සතුටට කරුණක්. මුලූ ලොවක් අප දෙස බලා සිටින අවස්ථාවක එය වඩාත් සාර්ථකව ඉටු කිරීමට මෙම සහයෝගිතාවය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බව අප මතකයේ තබා ගත යුතුය. සමුළුවේ සාර්ථකත්වය මත තවදුරටත් අපට එවැනි විශේෂ අවස්ථා උදාකර ගත හැකි අතර ඒ වෙනුවෙන් අප කැපවීමෙන් කටයුතු කළ යුතුයි’’ යනුවෙනි.

ඊට අමතරව අන්තර් වශයෙන් ව්‍යාපාර සමග සබදතා පවත්වාගෙන යාම පිළිබද විමසා බැලීමේ සාකච්ඡුාවක් ද එහිදී පැවැත්වින. ලියාපදිංචි සමාගම් රැුසක් දේශිය හා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර අවස්ථා සහ සහයෝගිතා ගොඩනගා ගැනීමට එකගත්වය පළ කරන ලදී. සංචාරක, තොරතුරු තාක්ෂණ හා තොරතුරු සන්නිවේදන, ඇගලූම් සහ වඩාත් වැදගත් සාධකයක් වන නිෂ්පාදන අංශයේ විකිණුම් සහ ගැණුම්කරුවන් රැසකට එකට මුණ ගැසීමේ අවස්ථාව මෙම සාකච්ඡුාවේ දී උදා විය.

මේ වන විට ශී‍්‍ර ලාංකේය සමාගම් 100ක් මෙම ව්‍යාපාර සබදතා වෙනුවෙන් පැවැත්වෙන හමුවට ලියාපදිංචි වී සිටියි. අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ලියාපදිංචි ජාත්‍යන්තර ගැණුම්කරුවන්ගේ සංඛ්‍යාව 62ක් වන අතර එහි අවසන් ඉලක්කගත සංඛ්‍යාව 50කි. ඊට අමතරව තොරතරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත‍්‍රය යටතේ ජාත්‍යන්තර ගැණුම්කරුවන් 50දෙනෙකුට වැඩි පිරිසකගේ සහභාගිත්වය අපෙක්ෂා කරන අතර මේ වන විටත් ඒ සදහා 32නෙකු ලියාපදිංචිව සිටියි.

සාකච්ඡුාවට එක් වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මිය සදහන් කළේ ‘‘ සමුළුව සදහා දැනටමත් ලියාපදිංචි වූවන්ගේ සංඛ්‍යාව පිළිබද අප ඉතාමත් සතුටට පත් වනවා. ඉන් පෙනී යන්නේ ශී‍්‍ර ලංකාව ආයෝජන සදහා වඩාත් මිත‍්‍රශීලි රටක් ලෙස පිළිගෙන ඇති බවයි. ඒ අනුව අප එය ජාත්‍යන්තරය වෙත එය තහවුරු කරමින් අපගේ සාර්ථකත්වය විදහා දැක්වීමට මෙය අවස්ථාවක් කරගත යුතුය’’ යනුවෙනි.

මෙම හමුවේ දී සමුළුවේ පූර්ව ප‍්‍රචාරණ කටයුතු, සැලසුම් හා සංවිධාන කටයුතු පිළිබද කරුණු රැසක් ද සාකච්ඡුාවට බදුන් විය.

ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසදුම් සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් මෙරට ප‍්‍රථම වතාවට පැවැත්වෙන ඩිජිටල් විශිෂ්ටතා ඇගයීම් සම්මාන උළෙළ වන “SLT Zero One Awards for Digital Excellence” ආරම්භ කරන ලදි. විවිධ ඩිජිටල් ක‍්‍රියාදාම ආශ‍්‍රිතව විශිෂ්ටතා ප‍්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීමෙ මෙහි අරමුණයි. 2016 සැප්තැම්බර් 27 දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මේ බව ප‍්‍රකාශයට පත් කරන ලදි. මේ වෙනුවෙන්ම විශේෂිත වෙබ් අඩවියක්ද www.01awards.lk සහ www.zerooneawards.lk යන ලිපින සහිතව දියත් කළ අතර ඩිජිටල් ක්‍ෂේත‍්‍රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සුවිශේෂී ප‍්‍රයත්නයෙහි කොටස්කරුවන් වන ලෙස ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනෙකුත් ආයතන හා පුද්ගලයන් හට ඇරයුම් කරයි.

මෙම අවස්ථාවට සහභාගී වූ විදුලිසංදේශන හා ඩිජිටල් යටිතලපහසුකම් අමාත්‍ය ගරු හරීන් ප‍්‍රනාන්දු මහතා දැක්වූ අදහස් මෙසේය: ‘‘ශ‍්‍රී ලංකාව තුළ ඩිජිටල් අලෙවිකරණ ක‍්‍රියාදාම ව්‍යාප්ත කිරමේ අරමුණින් ප‍්‍රථම වතාවට ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් හදුන්වා දෙන ලද මෙම සුවිශේෂී සම්මාන උළෙල ගැන අප සියලූ දෙනාම සතුටට පත් විය යුතුයි. ඩිජිටල් මාධ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ දේශීය නියෝජනය හා දස්කම් ඉහළට ඔසවා තැබීම සදහා මෙවැනි සම්මාන ප‍්‍රදානයන් වැදගත් වන බව මගේ අදහසයි. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඩිජිටල් නවෝත්පාදනයන් සිදු කිරීමේ අවස්ථාව විවිධ සංවිධාන, ආයතන හා පුද්ගලයන් වෙනුවෙන් විවර කිරීම තුළින් දේශීය ආර්ථීකයට විශේෂ දායකත්වයක් දක්වන සමාගමක් වශයෙන් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කැපී පෙනීමටද මෙවැනි මෙහෙයුම් හේතු වෙනවා.’’

SLT ZeroOne සම්මාන හා ත්‍යාග උළෙල පිළිබදව අදහස් පළ කරමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති පී. ජී. කුමාරසිංහ සිරිසේන මහතා මෙසේ සදහන් කළේය: ‘‘වර්තමාන සමාජය තුළ ඩිජිටල් තාක්‍ෂණික භාවිතය දින දින ඉහළ යමින් පවතිනවා වගේම උපක‍්‍රමිකව හා නිවැරදිව භාවිත කරනු ලැබුවහොත් ව්‍යාපාරික සමාගම් හා වෙනත් සංවිධාන සතු අලෙවිකරණ අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සදහා එය සාර්ථකව භාවිත කළ හැකියි. කෙසේ වෙතත්, ඩිජිටල් තාක්‍ෂණික සහාය ඇසුරින් තම දෛනික කටයුතු නවෝත්පාදනාත්මකව ඉටු කරන ලෙස ඇතැම් ආයතන හා සංවිධාන තවදුරටත් දිරිමත් කළ යුතු තත්ත්වයක් පවතිනවා. විශේෂයෙන්ම අලෙවිකරණ උපාය මාර්ග හා ප‍්‍රවර්ධන වැඩසටහන්වලදී ඩිජිටල් තාක්‍ෂණික සහාය වැඩි වැඩියෙන් යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකියි’’.

මේ පිළිබදව ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර මහතා පළ කළේ මෙවැනි අදහසකි: ‘‘ශ‍්‍රී ලංකාව තුළ ඩිජිටල් මාධ්‍ය කර්මාන්තය නගා සිටුවීම සදහා අපට සිදු කළ හැකි හොදම කාර්යයක් වන්නේ මෙවැනි ගෞරවනීය සම්මාන උළෙලක් හදුන්වා දීම බව අප කල්පනා කරනවා. ඉතා පුළුල් අරමුණක් සහිතව ක‍්‍රියාත්මක කරනු ලබන මෙම සම්මාන උළෙල තනි පුද්ගලයන්, නියෝජිතායතන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්, සන්නාම, බහුජාතික සමාගම් මෙන්ම සිසුන් ඇතුළු විශාල පරාසයක විසිරී සිටින පිරිසකට විවෘතයි. සෑම වසරකම නව වැඩිදියුණු කිරීම් රැුසක්ද සහිතව වාර්ෂික සම්මාන උළෙලක් ලෙස මෙය දිගටම පවත්වා ගැනීම අපේ අරමුණයි’’.

මෙම ක‍්‍රියාදාමය හරහා දිවයින තුළ ඩිජිටල් තාක්‍ෂණික විශිෂ්ටතාව ඉහළ මට්ටමකට ගෙන යමින් ඩිජිටල් මාධ්‍ය ක්‍ෂේත‍්‍රයක් ස්ථාපිත කොට එය වැඩිදියුණු කිරීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බලාපොරොත්තු වෙයි. මීට අමතරව, ඩිජිටල් මාධ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ දේශීය විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරෙන වේදිකාවක් මෙමගින් බිහි වනු ඇත.

මෙම සම්මාන උළෙලේ තීරක මඩුල්ල නුදුරේදීම ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇත. මීට අදාළ වැඩි විස්තර සදහා www.01awards.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

නායකත්ව ක‍්‍රමවේදයන් පහක් භාවිතා කරමින් ප‍්‍රජාව සවිබල ගැන්වීමෙන් විශාල කාර්ය භාරයක් සිදුකරන්නේ කෙසේදැයි සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්ගෙන් සැදුම්ලත් කුඩා කණ්ඩායමක් මෑතකදී ඉතා කදිමට පෙන්නුම් කළේය.

ග‍්‍රාමීය ප‍්‍රජාවට මාරාන්තික වකුගඩු රෝගයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ලබාදීමේ සිට ග‍්‍රාමීය පාසැලකට පුස්තකාලයක් ලබාදීම, ප‍්‍රජා ආයතනවල රුක් රෝපණ වැඩසටහනක් සිදුකිරීම සහ අබලන් වූ පෙර පාසැලක් නවීකරණය කිරීම දක්වා මෙම සමාජ සත්කාරක වැඩසටහන් පෙළ විහිදුණු අතර ඒවා ඉතාමත් සාර්ථකත්වයට පත්විය. මෙම වැඩසටහන් හතර සිදුකළ කණ්ඩායම් වලට 24 දෙනෙකු ඇතුළත් වූ අතර මාසයක් වැනි කාලයක් තුළදී වැඩසටහන් නිමකිරීම කැපී පෙනෙන්නේ මෙවැනි දෑ කිරීමට සමහර ආයතන වසරක් හෝ ඊටත් වැඩි කාලයක් වැය කරන නිසාවෙනි.

ආයතනික පුහුණු වැඩසටහනක කොටසක් ලෙස සමාජ සත්කාරක වැසටහන් හතරක් සැලසුම් කර කි‍්‍රියාත්මක කිරීමේ මෙම අභියෝගයට සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්‍ෂකවරුන් හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සහකාර සමාන්‍යාධිකාරී සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු යන තනතුරු දරන ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන් 24 දෙනෙකුගෙන් යුතු පිරිසක් හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් හතරකට බෙදා තිබුණි. මාසයකට පසුව සෑම කණ්ඩායමක්ම සිදුකළ වැඩසටහන පිළිබඳවත් ඔවුන් ළඟාකරගත් ප‍්‍රතිඵල පිළිබඳවත් ඉදිරිපත් කිරීමක් කළ යුතුවිය.

මේ අනුව, කණ්ඩායමේ සාමාජිකයින්ගේ නම්වල ඉංග‍්‍රීසි අකුරු යොදා ගනිමින් නිර්මාණය කළ ‘ඵක්‍ඔඍඹීඔ’ කණ්ඩායම විසින් මාරාන්තික වකුගඩු රෝගයට ගොදුරු වූ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සිවලකුලම් ගම්මානයේ පවුල් 100 කට පානීය ජල අවශ්‍යතාවය සැපයීමට හැකි ‘රිවර්ස් ඔස්මොසිස්’ තාක්ෂණය භාවිතා කරමින් ජලයේ තිබෙන අපද්‍රව්‍ය ඉවත් කළ හැකි ජලය පිරිසිදු කිරීමේ යන්ත‍්‍රාගාරයක් ඉදිකර ක‍්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපෘතිය මීට බොහෝ කලකට පෙර සෙලින්කෝ ලයිෆ් සමාගම මෙම ප‍්‍රජාවට ලබාදුන් ප‍්‍රජා ළිඳ සමග සම්බන්ධ කර තිබෙන අතර මෙම පිරිසිදු කිරීමේ යන්ත‍්‍රාගාරය ක‍්‍රියාත්මක කරන ආකාරය සහ නඩත්තු කරන ආකාරය පිළිබඳව ප‍්‍රජාවට පුහුණුවක්ද ලබාදෙන ලදී.

‘ට‍්‍රාන්ස්ෆෝමර්ස්’ නමින් හැඳින්වූ කණ්ඩායම සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේ සහ දිවයින පුරා විසිරී ඇති ශාඛාවල සාමාජිකයින් දිරිමත් කරමින් පොත් එකතු කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කරන ලදී. මෙම පොත් යොදාගනිමින් හැටන් හි, පාසැලක් වෙත සම්පූර්ණයෙන් අළුත් පුස්තාලයක් තනාදීමට මෙම කණ්ඩායම කටයුතු කළේය. මීට අමතරව, මෙම සෑම පොතකටම හඳුනාගැනීමේ පත‍්‍රයක් සහ සිසුන්ට සාමාජික පත‍්‍රයක් සකස් කරමින් පොත් බැහැරට රැුගෙන ගොස් කියවීමේ පද්ධතියක් මෙම කණ්ඩායම විසින් ගොඩනැගූ අතර එය කි‍්‍රයාත්මක කිරීමට පාසැලේ ගුරුවරුන්ට පුහුණුවක්ද ලබාදෙන ලදී. මෙම පාසැලේ සිසුන් 418 දෙනෙකු වෙත නව සපත්තු කූට්ටම් ප‍්‍රදානය කිරීමටද මෙම කණ්ඩායම කටයුතු කළේය.

එසේම, ‘සුපර් සික්සස්’ යනුවෙන් හඳුන්වන කණ්ඩායම ගම්පහ දිස්ත‍්‍රික්කයේ පාසැල් 50 ක්, පොලිස් ස්ථාන 15 ක් සහ රෝහල් 03 ක් සම්බන්ධ කර ගනිමින් එම ආයතන භූමි තුළ රුක් රෝපණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කළ අතර මාසයක් තුළ පැළ 1000 ක් රෝපණය කරන ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2016 වසර වෙනුවෙන් තේමා කරගෙන තිබෙන ‘Go Green’ සංකල්පයට සහයෝගය ලබාදෙමින් ක‍්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ මාස තුනත් හයත් අතර කාලයේදී පැල 5000 ක් රෝපණය කිරීමට මේ වනවිට ඉලක්ක කර ඇත.

මීට අමතරව, ‘ගේම් චේන්ජර්ස්’ යනුවෙන් හැඳින්වූ කණ්ඩායම නාත්තන්ඩිය ප‍්‍රදේශයේ පෙර පාසැලක් නවීකරණය කිරිමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කර සම්පූර්ණ කරන ලදී. මෙහිදී, මෙම පෙර පාසැල් ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කරමින් පින්තාරු කිරීම, එහි ලී බඩු පින්තාරු කිරීම, වැසිකිලි නැවත සකස් කරමින් ඒවාට අවශ්‍ය උපකරණ සවිකිරීම සහ ක‍්‍රීඩා පිටිය පිරිසිදු කිරීම සිදුකරන ලදී.

‘ආයතනික මට්ටමේදී සෙලින්කෝ ලයිෆ් විසින් ප‍්‍රජාව මූලික කරගත් ශුභ සාධන වැඩසටහන් මාලාවක් ක‍්‍රියාත්මක කරන අතර ඒවා සඳහා සමාගම විසින් සැලකිය යුතු අරමුදල් ප‍්‍රමාණයක්, කාලයක් සහ කාර්ය මණ්ඩල සම්පත් ආයෝජනය කරනවා.’ යනුවෙන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘ඒ වගේම දිරිමත් වූ සුළු පිරිසකට කෙතරම් වෙනසක් සිදුකළ හැකිදැයි අපි විශ්මයට පත්වන අතර ඔවුන් විසින් සම්පූර්ණ කළ මෙම වැඩසටහන් පිළිබඳව අපි අතිශය සතුටට පත්වනවා. මෙම කණ්ඩායම්වල මෙම වැඩසටහන් සාර්ථක වීමට අනිකුත් කොටස්කරුවන් සම්බන්ධ කරගැනීම ඉතාමත් වැදගත් වුණා.’

ආයතනික අංශයේ ඉතාමත් කීර්තිමත් පුහුණුකරුවෙකු වන Doug Adams මහතා විසින් මෙහෙයවූ මෙම පුහුණු වැඩසටහන මගින් නායකත්ව අංශ පහක් ආවරණය කරන ලදී.

‘වර්ල්ඞ් ෆයිනෑන්ස්’ විසින් සිදුකළ ගැඹුරු තක්සේරුවකින් පසුව පිට පිටම තුන්වන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් 2016 වසරේදීත් බුහුමනට පත්කර තිබේ. සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර ඇත. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක්වේ.

මෑතකාලීනව ශ‍්‍රී ලංකාවේ ආරම්භ වූ සුවිශේෂීම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන ‘Cinnamon Life’ ව්‍යාපෘතියේ දෙවැනි නේවාසික ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව වෝටර්ෆ්රන්ට් ප්‍රොපටීස් (පුද්) සමාගම [Waterfront Properties (Private) Limited] නිවේදනය කළේය. ‘The Suites at Cinnamon Life’ ලෙස නම්කර ඇති මෙය වර්ග අඩි මිලියන 4.5 ක ප‍්‍රමාණයකින් යුක්ත වනු ඇත. වෝටර්ෆ‍්‍රන්ට් ප්‍රොපටීස් සමාගම යනු ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමකි.

මෙය දියත් කරන අවස්ථාව වන විටි ‘The Suites at Cinnamon Life’ හි පෙර-වෙන්කරවාගැනීම් 15% ඉක්මවා තිබූ තර, පළමු නේවාසික ගොඩනැගිල්ලෙහි 50% කට වැඩි ප‍්‍රමාණයක් දැනටමත් අලෙවි වී අවසන් වී ඇත.

හ්යුන්ඩායි ඉංජිනියරින් ඇන්ඞ් කන්ස්ට‍්‍රක්ෂන් (Hyundai Engineering and Construction) සමාගම මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කරන අතර ඇමරිකානු ඩොලර් මිලියන 850 කට අධික ආයෝජනයකින් යුතුව ඉදිකෙරෙන ‘Cinnamon Life’ ව්‍යාපෘතිය මේ දක්වා මෙරට පෞද්ගලික අංශයේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වන විශාලතම කේවල ආයෝජන ව්‍යාපෘතිය ලෙස සැලකේ.

මීටර 136 ක් උසකට නැගෙන මෙම දෙවැනි නේවාසික ගොඩනැගිල්ල මහල් 39 කින් සහ සුඛෝපභෝගී නිවාස 196 කින් සමන්විත වනු ඇත. ඊට අමතරව පිහිනුම් තටාකයක්, නවීන කාය වර්ධන මධ්‍යස්ථානයක්, ස්ටීම් සහ සෝනා කාමර ඇතුළුව නවීනතම පහසුකම් සහ අලංකාර පරිසරයක් සහිතව මෙය නිර්මාණය කෙරේ.

”නිදන කාමර දෙකේ නිවාස 192 ක් සහ Penthouse වර්ගයේ නිවාස 4 ක් ඇතුළත් ‘The Suites at Cinnamon Life’ ව්‍යාපෘතිය මෙසේ ආරම්භ කිරීමට ලැබීම අපට විශාල සතුටක්.‘The Residence at Cinnamon Life’ නමින් ආරම්භ කළ පළමු ගොඩනැගිල්ල පෙන්නුම් කළ විශාල සාර්ථකත්වය නිසා මෙසේ දෙවෙනි ගොඩනැගිල්ලේත් ඉදිකිරීම් ආරම්භ කරන්නට අප තීරණය කළා. දැනටමත් මෙයින් නිවාස වෙන්කරවා ගැනීම සඳහා ජනතාව අතර ඇත්තේ විශාල උනන්දුවක්. මේ ව්‍යාපෘතිය පාරිභෝගිකයන්ට මෙන්ම ආයෝජකයන්ටත් පැහැදිලි ප‍්‍රතිලාභ ගෙනදෙන ව්‍යාපෘති වීම ඊට එක් හේතුවක් කියා අප සිතනවා.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දේපළ අංශයේ ප‍්‍රධාන අලෙවි නිලධාරී සහ විධායක උප සභාපති රොෂානි ජයසුන්දර මොරායස් මහත්මිය පැවසුවා ය.

කොළඹ නගරය මධ්‍යයේ ජලාශයකට මුහුණලා ඉදිවන ‘Cinnamon Life’ ව්‍යාපෘතිය මෙරට වාණිජ අගනගරයේ වඩාත්ම කැපීපෙනෙන ඉදිකිරීම් අතරින් එකක් බවට ඉක්මනින්ම පත්වනු ඇත. ‘Life Capital’ සංකල්පයක් මත පදනම් වී ඇති මෙය කාමර 800 ක සුඛෝපභෝගී Cinnamon හෝටලය, විනෝදාස්වාදය සඳහා වෙන්වූ අංග, සුඛෝපභෝගී නිවාස, අතිනවීන කාර්යාල ගොඩනැගිලි, සුපිරි සාප්පු සංකීර්ණ, ආපනශාලා, උත්සව ශාලා සහ රංගශාලා වැනි විශේෂාංග රැුසකින් සමන්විත වනු ඇති අතර සංචාරකයන් 5,000 ක් සඳහා එහි එකවර ඉඩ පහසුකම් සැලසෙනු ඇත.

නව ගොඩනැගිල්ල දියත් කිරීමට සමගාමීව, නව නිවාසවලට ඇතුළත් වන අංග දැකබලාගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදීමේ අරමුණින් ‘Cinnamon Life Show Apartment’ නමින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දීමටද සමාගම කටයුතු කළේ ය. මේ සියල්ල සමගින් පාරිභෝගිකයන් සහ ආයෝජකයන් වෙතින් ව්‍යාපෘතිය සඳහා පළවන උනන්දුව දිනෙන් දින ඉහළ යමින් පවතී.

‘Cinnamon Life’ ව්‍යාපෘතියේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ලෝ ප‍්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු, කලා ශිල්පියෙකු සහ ඉංජිනේරුවෙකු වන Cecil Balmond මහතා ය. ලන්ඩනයේ ArcelorMittal Orbit සහ චීනයේ ක්‍ක්‍ඔඪ ගොඩනැගිල්ල වැනි නිර්මාණ ඒ මහතාගේ ලෝ ප‍්‍රකට නිර්මාණ අතර ප‍්‍රධාන තැනක් ගනී.

ජෝන් කීල්ස් සමූහයේ දේපළ වෙළඳාම් අංශය මේ වනවිට Crescat City හි Monarch and Emperor, Onthree20 සහ ග්‍රෙගරි පාරේ 7th Sense වැනි ව්‍යපෘති රැසක් අති සාර්ථක ලෙස ක‍්‍රියාවට නංවා ඇත.

Page 1 of 11